ISBN අංකය ගැන ඔබ දැනුවත්ද?


දැකල තියෙනවද පොතක පසු කවරයේ දකුණු පැත්තෙ පහළ සහ ඇතුලත පළමු පිටුවේ පසුපස තියෙන කුඩා ඉරි කෑලි පේළිය සහ අංක ටික. මෙන්න මේකට තමයි ISBN අංකය කියන්නෙ.

Image: MorrisPublishing

පොත් ප්‍රකාශන සමාගම් තමන්ගෙ ප්‍රකාශන එකිනෙක වෙන්කර හඳුනාගැනීමේ පහසුව සඳහා තමයි මේ අංක ක්‍රමය භාවිතයට ගත්තෙ.

හැබැයි මේකට කිසිම ප්‍රමිතියක් තිබුනෙ නෑ. ආයතනයෙන් ආයතනයට මේක වෙනස්.

Image: pexels.com

පරිගණක භාවිතයට පිවිසීමත් සමඟ පොත් ප්‍රකාශන සමාගම්වල කටයුතු පහසුවෙන්න ගත්ත. එතෙන්දි පොතක් හඳුන්වාදෙනකොට පොදු ජාත්‍යන්තර අංකයක අවශ්‍යතාවය මතුවෙනව. මේ අවස්ථාවෙදි ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය විසින් ලෝකයේ විවිධ රටවල පොත් ප්‍රකාශන ආයතන භාවිතාකරන අංක ක්‍රම ඇසුරෙන් පොදු අන්තර්ජාතික අංක ක්‍රමය නිර්මාණය කරනව.

ඒ වගේම අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ ආයතනය මෙහි මූලස්ථානය බවටත් පත් වෙනව. ISBN (International Standard Book Number)  අංක ක්‍රමය මේ වනවිට ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ක්‍රියාත්මක වෙනව.

ලංකාව මේකට සම්බන්ධ වෙන්නෙ 1986 දි ජාතික පුස්තකාලය හරහා.

ISBN අංකය මගින් ඕනෑම ප්‍රකාශන ආයතනයක ග්‍රන්ථයක් හෝ එහි සංස්කරණයක් පහසුවෙන් හඳුනාගත හැකියි. ISBN අංකය කොටස් හතරකට බෙදෙනව. 

1. කලාපීය අංකය
2. ප්‍රකාශන අංකය
3. ග්‍රන්ථ නාම අංකය
4. පරීක්ෂක අංකය

මේ කොටස් හතරම එකතුවුනහම තමයි ISBN අංකය හැදෙන්නෙ. යම්කිසි රටක පොත් ප්‍රකාශනය කරන ප්‍රමාණය, ප්‍රකාශනය කිරීමට ඇති හැකියාව මත කලාපීය අංකය තීරණය වෙනව.

උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය තුළ පොත් ප්‍රකාශනය කිරීම වැඩි නිසා ඔවුන්ගෙ කලාපීය අංකය තනි අංකයක්. නමුත් බ්‍රසීලය වගේ රටක භාවිතාවන කලාපීය අංකය අංක දෙකකින් යුක්තයි. අපේ රටේ භාවිතාවෙන්නෙ 955 අංකය. සිංගප්පූරුව වගේ රටක අංක හතරක් මේ සඳහා පවතිනව.

Image: pexels.com

ප්‍රකාශන ආයතනය අනුවත් මෙම අංකයෙන් කොටසක් වෙන් වෙනව. ලංකාවෙනම් කතෘ ප්‍රකාශන සඳහා 95000 – 99999 දක්වා අංක නිකුත් කිරීමක් ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් සිදුකරනව. ඒ අනුව මුල්ම ISBN අංකය ලබාගෙන තියෙන්නෙ රෝලන්ඩ් අබේපාල මහතා. ඇතැම් කතෘ ප්‍රකාශකයින් අංක කිහිපයක් යටතේ ලියාපදිංචි වී සිටිනව ප්‍රකාශනයට පත්කළ ග්‍රන්ථ සංඛ්‍යාව මත. සරත් විජේසූරිය මහතා එවැනි ලේඛකයෙක්. 

ලංකාවෙ මුලින්ම ISBN අංකය ලබාගත්තු ප්‍රකාශන ආයතනය ගොඩගේ ආයතනයයි. ඊළඟට M. D. ගුණසේන

අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකයක් (ISBN) ලබාගැනීමට යොමූකලයුතු අයදුම්පතේ පිටපතක්  මේ ලින්ක් එක හරහා ඔබට ලබා ගන්න පුලුවන්.

ISBN අංකය මුලින්ම භාවිතා කළේ පොත්වලට උනත් පොත්වලට අමතරව අත් පත්‍රිකා, වීඩියෝ පට ආදියටත් මෙය භාවිතාවෙනව.

මුලාශ්‍ර පොතපත ඇසුරෙන්.


Like it? Share with your friends!

601 SHARES
601 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
1
Lol
OMG OMG
8
OMG
Thanks Thanks
5
Thanks
Cry Cry
1
Cry
Like Like
9
Like
Confused Confused
1
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
5
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ISBN අංකය ගැන ඔබ දැනුවත්ද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes