web analytics

A/L වලින් පස්සෙ මොකද කරන්නෙ?


ඔන්න දැන් A/L ප්‍රතිඵල ඇවිත් ඉවරයි. සමහරු සතුටු වෙද්දි තවත් පිරිසක් දුක්වෙනව. තවත් පිරිසක් ඉන්නව ආතක් පාතක් නැතුව ඊළඟට කරන්නෙ මොකක්ද කියලවත් හිතාගන්න බැරුව.

ඔය හැමෝටම තමයි මේක ලියන්නෙ.

කැම්පස් යන්න සුදුසුකම් තියෙන නංගිල මල්ලිලට මුලින්ම සුභ පැතුම්. ඔයාල දැන් ජීවිතේ එක කඩ ඉමක් දිනල ඉවරයි. හැබැයි මෙතනින් පස්සෙ තමයි හොඳ හොඳ සෙල්ලම් පටන් ගන්නෙ. දැන් ඉතින් ගෙදරින් එළියට බැහැල සමාජයත් එක්ක ගැටෙන්න කාලය හරි.

හැබැයි ඒක හිතන තරම් සුන්දර නෑ.

මොකද ඔබ අඩිය තියන්නෙ වැරදි පාරකට වෙන්නත් ඉඩ තියෙන නිසා ඔළුවෙන් කල්පනා කරල වැඩ කරන්න.

කැම්පස් යන්න බැරිවුනු අපිට මොකද වෙන්නෙ? එතකොට A/L ඇනගත්ත කට්ටිය?

කියන්න ගොඩක් දේවල් තියෙනව. ඒත් මුලින්ම කියන්න ඕනෙ වඩාත්ම වැදගත් දේනෙ. ඒ තමයි “පිස්සු කෙළින්නෙ නැතුව ආපහු විභාගෙ කරහල්ල බන්” කියන එක තමයි.

ගොඩක් පණ්ඩිතයොනම් කියයි බිල් ගේට්ස් ගොඩ ගියෙත් A/L කරලද කියල. බිල් ගේට්ස් විතරක් නෙමෙයි තව ගොඩක් එහෙම චරිත ඉන්නව.

හැබැයි එක දෙයක් අමතක කරන්න එපා.

මේක ලංකාව.

මේ රටේ තියෙන පසුබිමත් එක්ක හොඳම දේ ඉගෙන ගන්න එක. එහෙම නැතුව ගොඩ ගිය චරිත නැතුව නෙමෙයි. ඒත් හැමෝම එහෙම නෑ.

කැම්පස් යන්න ලකුණු මදිනම් තව පාරක් ට්‍රයි කරන එක නේද හොඳ? A/L ඇනගෙනනම් කොහොමහරි පාස්වෙන්න ට්‍රයි කරන එක නේද හොඳම දේ.

මෙතෙන්දි තව කාරණයක් කියන්න ඕනෙ මැත්ස්, සයන්ස් කරල ඇනගත්තු නංගිල මල්ලිලට. හැමෝම දන්නවනෙ ඕක ලේසි වැඩක් නෙමෙයි කියල. ඒක හින්ද හොඳට කල්පනා කරල බලන්න තව සැරයක් කරලත් ඔයාට මේක කරන්න පුලුවන්ද කියල.

එහෙම බෑ කියල හිතෙනවනම් ඔයා දක්ෂ මොනවටද කියල හිතල බලන්න. විෂයයන් මාරු කරන එක ලැජ්ජවෙන්න දෙයක් නෙමෙයි. ඔයාලගෙ අනාගතය වෙනුවෙන් ඕක සුළු දෙයක්.

මේක ලියන මමත් එහෙම කරපු කෙනෙක්.

රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන දේවල්වත්, අම්මල තාත්තල කරන්න කියන දේවත්, හොඳම යාලුව කරන හින්දවත් විෂයයන් තෝරගන්න එපා.

තමන්ට පුලුවන් දේ කරන්න. තමන් කැමති දේ කරන්න. ඇඟේ තියෙන දේ කරන්න.

තවදුරටත් A/L කරන්න බැරිනම්?

අඬන්න එපා. කිසි අවුලක් නෑ. ඉගෙන ගන්න කැම්පස් යන්න ඕනෙම නෑ. තව ඕනෙතරම් අධ්‍යාපන අවස්ථා තියෙනව.

හැබැයි ඔය සේරටම කලින් එක දෙයක් හරියට කරගන්න. ඒ තමයි ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක අධ්‍යාපනය.

අනාගත ලෝකයට මුහුණ දෙන්නනම් මේ දෙක ගැන අවම දැනුමක් හරි තියෙන්න ඕනෙ.

ඔයාලගෙ යාලුවො කැම්පස්වලින් එළියට එන දවසට උන් එක්ක කරට කර ඉන්න පුලුවන් තත්ත්වයක්, එහෙමත් නැත්නම් එයාලටත් වඩා ඉස්සරහින් ඉන්න හොඳ අවස්ථාවක් තමයි ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක අධ්‍යාපනය.

මේක වැදගත් වෙන්නෙ රස්සාවක් කරන්නම නෙමෙයි කියන දේ අන්න එදාට ඔයාලට වැටහෙයි.

කැම්පස් යන්න ලකුණු මදි. ඒත් තවදුරටත් ඉගෙන ගන්න ඕනෙනම්?

මුලිනුත් කිව්ව වගේ මේ රටේ අධ්‍යාපනය ලබන්න අවස්ථා ගොඩක් තියෙනව. රාජ්‍ය මට්ටමින් වගේම පෞද්ගලික අධ්‍යාපන ආයතන හරහා.

ලංකාවෙ බොහොමයක් විශ්වවිද්‍යාලවල බාහිර උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙනව. ඒ වගේම විවිධ ඩිප්ලෝමා, සහතිකපත්‍ර පාඨමාලා ක්‍රියාත්මක වෙනව.

එහෙමත් නැත්නම් වෘත්තීය සුදුසුකම් හදාගන්න පුලුවන් පාඨමාලා ක්‍රියාත්මක වෙනව.

වෘත්තීය පාඨමාලා ගැන අපි වෙනම කතා කරමු. හැබැයි මේ පාඨමාලා තෝරගන්නකොටත් අර මුලින් කියපු කතාව වලංගුයි.

“රටේ ලෝකෙ මිනිස්සුන්ට ඕන දේවල්වත්, අම්මල තාත්තල කරන්න කියන දේවත්, හොඳම යාලුව කරන හින්දවත් විෂයයන් තෝරගන්න එපා.

තමන්ට පුලුවන් දේ කරන්න. තමන් කැමති දේ කරන්න. ඇඟේ තියෙන දේ කරන්න”. ඒ වගේම තමයි පාඨමාලාව හදාරන්නෙ කොතනද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම පෞද්ගලික ආයතන.

මොකද මේ දවස්වල “කාක්කො” වැහි වැහැල.

බහුතරයක් අය බලන්නෙ මොකක්හරි ආයතනයක් අටෝගෙන, උගන්වනව කියල බයිලයක් ගහල ඔයගොල්ලන්ගෙ අතේ තියෙන තුට්ටු දෙකටත් තට්ටු කරන්න. අන්තිමට සහතිකයක් කියල මොකක්හරි එකක් දෙනව කිසිම පිළිගැනීමක්, වටිනාකමක් නැති.

ඒක නිසා හොඳට හොයල බලල තෝරගන්න කලබල වෙන්නෙ නැතුව. රජයේ පිළිගත් පාඨමාලාවක්නම් වඩාත් හොඳයි.

After A/L කරන්න හොඳ වෘත්තීය පාඨමාලා මොනවද?

1. කළමණාකරණ අංශය.

Image: acsenda.com

කළමණාකරණ අංශය පැත්තෙන් ගත්තම වෘත්තීය පාඨමාලා ඉතා විශාල ප්‍රමාණයක් අද වෙනකොට නිර්මාණය වෙලා තියෙනව. ගණකාධිකරණ, මානව සම්පත් කළමණාකරණ, අලෙවි කළමණාකරණ, ව්‍යාපාර පරිපාලන වගේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ මෙම පාඨමාලා ක්‍රියාත්මක වෙනව. ගණකාධිකරණ අංශයෙන් ගත්තොත් Chartered Accounting, CIMA, ACCA සහ AAT වගේ පාඨමාලා ඉතා වැදගත්. මානව සම්පත් කළමණාකරණ අංශයෙන් ගත්තොත්
IPM – Institute of Personnel Management
NIBM – National Institute of Business Management
HRMI – Human Resource Management Institute
වැනි අයතන පවත්වාගෙන යන පාඨමාලා ඉහළින්ම නිර්දේශ කරන්න පුලුවන්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන ව්‍යාපාර පරිපාලන බාහිර උපාධි පාඨමාලාවත් මේ අතර තියෙනව.

2. ඉංජිනේරු අංශය.

Image: strath.ac.uk

ඉතාමත්ම පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍රයක්. මේ නිසාම මේ අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරන්න ආයතන විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙනව. ඒ වගේම තමයි පවතින රැකියා අවස්ථා. කෙසේනමුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට අමතරව රජය මඟින් මේ සම්බන්ධයෙන් පවත්වාගෙන යන වෙනත් ආයතන නැහැ. නමුත් විදෙස් විශ්වවිද්‍යාලයන් හා එක්ව මෙම පාඨමාලා පවත්වාගෙන යන පෞද්ගලික අධ්‍යාපන ආයතන කිහිපයක්ම ක්‍රියාත්මක වෙනව. ඒ අතරින්
ICBT Campus
CINEC Maritime Campus
Colombo School of Construction
Northshore College of Business and Technology
වගේ ආයතන ඉහළින්ම තියෙනව.

3. විද්‍යා විෂයයන්.

Image: ncl.ac.uk

ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, උද්භිද විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව වැනි විද්‍යා විෂයයන් වැඩිදුරටත් හදාරන්න අවශ්‍ය අයට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කර තිබෙනව. ඊට අමතරව රසායන විද්‍යාව පිළිබඳ ආයතනය (Institute of Chemistry) සිසුන් අතර ජනප්‍රිය තැනක්. වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වන අයට හෙද, භෞත චිකිත්සක, වෛද්‍ය රසායනාගාර තාක්ෂණය, ඖෂධවේදී වගේ පාඨමාලා ක්‍රියාත්මක කරන ආයතන පවතිනව. ඔබට වෛද්‍යවරයෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න ඕනෙනම් ඒකටත් අවස්ථාව තියෙනව විදෙස් අධ්‍යාපන ආයතන තුළින්.

04. තොරතුරු තාක්ෂණය.

Image: itcerttraining.solutions

මේ සම්බන්ධයෙන්නම් ආයතන විශාල ප්‍රමාණයක් ලංකාවෙ ක්‍රියාත්මක වෙනව.
SLIIT – Sri Lanka Institute of Information Technology
NSBM – National School of Business Management
APIIT – Asia Pacific Institute Of Information Technology
ESOFT Metro Campus
වැනි ආයතන ඒ අතර ඉදිරියෙන්ම තියෙනව. විශේෂයෙන්ම SLIIT සහ NSBM හරහා දීර්ඝ කාලයක් තිස්සෙ මේ ක්ෂේත්‍රයට වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් බිහිවෙලා තියෙන බවත් මතක් කරන්න ඕනෙ.

05. නිර්මාණකරණය.

Image: technewscentral.co.uk

නිර්මාණකරණය කිව්වම එක් විෂයයක් පමණක් නෙමෙයි. මේක ඇතුලෙ වෙන වෙනම විෂයයන් විශාල ප්‍රමාණයක් තියෙනව. වෘත්තියක් හැටියට වගේම තමන්ගෙම කියල දෙයක් කරන්නත් මේ අංශය ඉතාම හොඳයි. ග්‍රැෆික් නිර්මාණකරණය, බහු මාධ්‍ය, විලාසිතා නිර්මාණකරණය, ගෘහ නිර්මාණ, ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය, උද්‍යාන අලංකරණය, ස්වර්ණාභරණ නිර්මාණකරණය වගේ ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක් මේකට අයිතියි.
AMDT – Academy of Multimedia Design & Technology
Raffles
AOD – International Design Campus
SLIIT – Sri Lanka Institute of Information Technology
LIFT Lanka Institute of Fashion Technology
OCBT
වැනි ආයතන මේ සම්බන්ධයෙන් හොඳ මට්ටමක පවතිනව.

06. සංචාරක කළමණාකරණය සහ හෝටල් කළමණාකරණය.

Image: cccs.co.in

අද වෙද්දි හොඳ ඉල්ලුමක් පවතින ක්ෂේත්‍රයක්. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතන කිහිපයක් පැවතුණත් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මකවන ආයතනය තමයි Sri Lanka Institute of Tourism & Hotel Management. ඉතාම ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යනු ලබන ආයතනයක්.

07. තාක්ෂණික පාඨමාලා.

Image: cgtti.lk

රැකියාවක් වෙත යොමුවෙන්න පුලුවන් හොඳම ක්‍රමයක් තමයි තාක්ෂණික පාඨමාලාවක් හදාරන එක. මේ බොහොමයක් පාඨමාලා ක්‍රියාත්මක වෙන්නෙ රාජ්‍ය අංශයට අයත් ආයතන තුළින්. SLIATE (Sri Lanka Institute of Advanced Technological Education) මගින් පවත්වාගෙන ආයතන තුළ කළමණාකරණ, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මය, ගෘහ විද්‍යාව ආදී විෂයයන් රැසකටම අදාල ඩිප්ලෝමා පාඨමාලා ක්‍රියාත්මක වෙනව. ඒ වගේම රජයේ තාක්ෂණික ආයතන, යොවුන් සේනාංක තුළිනුත් වෘත්තීය පාඨමාලා ක්‍රියාත්මක වෙනව. ශ්‍රී ලංකා ජර්මානු තාක්ෂණ ආයතනයත් මේ අතර වැදගත්. මේ පාඨමාලාවන් හැදෑරීමෙන් විදෙස් රැකියාවන්ට යොමුවෙන්න හොඳ අවස්ථාවනුත් ලැබෙනව.

ඇයි බැරි. එහෙම පාට් ටයිම් ජොබ් කරන අයත් ඕනෙ තරම් ඉන්නව. තමන්ගෙ වියදමත් කවර් කරගෙන අධ්‍යාපන කටයුතුත් කරගන්න හොඳටම ප්‍රමාණවත්.

ඒත් එහෙම රස්සාවල් කෝ?

මේ ලිපිය අවසානයට අපි ඔබට එහෙම අවස්ථාවක් ලබාදෙන්න සූදානම්.

ඉගෙන ගත්ත ඇති. දැන් රස්සාවක් කරන්න කාලෙ හරි.

ඔබට මෙහෙම හිතුනොත් පුදුමයක් නෑ.

ඒකෙ වැරද්දකුත් නෑ.

මේ සමාජ රටාවත් එක්ක රස්සාවක් කියන්නෙ අනිවාර්ය දෙයක්. හැබැයි ඉගෙනගන්න එක නවත්තන්නත් එපා. සුදුසුකම් වැඩිවෙන තරමට තමයි ඔබ පරිපූර්ණ වෙන්නෙ.

නිකම්ම කාලය කා දමනවට වැඩිය හොඳයි රස්සාවකට ගිහින් අත්දැකීම් එකතු කරගන්න එක. වැටුප ගැන වදවෙන්න එපා. මොකද මේක ඔබේ ආරම්භය.

දැන් කියන්න හදන්නෙ අර මුලින් කියපු රැකියා අවස්ථාව ගැන. කැමතිද අපිත් එක්ක වැඩ කරන්න. අපේ මාකටින්ග් ටීම් එකට එකතුවෙන්න කැමතිනම් තවත් හිත හිත ඉන්නෙ නැතුව අපිට අදම අයදුම් කරන්න.

මෙන්න තියෙනව සම්පූර්ණ විස්තරයම මේ ලින්ක් එකේ.

එහෙනම් නංගිල මල්ලිල හැමෝටම ජය!


Like it? Share with your friends!

2k SHARES
2k SHARES
What's Your Reaction?
Cute Cute
1
Cute
Lol Lol
5
Lol
OMG OMG
12
OMG
Thanks Thanks
3
Thanks
Cry Cry
7
Cry
Like Like
12
Like
Confused Confused
0
Confused
Dislike Dislike
5
Dislike
Damn Damn
5
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

A/L වලින් පස්සෙ මොකද කරන්නෙ?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image