web analytics

ෆෝබ්ස් සඟරාවට අනුව 2017 වසරේ වැඩිම මුදලක් ඉපයු නිළියෝ දහදෙනා


මේ කියන්න යන්නේ, 2017 වසරේ, ෆෝබ්ස් සඟරාවට අනුව,හොලිවුඩ් රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ආදායමක් ඉපයු නිළියෝ 10 දෙනා ගැනයි. පසුගියදා ෆෝබ්ස් සඟරාව මේ නම් ලැයිස්තුව එළි දක්වනු ලැබුවා.

10. Amy Adams ($11.5 million)

?ලිස්ට් එකේ දහවෙනි ස්ථානය ගන්නේ Amy Adams ය. මේ වසරේ ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.5කි. Amy මිට පෙර පස් වතාවක් ඔස්කාර් සම්මානය  සඳහා නිර්දේශ වී ඇති අතර ඇය ග්ලෝබ් සම්මාන දෙකක ද හිමිකාරියෙකි. 2014 වසරේ, ටයිම්ස් සඟරාවට අනුව ලෝකයට බලපෑම් කළ හැකි මිනිසුන් 100 දෙනාගේ ලිස්ට් එකට Amy ද ඇතුළත් වි තිබුනි. Darren Le Gallo ඇගේ සැමියා වන අතර , මේ වන විට Amy එක්දරු මවකි. ගිය වසරේ මේ ලිස්ට් එකේම ඇය 07 වන ස්ථානය දිනාගත් අතර ඒ වසරේ ඇගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15.5 ක් විය.

 

 

9.Julia Roberts($12 Million)

?මේ ලැයිස්තුවේ 09 වෙනි ස්ථානය ගන්නේ ජුලියා රොබට්ස් ය. ෆෝබ්ස් සඟරාවට අනුව ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12කි. 2005 සහ 2006 අවුරුදු වල ලොව ඉහළම ආදායම් ඉපයු කාන්තාවන්ගේ ලැයිස්තුවේ ජුලියා ඉහළින්ම වැජඹුන තාරකාවක් විය. 1990 දශකයේ Pretty Woman සඳහා ඇගේ ගාස්තුව ඇමරිකානු ඩොලර් 300,000 ක් පමණ විය. 2003 දී, ඇයට මොනා ලීසා ස්මයිල් (2003) වෙනුවෙන් ඩොලර් මිලියන 25 ක් ගෙවා ඇත. 2010 දී ජූලියා රොබර්ට්ස්ගේ ශුද්ධ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 140 ක් විය.

 

 

 

 

8. Cate Blanchett ($12 million)

?ඕස්ට්‍රේලියානු නිළියක් වන Cate Blanchett ගේ මේ වසරේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12කි. මීට පෙර 2009 දී ද ඇය මෙම ලැයිස්තුව සඳහා  තේරි තිබුනි.

 

 

7. Charlize Theron ($14 million)

මේ ලැයිස්තුවේ 07 වෙනි තැන ගන්නේ Charlize Theron ය. ඇගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14කි.  මීට පෙර ඇය, ටයිම්ස් සඟරාව මගින් නම් කළ ලොවට බලපෑම් කළ හැකි මිනිසුන් 100 දෙනාගේ ලැයිස්තුවටද ඇතුළත් වි තිබුනි.

 

 

6. Emma Watson ($14 million)

මෙයාව නම් ඉතිං, ඕන කෙනෙක් දන්නවා. හැරිපෝටර් එකේ පුංචි මායාකාරිය “හර්මයිනි”. Emma මේ ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙන්නේ ප්‍රථම වතාවටයි. ඒ මේ වසරේ ඇය රගපෑ, Beauty and the beats සහ Circle චිත්‍රපට වෙනුවෙනි. මේ වසරේ ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14 කි.

 

 

5. Mila Kunis ($15.5 million)

මේ ලැයිස්තුවේ පස්වෙනි තැන ඉන්නේ Mia Kunis. ඇගේ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 15.5කි. Bad mom චිත්‍රපයේ ඇය සාර්ථක රංගනයක යෙදෙනවා. Kunis වැඩිපුරම වෙළෙඳ දැන්වීම් වල පෙනි සිටින අතර ඒ අතරිනුත් ස්වර්ණාභරණ හා සම්බන්ධ දැන්වීම් විශේෂ වේ.

 

4. Melissa McCarthy ($18 million)

මේ ලැයිස්තුවේ 04 වන ස්ථානය ගන්නේ Melissa McCathy යි. ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 18කි. ඇය 2015 වසරේ මේ ලැයිස්තුවේ 03 වෙනි ස්ථානය ගත් අතර 2016 දි 02 තැනට පත්විය.

 

 

3. Jennifer Lawrence ($24 million)

ගිය වසරේ අංක එක වු Jennifer Lawrence මේ වසරේ තුන්වන ස්ථානය දක්වා පගළ බැස ඇත. මේ වසරේ ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 24කි. Jennifer මේ ලැයිස්තුවේ ඉන්න ලාබාලතම නිළියද වෙනවා.

 

 

2. Jennifer Aniston ($25.5 million)

Jennifer Aniston දෙවන තැන දිනාගෙන ඇති අතර ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 25.5කි.  වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඇය වැඩිවශයෙන් දැක ගත හැකිය.

 

 

1. Emma Stone ($26 million)

මේ වසරේ වැඩිම ආදායමක් ලැබු නිළිය තමයි ලා ලා ලැන්ඩ් ච්ත්‍රපටයේ මීයාගේ චරිතයට පණ පෙවු Emma stone. 2016 වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේද Ema Stone ය. මේ වසරේ ඇගේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 26 දක්වා ඉහළ නැග ඇත.

 

 


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ෆෝබ්ස් සඟරාවට අනුව 2017 වසරේ වැඩිම මුදලක් ඉපයු නිළියෝ දහදෙනා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes