ලොවෙන් සැඟවුණු ජාතියක් – වයිකිංවරු


නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් කියන නෝර්වීජියන් අර්ධද්වීපයේ වැසියන් හඳුන්වනු ලැබුවෙ නෝර්ස්වරු හෙවත් පියොඩ්වරු නමින්. ඔවුන්ගේ සමුද්‍රාසන්න ගම්මාන පියොඩ් නමින් හඳුන්වන මුහුදු තුඩුවලින් ආරක්ෂා වී පැවතීම නිසා බැලූ බැල්මට කිසිවෙක්ට පේන්නෙ නැහැ.

Image: 500nordics.co

මෙන්න මේ ගම්මානවල පැවතුනු මෙම භූ විෂමතා ලක්ෂණ නිසා ඔවුන්ට වයිකිං යන නාමය පටබැඳෙනව. වයිකිංවරු කියන්නෙ ශක්තිමත් ශරීරවලට හිමිකම් කියපු හයේ හතරෙ මිනිස්සු. ඒ වගේම රණකාමී නාවිකයො.

Image: vcpost.com

තමන්ගෙ ගම්මාන ස්වභාවිකව සැඟවෙලා තිබුන උනත් මේ මිනිස්සු බියසුලු ජාතියක් නෙමෙයි. කොටින්ම කිව්වොත් මෙයාල ප්‍රධාන වශයෙන් මුහුදු කොල්ලකාරයො. ධීවර ගම්මාන කොල්ලකෑම, ස්ත්‍රීන් පැහැරගැනීම, මිනීමැරීම මෙයාලට අමුතු දේවල් නෙමෙයි. කොල්ලකෑම්වලටම හරියන ශක්තිමත් විශාල රුවල් නැව් වගේම වේගවත් කුඩා ඔරු මොවුන් විසින් නිර්මාණය කරගෙන තිබුන.

Image: nerdtrek.com

මොවුන්ගේ මිනීමරු කොල්ලකෑම් නෝර්වීජියන් අර්ධද්වීපයට පමණක් සීමාවුනේ නැහැ. එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය වගේම බෝල්ටික් මුහුද හරහා රුසියාව දක්වාත් මොවුන් ගමන් කළා. ඒ වගේම ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට වසර ගණනාවකට පෙර අත්ලන්තික් සාගරය තරණය කළෙත් වයිකිංවරු. උතුරු ඇමෙරිකාවට මුලින්ම පය තිබ්බෙ විදේශීය ජාතිය වයිකිංවරු බවටත් විශ්වාස කරනව.

Image: history.com

වයිකිංවරු තමන් අල්ලගත්තු ප්‍රදේශ කොල්ලකාල නිකන් හිටියෙ නැහැ. ඒ ප්‍රදේශවල ඔවුන් ජනාවාස පිහිටෙව්ව. රුසියාවෙ ස්වීඩ්න් ජනාවාසත්, නෙදර්ලන්තයේ නෝර්වේ ගම්මානත් බිහිවෙන්නෙ ඒ අනුව. මේ අතරින් පිරිසක් කොන්ස්තන්තිනෝපලය දක්වාම ගමන් කරන අතර තවත් පිරිසක් මධ්‍යධරණිය තරණය කොට ප්‍රංශය ආක්‍රමණය කිරීම නිසා ප්‍රංශ රජුට සිදුවෙනව නෝමැන්ඩිය ඔවුන්ට ලබාදෙන්නට.

නෝර්ස්වරු විශාල ප්‍රමාණයක් එංගලන්තය තුළ ජීවත්වීම ආරම්භ කළත් ඔවුන්ට සම්පූර්ණයෙන් එංගලන්තය යටත් කරගන්න ලැබෙන්නෙ නෑ. හැබැයි මහා ඇල්ෆ්‍රඩ් රජුට සිද්ධවෙනව එංගන්තයෙන් බිම් කොටසක් ඔවුන්ට ලබා දෙන්න. එහෙත් වසර ගණනාවකට පස්සෙ නැවතත් එංගලන්තය ආක්‍රමණය කරන නෝර්මන්වරු එංගලන්තය අල්ල ගන්නව. රජ බවට පත්වෙන්නෙ නෝමැන්ඩියේ ආදිපාදවරයා වූ විලියම්.

Image: angelfire.com

වයිකිංවරුන්ගෙන් කොටසක් මේ විදිහට කැඩිල ගිහින් යුරෝපය තුළ මිශ්‍රවෙලා යද්දි අනිත් පිරිස තමන්ගෙ සමුද්‍ර ජීවිතය එලෙසම පවත්වගෙන යනව. ඔවුන් අත්ලාන්තික් සාගරය හරහා උතුරට ගමන්කොට අයිස්ලන්තය ජනාවාස කරනව. තවත් පිරිසක් ග්‍රීන්ලන්තය තුළ ජනවාස පිහිටුවනව.

Image: lonelyplanet.com

මේ ආකාරයට ජනාවාස පිහිටුවාගෙන තැන්පත්වීමත් සමඟ ඔවුන්ගේ රණකාමී මුහුදු ජීවිතය ක්‍රමයෙන් අභාවයට ගොස් ඒ දේවල් පුරාවෘත්තවලට පමණක් සීමා වෙනව. සංක්‍රමණික ජීවන රටාව වෙනුවට ඔවුන් ස්ථිර වාසස්ථන තුළ ගතකරන ජීවිතවලට හුරුවෙනව. හැමෝම අහල තියෙනවනෙ ප්‍රකට කොමික් බුක් චරිතයක්වන තෝර් ගැන. ඇත්තටම මේක වයිකිං පුරාවෘත්තයක්. තෝර්, ඔඩින්, ලොකී කියන්නෙ ඔවුන්ගෙ දෙවිවරු. කාලයත් එක්කම ඒ දේව සංකල්ප ඔවුන්ගෙන් ගිලිහෙමින් ගොස් ඔවුන් ක්‍රිස්තියානිකරණයට ලක්වෙනව.

Image: comicvine.com

ඔන්න ඔය විදිහට යුරෝපයේ ඔරිජිනල් මුහුදු කොල්ලකාරයො පුරාවෘතවලට පමණක් සීමාවෙලා ලෝකයෙන් සැඟවෙනව.

Cover Image: northmen-themovie.com

 

මුලාශ්‍ර පොතපත ඇසුරෙන්.


Like it? Share with your friends!

1.5k SHARES
1.5k SHARES

What's Your Reaction?

Cute Cute
27
Cute
Lol Lol
30
Lol
OMG OMG
57
OMG
Thanks Thanks
41
Thanks
Cry Cry
15
Cry
Like Like
51
Like
Confused Confused
11
Confused
Dislike Dislike
12
Dislike
Damn Damn
28
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලොවෙන් සැඟවුණු ජාතියක් – වයිකිංවරු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes