web analytics

ට්‍රැවල් කරන්න ආස අයට හොඳම ක්‍රම 05ක්


⛺️ට්‍රැවල් කරන එක විනෝදාංශයක් කර ගත්ත අයටයි අද  ලිපිය. ට්‍රැවලින් කියන්නේ අපි නොදන්න දෙයක් නෙමෙයි, අනික පිට රටකින් ආපු දෙයකුත් නෙමෙයි . මොකද අපි හැමෝම ඉපදුනා දා ඉදන්ම කරන්නේ ට්‍රැවල් කරන එක නේහ්. මේ කියන්න යන්නේ ඒ ට්‍රැවලින් ගැන නෙමෙයි. දැන් කාලේ අපේ කොල්ලෝ, කෙල්ලෝ ගස්, ගල් වල ට්‍රැවල් කරන එක ගැනයි.

⛺️ට්‍රැවල් කරන සහ කරන්න ආස අයගේ විශේෂ ගුණාංගයන් ටිකක් තියෙනවා අනිත් අයට සාපේක්ෂව. ඒ තමයි කුතුහලය , දෙයක් හඹා ගොස් අත්දැකිමක් ලබා ගැනිම, නොයෙකුත් දේ බැලිමේ, විඳිමේ ආශාව වගේ දේවල්. අද ලිපියෙන් කියන්නේ එවැනි ට්‍රැවලින් ක්‍රම 05ක් ගැන විස්තරයි.

 

1️⃣හයිකින්ග් ට්‍රැවල්ස්

⛺️මේ කියන්නේ දුෂ්කර ගමනාන්තයක් දක්වා පා ගමනින් යන එක ගැනයි. ඔයාලා දකිනවා ඇති ෆේස්බුක් , ඉන්ස්ටග්‍රෑම් වල එහේම ගොඩක් දෙනා මේවගේ ගිහින් ෆොටෝස් දානවා. මොකද හයිකින්ග් කියන්නේ දැන් තරුණ පරම්පරාව අතර ගොඩක් ජනප්‍රිය ඉවෙන්ට් එකක්.

⛺️විශේෂත්වය තමයි දැන් හයිකින් වලට ගැහැණු , පිරිමි භේදයක් නැහැ. බලන් ගියහම පිරිමි ළමයින්ටත් වඩා ගැහැණු ළමයි දැන් මේ ගැන උනන්දුයි. මේ ගමන් වලදි අමාරු කඳු  මුදුන් වලට යන්න, ගලාගෙන එන ගඟවල්, ඇළ පාරවල් දිගේ යන්න, කැලෑවල තියෙන ලස්සනම, ඒ වගෙම හැංගුන තැන් හොයන්න මේ අය කැමතියි. 

⛺️හයික් කරන්න නම් ඉතිං පෙර සුදානම ගොඩක් හොඳට තියෙන්න ඕන. විශේෂයෙන්ම තමන්ට පහසුවෙන් ගෙනියන්න පුළුවන් බැක්පැක් එකක් හයිකින්ග් වලදි ගොඩක් වටිනවා. මේ වගේ හයිකින්ග් කරන අය තමයි අවට පරිසරයේ සැබෑ සුන්දරත්වය විඳින අය.

2️⃣සෆාරි ට්‍රැවල්    

 

⛺️සෆාරි ට්‍රැවල් කරන්න කවුද , ඉතිං අකැමැති. මං නම් හිතන්නේ ඕනම කෙනෙක් කැමතියි අර ලොකු ජිප් එකක නැගලා හැමතැනම යන්න. ලංකාවේ නම් සෆාරි වලට ප්‍රසිද්ධ යාල, මින්නේරිය කැළේ, උඩවලවේ සෆාරි තමයි. කැළේ යද්දි පොඩි බයක් ආවත් ඒ එක්ක එන අශාවත් දෙකම එකතුවෙලා හම්බෙන අත්දැකිම නම් ජිවිතයට ගොඩක් වටිනවා. ඉතිං ඇයි තවත් බලන් ඉන්නේ? යන්නකෝ යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි සෆාරියක්.

3️⃣රේල්වේ හයික්                

⛺️රේල්වේ හයික් කියන්නේ, ටිකක් අවදානම් වැඩක්. මොකද මේ හයික් එකේදි අපි යන්නේ රේල් පාර දිගේ. කොහොමද ඔය යද්දි කෝච්චියක් එහේම ආවොත්. කොහෙට හරි පැන ගන්න පුළුවන් තැනක් උනොත් හොඳයි නැත්නම් ඉතිං එලොව තමයි. එහේම කිව්වට මේ වැඩේ හරියට කරනවා නම් වැඩේ ගොඩක් ලේසියි. 

⛺️දුම්රිය දෙපාර්තමේන්තුවේ අවසරයයි, කෝච්ච් යන, එන වේලාවයි දැන ගත්තා නම් අනිත් ඒවා වගේම මේකෙනුත් ඔයාට උපරිම සතුටක් ලැබෙයි.මේ රේල්වේ හයික් වලට ලස්සනම තැන් තමයි බලන ස්ටේෂන් එකේ ඉඳන්  කඩුගන්නවට එනකන් රේල්වේ හයික් එකයි, ඔහිය ඉඳන් පට්ටිපොළට, නැත්තම් කෙලින්ම අඹේවෙලට එන එකයි.

4️⃣ හිච් හයිකින්ග්/ හිපී ට්‍රැවල්  

                                                                           ⛺️හිචි හයිකින්ග් කියන්නේ අඩු වියදමකින් වැඩි සතුටක් ලැබෙන වැඩක්. මොකද මේකේදි වෙන්නේ,යන්න තැනක් හොයාගත්ත ගමන් තමන්ගේ බැක් පැක් එක එල්ල ගන්නව, යනවා.  සල්ලි අඩුවෙන්ම තමයි වියදම් කරන්නේ. පාරේ යන වාහනේකට අත දානව. පුළුවන් තරම් දුර ඒකෙන් යනව. ඊට පස්සේ, තවත් එකක. බැරිම නම් පයින් හරි යනව. සල්ලි නැත්තම්, ඒ වගෙම කීයක් හරි හොයන්න ඕනෑ නම් පොඩි පොඩි වැඩ කරනවා. ආයෙත් ඒ සල්ලි වලින් ඇවිදිනවා.

⛺️මේක ලෝකේ අනිත් රටවල ගොඩක් ප්‍රසිද්ධයි. දැන් අපේ රටෙත් පටන් අරන්. ඉතින් ඔයාලගෙ ජීවිතේ ට්‍රැවල් නම්,මෙන්න හොඳම විදිය. මේ ක්‍රමේ දි එක දෙයක් කියන්නම්. මෙහෙම ගමන් යනවා නම් නිතරම තමන්ගේ ආරක්ෂාව ගැන ලොකු අවධානයකින් ඉන්න ඕන.      

 

 5️⃣බයික්/ සයිකල් ට්‍රැවල්ස්

⛺️මේක ටිකක් පරණ ක්‍රමයක්. හැබැයි, තාම ප්‍රසිද්ධයි. අහල ඇතිනේ චේ ගුවේරයි එයාගේ යාලුවයි ගිය මෝටර් සයිකල් ගමන. ඕන්න, බයිසිකල් ඩයරීස්  කියල ෆිල්ම් එකකුත් හදල තියෙනවා ඒ ගැන. මේ විදියේ ගමන් ගොඩක් ලේසියි. දැකලා නැද්ද ලංකාවට එන සුද්දො ගොඩක් ස්කූටර් වල ට්‍රැවල් කරනවා. මොකද මේ ක්‍රමෙත් ගොඩක් ලේසියි.වියදම අඩුයි.හැබැයි පරිස්සම තමයි තියෙන්න ඕනම දේ.

⛺️මේ විදියත් දෙන්නෙක්ට විතරක් නෙමෙයි, යාළුවෝ ඔක්කොටමත් යන්න පුළුවන්. කට්ටියක් එක්ක  දවස් ගාණක් මේ වගේ ට්‍රැවල් කරන එකේ වටිනාකම කියල වැඩක් නෑ. ලංකාව වටේ ෆුට් සයිකල් වලින් යන ගමන, කළුපහනෙන් පටන් අරන් ඔහියට යන යකාගෙ පඩිපෙළ ට්‍රැක් එක මෝටර් සයිකල් වලින් යන ගමන, බදුල්ලෙන් මඩොල්සිමට ගිහින් කැටවත්ත හරහා මීගහකිවුලට එන ගමන, මේ වගේ ගමන් යන අය අතරේ ප්‍රසිද්ධයි.

 

⛺️ඔන්න ඉතින් අපි ට්‍රැවල් කරන වෙනස් ක්‍රම 5ක් ම කිව්වා. මේ ක්‍රම වලට යන වියදම ගොඩාක් අඩුයි. ඒ වුනාට ලැබෙන අත්දැකීම සල්ලි වලට ගන්න බැරි තරම්.   

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Like it? Share with your friends!

13 SHARES
13 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
3
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ට්‍රැවල් කරන්න ආස අයට හොඳම ක්‍රම 05ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes