අසිරිමත් මාතර දිසාවේ සුන්දර චාරිකාව


මාතර දිසාව දකුණු පළාතට අයත් දිසා තුනෙන් කුඩාම දිසාව වන අතර එය වපසරියෙන් ව.කී.මී 1283 කි. දෙව්නුවර, කඔුරුපිටිය, දෙනියාය වැලිගම හා මාතර යන පැරණී මැතිවරණ කොට්ඨාශ හයකුට එය බෙදී පවතී. මෙම දිසාවේ උතුරු සීමාව සිංහරාජ වන උයන හා දෙනියායේ ගොන්ගල කන්ද වන අතර දකුණු සීමාව අහංගම සිට දික්වැල්ල දක්වා ඇති මුහුද තීරයම වේ. මෙම දිස්ත්‍රික්කයේ දිශා සතර, සතර ආකාරයක දේශගුණයන්ගෙන් යුත්ත වේ.

Image: de.wikivoyage.org/wiki/Matara

උතුරු දිශාව සතර, සතර ආකාරයට දේශගුණයන්ගෙන් යුක්ත වේ. උතුරු දිශාව සිසිල්, කඳුකර,වර්ෂාවනාන්තර වලින් යුත් අතර නැගෙනහිර දිශාව සිසිල් දේශගුණයකින් යුක්ත වේ. බටහිර දිශාව තෙක් සෞම්‍ය දේශගුණයකින් යුත් අතර දකුණු දිශාව මුහුදු සුළං ගහන වියළි ගතියකින් යුක්තවේ. මොරවක, දෙනියාය, ගොන්ගල, වැනි ප්‍රදේශවල සිට කුඩා ඇළ, දොළ මාර්ග එකතු කරගෙන දකුණට ගලාබැස යෝධයකු මෙන් මාතර නගරය මැදින් මහ මුහුද සොයා යන නිල්වලා ගඟද මේ දිසාවට දායාද කරන්නේ සුවිශාල ජල පරිමාවකි.

කොළඹ සිට ගාල්ල හා හම්බන්තොට හරහා වැල්ලවාය දක්වා දිවෙන A2 මාර්ගය මාතර දිසාව දිවයින සමග සම්බන්ධ කරන ප්‍රධාන ප්‍රවාහන මඟ වේ.

අනෙක් ප්‍රධාන මාර්ගය වන්නේ රත්නපුරය මාදම්පේ සිට දෙනියාය හරහා ගාල්ල දක්වා දිවෙන A17 මාර්ගය වේ.

දෙනියාය A17 මාර්ගය | Image: tripadvisor.com

දෙවුන්දර විහාරය හා උපුල්වන් දේවාලය, වැලිගම අග්‍රබෝධී විහාරය, එළමල්දෙනියේ රජමහා විහාරය, වෙහෙරහේනේ පුර්වාරාම විහාරය සහ වැවුරුකන්නල බුදුරජ මහවෙහෙර සහ තවත් බොහෝ බොදු බ්ම් මාතර දිසා චාරිකාවේදී ඔබට වන්දනා කර ගත හැකි අතර සුන්දර දෙනියාය කදු කර ප්‍රදේශයේදී දර්ශණිය දිය ඇලි පෙළක් දැක ගත හැක.

Image: commons.wikimedia.org/wiki

අතීතයේදී ගංඟ තරණය සඳහා පාලම් නොතිබු අතර ගඟින් එගොඩවුයේ පාරුවලිනි. එසේ එගොඩ මෙගොඩ ගියතැන ගං තොටක් ලෙස ප්‍රසිද්ධව පැවතී ඇත. මාතර නගරයේදී එකල නිල්වලා ගඟින් එගොඩ මෙගොඩ ගොස් ඇත්තේ මාතොටින. මහත්වු තොට යන අරුත ගෙන දෙන මාතොට පසුව මාතර වුවා විය හැක. ඒ කෙසේ වෙතත් මාතර ගඟින් එගොඩ මෙගොඩ ගිය අයට මහත්වු හිසරදයක් වුයේ එහි සිට එහි සිට කප්පන්කරුවන්ය. අපගේ ජන කව් කරුවන් එවන් සංසිද්ධියක් පාරු කවියකට පෙරලුයේ මෙසේය.

මාතර ගඟේ ඉන්නච කිඹුලිගෙ පැටියා
බෙල්ල සුදුයි තල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිට්යා
මිනී නොකයි මාතර කිඔුලිගෙ පැටියා

මාතර දිසා චාරිකාවේදී පහත සඳහන් මාර්ග ඔස්සේ ඔබට රැගෙන යාමට මා හට ඉඩ දෙන්න.

01. වැලිගම සිට දික්වැල්ල මාර්ග චාරිකාව

වැලිගම ගනේ විහාරය

Image: samkathana.lk

මෙය වැලිගම ප්‍රදේශයේ වෙරළාසන්නව පිහිටා ඇති ඉතා පැරණී සිද්ධස්ථානයකි. වසර 2069 කට පෙර අනුරාධපුරයේ රජකම් කළ මහාතිස්ස රජු විසින් රුහුණේ ඇති මෙම විහාරය කරවන ලද බව මහායංශයේ සඳහන් වේ. පසු කලෙක පෙළොන්නරුවේ රජකළ කල්‍යානවතී මහා රැජිනගේ පාලන කාලයේදී ඉන් මෙම විහාරයට නැවත රාජ අනුග්‍රහය ලැබී ඇත.

ඉන් පසු මෙම විහාර රාජකුලවඩන විහාරය නමින් නම් බැඳී ඇත. ශෛලමය කැඳ භාජන, ගල් කණු හා ශිලා ලේබන ආදිය මෙහි දක්නට ඇති අතර තිසර, පරෙවි, මයුර, කෝකිල කාව්‍යවල වැනවින් මෙම විහාරයේ එදා පැවැති සෞභාග්‍ය මොනවට පැහැදිලි වේ.

වැලිගම කුෂ්ඨරාජගල

Image: DANUSHKA SENADHEERA

ගාල්ලේ සිට මාතර පාරේ කි.ම් 28 ක් ගොස් වැලිගම සිට වමට ඇති අග්‍රබෝධී විහාර පාරේ මද දුරක් ගිය කල වම් පස පිහිටි විශාල ගලෙක නෙලන ලද රුවක් දක්නට ලැබේ. මෙම රූපය සමහරු බෝධීසත්ව රූපයක් ලෙසද, තවත් සමහරු අවලෝකේතීශ්වර බෝධීසත්ව රුව ලෙසද තවත් සමහරු මෙය සමන් දෙවියන්ගේ රුව ලෙසටද මත පළකරති.

වැලිගම අග්‍රබෝධී විහාරය

Image: eric.hart

කුෂ්ඨරාජගල පසුකර ඒ මගේ කෙටි දුරක් ගිය කල කුඩා කඳු ගැටයෙක පිහිටි වැලිගම අග්‍රබෝධී විහාරයට ළගාවිය හැක. ලක්දිව බුදු සසුනේ ආරම්භයත් සමග එනම්. දේවානම් පියතිස්ස සමයේදී මෙහි අෂ්ඨඵලරුහ බෝධීයක් රෝපනය කර තිබේ. මෙය වැලිගම පළතේ ඇති මනා කළමානකරණයකින් යුත් සුප්‍රසිද්ධ පුද බිමකි.

දෙණිපිටියේ නුග රුක

Image: visitruhuna.sp.gov.lk

ලංකාවේ ඉතා ප්‍රසිද්ධ කිවිඳියක් සිටි ගජමන් නෝනාගේ අතීතය හා බැඳුණූ දෙණීපිටියේ නුග රුක නොදන්නා අයෙක් මේ පුංච් රටේ නොසිටින තරම් වේ. එහෙත් මෙම ඓතිහාසික වෘක්‍ෂය රැක ගත යුතුව ඇත්තේ සිංහල කවිය ක්‍රමයෙන් කෞතුකාගාර ගත වෙමින් පවතින නිසාය. වැලිගම සිට තෙලිජ්ජවිල පාරේ කී.මී 06 ක් පමණ ගිය කල ඇති දෙනිපිටිය නම් පියසේ මෙය පිහිටා තිබේ.

ගල්ගොඩයාන දුපත

මාතර නිල්වලා ගං මෝයේ සිට කී.මීටර් 2ක් පමණ දුරින් මුහුදු මැද පිහිටි රමණීය දුපතට ගල්ගොඩයාන දුපත යැයි කියනු ලැබේ. තායිලන්තයේ චුම්සායි කුමාරු රජකමට පත් වීමට පෙර එරටේ පවතින නිතීයට අනුව කෙටි කාලින මහණ දම් පුරා ඇත්තේ මෙම දුපතේ දී බයට ජනප්‍රවාදයක් පවතී.

මාතර තාරකා කොටුව

Image: Image: bandi42.wordpress.com

ඕලන්ද ජාතිකයින් දකුණේ සිංහලයින් නසා මාතර ප්‍රදේශය තුළ තම බලය පිහිටවු පසු 1762 න් 1765 අතර කාලයේදී තරුවක හැඩයට මාතර නගරය තුළ අතු සෙවිලි කළ කුඩා බළකොටුවක් සාදන ලදී. නිල්වලා නදිය අසබඩ මාතර රෝහල ඉදිරිපිට මෙහි නටබුන් ඔබට දැක ගත හැක. මෙම කොටුව නිර්මාණය කළ ඉංජිනේරු තැන වුයේ ඕලන්ද ජාතික කැප්ටන් ජෑන්හෙන්ය. ඔහු පසුකලෙක බීමත්ව අසුපැන්වීමේදී ගසෙක අත්තක හිස වැදී පොඞ්වී මරණයට පත්වූයේ  ත්‍රිකුණාමලයේදීය.

වෙහෙරහේනේ පුර්වාරාම විහාරය

Image: Chanka Kasun

මාතර නගරයට පැමිණි ඔබ වෙහෙරහේන ගම් පියසට ගොස් එහි ඇති වෙහෙරහේනේ පුර්වාරාම විහාරය වැඳ පුදා නොගත හොත් ඔබට එම රමණිය පුණ්‍ය භූම්යේ පිහිටි දැවැත්ත පිළිම වහන්සේත් උමං විහාරයත් චිත්‍ර කරණයත් දැක බලා ගැනීමට නොහැකි වනු ඇත.

දෙවුන්දර විහාර හා උපුල්වන් දේවාලය

Image: nuwan+ishani

මාතර සිට වෙරළබඩ A2 පාරේ ඉදිරියට යන ඔබට දෙවුන්දර විහාරයත්, උපුල්වන් දේවාලයත් මුණ ගැසේ. දෙවුන්දර තුඩුවේදී ඔබ දැන් සිටින්නේ ලංකාවේ එක් කෙළෙවරකයැයි හැඟෙන විට ඔබේ සිතට මහත් වු අභිමානයක් දැනෙනු ඇත. මාතර වැල්ලවාය පාරේ මාතර සිට කි.ම්ටර් 5ක් ගිය කල ඇති දෙවුන්දර නගරයේ මෙම විහාර හා දේවාලය පිහිටා ඇත. ක්‍රි.ව හයවෙනි සියවස දක්වා දිවයන අතීතයක් ඇති මෙම විවාහරය හා දේවාලය පිහිටා ඇති ක්‍රි.ව හයවෙනි සියවස දක්වා දිවයන අතීතයක් ඇති මෙම විහාරය පෘතුගීසීන් විසින් සුනු විසුනු කර දමා ඇත. උපුල්වන දේවාලය අසල දෙවන පරාක්‍රමභාහු රජු විසින් ක්‍රි.ව 1236- 1270 අතර කාලයේදී කරවන ලද පුවරු ලිපියෙක මේ අසල තෙන්ඩිරතොට නමින් වරායක් තිබු බව කියැවේ. දෙව්නුවර උපුල් වන් දේවාලයේ අතීතය රාම රාවණා යුගය දක්වා ම විහිදී යයි. එනිසා ලංකාවේ ඉතා පැරණී ම දේවාලයක් ලෙස මෙය සැලකේ.

හුම්මානය

Image: troy1lk

කොළඹ කතරගම මාර්ගයේ 190 වැනි කි.මීටර් කණුව අසලින් දකුණට ඇති පාර් කි.මීටර් 1 1/4 ක් පමණ ගිය විට කුඩා වැල්ල නම් මුහුදුබඩ ගම්මානයට ළගා විය හැක. මෙහි ඇති හ්ම් හඬ ඇසෙන මානයක පිහිටි ආශ්චර්යමත් ලක් සොභාවට හුම්මානය යැයි කියනු ලැබේ. දැඩි මෝසං සුළං හමන ජුනි හා ජුලි මාසවලදී දළ රළ මගින් කුඩාවැල්ල ගම්මානයේ ඇති මෙම ස්වාභාවික වතුර මලට නව ජවයක් එක් කරනු ලැබේ.

02. මාතර සිට අකුරැස්ස හරහා දෙණියාය මාර්ග චාරිකාව

මතර සිටින ඔබ අකුරැස්ස හරහා දෙණියායට යන්නේ නම් ඔබට ඓතිහාසික ගැටබරු දේවාලය හා එළමල්දෙණිය රජමහා විහාරය වැඳ පුදා ගත හැක. ඉන් පසු ක්‍රමයෙන් සිසිල් සුවදායක කඳුකර දෙණියාය පැත්තට යන්න. මෙහිදී ඔබ මිහිඳුමි සළු පොරවාගත් කඳුහෙල් මිටියාවත් වලින් වශීකෘත වනු නොඅනුමානය ඔබගේ ගමන් වෙහෙස නිවාලන්න දියලලනා කිහිප දෙනෙකු ඔබ එන තුරු දෙණියායේ බලා සිටි. ඒ දෙණියායේ කොටපොළ ඇල්ල, දෙණියායේ හත්මාලේ, ඇල්ල අටුපොළ ඇල්ල හා දෙණියායේ ඒ දඩු ඇල්ල වේ. දෙණියායේ සිට ආපසු එන ගමනේදී ඌරුබොක්කට ගොස් රොටුඹ ශිලා ලිපියට එබී බලන්න.

ඓතිහාසික ගැටබරු දේවාලය

Image: chamindakithsir

මොරවක කොටපොළට නුදුරින් අතිදුෂ්කර කඳු මස්තකයක ගැටබරු දේවාලය පිහිටා ඇත. කතරගම දේවාලය මෙන් ප්‍රසිද්ධ මෙම දේවාලය රජ්ජුරුබණ්ඩාර දෙව්ඳුන් වෙනුවෙන් ඉදි කෙරි ඇත. සොරුන්ට සහ සතුරන්ට දඩුවම් දීම කෙරෙහි ප්‍රසිද්ධියක් උසුලන මෙම දේවාලය සහ ඒ සමග ඇති ලෙන් විහාරය වළගම්බා රජු විසින් කරන්නට ඇතැයි සැලකේ. රක්වාන හෙල්වලටත් සිංහරාජ කඳු වළල්ලටත් මොරවක්කන්ද කඳු වළල්ලටත් මැදිව ගැටබරු කන්ද පිහිටා තිබේ

එළමල්දෙණිය රජමහා විහාරය

Image: trips.lakdasun.org

අකුරැස්ස සියඹලාගොඩ මාර්ගයේ පරගස්තැන්න හන්දියෙන් හැරී කී.මී 3ක් පමණ ගිය විට එළමල්දෙණීය රජමහා විහාරය හමුවේ. තිස්ස කුමරුන් විසින් රුහුණේ කරන්නට යෙදුන විහාර වලින් එකක් ලෙස එළමල්දෙණීය ලෙන් විහාරය සැලකේ.මෙම ලෙන තුළ 18 රියන් සැතපෙන බුදු පිළමයෙකි.

දෙණියායේ දිය ඇලි පන්තිය

Image: Image: miracleisland.wordpress.com
  1. දෙණීයායේ කොටපොළ ඇල්ල
  2. දෙණියායේ හත්මාලේ
  3. දෙණීයායේ අටුපොළ ඇල්ල
  4. දෙණීයායේ ඒදඬු ඇල්ල නැගෙනහිර
  5. දෙණීයායේ ඒදඬු ඇල්ල බටහිර

රොටුඹ ශීලා ලිපිය

යටගිය දවස අනුරාධපුර පළාතය සමගාමීම මාතර පළාතේ බුදුසසුන බැබළෙන්නට පටන්ගෙන තිබුණ බව රොටුඹ ගල්ලෙනෙහි ඇති බ්‍රාහ්මි අක්‍ෂරයෙන් කළ ශිලා ලිපියෙන් පෙනේ. මෙය මාතර පළාතේ ඇති ඉපැරණීම ශිලා ලේඛණය වේ.

මෙම ස්ථානයන්හි ඔබ සතුව පවතින හොඳ තත්වයේ ඡායාරූප අපවෙත එවන්න / පහළින් කමෙන්ට් කරන්න.

Cover Image: reisgraag.nl


Like it? Share with your friends!

328 SHARES
328 SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
1
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
1
Cry
Like Like
12
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අසිරිමත් මාතර දිසාවේ සුන්දර චාරිකාව

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes