web analytics

අමරණීය වීමේ පළමු අදියර – මරණින් පසුත් සුරැකෙන ජීවිත


ඔබ මිය ගිය පසුත් වසර සිය ගණනක් වුවත් ඔබගේ සිරුර සුරකින නූතන මමීකරණයක් ගැන ඔබ අසා තිබුනාද? මෙම ක්‍රමය CRYOGENICS වෛද්‍ය ක්‍රමය නැතිනම් CRYO-PRESERVATION ක්‍රමය ලෙස හදුන්වනවා.

මෙම ක්‍රමයෙන් තම සිරුර සංරක්ෂණය කිරීමට කැමැත්ත ලබා දෙන පුද්ගලයින් බලාපොරොත්තු වන්නේ තව වසර ගණනාවකට හෝ පසුව තමන් නැවත අදාළ සිරුර තුළම ජීවයක් ලබනු ඇති බවයි.

එහෙත් පුනර්භව සංකල්පයට මෙන්ම වෛද්‍ය විද්‍යාවටත් පටහැනි මෙම මතයේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව පූර්ව නිගමන වලට එළැබීමට අපට තවමත් හැකියාවක් නැහැ.

Image: gmp-creativebiolabs.com

බොහෝ පුද්ගලයින් පවසන්නේ මෙය මියයාමට ආසන්න ව සිටින පුද්ගලයින් තුළ අනිසි බලාපොරොත්තු ඇති කර මුදල් ගරන ව්‍යාපාරයක් බවයි.

ඊට හේතුව නම් මෙම සංරක්ෂණ ක්‍රමය සදහා පවුම් 37000 ක පමණ අධික මුදලක් ගෙවීමට සිදුවීමයි.

වර්තමානයේ මෙවැනි සිරුරු සංරක්ෂණය කරන ස්ථාන 3 ක් ලෝකයේ පවතිනවා. ඒ ඇමෙරිකාව, කැනඩාව හා රුසියාව යන රටවලයි.

Image: ripleys.com

මෑතකදී ලෝක අවධානය දිනාගනිමින් මෙම අධිශීතකරණ ක්‍රියාවලියට ලක්වූ තැනැත්තියක වන්නේ බ්‍රිතාන්‍ය ජාතික 14 හැවිරිදි දැරියක්. ඇයගේ මෙන්ම ඇගේ දෙමාපියන්ගේ නම් ගම් පවා හෙළිකිරීම අධිකරණය විසින් තහනම් කර තිබෙනවා.

පිළිකා රෝගයෙන් පෙලෙමින් සිටි ඇය අන්තර්ජාලය හරහා මෙම CRYOGENICS තාක්ෂණය පිළිබදව දැනුවත්ව ඒ සදහා ඉල්ලුම් කර තිබෙනවා. කෙසේ වුවත් ඇය වයස අවුරුදු 18 ට අඩු තනැත්තියක වීම නිසා ඊට ඇගේ දෙමාපියන්ගේ කැමැත්ත අවශ්‍ය වනවා. මවගේ කැමැත්ත ඒ සදහා ලැබුණද නීතියෙන් වෙන්ව සිටි පියාගේ අවසරය ඒ සදහා ලැබෙන්නේ නෑ. ඔහු පැවැසුවේ නැවත වසර ගණනාවකට පසුව ඇය උපත ලැබුවහොත් ඇය දන්න හදුනන කිසිවෙකුත් නොමැති ලොවක මෙම 14 හැවිරිදි දැරිය තනිවනු ඇති බවටයි.

මේ හේතුවෙන් තම අභිලාශිය වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීමට ඇයට සිදුවෙනවා. අධිකරණයට යාමට පවා නොහැකි තත්වයක සිටි ඇය විනිසුරුවරයා වෙත සංවේදී ලිපියක් ලියා යවනවා.

“මට ජීවත් වීමට අවශ්‍යයි. මා මිය ගිය පසු පොළොව තුළ වැළලීමට මා අකැමැතියි. මෙම අධිශීතකරණ සංරක්ෂණ ක්‍රමය තුළින් මට නැවතත් ජීවත් වීමට ඉඩක් තිබෙනවා. එවිට වසර සිය ගණනක් ගත වී හෝ පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගතහොත් මා නැවත ජීවත් වෙමි” යනුවෙන්.

ඇය බැලීමට රෝහල වෙතට යන විනිසුරුවරයා ඇය සිටිනා තත්වය දැක ඇගේ ඉල්ලීමට අනුමැතිය ලබා දෙනවා. ඉන් දින 10 කට පසුව ඇය මිය ගියත් CRYOGENICS තාක්ෂණය මගින් සංරක්ෂණය වූ 143 වැන්නා බවට පත්වීමට ඇයට හැකි වනවා. ඒ MICHIGAN හි පිහිටි CRYONICS INSTITUTE හිදී.

CRYONICS-PRESERVATION ක්‍රමය සිදු කරන්නේ කොහොමද?

  1. මෙහිදී මිය ගිය පුද්ගලයාගේ සිරුරේ රුධිරය ඉවත් කර රසායනික දියරයක් ඇතුලු කරනවා. එසේ කරනුයේ ශරීර අවයව මිය යාම වළක්වා ගැනීමටයි.
  2. පසුව අයිස් බහාලුමක යොදන ලද සිරුර සංරක්ෂණ මධ්‍යස්ථානය වෙත ගෙන යනවා.
  3. එහිදී ශරීරය ද්‍රව නයිට්‍රජන් අඩංගු කුටියක යටිකුරුව තැන්පත් කරනවා.
  4. මෙහි දී භාවිතා කරනුයේ සෙල්සියස් අංශක -146 ක් තරම් වූ අවම උෂ්ණත්ව අගයක්.
  5. මෙමගින් ශරීරය වසර සිය ගණනක් වුවත් පවත්වා ගත හැකිවන බවයි විද්‍යඥයින් පවසන්නේ.
Image: cryonics.org

මේ වන විට පුද්ගලයින් 145 දෙනෙකුගේ සිරුරු මෙලෙස සංරක්ෂණය වෙමින් පවතින අතර ඇමෙරිකානු ජාතික ප්‍රකට බේස්බෝල් ශූරයෙකු වූ ටෙඩ් විලියම්ස් ගේ සිරුරද ඒ අතර වනවා. වාර්තා වන අන්දමට සුප්‍රකට නිවේදක Larry King, X-Factor ප්‍රධානී Simon Cowell මෙන්ම ගායන ශිල්පිණී Britney Spears ද තම සිරුරු මෙලෙස සංරක්ෂණය කිරීමට කැමැත්ත ලබා දී තිබෙනවා.

Image: cnn.com
Image: express.co.uk
Image: inquisitr.com

කෙසේ වුවත් අද වන තෙක් මෙලෙස සංරක්ෂණය වූ අයෙකුගේ අවදි වීමක් නම් වාර්තා වී නැහැ.

ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් අපට කියන්න අමතක කරන්න එපා.

තවත් ලිපියකින් හමුවෙමු.

තොරතුරු මූලාශ්‍ර : අන්තර්ජාලය ඇසුරෙන්
මුතුහර සගරාව (8 කලාපය)

Cover Image: www.bbc.co.uk


Like it? Share with your friends!

285 SHARES
285 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
4
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
2
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අමරණීය වීමේ පළමු අදියර – මරණින් පසුත් සුරැකෙන ජීවිත

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes