web analytics

කරදරකාර Blackheads මුහුණෙන් නැත්තටම නැති කරමු


❤️ Blackheads තියෙන අය දන්නවා , ඒක කොයිතරම් නම් මුහුණට කරදරයක් ද කියලා . මොකද , ඒක මුහුණට අපහසුවක් වගේම, අප්‍රසන්න හැඟිමක්  ඇති කරනවා . Blackheads කියන්නේ ගැහැණු අයට විතරක් තියෙන දෙයක් නෙමෙයි පිරිමි පාර්ශවයත් මේකෙන් ගොඩක් පීඩා විදිනවා. ඒ නිසා, අපි හිතුවා ඒකට ගැළපෙනම ස්වාභාවික ක්‍රම කිහිපයක් ඔයාලට කියලා දෙන්න.

❤️ මුලින්ම බලමු, කොහොමද මේ Blackheads අපේ මුණේ ඇති වෙන්නේ කියලා . ඔබේ මුහුණේ සමේ ඇති කුඩා සිදුරු මුහුණේ ඇති අමතර තෙල් සහ මැරුණ ශෛල වලින් හිර වෙලා වැහිලා ගියහම තමයි මේ Blackheads හැදෙන්නේ. සමේ තෙතමනය රැකගන්න සහ සම පෝෂණය කරන්න තමයි සමේ තිබෙන ග්‍රන්ථි මගින් මේ තෙල් ශ්‍රාවය කරන්නේ. මුහුණේ ඇති සිදුරු ඇරිලා තිබෙනවා නම් තෙල් සහ මැරුණ සම( sebum and dead skin cells) ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා කළු වෙනවා. Blackheads ඇති වෙන්නේ කුණු දූවිලි නිසා නෙවෙයි කියන එක අපි පැහැදිලිව වටහා ගත යුතුයි.

❤️පමණට වඩා තදින් හේදීම , ස්ක්‍රබ් කිරීම මගින් වෙන්නේ සම වියළි වෙද්දී ග්‍රන්ථි මගින් තව වැඩියෙන් තෙල් ශ්‍රාවය කිරීම සහ එම නිසා Blackheads වැඩියෙන් ඇතිවීමයි.

🍳 බිත්තර සුදුමද

❤️තිබෙන Blackheads අයින් කරන්නටත් , අලුතෙන් ඇති වීම වළක්වන්නත් පුළුවන් හොඳ ක්‍රමයක් තමයි බිත්තර සුදුමද කියන්නේ . බිත්තර සුදුමද වලින් වෙන්නේ  සමේ සිදුරු තද වීමක්. බිත්තර සුදුමදය කියන්නේ ඔබේ සම පෝෂණය කරන පෝෂණ පදාර්ථ යහමින් තිබෙන, සමේ වියලීම පවා අවම කරන හොඳ ඔසුවක්.

❤️බිත්තර සුදුමද 1 ක් , මූණ පිහන ටිෂූ , පොඩි භාජනයක්, පිරිසිඳු තුවායක් මේ සඳහා අවශ්‍යයි.

❤️මුලින්ම මුහුණ සෝදා තෙත මාත්තු කරන්න. ඊට පස්සේ, බිත්තර සුදු මදය ගෙන මූණේ ආලේප කරන්න. ඒ උඩින් ටිෂූ පටියක් අලවන්න . මේ විදිහට මුළු මූනෙම ටිෂූ අලවන්න. ඒක වේලෙන්න අරින්න. දෙවෙනි වරට තව තට්ටුවක් පළමු තට්ටුවට උඩින් අලවන්න. වේලෙන්න තියල තුන් වෙනි බිත්තර සුදුමද ටිෂූ තට්ටුවක් අලවන්න. මේ මාස්ක් එක වෙලෙද්දී මූණට තද ගතියක් දැනේවි. ටිෂූ ඉවත් කරන්න. ඉන් පසු පිරිසිඳු වතුරෙන් සුමුදු ලෙස සෝදන්න. තෙත හොඳින් මාත්තු කරන්න. ඔබ බිත්තර සුදුමද තට්ටු වලට වේලෙන්න නිසි වෙලාවක් නොදුන්නොත් මේ ප්‍රතිකාරයෙන් වැඩක් නැති වෙනවා. හැබැයි, මතක තියාගන්න ,මේ ප්‍රතිකාරය සතියකට දෙපාරකට වඩා කරන්න එපා.

💧ජල වාෂ්ප

❤️ජල වාෂ්ප මගින් සිදුරු වල සිරවී ඇති තෙල් සහ මැරුණ ශෛල වල පෙනීම අවම කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය විශාල භාජනයක්, ජලය සහ සුමුදු , පිරිසිඳු තුවායක් පමණයි.

❤️භාජනය නටන වතුරින් පුරවන්න. ටිකක් වෙලා සිහිල් වෙන්න ඉඩ දීල ,තුවාය ඔලුව වටේ දමාගෙන භාජනයට මුහුණ සමීප කරන්න.

❤️මේ විදිහට විනාඩි පහත දහයත් අතර කාලයක් ඉන්න. තුවායෙන් එලියට ජල වාෂ්ප නොයන විදිහට හොඳින් වසා ගන්න. සැලකිය යුතුයි උණුවතුරෙන් පිලිස්සෙන්නේ නැති වෙන්න පරිස්සමෙන් මේ කටයුත්තේ යෙදෙන්න. මේ ටික කරලා උණු වතුරින් මූණ හෝදලා හොඳින් පිස දමන්න. මැරුණ සම සහ Blackheads මේ සමග ඉවත් වේවි.

😅 දහදිය පිට කිරීම

❤️දහදිය පිට වීම කියන්නේ ඔබේ සමේ හැම ආකාරයකම රෝග වලට ඉතාම හොඳ පිලියමක්. දහදිය දමන්න ව්‍යායාම වල නිරත වෙද්දී සමේ සිදුරු වසන ඕනෙම දෙයක් සමෙන් ඉවත් වෙනවා. නමුත් මතක තබා ගත යුතුයි ව්‍යායාම වලට පෙර සහ පසු සම හොඳින් පිරිසිදු කිරීමට.

❤️ඔබ make up එක්ක ව්‍යායාම කරොත් සම තුලට රසායන ද්‍රව්‍ය ගමන් කරනවා. ඒ වගේම දහදිය මූනෙම වේලුනහම ඒ සමග තෙල් සහ සමත් සමේ සිදුරු වල තැම්පත් වෙනවා. එමනිසා පළමුව මුහුණ හොඳින් සෝදලා ව්‍යායාම පටන් ගත යුතුයි. දෙවනුව ව්‍යායාම කරලා ඉවර වුණා විගසම වතුරෙන් මුහුණ සෝදලා හොඳින් තෙත මාත්තු කරන්න පුළුවන්.

🍶ටෝනර් භාවිතය

❤️පොඩි බෝතලයක්. පුළුන් සහ දෙහි ගෙඩියක් මෙයට අවශ්‍යයි. මුහුණ සෝදා තෙත මාත්තු කර ගන්න. දෙහි ගෙඩියේ යුෂ බෝතලයට මිරිකන්න. දැන් පුළුන් වල දෙහි යුෂ තවරාමුහුණේ ආලේප කරන්න. මේක කරන්න ඕනේ නින්දට පෙරයි.

❤️උදේ අවධි වෙලා මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදලා තෙත මාත්තු කර ගන්න පුළුවන්. සතියට තුන් හතර වතාවක් මේ සත්කාරය කිරීම හොඳයි. ඔබේ සම සංවේදී නම් දිහි යුෂට ජලය ස්වල්පයක් එකතු කරන්නත් අමතක කරන්න එපා.


Like it? Share with your friends!

17 SHARES
17 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කරදරකාර Blackheads මුහුණෙන් නැත්තටම නැති කරමු

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes