web analytics

කෙට්ටු වෙන්න ඕන නම් ඇවිදින්න


?මහත අයට, කෙට්ටු අයට හොඳම ව්‍යායාමයක් තමයි මේ ඇවිදිම කියන්නේ. ව්‍යායාම කරන්න, නීරෝගිව ඉන්න දැන් ජිම් එකටම යන්න ඕන නැහැ. කාලයත්, වියදමත් ඉතුරු කර ගන්න හොඳම විසඳුම තමයි තමන්ගේම කකුල් දෙක. පැරැන්නෝ ඇවිද්ද පය දහස් වටී කියලා කිව්වේ කට කහනවට නෙමෙයි නේහ්. ඇවිදිම මගින් නීරෝගී ජිවිතයක් ගෙවන විදිය ගැන තමයි අද ලිපියෙන් කියන්න යන්නේ.

?ඇවිදීම ආරම්භයේදීම විශ්වකර්ම ප්‍රතිඵල ලබා ගන්න බැහැ. ව්‍යායාම කිරීමේදීත් ඒ වෙනුවෙන් වූ ආරක්‌ෂිත පිළිවෙතක්‌ තිබෙනවා. මෙහිදී ඇවිදීම වැනි ව්‍යායාම මගින් ඔබට කිසිදු අතුරු ආන්තරාවක්‌ ඇති වෙන්නේ නැහැ.

?ඇවිදීමේදී ඒ වෙනුවෙන් පැතැලි අඩිය සහිත සැහැල්ලු පාවහන් යුගලක්‌ පාවිච්චි කිරීම වැදගත් වෙනවා. එවිට මාංශපේශි වේදනාවෙන් නිදහස්‌ වෙනවා. ඇවිදීම සෙමෙන් පටන් ගත යුතු අතර ඇවිදීම සිරුර උණුසුම් වගේම සිරුර සිහිල් කිරීමේ ව්‍යායාම වෙනුවෙන් යොදා ගන්නත් හැකියාව තිබෙනවා. ඇවිදින විට ඔබ අද දවසට ගමන් කළ දුර සහ ඒ වෙනුවෙන් ගත වුණ කාලය සටහන් කර තබන්න. මහන්සි ගතියක්‌ දැනුණේ නම් එයද සටහන් කරන්න. සතියක්‌ දෙකක්‌ ගෙවෙන විට ඔබ ලබා ඇති ප්‍රගතිය හෝ ගැටලු පිළිබඳව අදහසක්‌ ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙනවා.

?මොළයට රුධිරය සපයන නාළ අවහිර වීම නිසා ඇතිවෙන ආඝාත තත්ත්වයෙන් නිදහස්‌ වීමටත් ඇවිදීම ඉතා හොඳ ව්‍යායාමයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශයේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ සතියකට පැය හයක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ ඇවිදීමේ යෙදුණ උදවියගේ ආඝාතය වැළඳීමේ අවදානම 40% කින් පහළ ගිය බවයි.

?ස්‌ථුලතාව හෙවත් තරබාරුවට තිබෙන එකම ඖෂධය ආහාර පාලනය කර ගැනීම යන සිද්ධාන්තයට වඩා ඇවිදීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙනවා. දිනකට අවම වශයෙන් පැය භාගයක්‌වත් ඇවිදින්නේ නම් ඔබේ සිරුරෙන් කිලෝ ජූල් 1000 ක ශක්‌ති ප්‍රමාණයක්‌ දහනය කර ගැනීමේ හැකියාව තිබෙනවා. දියවැඩියා රෝගයෙන් ආරක්‌ෂාව ලැබීමේ වාසනාවත් අයිති වෙනවා.

?ඇවිදීම නිසා කාන්තාවන් පිළිකා රෝග තත්ත්වයෙන් ආරක්‌ෂාව ලබන බව ඇමරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රය අවසාන වීමත් සමගම විවිධාකාර කායික හා මානසික අපහසුතාවන් ඇති වෙනවා. ඒ වගේම මේ කාලය තුළ පිළිකා රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවත් ඉහළයි. නමුත් ඇවිදීම මගින් මේ තත්ත්වය මඟහරවා ගන්න හැකියාවක්‌ තිබෙනවා.

?ඇට්‌ලන්ටාහි ජෝර්ජියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අල්පා පටෙල් මගින් සිදු කරන ලද මෙම අධ්‍යයනයට ආර්තවහරණයට පත් කාන්තාවන් 73,000 ක්‌ සම්බන්ධ කර ගත්තා. මෙම පිරිස වයස අවුරුදු 50 සිට 75 අතර වයස පරාසයේ සිටි පිරිසක්‌ වුණා. වසර දහහතක්‌ මුළුල්ලේ මෙම අධ්‍යයනය සිදු කරනු ලැබුවා. මෙම අධ්‍යයනයේ මුල් අදියර 1992 සිට 1993 කාලයේදී පටන් ගෙන තෝරා ගත් පිරිසට ප්‍රශ්නාවලියක්‌ ලබා දුන්නා. එහිදී ඔවුන්ගේ සාමාන්‍ය ගති පුරුදු පිළිබඳව විමසීමක්‌ කළා. ඔවුන්ගේ පුරුදු අතර පිහිනීම රූපවාහිනි නැරඹීම වැනි තොරතුරු ඇතුළත් වුණා. ඒ සමගම මේ පිරිසට සතියකට පැය හතක්‌ ඇවිදීමේ යෙදෙන ලෙස උපදෙස්‌ ලබා දුන්නා.

?මේ ඇවිදීමේ පුරුද්ද සමග නැවතත් 1997 සිට 2009 අතර කාලයේදී ප්‍රශ්නාවලියක්‌ ලබා දුන්නා. සතියකට පැය තුනක්‌ ඇවිදීමේ යෙදුණ කාන්තාවන්ට වඩා පැය හතක්‌ ඇවිදීමේ යෙදුණ කාන්තාවන්ට පිළිsකා රෝගයට ගොදුරුවීමේ අවදානම 14% කින් අඩු වී තිබුණා. දිගු කාලයක්‌ ව්‍යායාම්වල නිරත වෙනවාට වඩා ඇවිදීම මගින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව අධ්‍යයනයේ ප්‍රධානි අල්පා පටෙල් පෙන්වා දෙනවා.

?ඇවිදීම නිසා ඔස්‌ටියෝපොරෝසිස්‌ රෝග තත්ත්වයෙන් නිදහස්‌ වීමේ හැකියාව ඔබට ලැබෙනවා. අද මිලියන ගණනක්‌ මේ රෝග තත්ත්වයෙන් පීඩා විඳිනවා. දණහිසට සම්බන්ධ අස්‌ථි ගෙවීයැම වගේම ඉරියැම නිසා ඇති වෙන වේදනාකාරී තත්ත්වයට ඇවිදීමෙන් පහසුවක්‌ ලැබෙන බව දැන් හඳුනාගෙන තිබෙනවා.

?මානසික අවපීඩනයට පත්ව සිටින පුද්ගලයන්ට ඇවිදීම මගින් ගොඩනැඟෙන සැහැල්ලු මානසිකත්වය නිසා ජීවිතයට අලුත් ගොඩනැඟීමක්‌ ලබා දෙන්නට තරම් ඇවිදීමේ ශක්‌තිය ප්‍රබලයි.


Like it? Share with your friends!

12 SHARES
12 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කෙට්ටු වෙන්න ඕන නම් ඇවිදින්න

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes