web analytics

අපහස මැදින් වොන්ඩර් වුමන් ජාත්‍යන්තරයේ , ඔබට සතුටුයි ද දැන්?


? කෙනෙකුට අපහස කරන්න කලින් දෙපාරක් නෙමෙයි, සිය පාරක්වත් හිතන්න ඕන. මොකද අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නේ. අපි ගහන ගල් මුල් එකතු කරලා , එයාලා මාළිගාවක් හදා ගත්ත දවසට පැල්පතේ ඉන්න අපිටමයි ලැජ්ජාව. මේ කියන්න යන්නේ, සමාජ ජාලයේ සිදුවුන සුපුරුදු වැඩක් ගැනමයි. මොකද අනුන්ට මඩ ගහන්න උපන් හපන්  කට්ටියක් නේහ් මේක ඇතුළේ ඉන්නේ.

? සැන් ඩියාගෝ කොම්ක්-කන් ඉන්ටර්නැෂනල් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන් ඩියේගෝහි වාර්ෂිකව පවත්වන විනෝදාත්මක වැඩසටහනක් . ඉතිං පසුගිය 26 වෙනිදා ලංකාවේත් මේ වැඩසටහන සාර්ථකව පැවැත්වුනා. මේ වැඩසටහනේ අරමුණ තමයි අපි බලන ෆිල්ම් වල නැත්නම් ටිවි සිරිස් වල ඉන්න චරිත වගේ ඇදගෙන විවිධ නිරූපණයන් ඉදිරිපත් කිරිම.

? ස්පයිඩර් මෑන්, ඇරෝ, බැටි මෑන්,ඔය කියන සුපිරි චරිත තමයි අනුකරණය කරන්න තියෙන්නේ . මේ අතරින් ලංකාවේ පැවති උත්සවයේ වැඩි කථා බහට ලක්වුනේ වොන්ඩර් වුමන් කියන චරිතය යි. වොන්ඩර් වුමන් කියන්නේ, මිට මාස  කිහිපයකට උඩදි ආව හොලිවුඩ් ෆිල්ම් එකක්. ෆිල්ම් එකට  ගාල් ගැඩෝට්ගේ රංගනය නිසා සාර්ථකත්වයේ ඉහළටම යන්න පුළුවන් වුනා කිව්වොත් නිවැරදියි.

?සාර්ථකව අවසන් වුනු උත්සවයට මඩ ගහන්න පටන් ගත්තේ ෆේස්බුක් එකේ එක්තරා photography පේජ් එකකින්  , උත්සවයේ ෆොටෝ දැම්මට පස්සෙයි. විශේෂයෙන්ම මඩ ගැහැව්වේ වොන්ඩර් වුමන් චරිතයට පෙනි සිටි ගැහැණු ළමයට යි. හදවත් තියෙන මිනිස්සු විදියට , කෙල්ලෙක්ට සිමාව ඉක්මවා මඩ ගැසිම නම් පිළිගන්න පුළුවන්  දෙයක් නෙවෙයි. ෆේස්බුක් එකේ ඉන්න විවිධ මානසික මට්ටම් වල ඇඩ්මින්වරුන් විසින් කෙළවරක් නැතුව ගහපු මේ මඩ වලින් ඒ ගැහැණු ළමයි කොයිතරම් නම් අසරණ වෙන්න ඇතිද?

?Cosplay යන්නෙහි තේරුම නොදැන රැල්ලට මඩ ගහන්න එකතු වුන සියළු දෙනාම මීට සුළු මොහොතකට කලින් ගිලෙන්නම ගහගෙන ගියා කිව්වොත් නිවැරදි යි. මොකද මේ අපහස ඉවසන්නට බැරි වුනු මතිෂ සොහොයුරා ට්විටර් පණිවිඩයක් තියා ඉල්ලිමක් කර තිබුනා, “මෙම කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලංකාවේ -Comic-con එකට ඉදිරපත් වීම නිසා මේ වනවිට අපහාසයට ලක්වෙමින් සිටි, ඔවුන් සුන්දරයි කියා ඔබට සිතනවා නම් මෙය re-tweet කරන්න කියලා .

?පුදුමයට කරුණ නම් ට්විටර් පණිවිඩය තියලා පැය 24ක් යන්නටත් කලියෙන් වෙරිෆයිඩ් ගිණුම් තියෙන ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළුව වොන්ඩර් වුමන් අධ්‍යක්ෂිකව ද මෙය re-tweet කර අපේ ගැහැණු ළමයි දෙදෙනා අගයා තිබිමයි.

?කෙනෙක් ට මඩ ගහලා හිනාවෙන්න, කලියෙන් තමන්ටත් මේ වගේ දෙයක් වුනොත් කොහොමද කියලා හිතන්න පුරුදු වෙන්න. කොහොම හරි අපහස උපරිමයෙන් විදපු අපේ කෙල්ලෝ දෙන්නා අන්තිමේ දි නැවතුනේ ජාත්‍යන්තරයට ගිහිල්ලයි. ❤️මඩ ගහපු අයගෙනු යි, ලයික්ස් , කොමෙන්ට වලට මිනිස්සුන්ව පාවලා දිපු අයගෙනුයි,  අහන්න තියෙන්නේ ” ඔබට සතුටුයි ද දැන්” කියලයි .?


Like it? Share with your friends!

65 SHARES
65 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
2
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අපහස මැදින් වොන්ඩර් වුමන් ජාත්‍යන්තරයේ , ඔබට සතුටුයි ද දැන්?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes