ඔහු විමල් කුමාර ද කොස්තා නම් විය


විමල් කුමාර ද කොස්තා සිංහල සිනමාවෙ තවත් එක ලෙජන්ඩ් එකක් නෙමෙයි කියල කවුරුහරි කියනවනම් ඒ සිංහල සිනමාව ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ම තමයි. එහෙමත් නැත්නම් 80 දශකයෙන් පස්සෙ බිහිවුණු සිංහල සිනමාව පමණක් දැකපු උදවිය.

මම දකින විදිහට විශිෂ්ට රංගවේදීන්ගේ පරම්පරාවක ඉතිරි වෙලා තිබුනු අන්තිම පුරුක් හතරෙන් එකක් තමයි විමල් කුමාර ද කොස්තා කියන්නෙ.

අනිත් පුරුක් තුන අමරසිරි කලංසූරිය, සිරිල් වික්‍රමගේ සහ රවීන්ද්‍ර රණ්දෙනිය.

තවදුරටත් විමල් කුමාර ද කොස්තා කියන මේ අපූරු චරිතය අප අතර නෑ. මේ සටහන ඔහුගේ නිර්මාණ, ඔහු කළ විශිෂ්ට චරිත නිරූපණයන් ගැන මතකය ආවර්ජනය කිරීමට සහ කොස්ත කියන්නෙ කවුද කියල නොදන්න අයට දැනගැනීම පිණිසයි.

ඇත්තටම හුඟක් අය නොදන්න දෙයක් තමයි විමල් කුමාර ද කොස්තා කියන්නෙ ලංකාවෙ අභිරූපණ රංග කලාවෙ පුරෝගාමිය කියන එක. ඒ වගේම ඔහු දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක්. සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ, නාමෙල් වීරමුණි වගේ චරිත සමඟ වැඩකරපු රංගවේදියෙක්. 1973 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වෙන්නෙත් ඔහු. ඒ සුගතපාල ද සිල්වා ගේ “දුන්න දුනු ගමුවේ” වෙනුවෙන්.

විමල් කුමාර ද කොස්තා කියන නමත් එක්ක බද්ධවෙලා තියෙන තවත් නමක් තමයි ධර්මසේන පතිරාජ. 1969දි පතිරාජ හදපු “සතුරෝ” කෙටි චිත්‍රපටය තමයි කොස්තගෙ සිනමා ගමනේ ආරම්භය. එතනින් පස්සෙ ලංකාවෙ විකල්ප ධාරාවේ සිනමාව නියෝජනය කරපු ප්‍රධාන චරිතයක් බවට පත්වෙන්න ඔහු සමත් වෙනව. ධර්මසේන පතිරාජ නිර්මාණය කළ අහස් ගව්ව, බඹරු ඇවිත්, එයා දැන් ළොකු ළමයෙක් වැනි චිත්‍රපටවල කොස්තාගේ රඟපෑම් අදටත් අමරණීයයි.

අහස්ගව්ව චිත්‍රපටයෙන්.

බඹරු ඇවිත් චිත්‍රපටයෙ වීරසේන ලෙස ඔහු කළ රංගනය අති විශිෂ්ටයි.

සරුංගලය, දියමන්ති, චංචල රේඛා, ඈතින් ඈතට, ඇර සොයිසා, සාගරයක් මැද වැනි චිත්‍රපට රැසකටම ඔහු තම රංගන දායකත්වය ලබා දෙනව. අවාසනවකට වගේ සිංහල සිනමාව ක්‍රමයෙන් බිඳ වැටීමත් සමඟ මේ දක්ෂ රංගන ශිල්පියාටත් හාස්‍ය චරිතවලට කොටුවෙන්න සිද්දවෙනව. අන්න ඒකයි බොහෝ දෙනෙක් කොස්තව ලෙජන්ඩ් එකක් හැටියට හඳුනා නොගන්නෙ. 80 දශකයෙන් පස්සෙ පරම්පරාවට කොස්තව මතක තියෙන්නෙ හාස්‍ය චරිතවලට සීමා වූ නළුවෙක් හැටියට පමණයි.

මේ සටහන ලිව්වෙ එසේ අමතක වී ගිය විශිෂ්ටයෙකුගේ විශිෂ්ටත්වය යළි මතක් කරදීමටයි. මේ දවස් දෙක තුන ඇතුලත ඔහු ගැන බොහෝ දේ ලියවේවි. නමුත් ඇත්තටම ඔහු ජීවත්ව සිටියදී ඔහුට හිමි ගෞරවය ලැබුනද කියන එකනම් ප්‍රශ්නාර්ථයක්.

විමල් කුමාර ද කොස්තා ගෙ රංගනයෙන් හැඩවූ තවත් දර්ශන කිහිපයක් මෙසේ සටහන් කරමින් මේ මහපොළවේ ජීවත් වූ රංගවේදියාට සමුදෙන්නෙ ඉමහත් ගෞරවයෙන්. ඔබට සුභ ගමන්!

සාගරයක් මැද

බඹර පැටික්කි

චංචල රේඛා

ඈතින් ඈතට

ඇර සොයිසා

මරුවා සමඟ වාසේ

දියමන්ති

මූලාශ්‍ර අන්තර්ජාලයෙන්.


Like it? Share with your friends!

4.6k SHARES
4.6k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
1
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔහු විමල් කුමාර ද කොස්තා නම් විය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes