වොන්ඩර් වුමන් – Wonder Woman.


ඔයාලා දන්නවා ද? සුපර් මෑන්, ස්පයිඩර් මෑන්, එක්ස් මෑන්, හල්ක්, බැට් මෑන්, වැනි සුපිරි වීර චරිත මුලින්ම බිහිවූයේ කාටුන් චිත්‍ර කතාවලින් බව . ඉතිං, මේ සුපිරි චරිතවල වික්‍රමයන් බලන්න ලොව පුරාම ඉන්න සිනමාලෝලින් ඉන්නේ ,ඇගිලි ගැන ගැනයි.

චිත්‍රකතා වලින් ඇවිත් , මුළු හොලිවුඩයේම රජ කරන සුපිරි චරිත අතරින් , මෑතකදී ආව සුපිරි කාන්තා චරිතය තමයි,  වොන්ඩර් වුමන් ( Wonder Women ) . වොන්ඩර් වුමන් පරිගණක සජීවකරණයෙන් බැහැර වෙලා සැබෑම මනුෂ්‍ය චරිතයක් විදියට  පළමුවරට රිදී තිරයේ දිගහැරෙන්නේ,  පසුගිය 02 වෙනිදා යි.

www.wallpapermaiden.com

 

01.වොන්ඩර් වුමන් ඉතිහාසය

 

වොන්ඩර් වුමන් කියන්නේ ,  වසර 5000ක පමණ කාලයක් ඇමසන්හි කුමාරිකාව ලෙසින් වෙසෙන , හිපොලිතා සහ සියුස් දෙපළගේ දියණිය යි.  ඇය අතිශය ශක්තිවන්ත හා විශාල බලයක් හිමි කාන්තාවක්.  බුද්ධිමත් වගේම දැඩි ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන ඇය තම අරමුණ කරා නොවෙනස්ව ගමන් කරනවා.

වොන්ඩර් වුමන් කාටුන් චරිතය නිර්මාණය කරන්නේ , 1941 වසරේදී  විලියම් මෝල්ටන් මාර්ස්ටන් සහ එච්. ජී පීටර් .

පසුව, ඔවුන් , නිර්මාණය කරන ලද වොන්ඩර් වුමන් චරිතය ඇසුරෙන් කළ නිර්මාණ රැසක් බිහිවෙලා තියෙනවා . නවකතා, චිත්‍රකතා, රූපවාහිනි කතා, පරිගණක ක්‍රීඩා අතරේ සිනමා නිර්මාණ රැසක්ද නිර්මාණය වුනා.

 

 

02.වොන්ඩර් වුමන් ෆිල්ම් එක .

ඇමෙරිකානු  චිත්‍රපට අධ්‍යක්ෂිකා පෙටී ජේකින්ස්ගේ අතින් හැඩගැන්වුනු  වොන්ඩර් වුමන් ෆිල්ම්  එකේ ,  වොන්ඩර් වුමන්ගේ චරිතයට පණ පොවන්නේ , ඊශ්‍රායල් ජාතික නිළි ගාල් ගැඩොට් .

විශ්වයේ කැපී පෙනෙන චරිතයක් වන වොන්ඩර් වුමන්ගේ වික්‍රමයන් මේ වසරේ තිරයට නැගෙන්නේ,  සැක් ස්නයිඩර්, ඇලන් හෙයින්බර්ග් සහ ජේසන් ෆ්‍යුක්ස්ගේ කතාවට අනුවයි . එය තිර රචනය කරන ලද්දේ ඇලන් හෙයින්බර්ග් .

20 වැනි ශත වර්ෂයේ ඇමසන් කුමරිය හෙවත් ඩයනා, තෙමිස්‍රා දූපතේ,  දිවි ගෙවද්දී හදිසියේ අමෙරිකානු ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු වන ස්ටීව් ට්‍රේවර් පැමිණෙන්නේ,  තම ගුවන් යානාවේ දෝශයක් නිසා , එය දූපතට කඩා වැටීම නිසයි. ස්ටීව්ගෙන් , දෙවන ලෝක යුද්ධයේ තොරතුරු  දැන ගන්නා ඩයනා, ලන්ඩනයට ගිහින් වොන්ඩර් වුමන් බවට පත් වෙනවා .

03.ෆිල්ම් එක සාර්ථකයි ද?

 

විචාරක ප්‍රතිචාර ඉහළින් දිනා ගත් චිත්‍රපටයක් බවට වොන්ඩර් වුමන් පත්වෙලා තියෙනවා .  මිනිත්තු 141ක් පුරා රිදී තිරයේ දිග හැරෙන චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 149ක වියදමින් තමයි නිමකරලා තියෙන්නේ .රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ සියයට 94ක ලකුණු ප්‍රමාණයක් දිනා ගන්නටද සමත්වෙලා තියෙනවා . විචාරකයන් ගාල් ගැඩොට්ගේ රංගනය ඉහළින්ම අගයා ඇති බවත් කිව යුතුමය.

පසුගියදා ලෙබනනය , වොන්ඩර් වුමන් තම රටේ ප්‍රදර්ශනය කිරිම  තහනම් කලා. ගාල් ගැඩොට් , රිශ්‍රායල් හමුදාවේ සේවය කරපු සෙබළියක් විම, එකට හේතුව විදියට ඔවුන්  පෙන්නලා දිලා තියෙනවා .  රිශ්‍රායල්-ලෙබනන් අතර පැවති  යුද්ධය නිසා තමයි ඔවුන් එහෙම කරලා තියෙන්නේ .

ගාල් ගැඩොට් කියන්නේ , සැබෑ ජිවිතයෙත් වොන්ඩර් වුමන් කෙනෙක් කියලා දැන් පැහැදිලියි නේද? ඒ නිසා , තව කල් දාන්නේ නැතුව ඉක්මණටම වොන්ඩර් වුමන් නරඹන්න . 🙂


Like it? Share with your friends!

9 SHARES
9 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වොන්ඩර් වුමන් – Wonder Woman.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes