web analytics

ලංකාවෙ අපිට ආදරණීය වූ කාටූන් චරිත


කොච්චර වයසට ගියත් කාටූන් බලන්න කවුද අකමැති. පොඩි බබාලට විතරක් නෙමෙයි ලොකු බබාලටත් එයාලගෙ පුංචි කාලෙ බලපු කාටූන් තවම හොඳට මතකයි. හැබැයි අපි මේ කියන්න හදන්නෙ කාටූන් ගැනවත්, ඒ කාටූන්වල හිටපු ප්‍රධාන චරිත ගැනවත් නෙමෙයි. කවදාවත් අමතක නොවන තවත් සුන්දර චරිත කිහිපයක් මේ කාටූන්වල හිටිය. ආන්න ඒ කට්ටිය ගැන තමයි මේ කියන්න හදන්නෙ.

10. උක්කුං – වලස් මාමා

“මාමා වලස් මාමා නැන්දා වලස් නැන්දා” මේ තේමා ගීතය ඇහෙනකොට ඒ දවස්වල අපි රූපවාහිනිය ඉස්සරහ. ටයිටස් තොටවත්ත එහෙමත් නැත්නම් ආදරණීය ටයි මාමට පිං සිද්ධවෙනන බඩ අල්ලගෙන හිනාවුණු වැඩසටහනක් තමයි වලස් මාමා. මාමගෙයි නැන්දගෙයි ගුටි කෙළි ඉවරවෙද්දි “පියාණෙනි, උයිය උනාද?” අහගෙන එන ඒ දෙන්නගෙ අපූරු පුත්‍ර රත්නය තමයි උක්කුං. හැබැයි ඉතින් මේ පුත්‍රයත් වලස් මාමටම හරියන ගොයිය.

09. “ඕක හරියන්නෙ නෑ” ලිලිපුට්ටා – ගලිවර්ගේ සුවිසැරිය

glum-gullivers-travels

කාටද මතක ගලිවර්ගේ සුවිසැරිය කාටූන් කතාවෙ හිටපු මෙන්න මේ උන්නැහේව. ඇත්තටම මෙයාට නමක් දීල තිබුනෙ නැහැ. මොන වැඩේ කරන්න ගියත් “ඕක හරියන්නෙ නෑ” කියල තමයි පටන් ගන්නෙ. ඒ හින්දම මෙයාට නමක් ඕනෙත් නෑ. මොකද නම නැතත් ඔය වචන ටික ඇහෙනකොට හැමෝම දන්නව කෙනා කවුද කියල.

08. රතු ඇස්කොට් – ස්කුබි ඩූ

pup-named-scooby-doo-red-herring

මෙයාවනම් හුඟක් අයට මතක ඇති. මෑත ඉතිහාසයේ අතිශය ජනප්‍රිය වූ කාටූන් කතා මාලාවක් තමයි ස්කුබි ඩූ. මේ කතා මාලාවෙ හිටපු යාළුවො කට්ටියගෙ පුංචි කාලෙ කතාවල නිතරම හිටපු චරිතයක් තමයි රතු ඇස්කොට්. මෙයාගෙ හොඳම යාළුවනම් ෆ්‍රෙඩී වෙන්න ඇති. මොකද හැම කෙහෙල්මලටම ෆ්‍රෙඩී සැක කරන්නෙ මේ අසරණයවනෙ.

07. සාජන්ට් මහත්තයා – පිස්සු පූසා

top-cat-officer-dibble

ටයි මාමා අපිට ගෙනත් දුන්නු සුන්දර නිර්මාණ ගොන්නෙ තියෙන තවත් මතකයක් තමයි පිස්සු පූසා කියන්නෙ. පිස්සු පූසයි එයාගෙ දඩබ්බර පූස් ගැන්සියයි හින්ද වැඩියෙන්ම කරදරේ වැටෙන්නෙ මෙන්න මේ සාජන්ට් මහත්තය තමයි. හැබැයි බොහොම නීතිගරුක, ආදර්ශමත් පොලිස් නිලධාරියෙක් විදියට තමයි මෙයා නිතරම කටයුතු කළේ.

06. කෑ කෝ පප්ප – සූර පප්පා

asterix-en-obelix-bard

“මේ ඉන්නෙ කෑ කෝ පප්ප. ආදරේට කියන්නෙ සරිගම කන්න කියල. එයාගෙ සංගීතෙට හැමෝම හොඳින් සලකනව” මෙන්න මේ විදියට තමයි සූර පප්පා කතා මාලාවෙදි මුලින්ම කෑ කෝ පප්පව හඳුන්වල දුන්නෙ. ආයෙ කතා දෙකක් නෑ නියම සරිගම කන්නා. මෙයාගෙ ෆේමස්ම සින්දුව තමයි “ඔය ගැහුවද ගැහුවද ඇයි යන්නේ, අත රිදුනද රිදුනද…. ආව මට ගහන්න”

05. හැළයා සහ සීදේවි – පැංචා

kissyfur-characters-crocodiles-floyd-and-jolene

මේ ආදරණීය අඹුසැමි යුවල වෙන් කරල එක් කෙනෙක් ගැන විතරක් කතා කරන්න නම් කොහොමටවත් බෑ. මේ දෙන්න හිටියෙ සිරස රූපවාහිනියෙන් විකාශනය වූ පැංචා කාටූන් කතා මාලාවෙ. හැබැයි ඉතින් කරපු තරමක් කළේ ගුටි කන වැඩම තමයි දෙන්නම. හැබැයි කොච්චර ගුටි කෑවත්, මොන තරම් රණ්ඩු උනත් මේ දෙන්න හරිම ආදරෙන් හිටපු ජෝඩුවක් කියන එකනම් බොරු නෙමෙයි.

04. ජුන්ඩයිය – කව් ද බෝයි

les-daltons-lucky-luke

“ඒ කාලෙ සිද්දවෙච්ච කතාවක් මේ”. මතකද මේ ඒ කාලෙ කතාව. මේ කතාවෙ හිටපු එපාකරපුම කට්ටිය තමයි අයියල සෙට් එක. මේ කට්ටියගෙ ලොක්ක තමයි ජුන්ඩයිය. මූණෙ හිනාවක් කියල නාමයක් නැති උනාට, හැම තිස්සෙම කේන්තියෙන්ම හිටියට මේ උන්නැහේ කරන වැඩවලටයි, ඇදගෙන නාගන්න ඒවටයි නම් අපිට හිනා යනව.

03. පොඩ්ඩ – දඟයා

joey-mcdonald-dennis-the-menace

“මාගලටුත් ඒම කළානම් අනිත් අය කෝම කළයිද?” පොඩ්ඩගෙ දෙබස්වලින් හොඳට මතක හිටපු දෙබස් ඛණ්ඩයක් තමයි ඔය තියෙන්නෙ. හරියට වචන උච්ඡාරණය කරන්න බැරි මේ කොලු පැංච තමයි කිරාට පස්සෙ දඟයට ඉන්න හොඳම යාළුව. මොනව උනත් “මාගලට් මෙයාත බූත් තිබ්බ එකනම් හලි කැතයි”

02. චව් චව් – දොස්තර හොඳ හිත

doctor-dolittle-cartoon

“තවත් හොඳ නෑමක්… අපි අදත් නානව” ඔන්න ඔය නාන කතාව නිතරම කියපු විහිළුකාරය තමයි චව් චව්. දොස්තර හොඳ හිතගෙ සත්තු එක්ක කතා කරන රහස ගන්න දඟලන දියරකුස්ගෙ කල්ලියෙ දුෂ්ට සාමාජිකයෙක් උනාට චව් චව්ට නම් අපි හැමෝම ආදරය කළා. ප්‍රවීන හඬකැවීම් ශිල්පී පරාක්‍රම පෙරේරා මහතාගේ කටහඬින් අපිව පිනවපු තවත් චරිතයක් තමයි මේ.

01. කැප්ටන් හැඩොක් – ටිං ටිං ගේ වීර ක්‍රියා

captain-haddock

“දෙදරණ දඟර සුළං, බිබිළි නඟින බෙලි කටු” මේ වචන කාටද අමතක වෙන්නෙ. ටිං ටිං ගෙ කතාවල හිටපු ආදරණීය කුකුල් කේන්තිකාරය තමයි කැප්ටන් හැඩොක්. ටිකක් කනබොන මිනිහ තමයි. ඉඳල හිටල පොඩ්ඩක් වැඩිවෙලා පිස්සු නැටුවට යකෙක්ටවත් බය නෑ. හැබැයි ඉතින් බියන්කා කැස්ටෆියොරේ නෝනා දැක්කමනම් හැංගෙනව. ඒ ආදරේ වැඩිකමට.

මෙන්න මේ වගේ ආදරණීය චරිත නිසා තමයි මේ කාටූන් වැඩසටහන් අදටත් අපිට මතක තියෙන්නෙ. මේ චරිත විතරක් නෙමෙයි තවත් චරිත රැසක් තියෙනව මේ වගේම. මේ චරිතවලට හඬකවපු ශිල්පීන්වත් කෘතවේදීව සිහිපත් කරන්න ඕනෙ. ඒ වගේම විශේෂයෙන් ටයිටස් තොටවත්ත මහත්මයව සිහිපත් කළ යුතුමයි.

අපි  සඳහන් කරපු නැති ඔයාල ගොඩක් ආදරේ කරපු අනිත්  කාටූන් චරිත මතකද? අපි හැමෝටම දැනගන්න පහලින් කමෙන්ට් කරන්න.


Like it? Share with your friends!

7.9k SHARES
7.9k SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
1
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලංකාවෙ අපිට ආදරණීය වූ කාටූන් චරිත

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes