web analytics

සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයින්


මතකද මීට කලින් වතාවක අපි කිව්ව සිංහල සිනමාවේ හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් ගැන. ඔන්න අද කියන්න හදන්නෙ සිංහල සිනමාවෙ හිටපු හොඳම දුෂ්ට නළුවො ගැන.

මෙතෙන්දි අපි තෝරගත්තෙ නිරන්තරයෙන්ම දුෂ්ටයාගේ භූමිකාවට ජීවය දුන්න චරිත කිහිපයක්. ඒ ඇරුනහම ගාමීණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ඩී. ආර්. නානායක්කාර, ටෝනි රණසිංහ, වොලී නානායක්කාර, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රණ්දෙණිය, විමල් කුමාරද කොස්තා වගේ රංගන ශිල්පීන් පවා ඉතා විශිෂ්ට අන්දමේ දුෂ්ට චරිත රඟපාල තියෙනව.

නමුත් අපි මෙතෙන්දි තෝරගත්තෙ දුෂ්ටයො කිව්ව ගමන් ඔළුවෙ මැවෙන චරිත විතරයි. ඒ වගේම තමයි මේ අයත් දුෂ්ට චරිත විතරක්ම රඟපාපු අයත් නෙමෙයි.

අලුත් පරම්පරාවෙ අයනම් මේ සමහර චරිත ගැන අහලවත් නෑ.

එහෙනම් දැනගන්නත් එක්ක බලමුකො කවුද මේ කියල.

  1. 1 සොමී රත්නායක.


    ඇමෙරිකාවෙ ජීවත්වෙන හින්ද දැන්නම් වැඩිපුර සිංහල චිත්‍රපටවල දකින්න නෑ. ඒත් කාලයක් තිබුන දුෂ්ට චරිතෙට මෙයාව නැතුවම බැරි. වේදිකාවෙන් සිනමාවට ආපු නළුවෙක්. හුලවාලි, උතුමාණෙනි, දඩයම, සුද්දිලාගේ කතාව, බව දුක, බව කර්ම, සුරබිදෙන වගේ උසස් මට්ටමේ චිත්‍රපට රැසකට රන්ගනයෙන් දායකවුනු සොමී රත්නායක උතුමාණෙනි, සුරබිදෙන, සුද්දිලගෙ කතාව වගේ චිත්‍රපටවල කරපු සුපිරි රඟපෑම් නිසාම සම්මානයටත් පාත්‍ර වෙනව. අන්තිමටම අපි දැක්කෙ මායා චිත්‍රපටයෙ ගරු රඟපෑමකින් උනත් ප්‍රධාන චරිතයක් අවසන් වතාවට කළේ පරාවර්තන චිත්‍රපටයෙ.
  2. 2 මර්වින් ජයතුංග

    sarasaviya.lk
    මේ ඉන්නෙත් වේදිකාවෙන් සිනමාවට ආපු චරිතයක්. නළුවෙක් වෙන්න කලින් මිනින්දෝරුවෙක්. වැඩිපුරම රඟපෑවෙ දුෂ්ටයගෙ චරිත උනාට වෙනස් චරිතත් රඟපාල නැතුවම නෙමෙයි. මුලින්ම සිනමාවට ආවෙත් චණ්ඩි පුතා චිත්‍රපටයෙ ඉතා ප්‍රභල චරිතයකින්. රඟපෑ චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් වසරකට තිරගතව ඇති නළුවා ලෙසින් දේශීය සිනමා වාර්තාවකුත් මෙයාට තියෙනව. ඒ 1992 දි ඔහු රඟපෑ චිත්‍රපට 17ක් තිරගතවීමෙන්.
  3. 3 ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

    divaina.com
    සිංහල සිනමාවෙ මුල් යුගයේ වැඩිපුරම තිබුනෙ දකුණු ඉන්දියානු ආභාෂය. සටන් ජවනිකාවලටත් මේ තත්ත්වය පොදුයි. ඇත්තටම ඒව හෙන ගොන්. ඔය තත්ත්වය වෙනස්කරපු දෙන්නෙක් ඉන්නව. මුලින්ම තාත්වික සහ ලංකාවට ගැලපෙන විදිහට සටන් අධ්‍යක්ෂණයක් සිදුකරන්නෙ රොබින් ප්‍රනාන්දු. රොබින්ගෙ මග ගිය අනිත් කෙනා තමයි ඇලෙක්සැන්ඩර්. ඒ කාලෙ ඉතින් ඇලෙක්ස් කිව්වොත් සටන් තමයි. ශ්‍රී මදාරා, හාර ලක්‍ෂය, රජගෙදර පරෙවියෝ, සධානා, හතර දෙනාම ශූරයෝ, සරදියෙල්ගේ පුතා, රුහුණු කුමාරි, හොඳම වෙලාව, පසමිතුරෝ වගේ සිනමාපටවල කැපී පෙනන චරිත රඟපාපු නළුවෙක්.
  4. 4 ලයනල් දැරණියගල

    sarasaviya.lk
    හතරදෙනාම සූරයෝ චිත්‍රපටයෙ ලයනල් දැරණියගල රඟපෑවෙ හැරී කියන දුෂ්ට චරිතෙ. මේ රඟපෑම දැකල එඩී ජයමාන්න කියල තිබුන ඩොමී ජයවර්ධනගෙන් පසු ඔහු දැකපු දක්ෂතම දුෂ්ට නළුවා ලයනල් බව. ලයනල් මුලින්ම සිනමාවට එන්නෙ දුෂ්ට චරිතයක් තුළින් නෙමෙයි. රෑන ගිරව්, මී මැස්සෝ, රන්ඔන්චිල්ලා, කස්තුරි සුවඳ, හිත හොඳ මිනිහෙක්, එදත් සූරයා අදත් සූරයා, සුහද පැතුම, අප්සරා වගේ චිත්‍රපට ගණනාවකම ඔහු රන්ගනයෙන් දායක වෙනව.
  5. 5 එච්. ඩී. කුලතුංග

    sarasaviya.lk
    චණ්ඩියා චිත්‍රපටයෙ චුට්ටෙ කියන චරිතය නැගල ගියේ ගාමිණී ෆොන්සේකා හින්ද උනාට නැගල යන්න එක හේතුවක් වෙන්නෙ එච්. ඩී. කුලතුංග කරපු කළු මහත්තයගෙ චරිතෙ. දේශීය සිනමා ඉතිහාසයෙ හොඳම සටන් ජවනිකා ගැන කතා කරද්දි ඉහළින්ම තියෙන සටන් ජවනිකා කිහිපයකටම මෙතුමගෙ දායකත්වය ලැබිල තියෙනව. සටන් කරද්දි සැබෑ ලෙසම සටන් කිරීම ඒකට හේතුවක් වෙන්න ඇති.
  6. 6 රෙක්ස් කොඩිප්පිලි

    sarasaviya.lk
    මේ ඇවිල්ල සිංහල සිනමාවෙ දුෂ්ටයා කියන භූමිකාවට නව ජීවයක් ලබා දුන්නු කෙනෙක්. මුලින්ම රඟපාන්නෙ කතුරු මුවත් චිත්‍රපටයෙ පොකට්කාරයෙක්ගෙ චරිතය. වැඩේ කොච්චර හොඳට කළාද කියනවනම් අධ්‍යක්ෂක කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සමස්ථ චිත්‍රපටයේම ප්‍රධාන දුෂ්ට චරිතය රඟපාන්න ඔහුට ආරධනා කරනව. එදා ඉඳල අද වෙනතුරුත් ඔහු දුෂ්ටයාගෙ චරිතය ලස්සනට කෙරුව. රක්තා, මුවන්පැලැස්ස, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ වගේ චිත්‍රපට රැසක් ඒ අතර තියෙනව.
  7. 7 පියදාස ගුණසේකර

    sarasaviya.lk
    තරුණ කාලෙ ට්‍රැම් රථ රියදුරෙක් විදිහට වැඩ කරල පස්සෙ දෙවෙනි ලෝක යුද්ධෙටත් ගිහින් ඇවිත් නළුවෙක් උන කෙනෙක් තමයි මේ. සැඩසුළං චිත්‍රපටයෙන් තමයි මුලින්ම ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වෙන්නෙ. 1970 සරසවිය සම්මාන උළෙලේ දී බිනරමලී චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහය නළුව ලෙස සම්මානයට පාත්‍රවෙනව. ඒත් පියදාස ගුණසේකරගෙ හොඳම චරිත නිරූපණය හැටියට සලකන්න පුලුවන් හාරලක්සේ චිත්‍රපටයෙ ඔහු කළ චරිත නිරූපණයයි.
  8. 8 ඩොමී ජයවර්ධන

    sarasaviya.lk
    සැකයක් නැතුවම මේ තමයි සිංහල සිනමාවෙ විශිෂ්ටතම දුෂ්ටය. 1953 දි සුජාතා චිත්‍රපටයෙ විකී කියන දුෂ්ට චරිතයෙන් ඇරඹෙන ඔහුගෙ සිනමා ගමන තුළ කැපී පෙනෙන දේ තමයි එවකට පැවති දකුණු ඉන්දියානු ආභාෂය තුළත් ඔහු කිසිවෙක් අනුකරණය නොකිරීම සහ තමන්ටම ආවේණික වූ රංගනයක නිරතවීමයි. ඔහුට තිබුනු පෞර්ශය නිසාම ඔහු විටෙක ප්‍රධාන නළුවාව පවා අභිබවා ගිය අවස්ථා දක්නට ලැබෙනව. හොඳම උදාහරණය තමයි සුජාතා චිත්‍රපටය. වරද කාගෙද, රදල පිළිරුව, දුප්පතාගේ දුක, සූරසේන, දෙයියන්ගේ රටේ, සැමියා බිරිඳගේ දෙවියාය, චණ්ඩියා, සැපත සොයා, හතර මහා නිධානය, ළසඳා වැනි චිත්‍රපට ගණනාවකම ඔහු රංගනයෙන් දායකවුනා.

 අන්තිමට කියන්න තව කතාවක් තියෙනව. ඒ තමයි මේ හැමෝම දුෂ්ටයො උනේ සිනමාවට පමණයි. සැබෑ ජීවිතේදි ඔවුනුත් අපි වගේම සාමාන්‍ය මිනිසුන් පමණයි.

Like it? Share with your friends!

598 SHARES
598 SHARES

What's Your Reaction?

Cute Cute
2
Cute
Lol Lol
1
Lol
OMG OMG
8
OMG
Thanks Thanks
6
Thanks
Cry Cry
2
Cry
Like Like
11
Like
Confused Confused
3
Confused
Dislike Dislike
4
Dislike
Damn Damn
3
Damn

සිංහල සිනමාවේ හොඳම දුෂ්ටයින්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes