web analytics

මේ නිවාඩුවට ට්‍රිප් යන්න හොඳම තැන් ටික මෙන්න


මමනම් දෙසැම්බර් මාසෙ එනකම් බලාගෙන ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. අවුරුද්දක් තිස්සෙ රස්සාවට දුවල දුවල හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට දෙයියනේ කියල නිදහසේ ඉන්න පුලුවන් කාලයක්නෙ මේ. ඔව් ඉතින් ඉතුරුවෙලා තියෙන නිවාඩු ටිකත් අරගෙන ගෙදරට වෙලා ඉන්න පුලුවන්නෙ.

ගෙදරට වෙලා ඉන්න? ඔව් එහෙම අයත් ඇති.

අනුග්‍රහය

හැබැයි මමනම් දෙසැම්බර් මාසෙ එනකම් බලාගෙන ඉන්නෙ ගෙදරට වෙලා ඉන්නනම් නෙමෙයි. යාළුවො සෙට් එකත් එක්ක කොහේ හරි රවුමක් ගහල ටිකක් විනෝද වෙලා එන එක තරම් සතුටක් තියෙනවද? තමන්ගේ ආදරණීය කෙනා එක්කෙ රවුමක් ගහන එක තරම් ප්‍රේමාන්විත දෙයක් තියෙනවද? එහෙම නැත්නම් පවුලෙ හැමෝම එකට එකතු කරගෙන කොහේහරි ගිහින් විනෝදවෙන එක තරම් සුන්දර දෙයක් තවත් තියෙනවද?

ලැබුන බෝනස් එකෙන්වත් අවුරුද්දකට එකපාරක්වත් ට්‍රිප් එකක් ගියෙ නැත්නම් ඇත්තටම වැඩක් තියනවද?

ඒ වගේම තමයි අවුරුද්දෙ අන්තිම මේ නිවාඩුව එන්නෙ නත්තලේ සීතලයි අලුත් අවුරුදු උණුසුමයි දෙකම එකට අරගෙන. ඒකනිසා දැන්මම ලෑස්තිවෙන්න හිතේ හැටියට ට්‍රිප් එකක් යන්න.

කපල් එකකට යන්න සුපිරිම තැන්

01. උණවටුන.

Image: Chobirdokan.com

උණවටුන කිව්වම කවුද නොදන්නෙ. මේ සුන්දර වෙරළ තීරය දේශීය සංචාරකයින් අතර වගේම විදේශීය සංචාරකයින් අතරත් ප්‍රචලිතයි. විනෝදවෙන්න කියාපු තැන. අවශ්‍යනම් එක දවසකින් උනත් ගිහින් එන්න පුලුවන් නිසා කපල් එහෙකටනම් උණවටුන කියන්නෙ පාරාදීසයක්. ස්වභාවිකම වගේ හැදිල තියෙන සමුද්‍ර තටාකය තුළ දෙන්නත් එක්ක අතරමන් වෙන එක කොයි තරම් රොමෑන්ටික්ද කියල නිකමට හිතල බලන්නකො. ඇයි ඒ විතරක් නෙමෙයි මුහුද ආශ්‍රිතව තියෙන සජීවී කොරල් පර බලන්න, සර්ෆින්ග් කරන්න, ඩොල්පින්ල බලන්න එහෙමත් පුලුවන්. දෙන්නත් එක්ක අත් පටලගෙන ළඟම තියෙන වැල්ලෙ දේවාලෙට යන්නත් පුලුවන්. හැන්දෑවට රූමස්සල සාම චෛත්‍යට යන්නත් අමතක කරන්න එපා.

නතරවෙලා ප්‍රේමණීය නිවාඩුවක් ගත කරන්න. වැඩි විස්තර බලාගන්න පුලුවන් මෙන්න මෙතනින්.

http://bit.ly/2g57gvp

02. කොළඹ.

Image: Narcity.com

සාමාන්‍යයෙන් ලව් කරන කාලෙ කොච්චර සුන්දර උනත් රටේ නැති ප්‍රශ්නත් නැතුවම නෙමෙයිනෙ. හොරෙන් හොරෙන් ලව් කරනකොට ගොඩක් දුර පළාත්වල ඇවිදින එක අමාරු වැඩක්. ඉතින් තමන් ඉන්න ප්‍රදේශය අවටින්ම නිවාඩුවක් ගත කරන්න ලැබුනොත් කොහොමද? මෙතෙන්දි අපි කොළඹ ගැන කිව්වට කොළඹින් පිට අයටත් ඔයාල ඉන්න ප්‍රදේශය ආශ්‍රිතවම එහෙම තැන් හොයාගන්න පුලුවන් Vista Rooms එක්ක සම්බන්ධ උනොත්. කොළඹ යන්න තැන්ද නැත්තෙ. MC එකේ රවුමක් ගහල, Savoy හරි Liberty හරි ගිහින් ෆිල්ම් එකක් බලල, ෂොපින් කරල, Arcade එකේ ඇවිදල, හවස් වෙද්දි Galle face හරි දියත උයනෙ හරි ඇවිදල එන එකෙත් අමුතුම ගතියක් තියෙනව.

එහෙම දවස ගෙවල විවේක සුවයෙන් තමන්ගෙ ආදරණීයයත් එක්ක ඉන්න පුලුවන් තැනක් තමයි මේ තියෙන්නෙ.

http://bit.ly/2cXeKgU

hotels for couples in colombo

luxury hotel rooms in colombo for couples

03. ගාල්ල.

Image: 123RF.com

දෙන්නත් එක්ක පුංචි පහේ ට්‍රිප් එකක් යන්න කියාපු තැන. ගාල්ලට එනකම් මගදිගට කොච්චරනම් තැන් තියෙනවද බලන්න. බෙන්තර ගලපාත විහාරය, අලුත්ගම කන්දේ විහාරය, කොස්ගොඩ කැස්බෑ අභිජණන මධ්‍යස්ථානය, මාදු ගඟ, අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකාගාරය, තොටගමුව රත්පත් රජ මහා විහාරය, සීනිගම, හික්කඩුව වගේ තැන් නරඹල ගාල්ලට එන්න පුලුවන්. ඒ නැතත් ගාල්ල ඇතුලෙ මොන තරම් තැන් තියෙනවද බලන්න. ගාලු කොටුව, ගාල්ල ලයිට් හවුස් එක, ගාල්ල ජාතික කෞතුකාගාරය සහ සමුද්‍ර කෞතුකාගාරය, රූමස්සල ඒ අතරින් සුවිශේෂයි. ඔය සේර නැතත් සුන්දර මුහුද දිහා බලාගෙන ප්‍රේමාන්විත හැන්දෑවක් ගත කරන්න තියෙනවනම් ඒකම මදිද?

අන්න ඒ අමතක නොවන අත්දැකීම විඳගන්න මෙන්න තැන. 

http://bit.ly/2g9oDLF

පවුල පිටින් යන්න හොඳම තැන්

01. තිස්සමහාරාමය.

 

Image: todaysparent.com

මේ වගේ ඓතිහාසික ප්‍රදේශයක ඇවිදල තමන්ගෙ දුවා දරුවන්ට මේ ස්ථානවල වටිනාකම කියල දෙන එකම වැදගත් දෙයක්. ඓතිහාසික රෝහණ රාජධානියේ කේන්ද්‍රස්ථානය තමයි මේ. මේ අවට තියෙන්නෙ පුරාවිද්‍යාත්මක හා අධ්‍යාපනික වටිනාකම්වලින් යුත් ස්ථාන. තිස්සමහාරාමයට එන අතරමග මුල්කිරිගල රජමහා විහාරය, රම්බා විහාර සංකීර්ණය, උස්සන්ගොඩ, සංවර්ධනයේ අරුණළු වැටී ඇති හම්බන්තොට නගරය, බුන්දල අභයභූමිය, හම්බන්තොට වියළි කළාපීය උද්භිද උද්‍යානය, සුන්දර පරිසරයක පිහිටල තියන බඳගිරිය රජමහා විහාරය දැක බලාගන්න පුලුවන්. අම්මල තාත්තලට වැඳ පුදාගන්න යටාල වෙහෙර, මැණික් වෙහෙර, තිස්සමහාරාමය වැනි ඓතිහාසික වෙහෙර විහාරත් තියෙන නිසා පවුලෙ ට්‍රිප් එකක් යන්න හොඳම පළාතක් තමයි මේ. ඒ විතරක් නෙමෙයි යාල සෆාරියක් ගිහින් කිරින්දෙ ඇවිදල එන්නත් අමතක කරන්න එපා.

නවාතැන් ගැන දැනුවත් වෙන්න මෙතනින්.

http://bit.ly/2gSjdUl

tissamaharama hotels

family rooms tissamaharama

hotels in tissamaharama

02. බෙන්තොට.

Image: guideposts.org

අවුරුද්දක් තිස්සෙ මහන්සිවෙලා හෙම්බත්වෙලා ඉන්න අපි හැමෝම කැමතියි ලස්සන තැනක නතරවෙලා තමන්ගෙ දරු පවුලත් එක්ක නිදහසේ විවේක සුවයෙන් ඉන්න. අන්න ඒ වැඩේට ගැලපෙනම ප්‍රදේශයක් තමයි බෙන්තොට කියන්නෙ. ඇවිදින්න, බලන්න වටින තැන් එහෙමත් නැතුවම නෙමෙයි. ඓතිහාසික වටිනාකම් තියෙන ආගමික ස්ථාන කිහිපයක් මේ අවට තියෙනව. නමුත් දෙස් විදෙස් සංචාරකයින් අතර බෙන්තොට වඩාත් ප්‍රසිද්ධ සුන්දර මුහුදු තීරය නිසයි. බෙන්තර ගඟේ කඩොලාන පරිසර පද්ධතිය බලන්න බෝට්ටු සවාරියක් යන එකත් මෙහෙ ප්‍රසිද්ධයි. ආයුර්වේද සම්බාහනයක් අවශ්‍යනම් ඒකටත් කියාපු තැන.

විවේකීව නිදහසේ කාලය ගතකරන්න පුලුවන් සුන්දර තැනක් මෙන්න තියෙනව.

http://bit.ly/2hbkDpV

03. හැටන්.

Image: /meetandgreetmanchester.wordpress.com

වසර අවසානයේ නිවාඩුවක් ගත කරන්න හුඟක් අය යන්නෙ මධ්‍යම කඳුකරයට. තේ වතු, සීතල මීදුම, සුන්දර දිය ඇලි අතරෙ දර්ශනීය ප්‍රදේශයක අතරමන් වෙන්න කවුද අකමැති. අන්න එහෙම තැනක් තමයි හැටන් කියන්නෙ. හැටන් සානුවේ පිහිටීම නිසා සුන්දරත්වය තවත් ඉහළ යන හැටන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙ දෙවන ප්‍රධාන නගරයත් වෙනව. ඩෙවෝන්, සාන්ත ක්ලෙයාර්, ඇබර්ඩින්, ගලබඩ, ලක්ෂපාන සහ තවත් අලංකාර කුඩා දිය ඇලි රැසක් මෙම ප්‍රදේශය තුළ සහ ඒ වටා පිහිටල තියෙනව. ඒ වගේම තමයි ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න යන එක් පිවිසුම් මාර්ගයක් වැටිල තියෙන්නෙත් හැටන් හරහා. මේ නිසා දවස් කිහිපයක නිවාඩුවක් ගත කරන්න පිරිසිදු, ආරක්ෂිත, සුවපහසු තැනක් මේ ප්‍රදේශයෙන් ලැබෙනවනම් කොයිතරම් දෙයක්ද.

බලන්නකො මෙතන කොහොමද කියල.

http://bit.ly/2dQQ38m

යාලුවො එක්ක සෙට් වෙන්න හොඳම තැන්

01. බොල්ගොඩ.

Image: upcat.tips

බොල්ගොඩ වැව අයිනෙ සෙට්වෙලා මේ ලස්සන පරිසර පද්ධතියෙ සුන්දරත්වය විඳින ගමන් යාළුවොත් එක්ක පරණ ආගිය තොරතුරු කතාකරන්න ලැබුනොත් කොහොමද? කොළඹ නාගරීක සීමාවට ආසන්නයෙන්ම තියෙන නිසා ළඟපාත අයටනම් දුර පිළිබඳව ප්‍රශ්නෙකුත් නැහැ. සාමාන්‍යයෙන් කොල්ලොනම් මොන ලෝකෙ ට්‍රිප් එකක් ගියත් නාන්න තැනක් හොයන එකත් පුරුද්දක්. ගඟක, වැවක බැහැල නාන එකේ ගතිය දන්නෙ ඉතින් නාපු අයම තමයි. අන්න ඒ වැඩේටත් මෙතනනම් නියමයි. ආවට ගියාට හැම තැනම නතරවෙන්නත් බැහැනෙ.

කොහොමද මෙන්න මෙතන මේ වගේ නිවාඩුවකට.

http://bit.ly/2gyNLr9

02. හික්කඩුව.

Image: blog.headsupp.com

ලංකාවෙ සංචාරක ව්‍යාපාරය ගැන කතා කරද්දි අමතක කරන්න බැරි තැනක් තමයි හික්කඩුව කියන්නෙ. නිදහසේ විවේක සුව විඳින්න වගේම යාළුවොත් එක්ක විනෝදවෙන්න කියාපු තැනක් තමයි හික්කඩුව වෙරළ තීරය. ඒ විතරක් නෙමෙයි සර්ෆින්ග්, ඩයිවින්ග් වගේ විනෝද ඉසව් රැසක්ම මේ ආශ්‍රිතව තියෙනව. කොරල් පර බලන ගමන් බෝට්ටුවක රවුමක් ගහන්න, වැල්ලෙ ක්‍රිකට් මැච් එකක් ගහන්න, ඇස් දෙක රතුවෙනකම් මුහුදෙ නාන්න තියෙනවනම් ඉතින් තවත් වෙන මොනවද. ඒ වගේම තමයි හික්කඩුවට යන්න දවස් ගණන් ඕනෙ නැහැ. එක දවසකින් හොඳට විනෝදවෙලා එන්න පුලුවන්.

නවාතැන් පහසුකම් සඳහා මෙන්න තැන.

http://bit.ly/2g55QRG

03. නුවරඑළිය.

Image: quotesgram.com

මචන් ට්‍රිප් එකක් යමුද කියල අහපු ගමන් හුඟක් අය දෙන උත්තරයක් තමයි නුවරඑළි යමු කියන එක. කට්ටිය නනුවරඑළියට ඒ තරමටම කැමතියි. ඇත්තටම ලන්කාවෙ ලස්සනම ප්‍රදේශවලින් එකක් සහ පවතින දේශගුණය හින්ද තමයි හැමෝම නුවරඑළියට කැමති. පුංචි එංගලන්තෙ කියන්නෙ නිකන් නෙමෙයිනෙ. හෝර්ටන් තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, ලවර්ස් ලීප් ඇල්ල, ග්‍රෙගරි වැව , වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන රැසක් නුවරඑළියෙ බලන්න තියෙනව.

ඉතින් නිවාඩුවට යාළුවොත් එක්ක පිස්සුවක් නටන්න මීට වඩා හොඳ තැනක් තවත් තියෙනවද?

http://bit.ly/2g9K5ey

මේ කාලෙ තමයි ඔබට වැඩිපුරම ඩිස්කවුන්ට් ලැබෙන මාසය. ඒවගේම තමයි මේ ඔෆර්ස් බලන් ඉන්නකොට ඉවර වෙනව. හිත හිත ඉන්න ගියොත් පරක්කු වැඩියි..

තවත් ඉතින් මොනවද හිත හිත ඉන්නෙ? නත්තලයි, අලුත් අවුරුද්දයි දෙකම අල්ලල දැන්මම හොඳ ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන්න දැන්ම.

ඔබට තව ප්‍රශ්න ඇති. ඩිස්කවුන්ට්,  මිල ගණන්, දින වෙන්කරවා ගැනීම් වගේ දේවල්. මේ ලිපිය අවසානයේ ඔබේ ඊමේල් ලිපිනය එක්ක යන්න බලාපොරොත්තු වෙන නගරය කමෙන්ට් කරන්න. උදව් කරන්න අපි සූදානම්.  

නිවාඩුවට නවතින්න තැනක් තෝරනකොට සැලකිලිමත්වෙන්න ඕන අනිත් කරුණු මොනවද?

01. ලංකාවෙ අපිට ලැබෙන ඩිස්කවුන්ට් මොනවද?

සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල අපි දකින දෙයක් තමයි විදේශිකයින්ට තමයි හැමදේම. නමුත් Vista Rooms එහෙම නෑ. එහෙම නෑ විතක් නෙමෙයි ඔවුන් දේශීය අමුත්තන් වෙනුවෙන් විශේෂ වූ මිල ගණන්, වට්ටම් පවා ලබාදෙන්න කටයුතු කරනව.

02. සුද්දන්ට විතරද තැන?

කලිනුත් කිව්ව වගේම දේශීය අමුත්තන්ට එක විදිහකටත් විදේශීය අමුත්තන්ට තවත් විදිහකටත් සලකන ක්‍රමවේදයක්වත්, අපේ රටේ අපේ මිනිස්සුන්ව පහතට දාල සැලකීම මේ අයගෙ නැහැ. දේශීය පුරවැසියන්ට නිරන්තරයෙන්ම ප්‍රමුඛස්ථානය ලබාදෙන්න ඔවුන් සැදී පැහැදී ඉන්නව.

03. මේ තැන්වල කොලිටි එකක් තියනවද?

නිවාඩු නිකේතනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ගොඩක් වැදගත් කාරණයක්. මොකද අපි ට්‍රිප් යන්නෙ ලෙඩ රෝග බෝකරගෙන එන්න නෙමෙයිනෙ. Vista Rooms නිවාඩු නිකේතන කළමණාකාරීත්වයේ නිරන්තර අධීක්ෂණයට ලක්වෙනව. ගුණාත්මකභාවය පිළිබඳ සාධක 20කට අධික සංඛ්‍යාවක් මේ විදිහට අධීක්ෂණයට ලක්වෙනව කියල අපිට ආරංචියි.

04. හොටෙල් එක තියන තැන අවට බලන්න දේවල්, කරන්න දේවල් තියනවද?

නිවාඩු නිකේතන තිබනට වැඩක් තියෙනවද ඒ අවට බලන්න දෙයක්වත් නැත්නම්. හැබැයි  ඔබ තෝරන නිවාඩු නිකේතනය තිබිය යුත්තෙ ලංකාවෙ අතිශය සුන්දර ස්ථානවල. Vista Rooms නිවාඩු නිකේතන ඔබට යන්න හිතෙන ඕනෙම ලස්සන තැනක් ආශ්‍රිතවම පිහිටල තියෙනව. සපයන සේවාව ගැන කිසිම ගැටලුවක් තියාගන්න එපා. ඒ කාරණය අපි නෙමෙයි කියන්නෙ. මේ නිවාඩු නිකේතනවල කාලය ගතකරපු අයගෙ අදහස්වලින්ම ඒ බව පැහැදිලි වෙනව.

05. ගෙවන ගානට ලැබෙන පහසුකම් මොනවද?

සමහර තැන් තියෙනව නතරවුනාට පස්සෙ හිතෙනව අයියෝ සල්ලි කියල. කිසිම පහසුකමක් නෑ. ඒත් වටිනාකමටත් වැඩිය ගෙවල. අඩුම තරමින් රූපවාහිනී යන්ත්‍රයක් තබා වතුර ෆිල්ටරයක්, විදුලි උපකරණවත් නෑ. ජංගම දුරකතන බැටරිය චාජ් කරන්න ගියහම තමයි ඉහමොළ රත්වෙන්නෙ. ඉතින් වයිෆයි ගැන කවර කතාද? හැබැයි Vista Rooms නිවාඩු නිකේතනවල මේ හැම පහසුකමක්ම තියෙනව. විදුලි උපකරණ, රූපවාහිනී යන්ත්‍ර, වායු සමීකරණ, වයිෆයි පහසුකම් විතරක් නෙමෙයි සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මකයි.

Vista Rooms වල තියෙන ගුණාත්මකභාවය, ප්‍රමිතිය නිසාම විශාල ඉල්ලුමක් පවතිනව. මේ නිසාම මේ  නිවාඩු නිකේතන වෙන්කරවා ගැනීමේදීනම් ඔබට ඉක්මන් කරන්න සිද්දවෙනව. මොකද මේ වගේ සහනදායී මිලගණන්වලට සියලුම පහසුකම් එක්ක සුපිරි නිවාඩුවක් ගත කරන්න අවස්ථාවක් වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නැහැ.

ඉතින් ඔබ ඉක්මන්වෙන තරමට ඇඟට ගුණයි. ඒ නිසා දැන්මම Vista Rooms අමතන්න. 

📞: 076 762 9831

මේ සම්බන්ධයෙන් ඔබට ඇති ගැටලුවලට පිළිතුරු ලබාදෙන්න අපි සූදානම්. ඒ ඔක්කොම පහළින් comment කරන්න.


Like it? Share with your friends!

2.9k SHARES
2.9k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මේ නිවාඩුවට ට්‍රිප් යන්න හොඳම තැන් ටික මෙන්න

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Personality quiz
Trivia quiz
Poll
Story
List
Video
Audio
Image