web analytics

දුප්පත් අයට කන්න තහනම් කෑම වර්ග 7ක්


🍔 දුප්පත් අයට කන්න බැරි කෑම? එහේමත් කෑම තියෙනවා ද,  මේ ලෝකයේ. 😱  ඔව් තියෙනවා . අපි දන්නවා දුප්පත්, පොහොසත් භේදයක් ඇතිවෙලා තියෙන්නේ , සල්ලි ඇති, නැති බව අනුව කියලා . ඉතිං, ඔයාගේ අතේ සල්ලි යහමින් නැත්තම් මේ කෑම ගැන ඔයාට හිතන්නවත් වෙන්නේ නැහැ. දැන් කන්න බැරි උනාට කමක් නැහැ. ඔයාට පුළුවන් කාලේක පොහොසත් වෙලා කාලම බලන්නකෝ . 😍

1. මිලෙන් අධිකතම බර්ගර් වර්ගය

🍔 ඉහළ ම මිලකට අලෙවි වන බර්ගර් වර්ගය ලෙස හැඳින්වෙන්නේ ‘ලී බර්ගර් එක්ස්ට්‍රාවැජන්ට්’ යනුවෙනි. මේ වර්ගයේ බර්ගර් සකසන්නේ, අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පිහිටි සෙරෙඩිපිටි – 3 යනුවෙන් නම් කර තිබෙන ආපනශාලාවෙනි .

🍔බර්ගර් එකක මිල අමෙරිකා ඩොලර් 295ක් පමණ වන බව සඳහන් වේ. මේ වර්ගයේ බර්ගර් සකසන්නට යොදා ගන්නේ ජපන්  එළදෙනුන්ගේ මස් ය. ජපන් එළදෙනුන්ගේ මස් සුවිශේෂ ආකාරයක් ලෙස සකස් කර යොදා ගැනේ. ඒ හැරුණු විට ජේම්ස් මොන්ට්ගෝමරි චීස්, බදින ලද බිත්තරයක් සහ තවත් රසකාරක වර්ග රැසක් බර්ගර් එක සැකසීමේදී යොදා ගන්නා බව සඳහන් වේ.

2.මිලෙන් අධිකතම අතුරු පස වර්ගය

🍰ඉහළ ම මිලකට අලෙවි වන අතුරු පස වර්ගය හැඳින්වෙන්නේ “Frrrozen Haute Chocolate” යනුවෙනි. මේ වර්ගයේ අතුරුපසවලින් එක් පුද්ගලයකුගේ අනුභවයට සෑහෙන තරමේ ප්‍රමාණයක් අලෙවි වන්නේ, අමෙරිකා ඩොලර් 25,000කට බව වාර්තා වේ.

🍰මේ සුවිශේෂ අතුරුපස වර්ගය සකසන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පිහිටි සෙරෙඩිපිටි – 3 ආපන ශාලාව ය. යට කී අතුරුපස වර්ගය ඒ තරම් ඉහළ මිලකට අලෙවි වන්නේ, ආහාරයට ගත හැකි රත්‍රං සහ දියමන්ති ස්වල්පය බැගින් ඊට යොදා ඇති නිසා ය. මේ අතුරුපස වර්ගය අනුභවය පිණිස ආපනශාලාවෙන් ලබා දෙන්නේ, රනින් කරන ලද හැන්දකි.

3. ඉහළ ම මිලකට අලෙවි වෑංජනය

🍜 ‘සමුන්දරී ඛසානා’ නමින් හැඳින්වෙන වෑංජනය ඉහළ ම මිලකට අලෙවි වන වෑංජනය ලෙස සැලකේ. වෑංජන දීසියක් අමෙරිකා ඩොලර් 3200කට මිල කර ඇත. මිළදි ගත හැක්කේ,  එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පිහිටි බොම්බේ බ්‍රසීරි ආපන ශාලාවෙනි.

🍜’සමුන්දාරී ඛසානා’ යන වදනෙහි අරුත ‘මුහුදු ආහාර නිධානය’ යන්නයි. එකී අරුතට ගැළපෙන පරිදි මේ වෑංජනය සකස් කර ඇත. මුහුදු ගොලුබෙල්ලන්, පොකිස්රිස්සන්, කකුළුවන්, සුදු සුවඳ හතු, බිත්තර මෙන් ම, ආහාරයට ගත හැකි රත්‍රං ද යොදාගෙන එය පිළියෙළ කෙරේ.

4.වැඩි ම වටිනාකමක් ඇති පීසා වර්ගය

🍕 ලොව මිල අධිකම පීසා වර්ගය නිපදවන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ඇති ඉන්ඩස්ට්‍රීස් කිචන් නමැති ආයතනයයි. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඉහළ ම වර්ගයේ චීස් වර්ග, ප්‍රංශයේ නිෂ්පාදිත රසකාරක ආදිය ද ආහාරයට ගත හැකි රත්‍රං ද යොදාගෙන, මේ පීසා වර්ගය සකස් කර තිබේ.

🍕පීසා එකක මිල අමෙරිකා ඩොලර් 2700ක් බැව් ගිනස් වාර්තාවල සඳහන් වේ. පසුගිය අප්‍රේල් මාසයේදී මේ පීසා වර්ගය හඳුන්වා දී ඇත.

5. මිලෙන් අධිකම හොට් ඩෝග්

🌭අමෙරිකාවේ වොෂිංටන් නුවර ටෝකියෝ ඩෝග් ටුක් ඉන් සියැට්ල් ආපනශාලාව මිලෙන් අධිකම හොට් ඩෝග් වර්ගය නිපදවා තිබේ. එකී වර්ගයේ හොට් ඩෝග් එකක් අමෙරිකා ඩොලර් 169කට අලෙවි වේ.

🌭මිලෙන් අධිකම අමුද්‍රව්‍ය යොදාගෙන මේ හොට් ඩෝග් සකස් කෙරේ. මිල අධික වුවත් හඳුන්වා දුන් පළමු දිනයේදීම මේ වර්ගයේ හොට් ඩෝග් 6ක් පමණ අලෙවි වුණු බව වාර්තාවල දැක්වේ.

6. මිලෙන් අධිකම සුප් වර්ගය

🍜 මිලෙන් අධිකම සුප් වර්ගය සකස් කරන්නේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කයි මේෆෙයාර් ආපනශාලාව ය. සුප් බඳුනක මිල අමෙරිකා ඩොලර් 190ක් පමණ වේ. මෝර වරල්, ජපානයේ නිෂ්පාදිත හතු, මුහුදු කැකිරි, කකුළුවන්, කුකුළු මස්, ඌරු මස් සහ තවත් බොහෝ දේ යොදාගෙන මේ සුප් වර්ගය සකස් කෙරේ.

🍜ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන, ස්වභාවික තත්ත්ව යටතේ සුප් වර්ගය පිළියෙළ කෙරෙන බැවින්, ආපනශාලාවට ගොඩවැදුනු සැණෙකින්ම ඇනවුම් කර, සුප් බඳුනක් ලබා ගන්නට ගනුදෙනුකරුවන්ට ඉඩක් නැත. පරිහරණයට ගන්නා දිනට, දින පහකට පමණ පෙර ආපනශාලාවට මේ සුප් ඇනවුම බාර දිය යුතු වේ.

7.මිලෙන් අධිකම සැන්ඩ්විච් වර්ගය

🍞 අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර සෙරෙඩිපිටි – 3 ආපන ශාලාව සකසන සැන්ඩ්විච් වර්ගයක්, ලොව මිලෙන් අධිකම සැන්ඩ්විච් වර්ගය ලෙස සැලකේ. එයින් සැන්ඩ්විච් පෙත්තක් අමෙරිකා ඩොලර් 214ක් පමණ වන බැව් පැවසේ.

🍞චීස් , රත්‍රන් ආදිය යොදා සකසා ඇති මේ සැන්ඩ්විච් අනුභව කරන්නට කැමැති කෙනකු, පැය 48කට පෙර ඇනවුම ආපනශාලාව වෙත ලබා දිය යුතු ය. මේ වර්ගයේ සැන්ඩ්විච් සැකසීමේදී අතුරන්නේ බෙහෙවින් ම දුර්ලභ ගණයේ චීස් වර්ගයක් ය.

▶️ අන්තර්ජාල මුලාශ්‍ර ඇසුරෙනි ◀️


Like it? Share with your friends!

21 SHARES
21 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
3
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
3
Cry
Like Like
2
Like
Confused Confused
1
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

දුප්පත් අයට කන්න තහනම් කෑම වර්ග 7ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes