web analytics

ලොව වෙනස් කළ මිනිසා


20 වන සියවසේ ජනප්‍රියම චරිතය වුණු ” චේ” ගැන පොඩ්ඩක් කතා කරමුද?

හදවතින්ම ලෝකයට ආදරය කරපු, ලෝකය වෙනස් කරපු අතලොස්සක් වූ මිනිසුන් අතර ” චේ” ට හිමිවන්නේ විශේෂ තැනක්. ඒ වයස් භේදයකින් තොරව බොහොම පුංචි මිනිහ⁣ගේ පටන් හැම කෙනෙකුගෙම හදවත් වලට කතා කරන්න “⁣චේ” ට පුළුවන් වුණු නිසා.

Image: irishecho.com

“අර්නස්ටෝ ගුවේරා” නැත්නම් “චේ ගුවේරා” උපත ලබන්නේ ආර්ජන්ටිනාවේ සැන්ටා ෆී කියන ප්‍රාන්තයට අයත් රොසයිරෝ වල. ඒ 1928 ජූනි 14 වැනිදා. ඉගෙනීමට බොහොම දක්ෂ චරිතයක් වුණු චේ, බුවනෝස් අයර්ස් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය ලබා ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා.

Image: Che-Lives.com

නමුත් වෛද්‍යවරයෙක් විදියට ගත කරන්න තිබුණු සැපවත් ජීවිතයට පයින් ගහන මේ තරුණයා කියුබානු ජනතාව බැටිස්ටාගේ ඒකාධිපති පාලනයෙන් මුදවා ගැනීමේ සටනට උරදීම වෙනුවෙන් “ග්‍රෑන්මා” නැවට ගොඩ වෙනවා. ඒ කෑම බීම, අවි ආයුධ හා පිරිස් බලය සියල්ල රැගෙන. 12 දෙනෙකුට ප්‍රමාණවත් කුඩා නැව චේත් සමග 82 කුත් රැගෙන බොහොම අපහසුවෙන් කියුබානු වෙරළට සේන්දු වෙනවා. එතනින් “සියරා මෛස්ත්‍රා ” කදු කරයට වැද ආරම්භ කරන සටන නිම වෙන්නේ කියුබානු ජනතාවට නිදහස උදා කර දෙමින්.

Image: godfather-fanon.wikia.com

එතැන් පටන් කියුබානු නව රජයේ ජාතික බැංකු සභාපති ලෙසත් කර්මාන්ත ඇමැති විදියටත් කලක් කටයුතු කරන චේ කියුබානු ජනතාව උදෙසා සේවාවන් රැසක් සිදු කරනවා. එහෙත් මුලු මහත් ලොකයක් තමන් බලාපොරොත්තු වන බව ⁣අවබෝධ කරගත් චේ ගුවේරා, බොලිවියන් අරගලයට මුහුණ දීමට බොලීවියාව බලා පිටත්⁣ වෙනවා. ඒ රැවුල මුලුමනින්ම කපා, කොටට කැපූ කොණ්ඩය අළු පාටින් වර්ණ ගන්වා වෙස් ආවරණය කරගෙනයි.

එහෙත් 1967 ඔක්තෝම්බර් 8 වන බොලීවියන් හමුදා විසින් චේ ඇතුලු පිරිස යටත් කරගන්නවා. ඊට පසු දින, එනම් 1967 ඔක්තෝම්බර් 9 වන දා “ලා හිගුවේරා” හි පිහිටි අතහැර දැමූ පාසල් ගොඩනැගිල්ලක් තුළදී අවාසනාවන්ත විදියට චේ ඝාතනය කරනවා. තමා ඝාතනය කිරීමට මොහොතකට පෙර චේ නොබියව පැවැසූ වදන් අදටත් ලොව ජනප්‍රියම අවසන් කියමන් අතුරෙන් එකක්. ඒ මෙසේයි.

” උඹ මා මරා දැමීමට පැමිණි වග මා දන්නවා. එහෙත් මතක තබා ගන්න. උඹ මේ මරා දමන්නේ තවත් එක් මිනිසෙකු පමණයි.”

​​

Image: claireboobbyer.com

ඔහු ඉන් අදහස් කරන්නේ ඔහු මරා දැමුවද තම අයිතීන් වෙනුවෙන් හඩ නගන මිනිසුන්ගේ හඩ නිහඩ කළ නොහැකි බවයි.

වෛද්‍යවරයෙක්, දේශගවේශකයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පමණක් නොව ලේඛකයකු ද වූ චේ ගුවේරා ලියූ කෘති අතර ඔහුගේ ජීවිත කතාව ඇතුළත් ” The Motorcycle Diaries ” සහ “Guerrilla Warfare ” අදටත් ජනප්‍රියයි. බොලිවියන් අරගලයේදී “ආදරණීය චේ” මිය ගියත් ඔහුගේ චින්තනය අදටත් ජීවමානයි. ⁣

Image: wikipedia.org

ඡායාරූපයේ රතු පාටින් දැක්වෙන්නේ චේ ගුවේරා විසින් තම කෙටි ජීවිත කාලය තුළ සංචාරය කළ ප්‍රදේශයන් ය.

නිදහස් කියුබාව සමග නව තානාපති සබදතා ගොඩ නගා ගැනීමත් සමග ⁣චේ ගුවේරා ශ්‍රී ලංකාවටද පැමිණ තිබෙනවා.ඒ 1959 ඔක්තෝම්බර් 05 වන දිනයි. එම සංචාරයේ දී ලංකාවේ රබර් කිරි කර්මාන්තය පිළිබද ව අවබෝධයක් ලබා ගැනීමට චේ ඇතුලු පිරිස හොරණ යහළකැලේ වතු යායට පැමිණ තිබෙන අතර එම ගමන සිහි වනු වස් චේ අතින් සිටවුණු මහෝගනී ගස අදටත් දැක ගත හැකියි. අද එය චේගේ චින්තනය මෙන්ම අතු ඉතිලා සරුවට වැඩුණු මහා වෘක්ෂයකි.

Image: palmtalk.org

ඡායාරූපයේ දැක්වෙන්නේ චේ ගුවේරා විසින් සිටුවන ලද මහෝගනී ගසේ වර්තමාන ස්වරූපයයි.

Image: palmtalk.org

එදින පිහිටුවන ලද නාම පුවරුව අදටද සුරක්ෂිතව ඇත.

කියුබානු අරගලයෙන් පසුව ලොව පුරා ජනප්‍රිය වුණු චේ ගුවේරාට ආර්ජන්ටිනාවේ සිට තවත් “ගුවේරා” කෙනෙක් මෙහෙම ලියා එවනවා. ” මමත් ගුවේරා ඔබත් ගුවේරා, මමත් ආර්ජන්ටනාවේ ඔබත් ආර්ජන්ටිනාවේ . ඉතින් අප දෙදෙනා අතරේ ⁣නෑකමක් තියෙනවද” කියලා. චේ ඔහුට ලියන්නේ හරි අපූරු පිළිතුරක්.

” මා දන්නා තරමින් අප දෙදෙනා අතර ලේ නෑකමක් නැහැ. නමුත් ලෝකයේ කොතනක හෝ පීඩිත මිනිසුන්ගේ දුක දැක උණුවන හදවතක් ඇති අයෙකු වේද ඒ තැනැත්තා ⁣මගේ නෑයෙක්”

මුල් ඡායාරූපය – කැල්වර්ට් ජෝන්ස් නම් ඡායාරූප ශිල්පිණිය විසින් චිත්‍රයට නගන ලද Colours of Freedom නම් චිත්‍රයයි.

තොරතුරු මූලාශ්‍ර : අන්තර්ජාලය ඇසුරෙනි.


Like it? Share with your friends!

678 SHARES
678 SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
3
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
1
Cry
Like Like
7
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලොව වෙනස් කළ මිනිසා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes