web analytics

සිංහල සිනමා වංශකතාවේ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් 10ක්


සිංහල සිනමාවෙ හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් කියපු ගමන් වර්තමාන පරම්පරාව හඳුනන බොහෝ චරිතවලට වඩා වෙනස් පිරිසක් ගැන කියන්න තමයි අද අපේ මේ උත්සාහය. ඇත්තටම මේ අය නිකම්ම නිකම් විහිළුකාරයො පිරිසක්නම් නෙමෙයි. මේ තමයි සිංහල සිනමාව තුළ ප්‍රේක්ෂකාගාරය හිනස්සපු නියම “පොරවල්”.

10. බන්දු සමරසිංහ

bandu-samarasinghe

බන්දුසේන සමරසිංහ, එහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට බන්දු සමරසිංහ කිව්ව ගමන් ඔළුවට එන්නෙ 90 දශකයෙන් පස්සෙ සිංහල සිනමාවෙ පිනුම් ගහපු දතක් නැති විහිළුකාරයෙක් විදිහට වෙන්න පුලුවන්. නමුත් බන්දු ගෙ සිනමා කතාව 70 දශකය තරම් ඈතකට දිවයන්නක්. හාස්‍යයෙන් ඔබ්බට ගිය රංගන පරාසක් තිබුන නමුත් වාසනාවකට හෝ අවාසනාවකට බන්දු හාස්‍යෝත්පාදක රංගනයන්ටම සීමා වීමක් සිදුවුණා. 90 දශකයේ ආරම්භයත් සමඟ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ “චෙරියෝ” සිනමාපට පෙළ මෙන්ම 90 දශකය අවසානයේදී ආරම්භ වී ආදායම් වාර්ථා තැබූ “රෑ දැනියෙල් දවල් මිගෙල්” සිනමාපට පෙළ මගින්ද සිංහල සිනමාවේ හාස්‍යෝත්පාදක සිනමාපට රැල්ලක් ඇති කිරීමටද පුරෝගාමී වූ කෙනෙක් තමයි බන්දු සමරසිංහ.

09. හියුගෝ ප්‍රනාන්දු

hugo-fernando

කවුද මේ හියුගෝ ප්‍රනාන්දු? හියුගෝ ප්‍රනාන්දු එහෙමත් නැත්නම් හියුගෝ මාස්ටර් කියන්නෙ මල්ටිටැලන්ටඩ් චරිතක්. ඔහුගේ හැකියාවන් විහිදුනේ එක ක්ෂේත්‍රයක පමණක් නෙමෙයි. ඔහු රංගන ශිල්පියෙක්, ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීත රචකයෙක්, දෙබස් රචකයෙක්, වගේම සහය අධ්‍යක්ෂකවරයෙක්. හියුගෝ මාස්ටර්ගෙ සිනමා ජීවිතයෙ ආරම්භය සිද්ධ වෙන්නෙ සිංහල කතානාද සිනමාවෙ ආරම්භයත් එක්කමයි. ඒ “කඩවුණු පොරොන්දුව” තුළින්. විකට චරිත නිරූපණය කරන ගමන් දුෂ්ඨයාගේ භූමිකාවත් අපූරුවට නිරූපණය කළ රංගන ශිල්පියෙක්.

08. එඩී ජයමාන්න

eddie-jayamanna

දොන් එඩ්වඩ් වික්ටර් වන්නිආරච්චි ජයමාන්න හෙවත් එඩී ජයමාන්න කියන්නෙත් සිංහල සිනමාවෙ පුරෝගාමී චරිතයක්. සිංහල කතානාද සිනමාවෙ ආරම්භයට දායකත්වය දක්වපු පුද්ගලයින් කිහිප දෙනාගෙන් එක් අයෙක්. “කඩවුණු පොරොන්දුව” සිනමාපටයේ මනප්පුවා ලෙස හාස්‍යජනක රංගනයක නිරතවුනේ එඩී ජයමාන්න. යුගයක් සිනහවෙන් හැඩ කළ මේ රසවතාගේ මුල්ම සිනමාපටය කඩවුණු පොරොන්දුව වූවා සේම දෛවෝපගත ලෙස අවසන් සිනමාපටය වූයේද යළි නිෂ්පාදනය කළ කඩවුණු පොරොන්දුව සිනමාපටයයි.

07. දොන් සිරිසේන

don-sirisena

විශාල චිත්‍රපට සංඛ්‍යාවක රංගනයේ නිරත වූ කෙනෙක් තමයි දොන් සිරිසේන කියන්නෙත්. හැබැයි අළුත් පරම්පරාවෙ අය අතරනම් මේ නම කිව්වට දන්නෙ ඉතාම සුළු පිරිසක්. ලංකාවෙ වාණිජ සිනමාවෙ තිබුණු එක්තරා වට්ටෝරුවක් තමයි කොල්ලයි, කෙල්ලයි, දුෂ්ඨයයි, සින්දු පහයි, ෆයිට් තුනයි කියන්නෙ. ඔය වට්ටෝරුව ඇතුලෙ කොල්ලගෙ යාළුව තමයි බොහොමයක් වෙලාවට විහිළුකාරය. මෙන්න මේ චරිතෙ ඒ යුගයේද සාර්ථකව කරපු කිහිප දෙනාගෙන් කෙනෙක් තමයි දොන් සිරිසේන. මේ විහිළු උනත් අවර ගණයේ බාල විහිළු නෙමෙයි. “ඇර සොයිසා” සිනමාපටයේ ඔහු කළ රංගනය අදටත් මතක් වෙද්දි හිනා යන්නෙ අන්න ඒ නිසයි.

06. ඇන්තනී සී. පෙරේරා

anthony-c-perera

“යනවිට පාරේ උකුළ නටන තාලේ ලස්සන කෙසේ වනම්දෝ” ඔය වචන ටික ඇහෙද්දි මතක් වෙන රංගන ශිල්පීන් දෙදෙනෙක් ඉන්නව. එක්කෙනෙක් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, අනිත් කෙනා ඇන්තනී සී. පෙරේරා. මේ රංගවේදීන්ගෙ පරම්පරාවෙ හිටපු තවත් නොමැකෙන මතකයන් ඉතිරි කරපු රංගන ශිල්පියෙක් තමයි ඇන්තනී සී. පෙරේරා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, වැනි දැවැන්තයින් සමග කරට කර රංගනයේ යෙදුණු මේ රසවතා ඇඟට නොදැනී ප්‍රේක්ෂකයින් හිනස්සන්න අති දක්ෂයෙක්. අදටත් 70 දශකයේ සිනමාපට නරඹද්දි ඇන්තනී සී. පෙරේරා ඉන්නව දැක්කොත් කතාව මොකක් උනත් දිගටම බලන්න හිතෙන්නෙ ඔහු උත්පාදනය කරපු හාස්‍ය රසයේ තරම දන්නා නිසාමය.

05. විජය නන්දසිරි

vijaya-nandasiri

සුවහසක් ප්‍රේක්ෂක සිත් දිනාගත් මේ රංගවේදියාව හඳුන්වා දිය යුතුද? ඔහු ඒ තරමටම ජනප්‍රිය චරිතයක්. නමුත් විජය නන්දසිරි කියන්නෙ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් විතරද? ඇත්තෙන්ම නැහැ. ඔහුට තිබුනෙ ඉතා විශාල පරාසයක් තුළ පැතිර ගිය රංගන කුසලතාවක්. විජය නන්දසිරි හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් වශයෙන් ඉස්මතු වෙන්නෙ මෑත ඉතිහාසය තුළයි. විශේෂයෙන් බහුභූතයෝ, සිකුරු හතේ, කිං හන්තර්, සුහද කොකා වැනි සිනමාපට තුළින්. හාස්‍යෝත්පාදක රංගනයක් උදෙසා මෙරට රංගන ශිල්පියෙකු හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් එකම අවස්ථාව හිමි කරගනු ලැබුවෙත් 2007 වසරේදී සිකුරු හතේ සිනමාපටය වෙනුවෙන් විජය නන්දසිරි මහතායි.

04. ෆ්‍රෙඩී සිල්වා

freddie-silva

“කෝන් ගහේ වට පාරෙන් ඕන් එනෝ” ඒ තමයි ෆ්‍රෙඩී සිල්වා. 60 දශකයේ සිට 2000 දශකයේ ආරම්භය තෙක්ම යුග ගණනාවක් හිනස්සපු චරිතයක් තමයි ෆ්‍රෙඩී සිල්වා. ඔහු නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. මුලින් සඳහන් කරපු වට්ටෝරුගත සිනමා භාවිතාව තුළ විහිළුකාරය එහෙමත් නැත්නම් කොල්ලගෙ සපෝටර් ගෙ වැඩේ තිතටම කරපු කෙනෙක් තමයි ෆ්‍රෙඩී සිල්වා. ගාමිණී ෆොන්සේකා ගේ සිට රංජන් රාමනායක දක්වා වූ රිදී තිරයේ වීරයන් රැසකගේ සපෝටර් වෙන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒත් ෆ්‍රෙඩී සිල්වා ප්‍රධන චරිතය නිරූපණ කළ “ඇර සොයිසා” ඒ සියල්ලටම වඩා ඉදිරියෙන් බවනම් කිව යුතුමයි.

03. විමල් කුමාර ද කොස්තා

vimal-kumara-costa

මේ නිකම්ම නිකම් විකට නළුවෙක්නම් නෙමෙයි. සිංහල සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පීන් කිහිප දෙනාගෙන් කෙනෙක්. ඒ වගේම ලංකාවෙ අභිරූපණ රංග කලාවෙ පුරෝගාමිය හැටියටත් හඳුන්වන්න පුලුවන්. ඇත්තටම මොහු වැඩිපුර රඟපෑවෙ හාස්‍යෝත්පාදක චරිත නෙමෙයි. නමුත් සීරියස් චරිත ඇතුලෙ ඉඳගෙනත මිනිස්සුන්ව හිනස්සවන්න පුලුවන් රංගන ශිල්පියෙක් තමයි විමල් කුමාර ද කොස්තා. අහස් ගව්ව, බඹරු ඇවිත්, සරුංගලේ, ඈතින් ඈතට, මරුවා සමඟ වාසේ වැනි විශිෂ්ට සිනමාපට රැසකටම දායකත්වය දුන් විමල් “එයා දැන් ලොකු ළමයෙක්” සිනමාපටයේ කළ රංගනය ගැනනම් කියල වැඩක් නෑ.

02. ඩී. ආර්. නානායක්කාර

d-r-nanayakkara

මේ තමයි මුල්ම සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් විශිෂ්ට රංගවේදියා. හාස්‍යෝත්පාදක චරිත මෙන්ම දුෂ්ඨයාගේ භූමිකාවද, මේ සියල්ලටත් වඩා සංකීර්ණ වූ චරිත රැසක්ද නිරූපණය කළ ඩී. ආර්. නානායක්කාර සැබවින්ම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකි. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා මෙන්ම ස්ටීවන් ස්පීල්බර්ග් වැනි සිනමා අධ්‍යක්ෂකවරුන් ඩී. ආර් ගේ දායකත්වය ලබා ගැනීම තුළින්ද ඒ බව පැහැදිලි වේ. දෙවරක් හොඳම නළුවාට හිමි සරසවිය සම්මානය දිනූ ඩී. ආර්. නානායක්කාර රේඛාව, සිකුරු තරුව, පරසතු මල්, බිනරමලී, බැද්දේගම, Indiana Jones and the Temple of Doom වැනි සිනමාපට රැසකට දාය වී තිබේ.

01. ජෝ අබේවික්‍රම

joe-abeywickrama

ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා කියල මොහුව හැඳින්වුවහොත් ඒක අතිශයෝක්තියක් නම් නෙමෙයි. ඒ විතරක්ද? නැහැ. මේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම රංගවේදීන් දෙදෙනාගෙන් එක් අයෙක්. ජෝ අබේවික්‍රමගෙ රංගන දිවිය ආරම්භ වෙන්නෙ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක් විදිහට. කෙසේ නමුත් ඔහුගෙ රංගන දිවියෙ හැරවුම් ලක්ෂ්‍ය තමයි “වැලි කතර” සිනමාපටයෙ ගෝරිං මුදලාලිගෙ චරිතය. සාරවිට, දෑස නිසා, රන්මුතු දූව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, පුරහඳ කළුවර වැනි උසස් සිනමාපට රැසකටම දායකත්වය ලබා දී තිබේ. හාස්‍ය ගැන කතා කළොත් ඉතින් “අල්ලපු ගෙදර” සහ “කොළඹ සන්නිය” විතරක්ම ඇති ඔහුගේ හැකියාව පෙන්වන්න.

හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් කිව්ව ගමන් ඔබේ හිතේ මැවෙන රූප පෙළට වඩා වෙනස් රූප පෙළක් ඇතැම්විට මේ තුළින් ඔබ අත්විඳින්නට ඇති. වර්තමානයේ පිනුම් ගසන විහිළුකාරයින්ට සාපේක්ෂව ගත් කළ මේ තමයි සිංහල සිනමාවෙ හාස්‍ය පැත්තෙන් බිහි වූ සැබෑම “පොරවල්”. මීට අමතරව සඳහන් නොකළ සියලුම රංගන ශිල්පීන්ව කෘතවේදීව සිහිපත් කළ යුතුමයි. ඒ කාන්තර වගේ ජීවිතවලට සිනහ පොදක් එක් කිරීමට ඔවුන් ගත් වෑයම වෙනුවෙන්.

මූලාශ්‍ර – අන්තර්ජාලය සහ පොතපත ඇසුරෙන්.


Like it? Share with your friends!

8.5k SHARES
8.5k SHARES
What's Your Reaction?
Cute Cute
2
Cute
Lol Lol
0
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සිංහල සිනමා වංශකතාවේ විශිෂ්ටතම හාස්‍යෝත්පාදක රංගන ශිල්පීන් 10ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image