වැඩ්ඩෙක් වගේ ජිම් එකට යන්න ඕනෙ කරන දේවල් 07ක්


වර්තමානයේ හුඟදෙනෙක් පුරුදුවෙලා තියෙනව කායවර්ධන මධ්‍යස්ථානයකට ගිහින් ව්‍යායාම කරන්න. ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න, කාය වර්ධනය එහෙමත් නැත්නම් බොඩි බිල්ඩින්ග් වෙනුවෙන්, ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න, ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න, මානසික ආතතිය නිදහස් කරගන්න වගේ විවිධ හේතු නිසා ගැහැණු පිරිමි දෙපාර්ශවය ජිම් යන එක පුරුද්දක් කරගෙන තියෙනව.

අපි දකින විදිහට මේක හොඳ ප්‍රවණතාවයක්. මොකද දැන් තියෙන තරඟකාරී ජීවන රටාවත් එක්ක හුඟක් අයට ඇඟ වෙහෙසල වැඩක් කරන්න තියෙන කාලය සීමිතයි. බහුතරයක් අය ඔෆිස්වල පුටු රත්කරන පිටි මුට්ට බවට පත්වෙලා. ඉතින් දන්නෙම නැතුව ඇවිදින ලෙඩ ගොඩක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. මේ නිසා වර්තමාන ජීවන රටාවත් එක්ක ජිම් එහෙකට යන එක හොඳ විසඳුමක්.

ජීම් යනකොට සාමාන්‍යයෙන් අපි උනන්දු වෙන්නෙ කරන ව්‍යායාම, ශරීර හැඩය, ආහාර පාලනය වගේ දේවල් ගැන උනාට ඇතැම් වෙලාවට මගහැරෙන ඉතාම සරල කරුණු කිහිපයකුත් තියෙනව. ඇත්තටම මේ දේවල් මගහැරුණ කියල මහලොකු බලපෑමක් නොවෙන්න පුලුවන්. ඒත් හැම පුංචි දෙයක් ගැනම අවධානය යොමුකරන එක කෝකටත් හොඳයි.

අපි මේ කියන්න හදන්නෙ ලංකාවෙ අපි ජිම් යනකොට අමතක නොකරන්න ඕනෙ දේවල් කිහිපයක් ගැනයි.

01. සැහැල්ලු වගේම ප්‍රමිතියෙන් යුත් ඇඳුම් කට්ටලයක්.

Image: PSFK.com

වැඩිය හිතන්න ඕනෙ නෑ. බැනියමයි, ෂෝටයි තිබුනනම් ඒත් හොඳටම ඇති. මෙතෙන්දි ෆැෂන් ගැන බරපතල විදිහට හිතන්න එපා. තමන්ගෙ වැඩේ කෙරෙනවනම් එච්චරයි. මොකද ඔයා ජිම් යන්නෙ ෆැෂන් ෂෝ එකක් කරන්න නෙමෙයිනෙ. හැබැයි පුලුවන් තරම් සැහැල්ලු ඇඳුම් භාවිතා කරන්න. හිර ඇඳුම් නිසා සමහර ව්‍යායාම්වලදි අපහසුවක් දැනෙන්න පුලුවන්. ඇඳුම් කට්ටල කිහිපයක් තියාගන්න එක වඩාත් හොඳයි. ඒ වගේම තමයි තමන්ගෙ ඇඳුම් පිරිසිදුව තියාගන්නත් අමතක කරන්න එපා.

02. සපත්තු.

Image: eukicks.com

මේකත් ජිම් එහෙකට යනවනම් අනිවාර්ය අංගයක්. ඔබ නොදන්නව උනත් ඇතැම් ව්‍යායාම සිදුකිරීමේදී සපත්තු පැළඳ සිටීම ඉතා වැදගත්. ඒ වගේම තමයි ඔබේ දෙපයේ පිරිසිදුකමට වගේම ජිම් එකේ පිරිසිදුකමටත් සපත්තු පැළඳීම හොඳ දෙයක්.

03. Shaker Bottle හෝ වතුර බෝතලයක්.

Image: theodysseyonline.com

මේකනම් අත්‍යාවශ්‍යම දෙයක්. ව්‍යායාම් කරද්දි නිතරම වතුර ඕනෙ වෙනව. වතුර හොයාගෙන ජිම් එක වටේ දුවනවට වඩා හොඳයි තමන්ටම කියල වතුර බෝතලයක් තියාගන්න එක. එහෙම නැත්නම් තවත් පිරිසක් ඉන්නව ශක්තිජනක කිරි භාවිතා කරන. ඉතින් ඒ අයටනම් මේක අමුතු දෙයක් නෙමෙයි.

04. තුවායක්.

Image: cheatsheet.com

ජිම් එහෙක ව්‍යායාම් කරනව කියන්නෙ ඉතින් ඉහින් කනින් දාඩිය හලාගෙන කරන යුද්ධයක් තමයි. හොඳට මතක තියාගන්න ජිම් එහෙක තියෙන උපකරණ භාවිතා කරන්නෙ ඔබ විතරක් නෙමෙයි. ඉතින් තවත් කෙනෙක්ගෙ දහඩිය ඔබට වගේම, ඔබේ දහඩිය තවත් කෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්න ඉඩ නැතුවම නෙමෙයි. මේ නිසා ජිම් එකට යද්දි තුවායක් අරන් යන්න අමතක කරන්න එපා.

05. අත් ඔරලෝසුව.

Image: watchfit.com

බර ගාණක් වියදම් කරන්න අවශ්‍ය නැහැ මේකටනම්. කුඩා ස්පෝට් වොච් එකක් තිබුනම හොඳටම ඇති. මොකද ව්‍යායාම කරද්දි වෙලාව කියන දේ ඉතා වැදගත්. විශේෂයෙන්ම ව්‍යායාම් දෙකක් අතරතුර ඔබ විවේකගන්නා කාලය මැනගැනීමට. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් විවේක ගැනීමෙන් ඔබ අපේක්ෂා කරන ප්‍රථිඵල නොලැබෙන්න පුලුවන්.

06. අත් වැසුම්.

Image: networkedindia.com

විශේෂයෙන්ම බර එසවීමේ ව්‍යායාම් කරන අය අත් වැසුම් පැළඳීම පහසුවක්. මොකද ඔබ ගනුදෙණු කරන්නෙ ලෝහ එක්ක. මේ නිසා අත් ගොරෝසුවීම, කරගැට මතුවීම, ලෙස්සීම වැනි ප්‍රශ්න මතුවෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ නිසා අත් වැසුම් පැළඳීම හොඳ විසඳුමක්.

07. ජිම් බෑග් එක.

Image: mybeautygym.com

දැන් ඔය හැමදෙයක්ම අතින් කටින් එල්ලගෙන යන එක මතක් වෙද්දිත් පිස්සු වගේ නේද? අරගෙන ගියත් කොහෙද තියාගන්නෙ. ජිම් එක හතර අතේ තමන්ගෙ පුද්ගලික දේවල් දාන එක ඔබට වගේම අන් අයටත් අපහසුවක්. මේ නිසා ඒ වෙනුවෙන්ම සැකසුණු බෑග් එකක් භාවිතාකිරීම ඉතා හොඳ දෙයක්.

Cover Image: lifehacker.com


Like it? Share with your friends!

1.1k SHARES
1.1k SHARES

What's Your Reaction?

Cute Cute
24
Cute
Lol Lol
29
Lol
OMG OMG
80
OMG
Thanks Thanks
43
Thanks
Cry Cry
28
Cry
Like Like
67
Like
Confused Confused
12
Confused
Dislike Dislike
19
Dislike
Damn Damn
33
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

වැඩ්ඩෙක් වගේ ජිම් එකට යන්න ඕනෙ කරන දේවල් 07ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes