වෙස්ට් වර්ල්ඩ් රූපවාහිනී කතාමාලාව සහ මානවරූපී රොබෝවරු


මේ දවස්වල HBO නාලිකාවෙ හිට් එක වෙලා තියෙන්නෙ Westworld කතා මාලාව. දැනටම කොටස් අටක්ම අවසන්වෙලා තියෙන මේ කතාමාලාව දැවැන්ත හිට් එකක් වෙලා ඉවරයි. ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් උපරිමයි.

HBO වෙනුවෙන් මේ කතාව නිර්මාණය කරන්නෙ Memento, The Dark Knight, The Prestige, Interstellar වැනි සුපිරි සිනමාපටවල සහය රචකයා මෙන්ම එම සිනමාපට නිර්මාණය කළ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ සොහොයුරාද වන ජොනතන් නෝලන් සහ ලීසා ජෝයි විසින්.

මේ කතාව මෙච්චරටම නැගලයන්න හේතුවුනු ප්‍රධාන කරුණු තුනෙන් එකක් තමයි මේ නිර්මාණකරුවන්. එතකොට මොනවද අනිත් දෙක?

veq8oz1
Image: screencrush.com

දෙවෙනි හේතුව තමයි ශ්‍රීමත් ඇන්තනි හොප්කින්ස් සහ එඩ් හැරිස් කියන සම්මානනීය රංගන ශිල්පීන් දෙදෙනාගේ දායකත්වය. මේ දෙන්න හැර ජේම්ස් මාස්ඩන්, එවන් රේචල් වුඩ්, තන්ඩී නිව්ටන්, ක්ලිෆ්ටන් කොලින්ස්, ලූක් හෙම්ස්වර්ත්, රොද්‍රිගො සැන්ටෝරෝ, ජෙෆ්රි ව්‍රයිට් වැනි හොඳ නළු නිළි කැළක් මේ සඳහා දායක වී තිබෙනව. ඇන්තනි හොප්කින්ස්ගෙ රඟපෑම් ගැනනම් කියල වැඩක් නෑ.

westworld-extra
Image: hbo.com
102westworldjp1-master675
Image: collider.com

අනිත් කාරනේ තමයි මේ කතාවෙ තියෙන කන්සෙප්ට් එක. ඇමෙරිකාවෙ පැරණි බටහිර ලෙස හඳුන්වන සමාජ පරිසරය නූතන විද්‍යා ප්‍රබන්ධයක් සමඟ මිශ්‍ර කිරීමෙන් තමයි මේ කතාව ගොඩනගල තියෙන්නෙ. මේක අනාගතයේ සිද්ධවෙන කතාවක්. එක්තරා සමාගමක් විසින් මුදල් ගෙවා විනෝද විය හැකි උද්‍යානයක් ගොඩනඟනව. ඒ තුළ ප්‍රතිනිර්මාණය කරන්නෙ පැරණි බටහිර. කව් බෝයිස්ල, වෙඩික්කරුවන්, ගණිකාවන්, මංකොල්ලකරුවන්, සූදු ක්‍රීඩාකරන්නන්, රතු ඉන්දියානුවන්, නීතිය රකින්නන්, ගිනි අවි, කාන්තාර, තැබෑරුම්, කුඩා නගර, දුම්රිය මාර්ගවලින් පිරුණු පැරණි බටහිර.

westworld-hbo
Image: hbo.com
westworld-s1
Image: hbo.com
westworld hosres
Image: popsugar.com

එහි සියලුම චරිත රඟදක්වන්නෙ මානවරූපී රොබෝවරුන් විසින්. ඉතාමත්ම දියුණු කෘතිම බුද්ධියක් සහිත මෙම රොබෝවන්ව මෙහෙයවන්නෙ ඉහත කී සමාගමේ වෘතිකයන් විසින්. මුදල් ගෙවීමෙන් පසු සාමාන්‍ය ජනයාට මෙම බටහිර උද්‍යානය හා එක්විය හැකි අතර ඔවුන්ට අවශ්‍යය ආකාරයට මේ පරිසරය තුළ ක්‍රියා කළ හැකියි. බොහෝ අවස්ථාවල මේක ඇතුලෙ සිද්ධවෙන මිනිස් ක්‍රියාකාරකම් ඉතාම ම්ලේච්ඡයි. මේ තත්ත්වය තුළ රොබෝවරුන්ගේ පාලනය සමාගම අතින් ගිලිහී යයිද? ඔවුන් තවදුරටත් රූකඩ නළුවන් පමණක්ම වෙයිද?

westworld-robos
Image: forbes.com

ඔන්න ඔය වගේ අමුතුම සිද්ධිමාලාවක් එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. ඇත්තටම මේ කතාවෙ මූල බීජය 1973 තරම් ඈතකට යනව. 1973 දි තිරගතවුනු Westworld සිනමාපටය ආශ්‍රයෙන් තමයි මේ කතා මාලාව හැදෙන්නෙ.

මොකක්ද මේ Westworld (1973) ?

1358081935_kxztaiom_ec9db4ec8389eca780eb8c80_westworld-1973

මේක වෙස්ටර්න් ෆිල්ම් එකක්, විද්‍යා ප්‍රබන්ධයක් වගේම හොඳ ත්‍රිලර් එකක්. උඩින් කියල තියෙන කතාවෙ ආරම්භය තමයි මේ ෆිල්ම් එක. ඒ වගේම තමයි නූතන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට කලාවේ ආරම්භක චිත්‍රපට කිහිපය අතරට මේකත් එකතුවෙනව. ඒ වගේම තමයි මානවරූපී රොබෝවරු ගැන තේමාකරගත් මුල්ම සිනමා නිර්මාණවලින් එකක්. යුල් බ්‍රිනර්, රිචඩ් බෙන්ජමින්, සහ ජේම්ස් බ්‍රෝලින් රංගනයෙන් දායක වූ මේ ෆිල්ම් එක මයිකල් ක්‍රයිට්න් ගෙ අධ්‍යක්ෂණයක්.

මානවරූපී රොබෝවරු.

robotics-training
Image: gaming.youtube.com

රොබෝල කියන්නෙ මානව ශිශ්ටාචාරයේ තවත් ඉදිරි පිම්මක්. මිනිස්සු තමන්ගෙ වැඩ තවත් කෙනෙක්ට කියල කරවගන්න හරි කැමතියිනෙ. මෙන්න මේ පරමාර්ථයෙන් තමයි රොබෝවරු නිර්මාණය කරන්න පෙළඹෙන්නෙ. නමුත් පසුකාලීනව එතෙනින් එහාට ගිය පරමාර්ථ උදෙසාත් රොබෝවරු නිර්මාණය වෙනව. ඇත්තටම මේ ස්වයංක්‍රීය රොබෝලගෙ සංකල්පය අද ඊයෙ පහළ වූ දෙයක් නෙමෙයි. ග්‍රීක මහා කවියා හෝමර් පවා ස්වයං ක්‍රියාකාරිත්වය ගැන සඳහන් කරල තියෙනව. ඉන්පසු ලෝකයේ විවිධ විද්වතුන් අතින් මෙම සංකල්පය පිළිබඳව මූලික අදහස් ඉදිරිපත් වෙනව.

1495 දි ලියනාඩෝ ඩාවින්චි විසින් මානවරූපී රොබෝවෙකුගේ සැලැස්මක් සකස් කරනව. පසුකාලීනව මෙම සැලැස්ම ආශ්‍රයෙන් නයිට්වරයෙකුට සමාන රොබෝවෙක් නිර්මාණය කරන්නෙ එම සැලැස්ම කොතරම් දුරට සාර්ථකද යන්න බැලීමට.

davinci robo sketches
Image: commons.wikimedia.org

ජාක් ඩි වාකින්සන්ගේ බටනලා වාදනය කරන රොබෝ නිර්මාණය වෙන්නෙ 1738 දි.
චෙක් සහ පෝලන්ත භාෂාවලින් කම්කරුවා යන අර්ථය ලබා දෙන රොබෝ යන යෙදුම මුල්වරට භාවිතා වෙන්නෙ 1921 දි. චෙක් ජාතික ඒ කරල් චපෙක් විසින්.
මානවරූපී රොබෝවන් පිළිබඳව තේමා වූ සුප්‍රකට “මෙට්රොපොලිස්” සිනමාපටය ෆ්‍රිට්ස් ලෑන්ග් විසින් නිර්මාණය කරන්නෙ 1927 දි.

1942 දි අයිසැක් ඇසිමෝ විසින් රොබෝවන් සඳහා නීති තුනක් හඳුන්වාදීම.
1948 දි නෝබට් වීනර් ප්‍රායෝගික රොබෝ ක්‍රියාකාරිත්වයන් සඳහා පදනම සකස් කිරීම.

ලොව පළමු ඩිජිටල් ක්‍රියාකාරිත්වයෙන් යුත් රොබෝ යන්ත්‍රය නිර්මාණය කරන්නෙ 1961 දි. ඒ ජෙනරල් මෝටර්ස් සමාගම විසින්.

Robotics
Image: pacetoday.com.au

1973 දී ජපානයේ වසේඩා විශ්ව විද්‍යාලය මගින් ඇවිදීමේ සහ සන්නිවේදනයේ යෙදිය හැකි Wabot-1 නිර්මාණය කරයි.

Robo
Image: scienceworld.com

එතැන් සිට වර්තමානය දක්වා රොබෝ තාක්ෂණය ඉතාමත් වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙනව. අනාගත ලෝකය තුළ කෘතිම බුද්ධියක් සහිත මානවරූපී රොබෝවන්ගෙන් පිරුණු Westworld සංකල්පය හුදු ප්‍රබන්ධයක් නොවන තැනටම පත්වෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නෙ.


Like it? Share with your friends!

1.4k SHARES
1.4k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වෙස්ට් වර්ල්ඩ් රූපවාහිනී කතාමාලාව සහ මානවරූපී රොබෝවරු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes