කැළි කසළ බැහැර කිරීමේ ලොව පිළිගත් ක්‍රම


මෑත දී සිදු වූ මීතොටමුල්ල කසළ කන්ද නාය යාමත් සමගම කැළි කසළ ක්‍රමවත්ව බැහැර කිරීම පිළිබදව කතිකාවතක් නැවතත් සමාජය තුල ඇති වෙමින් පවතිනවා.

මේ ලිපියෙන් ලොව පුර පිළිගත් කැළි කසළ කළමනාකරණයෙහි ක්‍රමෝපායන් කිහිපයක් සාකච්ඡාවට ලක් කෙරෙනවා.

අපද්‍රව්‍ය කළමනාකරණය ( Waste Management ) කියල කියන්නේ රටක සංවර්ධනයෙහිලා බලපාන ප්‍රධාන කරුණක්. රජය, පරිසර සංවිධාන වගේම මහජනයා විදියට අපිත් යන මේ ත්‍රිත්වයම එකතු වෙලා කළ යුතු දෙයක් තමයි අපද්‍රව්‍ය කළමනාකරණය කියල කියන්නේ.

අපද්‍රව්‍ය කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද?

කැළි කසළ එකතු කිරීම , ප්‍රවාහනය, ක්‍රමවත්ව බැහැර කිරීම යන මේ ක්‍රියාවලිය පොදුවේ අපද්‍රව්‍ය කළමණාකරනය කියල හදුන්වනවා. අද අපට ප්‍රබල ගැටලුවක් වෙලා තියෙන අපද්‍රව්‍ය බැහැර කිරීම ( Waste Disposal ) ගැන පිළිගත් කරුණු කිහිපයක් මේ ලිපිය හරහා විස්තර කරනවා. මේ ඇතැම් ක්‍රම අපේ රටට නොගැලපෙන්න පුලුවන් . සුදුසු ක්‍රමෝපායන් ගැන හිතල බලන්න අපිට පුලුවන්.

1. භූමියේ එකතු කිරීම ( Land Fills )

Image: aos.iacpublishinglabs.com

මේ ක්‍රමය නම් තව දුරටත් අපේ රටට ගැලපෙනවාද කියන එක ප්‍රශ්න සහගතයි. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල මෙන්ම භූමියෙහි ඉඩ ප්‍රස්තාව ඇති මෙක්සිකෝව, නයිජීරියාව, දකුණු කොරියාව, ඇමෙරිකාව වැනි රටවල මෙන්ම අසල්වැසි ඉන්දියාවේ ද ක්‍රියාත්මක වන්නේ මෙම ක්‍රමයයි.කෙසේ වුවත් වායු දූෂණය, ජල උල්පත් දූෂණය වීම වගේ තත්වයන් නිසා මේ ක්‍රමය තවදුරටත් යල්පැන ගිය ක්‍රමයක් විදියට හදුන්වනවා. ජර්මනිය, ඔස්ට්‍රියාව, ස්වීඩනය, ඩෙන්මාර්කය, බෙල්ජියම, නෙදර්ලන්තය හා ස්විස්ටර්ලන්තය යන රටවල මෙම ක්‍රමය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

2. දවා අලු කිරීම ( Incineration )

​Image : ​ waste360.com

මේ ක්‍රමයත් එතරම්ම ඵලදායි නොවුනත් ඇතැම් රටවල දැක ගත හැකියි. මෙහිදී කැළි කසළ දහනය කරන නිසා ඒවා තාපය, හුමාලය වගේම වෙනත් වායූන් බවට පත් වෙනවා. මෙය බොහේ දුරට වායු දූෂණයට තදින්ම හේතු වෙනවා. කොහොම වුනත් ඉතිරි වන කැළි කසළ වල ප්‍රමාණය අඩු වන නිසා ජර්මනිය, ප්‍රංශය, ඩෙන්මාර්කය වැනි බොහෝ රටවල් මෙම දහන ක්‍රමයට පෙළඹිලා තිබෙනවා. ඩෙන්මාර්කයේ විදුලි පරිභෝජනයෙන් 4.8% ක් ද බලාගාර සදහා අවශ්‍ය තාපජ ශක්තියෙන් 13.7% ක් ද ලබා දෙන්නේ මෙලෙස පිටවන වායූන්ගෙන් ලබා ගන්නා ශක්තියෙනි.

3. එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය ( Recovery and Recycling )

Image: i1.wp.com

සම්පත් එකතු කිරීම ( Resource Recovery ) කියන්නේ වර්ගීකරණය කරන ලද අපද්‍රව්‍ය තාපය, විද්‍යුතය සහ ඉන්ධන වැනි ශක්ති ප්‍රභේද නිපදවීමට යොදා ගැනීමයි.

ඒවගේම ප්‍රතිචක්‍රීකරණය (Recycling) කියලා කියන්නේ නැවත භාවිතයට ගත හැකි අපද්‍රව්‍ය මගින් නව ද්‍රව්‍ය නිපදවීමයි. වීදුරු, ප්ලාස්ටික්, යකඩ මෙන්ම කඩදාසි විදියට අපද්‍රව්‍ය වර්ගීකරණය කර ලබා දීමෙන් හා එකතු කිරීමෙන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ලොකු අවස්ථාවක් ඇති වෙනවා.

මෙයින් බලාපොරොත්තු වන්නේ ශක්තිය වැය වීම( Energy Wastage ) අඩු කිරීම මෙන්ම භූමියේ ගොඩ කිරීම සදහා එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමයි.

4. ප්ලාස්මා වාෂ්පීකරණය ( Plasma Gasification )

​​Image : gasification-syngas.org

මෙය වර්තමානයේ භාවිතා වන තාක්ෂණික වශයෙන් තරමක් ඉහළ ක්‍රමවේදයක්. “ප්ලාස්මා” කියන්නේ විද්‍යුත් වශයෙන් උත්තේජනය කිරීමකට හෝ අයනීකරණයකට ලක් කරන ලද වායුන්. මේවායේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 12600 ( 12600 F) තරම් ඉහළ අගයක් ගන්නවා. අපද්‍රව්‍ය “ප්ලාස්මා වාෂ්පීකරණයට” ලක් කිරීම මගින් ඝන සහ ද්‍රව මට්ටමේ පවතින බොහෝ අපද්‍රව්‍ය වායූන් බවට පත් කරන්නටත් ඒවා “ශක්තිය” බවට හරවා වැඩි වටිනාකමක් එකතු කිරීමටත් හැකි වෙනවා.

5. කොම්පෝස්ට්කරණය ( Composting )

​​Image : washtenawcd.org

මේ ක්‍රමයත් ගොඩක් ජනප්‍රිය කසළ ඵලදායීව බැහැර කිරීමේ ක්‍රමවේදයක්. හැබැයි මේ ක්‍රමය මහා පරිමාණ වශයෙන් කිරීමට නම් ලොකු ඉඩක් වගේම ලොකු කාලයකුත් ගත වෙනවා. නමුත් ගෘහස්ත අපද්‍රව්‍ය ගෘහස්ත මට්ටමේ දීම ඵලදායී බැහැර කිරීමකට නම් තරමක් ඉඩ ප්‍රස්ථාව ඇති නිවසකට මේ ක්‍රමය යෝග්‍ය වනවා. මින් නිපදවෙන පොහොර සුළු වගා කටයුතු වල සිට මහා පරිමාණ කෘෂිකාර්මික වගාවන් සදහා වුවද භාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා.

6. කසළ – ශක්තිය බවට හැරවීම ( Waste to Energy – WtE )

​​Image : holyganga.files.wordpress.com

මෙය වර්තමානයේ භාවිතා වන ගොඩක් ඵලදායී මූලධර්මයක්. නැවත භාවිතයට ගත නොහැකි අපද්‍රව්‍ය යාන්ත්‍රික ක්‍රියාවලියකට ලක් කර තාපය, විද්‍යුතය වගේම ඉන්ධන නිපදවීමටත් මේ ක්‍රමය භාවිතයට ගන්න පුළුවන්. මෙමගින් අපද්‍රව්‍ය වලට වැඩි වටිනාකමක් එකතු කරමින් නැවත නැවතත් භාවිතයට ගන්න පුලුවන්. මෙහි තාක්ෂණික ක්‍රමවේදය මේ ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ.

7. අපද්‍රව්‍ය අවම කිරීම ( Waste Minimization )

​​

Image: livestrongcdn.com

ඉහත ක්‍රම වලට තරම් මුදලක්, කාලයක් හෝ ශ්‍රමයක් වැය නොවන පහසුම ක්‍රමවේදය තමයි “අපද්‍රව්‍ය අවම කිරීම”. අප විසින් සෘජුවම අපද්‍රව්‍ය කළමණාකරනයට සම්බන්ධ වීමක් මේ හරහා වෙනවා. ගෘහස්ථ වශයෙන් පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ගෘහස්ථ මට්ටමේ දී ම අඩු කරගැනීම තමයි මෙයින් අදහස් වන්නේ. මේ සදහා සුදුසු උපක්‍රම කිහිපයකුත් පහතින් එකතු කරලා තියෙනවා.

1. වෙළදසැල් වලින් ලබාදෙන පොලිතින් කවර ප්‍රතික්ෂේප කිරීම හා ඒ වෙනුවට රෙදි වලින් නිශ්පාදිත බෑග් භාවිත කිරීම. ( මෙය ඔබට මෙන්ම වෙළදසලටද පහසුවක් වන අතර මීටම යෝග්‍ය රෙදි බෑග් අඩු මිළකට වෙළදපොළින්ම ලබාගත් හැකියි.)

2. සේවා ස්ථානයට හෝ පාසලට හෝ ආහාර රැගෙන යාමට නැවත භාවිතා කළ හැකි කෑම පෙට්ටියක් භාවිත කිරීම.

3. ප්ලාස්ටික් බෝතල් , ප්ලාස්ටික් කෝප්ප ආදීය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත සෘජුවම ගොස් ලබා දීම.

අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කර ගත හැකි මේ වගේ ක්‍රම මෙන්ම ශ්‍රී ලංකාවට ගැළපෙන ලොව පිළිගත් වෙනත් අපද්‍රව්‍ය කළමණාකරන ක්‍රමෝපායන් ගැන ඔබත් දන්නවානම් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.

Cover Image: amazonaws.com

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
0
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
9
Thanks
Cry Cry
0
Cry
Like Like
8
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කැළි කසළ බැහැර කිරීමේ ලොව පිළිගත් ක්‍රම

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes