පාඩම් කිරීම නීරස අයට විද්‍යාත්මක විසඳුමක්


පාඩම් කිරීම නීරස දෙයක්ද? අවංකව උත්තර දුන්නොත්..

ඔව්.

පාඩම් කිරීම නීරස දෙයක් කියා අපට අත්හැරීමට නොහැක. අපි කොතරම් අකමැති වුවත් අපිට පාඩම් කිරීම අනිවාර්ය දෙයක් බවට පත් වී අවසන්.

මේ නීරස පාඩම් කිරීම අපට රසවත් දෙයක් බවට පත් කර ගැනීමට හැකිද?

ඇත්තෙන්ම ඔව්.

පාඩම් කිරීම රසවත් මෙන්ම ඵලදායී ක්‍රියාවක් බවට පත් කර ගැනීම එතරම් අපහසු දෙයක් නොවේ. කල යුතු වන්නේ අපගේ සිතුවිලි රටාව වෙනස් කරගැනීම සහ පාඩම් කිරීම සඳහා නිවැරදි විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදා ගැනීම පමණයි.

Image: richardfarrar.com

මේ ලිපිය කියවන ඔබ සාමාන්‍ය පෙළ සඳහා හෝ උසස් පෙළ සඳහා සූදානම් වන අයෙක් වන්නට පුලුවන්.

පහත විස්තර කරන ක්‍රමවේදය උත්සාහ කරල බලන්න. ඔබට අනිවාර්යෙම උසස් මතක ශක්තියක් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ ක්‍රමය යොදා ගැනීමට ප්‍රථමයෙන් පාඩම් කිරීම පිළිබඳ ඔබගේ අසුබවාදී දැක්ම වෙනස් කර ගන්න.සරලව කිව්වොත් “අපෝ පාඩම් කරන එක මට එපා වෙලා තියෙන්නෙ” කියන හැඟීම ඉවත් කරගන්න. ඒ වෙනුවට “පාඩම් කිරීම රසවත් පහසු දෙයක්” කියන දේ විශ්වාස කරන්න.

එහෙනම් මෙන්න පළමු ක්‍රමය.

OK 5 R

මේ ක්‍රමය ප්‍රධාන පියවර 7ක් තිබෙනවා.ඒවා පහත පරිදි පෙළ ගැස්විය හැක.

1. Over View
2. Key Ideas
3. Recall
4. Reflect
5. Reflect
6. Review
7. Recollect

ඉහත සඳහන් කල වචන 7 හි මුලකුරු යොදා ගෙන OK5R කියන නම නිර්මාණය වී ඇත.

01. Over View- සමස්ථය දකින්න

 

Refresh.LK

ඔබට පාඩම් කිරීමට ඇති විෂය ඒකයේ සමස්ථය දකින්න උත්සාහ කරන්න. ප්‍රධාන සහ උප මාතෘකා යටතේ විශය කරුණු පෙළගස්වාගෙන සම්පූර්ණ පාඩම ගැන දළ අවබෝධයක් ලබා ගන්න. සම්පූර්ණ පාඩම් ඒකකය ගැන ක‍ටු සටහනක් සකක් කිරීමට උත්සාහ ගන්න.

02. Key Ideas- ප්‍රධාන අදහස තේරුම් ගන්න

Refresh.LK

පාඩම තුල ඇති ප්‍රධාන අදහස තේරුම් ගන්න. වැදගත්කම අනුව විශය කරුණු ප්‍රධාන සහ ප්‍රධාන නොවන ලෙස වර්ග කර ගන්න. දැන් ප්‍රධාන කරුණු උපයෝගී කරගෙන ප්‍රශ්නාවලියක් සකස් කරගන්න.

03. Read- කියවන්න

Image: brocku.ca

දැන් සම්පූර්ණ පාඩම කියවන්න. විෂය කරුණු මතක තබා ගැනීම අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ සම්පූර්ණ පාඩම කියවීම පමණි. කලින් සකස් කරගත් ප්‍රශ්නාවලියට උත්තර සොයමින් පාඩම කියවන්න. පාඩම ගැන සම්පූර්ණ අවබෝධයක් ලැබෙන පරිදි කියවීම වැදගත් වේ. තමාගේ වචන වලින් පාඩම සාරාංශ කර ලියන්න.

04. Recall- මතක් කරන්න

දැන් මුල් පාඩම පසෙකින් තබා තමා විසින් සකස් කරගත් සාරාංශ පාඩම නැවත කියවන්න. එය නැවත මතකයෙන් ලිවීමට උත්සාහ කරන්න. විෂය කරුණු අමතක වී ඇත්නම් මුල් පාඩම බලා ඒවා මතක් කර ගන්න.

05. Reflect- මෙනෙහි කරන්න

දැන් මනසින් සමස්ථ පාඩම මෙනෙහි කරන්න.යම් කරුණක් අමතක වී ඇත්නම් එය පාඩම් පොත හෝ තමන් විසින් සාරාංශ කල පාඩම කියවා බලන්න. දිගින් දිගටම සිතෙන් පාඩම මතක තබා ගැනීමට උත්සාහ කරන්න.

06. Review- පුනරීක්ෂණය

පුනරීක්ෂණය කරන්න. තමන් විසින් පාඩම් කල කරුණු අහඹු ලෙස ‍තෝරා ගෙන පුනරීක්ෂණය කරන්න. පාඩම කල විෂය කරුණු මතකයෙන් කීමට හෝ ලිවීමට උත්සාහ කරන්න.

07. Recollect- යළි සිහිකරන්න

දීර්ඝ කාලීන මතකයක් සඳහා නැවත නැවත් මේ ක්‍රියාවේ නිරන්තරයෙන් යොමු වන්න. සෑම විටම විෂය කරුණු මතකයෙන් සිහි කිරීමට උත්සාහ කරන්න. කලින් පියවර නැවත නැවත ක්‍රියාවේ යොදවන්න.

ඉහත ක්‍රමය යොදා ගෙන පාඩම් කිරීමට උත්සාහ කරන්න. ඔබට නිසැකවම උසස් ප්‍රථිපල ලබා ගත හැකි වනු ඇත.

Cover Image: BlogDailyHerald.com


Like it? Share with your friends!

800 SHARES
800 SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
3
Lol
OMG OMG
8
OMG
Thanks Thanks
60
Thanks
Cry Cry
4
Cry
Like Like
28
Like
Confused Confused
4
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

පාඩම් කිරීම නීරස අයට විද්‍යාත්මක විසඳුමක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes