web analytics

එතෙර වෙන්නට අපහසු මේ ලෝකයේ තියෙන භයානකම පාළම් 4


ගංගා, ඇළ, දොළ වලින් එතෙර වෙන්න තියෙන ඒදඩු, පාලම් නම් ඔබ කොතෙකුත් දැකලා ඇති.ලෝකයේ පවතින ඉතාමත්ම භයංකර වූ පාලම් මොනවාදැයි කියා ඔබ දන්නවාද? දැනට අනාවරණය කරගෙන ඇති පරිදි ලෝකයේ ඇති ඉතාමත් බිහිසුණු හා බිය උපදවනසුලු පාලම් ගණනාවක්‌ ඇති අතර ඒ අතුරින් කිහිපයක තොරතුරු මේ ලිපියෙන් දැක්වෙනවා.

01.ආයි-පෙට් (ai-petri)

?ක්‍රිමියාවේ ගිනිකොණ දිග වෙරළ තීරයේ කඳුකර ආයි-පෙයි කලාපයේ සුන්දරත්වය විඳ ගැනිමට ඔබ අදහස් කරගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබ මුලින්ම එහි වලාකුළු වලටත් වඩා ඉහළින් පිහිටා ඇති චිත්තාකර්ෂණීය වූ උස්‌ කඳු ශිඛර අතරින් දිවෙන  වැල් පාලම් මතින් ගමන් කිරිමට නිර්භීත වෙන්න ඕන.

ඇත්තෙන්ම ආයි පෙටි කඳු පංතිය ක්‍රිමියාවේ යල්ටා මහනගර සභාව මඟින් පාලනය වන අතර එය අලුප්කා (Alupka) හා කොරෙයිස්‌ (Koreiz) නගර අතර පිහිටලා තියෙනවා . මෙය වසරේ වැඩි කාලයක්‌ දැඩි සුළං සහිත කාලගුණයක්‌ පවතින ප්‍රදේශයකි. සුළඟේ වේගය ම්/තත් 50 ක් පමණ සාමාන්‍යය අගයක පවතිනවා. වර්තමානයේ කඳු අතර ගමනාගමනයට කේබල් රථ සේවාවක්‌ද පවත්වාගෙන යනු දක්‌නට ලැබෙනවා.

02.මවුන්ට් හුවා (Mount Hua)

?චීනයේ මවුන්ට්‌ හුවා පූජනීය ගිරිකඳුර වටා අධික බෑවුම් සහිත මාර්ගයේ දිවෙන පටු, දැවයෙන් නිර්මිත දම්වැලක්‌ වැනි වූ පාලම් සහිත මාර්ගය ලෝකයේ අති භයානක හා දුෂ්කර පාලම් අතුරින් එකකි. මවුන්ට්‌ හුවා හෝ හුවා ශාන් ලෙස හඳුන්වන මෙය චීනයේ නැගෙනහිර හුවයින් නගරයේ පිහිටා තිබෙනවා. මෙය චීනයේ පස්‌මහා කඳු අතරින් එකක්‌ වන අතර ආගමික වශයෙන් වැදගත් දීර්ඝ ඉතිහාසයක්‌ද පවතිනවා.

03. ද රෝයල් ජෝරඡ් (The Royal Gorge)

?ඇමෙරිකාවෙ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටා ඇති ද රෝයල් ජෝරඡ් පාලම (The Royal Gorge suspension bridge) සංචාරක ආකර්ෂණය නොමදව දිනූ විචිත්‍ර ස්‌ථානයකි. හෙක්‌ටයාර 150 ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී පවතින කොලරාඩෝ කඳුකර වනෝද්‍යානයට මැදිව අකැන්සාස්‌ ගංගාවට ඉහළින් පිහිටා තිබෙන මෙම එල්ලෙන පාලම පොළොව මට්‌ටමේ සිට අඩි 1053 ක පමණ උසකින් පිහිටා තිබෙනවා. එහි විශාල කුලුණු දෙක අතර දිග අඩි 938 ක්‌ වනවිට පාලමේ මුළු දිග අඩි 1260 ක්‌ පමණ වේ. මෙහි දැව අඩිපාර සඳහා ලී පුවරු 1292 ක පමණ ප්‍රමාණයක්‌ වැය වී තිබෙනවා.

04. හුස්‌සයිනි (Hussaini Bridge)

?පාකිස්‌ථානයේ කාරකෝරම් කඳු අතර පිහිටා ඇති හුවන්සා නදියෙන් (The Hunza river) එතෙර වීමට ඇති හුස්‌සයිනි පාලම (The Hussaini bridge) තිරස්‌ අතට ලෑලි සවි කිරීමෙන් සාදා ඇති වැනෙන සුලු අතිශය බියජනක මාර්ගයකි. මෙම ගංගාව තරණය කිරීමට ඇති එකම මාර්ගයද මෙය වේ.


Like it? Share with your friends!

17 SHARES
17 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

එතෙර වෙන්නට අපහසු මේ ලෝකයේ තියෙන භයානකම පාළම් 4

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes