ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අපූරු පුරුදු


ලොව සුපතල පුද්ගලයන් වටා ඇති ජනප්‍රවාද ගැන වරින් වර ඔබට තොරතුරු ගෙන ඒමට අප සූදානම්. අද කියන්නට යන්නේ එවන් පුද්ගලයින් කිහිප දෙනෙකු සතුව පැවැති අපූරු පුරුදු ගැන තොරතුරු ටිකක්.

⁣10. චාර්ල්ස් ඩිකන්ස්

Image: guarddoubtmenreo.kaun.com

කවුරුත් දන්නා ⁣ලේඛක චාර්ල්ස් ඩිකන්ස් සිය නිර්මාණශීලි බව වැඩි කරගැනීමට අපූරු උපක්‍රමයක් අනුගමනය කළා. ඒ සෑම රචනයකදීම මෙන්ම නිදා ගැනීමේදීද හිස උතුරට මුහුණලා තබා ගැනීම. මේ සදහා සෑම විටකම ඔහු සතුව මාලිමාවක් පැවැති බවයි පැවැසෙන්නේ.

09. තෝමස් වුල්ෆි

Image: simonandschuster.com

ප්‍රකට ගත් කතුවර තෝමස් වුල්ෆිට ති⁣බුණේත් පුදුමාකාර පුරුද්දක්. ඒ තමයි ඔහුගේ සියලුම රචනාවන් සිටගෙන සිදු කිරීම. එමගින් සිය නිර්මාණශීලීත්වය වැඩිවන බවයි ඔහු පැවැසුවේ. අත්හදා බලනවනම් ඔන්න වැඩේ.

08. මාරියා කේරි

Image: celebdonut.com

මැය ප්‍රසිද්ධ ගායිකාවක්. ඇයගේ පුරුද්ද ගැන කෙටියෙන් පවසතොත්, ” නිදා ගැනීම කලාවක් නම්, මාරියා කේරි එහි පිකාසෝ වේ”. මැය නින්දට දක්වා ඇත්තේ එතරම්ම ඇල්මක්. දවසේ පැය 24 න් පැය 15 ක්ම නිදා ගැනීමට ඇය හුරුව සිටියා. ඉතිරි පැය 9 ඇතුළත ඇගේ වෘත්තීමය වැඩ කටයුතු කොහොම කරගත්තද කියලත් හිතෙනව නේද?

07. ලියනාඩෝ ඩාවින්චි

Image: dkfindout.com

ලෝ සුපතල චිත්‍ර ශිල්පීයෙකු වන ඩාවින්චිට තිබුණේ නම් මාරියා කේරීට වඩා හාත්පසින්ම වෙනස් පුරුද්දක්. ඔහු නින්ද සදහා වැය කළේ දිනකට පැය 3 ක් පමණයි. ඒද, සෑම වැඩ කරන පැය 4 කට ම වරක් විනාඩි 20-30 ක නින්දක් වශයෙනි.

පුදුමයි නේද?

06. වින්ස්ටන් චර්චිල්

Image: itv.com

බ්‍රිතාන්‍ය අගමැති වරයෙකුව සිටි චර්චිල්ට තිබුණේ සිනහ උපදවන සුලු පුරුද්දක්. ඒ තමයි, සිය කථන හැකියාව පවත්වා ගැනීම සදහා සෑම විවාද අවස්ථාවකදීම සිය කබයේ බොත්තමක් කරකැවීම. වරක් උද්වේගකර කතාවක් අතරතුර සිය කබායේ බොත්තම ගැලැවී අතට ආ අතර එනිසාම සිය කතාව නවතා අසුන් ගැනීමට ඔහු තීරණය ක⁣ළා.

05. නැපොලියන් බොනපාට්

Image: studyblue.com

ප්‍රංශ ජාතික නැපොලියන් බොනපාට් හට වැල්මී කැබැල්ලක් නැතුවම බැරි විය. වැල්මී කැබැල්ලක් සපා නොකා ඔහු කිසි දිනක සිය හමුදා මෙහෙයවා නැති බවයි පැවැසෙන්නේ. කොතරම් එඩිතර යුද්ධ නිළදරයකු වුවත් නැපොලියන් බොනපාට් බළලුන්ට මහත් බියක් දැක්වූ අයකු බවත් ප්‍රකට කරුණක්.

04. පර්සි ශෛලී

Image: gaensehof-sylt.de

දක්ෂ කවියෙකු වූ පර්සි ශෛලී සිය නිර්මාණ කටයුතු අතරතුර පාන් කෑමට පුරුදුව සිටියා. ඔහු පාන් කමින් කළ සෑම කවියක්ම බොහෝ රසවත් වුණා. වරක් සිය කෘතියක නිර්මාණ කටයුතු අවසන් වන විට ඔහු ආහාරයට ගෙන තිබූ පාන් ප්‍රමාණය රාත්තල් 3 1/2 ක්. ⁣ඒ හේතුවෙන් ඔහුට මාස 1 1/2 ක කාලයක් රෝහල් ගත ව ප්‍රතිකාර ගැනීමට පවා සිදු වෙනවා.

03. විලියම් ශේක්ෂ්පියර්

Image: biography.com

මහා ලේඛක විලියම් ශේක්ෂ්පියර් හට තිබුණේ සුන්දර පුරුද්දක්. දකුණත හුරු ඔහු පාරේ ගමන් කරන විට සිය බස්තමෙන් ඒකාකාරී තාලයකට පොළොවට තට්ටු කිරීමට පුරුදුව සිටියා. එසේ වුවත් ප්‍රසිද්ධ දේශනයකට සහභාගී වන විට බස්තම වමතට ගෙන ශබ්ද නොනගා සිටීමට ඔහු වග බලා ගත්තා.

02. මහත්මා ගාන්ධි

Image: commons.wikimedia.org

අවිහිංසාවේ පියා ලෙස ප්‍රකට මොහන්දාස් කරම්චන්ද් ගාන්ධි නැතහොත් මහත්මා ගාන්ධි තුමන් හටද ඇතැම් පුදුමාකාර පුරුදු තිබුණු බව ඔබ විශ්වාස කරනවද?

පොත් කියවීමේදී සිය කණ්නාඩියේ එක් කොටසක් අතින් වසා ගෙන කියවීමේ පුරුද්දක් එතුමාට තිබුණා. තවද ⁣කුමන තැනක ගියද තම බොරු දත් කුට්ටම ඇද සිටින රෙදි කොනක දවටා ගෙන යාමද ආහාර ගන්නා විට පමණක් එය ප්‍රයෝජනයට ගැනීමද ගාන්ධිතුමන් සතුව පැවැති එතරම් ප්‍රකට නොවූ පුරුද්දකි.

01. සිග්මන් ෆ්රොයිඩ්

Image: nationalvanguard.org

මනෝ විද්‍යාඥයකු වන සිග්මන් ෆ්රොයිඩ් හට දුම් බීමේ අහිතකර පුරුද්දක් තදින්ම පැවැතියා. අවදි වූ මොහොතේ සිට නින්දට යන තෙක්ම නොකඩවා දුම් පානය කිරීමට ඔහු පුරුදුව සිටියා. තම මිතුරන් හා වෛද්‍යවරුන් කොතෙක් අවවාද කළ ද මුඛ පිළිකාවක් වැළද ශල්‍යකර්ම 33 කට ලක් වන තුරුම එම පුරුද්ද අත් හර ගැනීමට ඔහු අසමත් වෙනවා.

මේ වගේ තවත් රසවත් විස්තර ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. ඔයාල දන්න විස්තර තියෙනවනම් ඒවත් අපිට කියන්න.

එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.


Like it? Share with your friends!

420 SHARES
420 SHARES

What's Your Reaction?

Cute Cute
6
Cute
Lol Lol
1
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
6
Thanks
Cry Cry
1
Cry
Like Like
7
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලෝ ප්‍රකට පුද්ගලයන්ගේ අපූරු පුරුදු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes