හැකර්වරුන්ගේ කළු සුදු භේදය


කළු සුදු ලක්ෂණ අතර සිමා නිශ්චිත වශයෙන් වෙන්කර දැක්වීමට නොහැකිය. කළු හා සුදු අතර කළු නොවන, එහෙත් සුදුත් නොවන “අළු” තිරයක් ද පවතින බව සිහියේ තබා ගත යුතුය.

Hacker හෝ Hack කිරීම යන වදන අසු අපගේ සිහියට එන්නේ සොරකම් කරන ලද දත්ත, විකෘති කරන ලද වෙබ් අඩවි, බංකොලොත් හෝ අධික පාඩු ලැබූ සමාගම් යන ආදී දේවල්ය. බොහෝ දෙනා සිතා සිටින්නේ Hacker යනු අපරාධකරුවන්ට හෝ සොරකුට සමාන පුද්ගලයෙක් බවයි.

Image: thehackernews.com

නමුත් මෙම මතය බොහෝ වැරදි සහගතය. ඔබ සිටින දුර්මතයෙන් ඔබ ආලෝකය වෙත ගෙන ඒමටත්, මේ ලොව නරක යැයි සම්මත මිනිසුන් අතර හොද මිනිසුන්ද සිටින බව පැහැදිලි කිරීමටත්, එකම ක්‍රියාව හොදට හා නරක යන දෙකටම යොදාගත හැකි බව පෙන්වීමටත් මෙම ලිපිය සකස් කරන්නට අපි අදහස් කළෙමු.

01. Black Hat Hackers

Image: lifewire.com

ලොව පුරා පරිගණක පරිශීලකයන් අතර සහ බොහෝ දෙනා අතර වැඩි එහෙත් නොමනා ප්‍රසිද්ධියක් ලබා සිටින්නේ Black Hat Hacker වරුන්ය. මොවුන්ගේ ක්‍රියාකලාපය නම්, ඔවුන් පරිගණක ජාල වලට අනවසරයෙන් පිවිසෙන්නේ තමාට ලැබන ලාභ ප්‍රයෝජන තකාය.

බැංකු වල පරිගණක ජාල වෙත් අනවසරයෙන් රිංගා Credit card හා බැංකු ගිණුම් පිලිබදව විස්තර, Social Network Hack කර වෙනත් පුද්ගලයන් වෙනුවට පෙනී සිටිම හෝ නවතම ව්‍යාපාරික නිපැයුම් වල දත්ත සොරකම් කර වෙනත් ආයතන වෙනත් ආයතන වලට විකිණීම මෙයින් ප්‍රධාන ක්‍රියාකලාප කිහිපයකි.

සරලව පැවසීමේදී Black Hat Hacker යනු පරිගණක අපරාධකරුවන්ය. සමහර අවස්ථා වලදී මොවුන් විවිධ වෙබ් Servers වලට ඇතුළු වී වෙබ් අඩවි විකෘති කිරීම් යනාදිය ද සිදු කරති. මෙම Hack attacks බොහෝ විට මානසික වශයෙන් විකෘති තත්වයක සිටින පුද්ගලයන්ගේ ක්‍රියා කලාපයන් ලෙස සැලකේ.

02. White Hat Hackers

Image: techlog360.com

බොහෝදෙනා නොදන්නා නොදන්නා එහෙත් විශාල සමාජ සේවයක් සිදුකරන Hacker වරු නම් මේ අයයි. ‘Ethical Hackers’ හෙවත් සදාචාරාත්මක Hackers වරුන් ලෙස හැදින්වෙන මොවුන්ගේ ක්‍රියාකලාපය Black Hats වල පුර්ණ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය වෙයි.

Image: riverfronttimes.com

White Hat Hacker වරු පරිගණක ජාල වලට අනවසරයෙන් හෙවත් නිල නොවන මාර්ග වලින් පිවිසෙති. එහෙත් ඔවුන් මෙසේ පිවිසෙන්නේ අදාළ පරිගණක ජාලයේ හිමිකරුවන්නේ පුර්ණ අනුදැනුම ඇතිවය. සාමාන්‍යයෙන් ඕනෑම Hacker වරයෙක් පරිගණක ජාලයට පිවිසෙන්නේ එම ජාලයේ ආරක්‍ෂිත පද්ධතියේ යම් අඩුපාඩුවක් හරහාය. White Hat Hacker වරු සිදුකරන්නේ මෙලෙස යම් අඩුපාඩුවක් හෝ ‘Glitch’ එකක් හරහා පරිගණක ජාලයට පිවිසි ඒ අඩු පාඩුව පිලිබදව අදාළ හිමිකරුවා දැනුවත් කිරීමයි. එවිට පරිගණක ජාලයේ ඇති අඩුපාඩුව හෝ ඇති වැරැද්ද නිවැරදි කර පරිගණක ජාලය තවත් ශක්තිමත් කිරීමට හිමිකරුවාට හැකි වේ.

White Hat Hacker වරුන්ගේ පරමාර්ථය ලොව පුරා ඇති පරිගණක ජාල Black Hat hacker වරුන්ගෙන් ආරක්ෂා කිරීමයි. ඔවුන් මේ සොයාදෙන අඩුපාඩුව සදහා අදාළ සමාගම ඔවුනට මුල්‍යමය ත්‍යාග (Bounties) පිරිනමයි. එබැවින් Ethical Hacking යනු, වර්තමාන සමාජයට යහපතක් සිදු කරන අතරවාරයේ මුදල් සෙවීමටද හැකි වන ක්‍රමවේදයකි.

03. Grey Hat Hacker

Image: threatstack.com

ප්‍රයෝගික ලෝකයේ යම් යම් දේවල් නිශ්චිත ලෙසම “කළු ” හෝ “සුදු ” ලෙස වෙන් කල හැකිනම්.ඒ ඇත්තේ ඉතා ස්වල්පයකි. එසේම Hacker වරුන් ගැන කතා කිරීමේදී කළුත් නැති සුදුත් නැති මිශ්‍ර වූ “අළු” පැහැති Hacker වරුන් පිරිසක්ද සිටින බව කිව යුතුය.

Grey Hat Hacker වරයෙකුගේ ක්‍රියාකලාපය තරමක් විකාර රූපී හා තේරුම් ගැනීමට අපහසු එකකි. Grey Hat Hacker කෙනෙක් බොහෝ විට තම පුද්ගලික ආශාවන් හෝ ලාභ මත Hack කිරීම සිදු කරයි. නමුත් පැහැදිලි ලෙස නීති විරෝධී ලෙස පරිගණක ජාල වලට පිවිසෙයි.

Image: gizmodo.com.au

උදාහරණ ලෙස White Hat Hacker වරයෙකු පරිගණක ජාලය වලට පුර්ණ දැනුම් දීමක් සහිතව නිල නොවන මාර්ගයන් ගෙන් පිවිසි ඒ පිලිබදව සමාගමට දැනුම් දී ජාලය ශක්තිමත් කරයි. Black Hat Hacker වරයෙක් අනවසරයෙන් පරිගණකය ජාලවලට පිවිසි දත්ත සොරකම් හෝ විකෘති කරයි. නමුත් Grey Hat Hacker වරයෙකු කිසිදු අවසරයකින් හෝ පුර්ණ දැනුම් දීමකින් තොරව පරිගණක ජාලයට ඇතුළු වී අදාළ වරද පිලිබදව එම ජාලයේ හිමිකරුවන්ට දැනුම්දීම සිදුකරයි. මෙම ක්‍රියාකලාපයේ වරද පිලිබදව දැනුම් දීම හොද ක්‍රියාවක් වුවත් අනවසරයෙන් පරිගණක ජාලයට පිවිසීම නීති විරෝධී බැවින් මෙය “අළු” හෙවත් Grey Hat Hacking ලෙස හදුන්වයි.

තවත් උදාහරණයක් නම් Grey Hat Hacking වරයෙක් අනවසරයෙන් පරිගණක ජාලයට පිවිසී, අදාළ Glitch එක හෝ වැරැද්ද පිලිබදව පෞද්ගලිකව අදාළ සමාගමට දැනුම් දීම වෙනුවට එය විවෘත ලෙස අන්තර්ජාලයේ ප්‍රචාරය කරයි. ඔවුන් අදාළ පරිගණක ජාලයට හානි නොකලද තමා එම ජාලයට අනවසරයෙන් රිංගීමට උපකාරී කරගත් වැරැද්ද ලොවටම හෙළි කිරීම වැරදි සහගතය.

සමස්තයක් ලෙස ගත්විට Hacker යන වදනෙහි හා එම ක්‍රියාවලියෙහි හොඳක් හෝ නරකක් එසේත් නැතිනම් කළු හෝ සුදු භේදය එකවර ප්‍රකාශ කිරීමට නොහැක. අප සිහි තබා ගත යුතු දේ නම් Black හෝ white ලෙස Hacker වරු වර්ග කෙරෙන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපය හා අභිමතාර්ථය මත බවයි.

Cover Image:  6iee.com

What's Your Reaction?

Cute Cute
4
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

හැකර්වරුන්ගේ කළු සුදු භේදය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes