පරිසරයට ආදරය කරන්නන්ට පමණක් යන්න අවසර, අවතාර් නිම්නය .


චීනයේ පිහිටලා තියෙන  හාන්ග්ජියාග් හෙවත් අවතාර් අඩවිය යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට  නම් කරලා තියෙන  ස්වභාවික  වනාන්තරයක්.  මිලියන හතළිහක් පමණ දෙනා මෙහි සංචාරය කරමින් එහි ආශ්වාදය ලබාගෙන තියෙනවා .

ඒ වගේම ,  අවතාර් නිම්න කලාපයේ පොලිතින් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්.මෝටර් බයිසිකල් හා මෝටර් රථ මගින් කලාපයේ සැරි සරන්නටද , සංචාරකයින් ට අවසරයක් දිලා නෑ.

චීනයේ හුනාන් ප්‍රාන්තයේ චන්හාහා නුවර ඉදන්  කි. මි. 350 ක්‌ පමණ දුරකින් පිහිටලා තියෙන  මේ වනාන්තරයේ පසුතල දර්ශන මගින් නිෂ්පාදනය කළ අවතාර් චිත්‍රපටිය ලෝකයේ වඩාත් ජනප්‍රියත්වයට පත් වුනා.

සීතලට මිදෙන හිම උණුහුමේදී ප්‍රසාරණය වීමත්, නැවත නැවත සිදු වෙන මෙම සංසිද්ධියෙන් , ශාක රෝපනය වී දර්ශණීය ගල් කණු සහිත පරිසරයක්‌ නිර්මාණය වෙලා තියෙනවා .

Skywalk ලෙස හඳුන්වන වීදුරු පාලම මීටර් 1400 ක්‌ උසින් පිහිටා ඇති අතර මේ මතින් ගමන් කරන විට පාලමේ ඇති වීදුරුවලට සිදු වෙන හානිය මග හරවා ගන්න මේස්‌ කුට්‌ටමක්‌ පැළඳ ගැනීමට සිදු වෙනවා. මේ පාලමේ යද්දි දැනෙන්නේ අහස උඩ ඉන්නවා වගේ හැඟිමක්ලු.

අවතාර් වනාන්තරයේ පිහිටලා තියෙන  ගල් ගුහාව මීටර් 13 1 ක්‌ උසකින් පිහිටා ඇති අතර ඒ වෙනුවෙන් ගල් පඩි 999 ක්‌ තරණය කරන්නටද සිදු වෙනවා . විශාල ගල් කුහරයකට යන ප්‍රවේශයක්‌ විදියටයි මේ ගල් පඩි පිහිටලා තියෙන්නේ .

ලෝකයේ උසම තැනකට ගමන් කරන්න පුළුවන්  විදුලිසෝපානය ,  මකරුන් සිය දෙනාගේ විදුලි සෝපානය, . තියෙන්නෙත් මෙහේ තමයි.  ඒ සෝපානයට විනාඩි දෙකකින් මීටර් 360 ක උසකට පුද්ගලයින් 48 දෙනෙක්‌ ගෙන යන්න පුළුවන්.

එහෙත් විදුලි සෝපානයේ ඇතුළත පවතින තදබදය නිසා අවට බැලීමට අවස්‌ථාවක්‌ නම් හම්බවෙන්නේ නෑ.  ඒ නිසා, ගමනේදී දැනෙන ත්‍රාසය , භිතිය නම් මග හැරෙනවා.  මෙහි අභ්‍යන්තරයේ ගංගාවන් පිහිටා ඇති අතර ඒවායේ බෝට්‌ටු සංචාරයන්හි යෙදීමටත් ඔබට අවස්ථාවක් ලැබෙනවා .

අවතාර් නිම්නයේ පිහිටි , ෆෙන්හුආන් පැරණි ගම්මානය 2008 වසරේදී ලෝකයේ ලස්‌සනම ගම්මානය ලෙසින් ප්‍රසිද්ධියට පත් වූයේ එහි  පවතින සම්ප්‍රදායික ලක්‍ෂණ නිසයි.

ටෝත්ස්‌යාන් ගංඟාව අසල පිහිටි මෙම ගම්මානයේ ජීවත් වෙන්නේ මියාඕ සහ ටෝත්සාන් ගෝත්‍රිකයන් පිරිසක් . ධීවර කර්මානතයේ යෙදෙමින් ජිවත්වෙන  මේ ෆෙන්හුආන් ගම්වැසියන්ගේ ජනප්‍රිය ආහාරය වෙන්නේ, පණ ඇති කුඩා මත්ස්‍යයන් යොදා ගෙන සකස්‌ කරගන්න ආහාර යි.

ඔයත් පරිසරයේ සුන්දරත්වය විදින්න ආස කෙනෙක් නම් මේ තැන බලන්න යන්න. හැබැයි මේ ලස්සන පරිසරය විනාශ කරන්න නම් එපා.


Like it? Share with your friends!

29 SHARES
29 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පරිසරයට ආදරය කරන්නන්ට පමණක් යන්න අවසර, අවතාර් නිම්නය .

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes