ඉඩමක් මිලට ගන්න හිතන ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු කාරණා


ඉඩමක්ද?

තමන්ටම කියලා ඉඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගන්න එක අපි හැමෝගෙම හීනයක්. අනිත් අතට මේ කාලයේ ඉඩම් කියන්නේ කොච්චර ගත්තත් අපතේ නොයන දෙයක්. ඒ වගේම හොද අනාගත ආයෝජනයක්.

ඒත් ඉතින් ඉඩම් ගනුදෙනුවක දි යම් නීතිමය පැතිකඩකුත් තියෙනවා. ඒ වගේම හොදින්ම නිරාකරණය කර ගන්න අවශ්‍යත් ඒ පැත්තම තමයි. අන්න ඒ නිසයි මේ ලිපිය මගින් ඔබට ඉඩමක් මිලට ගන්නකොට අවශ්‍ය වන නීතිමය උපදෙස් කිහිපයක් ලබා දෙන්න හිතුනේ.

ගැනුම්කරු මම නම්

Image: browntape.com

ඔබ ඉඩමක් මිල දී ගන්නවා නම්. විකිණුම්කරුවාට වඩා ප‍්‍රවේසම් විය යුතු වන්නේ, සැලකිලිමත් විය යුතු වන්නේ ඔබයි. ඒ කියන්නේ ගැනුම්කරුවායි. ඒ වගේම ඔබ ගැනුම්කරුවකු විදියට මූලිකව සලකා බැලිය යුතු කාරණය තමයි ඔබ ඒ ඉඩම මිලදී ගන්නේ කවර කාරණයකට ද යන වග. ඒ කියන්නේ ඔබට ඒ ඉඩම අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණය. බොහෝ විට ඔබ ඉඩමක් මිලට ගන්නේ නැවත විකිණීමේ අදහසින් වෙන්නට පුළුවන්.

Image: hotelroomsearch.net

නැත්නම් හොද ගෙයක් හදාගෙන තමන්ගේ අඹුදරුවො එක්ක සැනසීමෙන් ජීවත් වෙන්න හරි දරුවා පාසැලකට ඇතුළත් කර ගැනීම සඳහා පාසල් සීමාමේ පිහිටි ඉඩමක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවක් මත ඉඩම මිලට ගැනීමක් වෙන්නත් පුළුවන්. නමුත් මේ කාරණය ඔබ හොදින් නිශ්චය කරගෙන ඉඩම මිලට ගන්නට යොමු විය යුතුයි. ඒ ඇයි කියන කාරණය මේ ලිපියේ ඉදිරියේ දී ඔබට පැහැදිලි වේවි.

නීතිමය උපදෙස්

Image: castanedaco.com

එහෙනම් අපි කාරණයට බහිමු. ඔන්න ඔබ ඔබට ගැළපෙන ඉඩමක් තෝරාගෙන අවසන්. මේ ඉඩම ඔබ තෝරාගත්තේ ඔබේ ඥාතියෙකුගේ, මිත‍්‍රයෙකුගේ හෝ බ්‍රෝකර් කෙනෙකුගේ ඒ කියන්නේ තැරැුව්කරුවකුගේ උදව්වෙන් හෝ වෙනත් ක‍්‍රමයකින් වෙන්න පුළුවන්. මේ මොන ක‍්‍රමයකින් උනත් ඔබ මූලිකවම කළ යුතු වන්නේ නීතිඥවරයෙකු හෝ ප‍්‍රසිද්ධ නොතාරිස්වරයෙකු හමු වී නීති උපදෙස් ලබා ගැනීමයි. මොකද ඉඩමක් මිලට ගැනීමේ දී සම්පූර්ණ කළ යුතු නියමයන් බොහොමයක් තිබෙනවා.

හරි දැන් අපි බලමු මොකද්ද මුලින්ම කළ යුතු දේ.

ඔබ නීතිඥවරයෙකුගේ උපදෙස් ලබා ගත්තොත් ඔබට මේ කාරණා දැනගන්නට ලැබේවි. නමුත් ඒ ගැන ඔබ දැනුවත් වීම වඩාත් යෝග්‍යයි. ඔබ කරන්න ඕන වැදගත්ම දේ තමයි ඔබට ඉඩම විකුණන පුද්ගලයා නැත්නම් විකිණුම්කරුවා අදාළ ඉඩමේ නියම හිමිකරු ද කියන කාරණය පැහැදිලි කරගැනීම. මොකද වර්තමානයේ ගොඩක් වෙලාවලට වංචාකාරී ලෙස පෙනී සිටිමින් වෙනත් පුද්ගලයන්ගේ ඉඩම් ගැනුම්කරුවන්ට විකුණන අවස්ථා සුලබයි. ඒ නිසා මේ කාරණය ඉතාමත් වැදගත්.

මෙහිදී අපිට පුළුවන් ඉඩමට අදාළ ඔප්පුව ගෙන්වාගෙන එමගින් ඉඩම ලියාපදිංචි වී ඇති ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයේ පත්තිරු පරීක්ෂාවක් සිදු කරන්න. ඒ වගේම ඉඩමට අදාළ පිඔුරු (plan) ගෙන්වාගෙන එයත් පරීක්ෂා කරන්න. මේවා නීතිඥවරයා විසින් සිදු කරන නමුත් ඔබත් දැනුවත් වීම වැදගත්. මෙම පත්තිරු පරීක්ෂාව අනිවාර්ය නැහැ. නමුත් එය කරන එක ඔබේ ශරීර සෞඛ්‍යට හොදයි. නැත්නම් ඔබ ඉඩමට යට කරන සල්ලි වතුරෙ ගියා වෙන්නත් පුළුවන්.

පත්තිරු පරීක්ෂා කිරීමේ දී සාමාන්‍යයෙන් අවුරුදු 30ක් දක්වා ඈතට පරීක්ෂා කිරීම සිදු කරනවා. මේ මගින් අපට ඉඩමේ වර්තමාන හිමිකරුවන් කවුද යන්න, ඔවුන්ට නීතියට අනුව නිරවුල් අයිතියක් (භුක්තිය නොවේ) හිමි වී තිබේද යන්න තහවුරු කර ගැනීමට පුළුවන්. ඒ වගේම ඉඩම උකස් කර බදු දී හෝ වෙනත්  බැඳීම් වලට යටත් කර තියෙනවාද යන කාරණාත් මෙම පරීක්ෂාව මගින් හෙළි වෙනවා. ඔබ මිලට ගැනීමට අදහස් කරන ඉඩම උකස් කරලා නම් එම උකස නිදහස් කර ඇත්දැයි විශේෂයෙන්ම විමසිය යුතුයි. ඒ වගේම අදාළ දේපළ බදු දී ඇත්නම් ඒ පිළිබඳව ඔබ විකිණුම්කරු හා සාකච්ඡුා කොට එකඟතාවයකට පැමිණීම වැදගත්.

ඒ වගේම ඉඩම ඔබට විකුණන පුද්ගලයාට ඉඩමේ හිමිකාරත්වය ලැබී තියෙන්නේ ත්‍යාග ඔප්පුවකින් නම් ඒ ත්‍යාගය ජීවිත භුක්තියට යටත් කරන ලද්දක් නම් විශේෂයෙන් සිහි තබා ගත යුතුයි, ඉඩම විකිණිමේ දී ජීවිත භුක්තිය ඇති පුද්ගලයාගේ කැමැත්ත තිබීම අනිවාර්ය බව.

භුක්තිය

ඒ වගේම මුලින් කිවූ ආකාරයට පත්තිරු පක්ෂාවේ දී අපට දැනගන්නට ලැබෙන්නේ ලේඛන වලින් නිසි අයිතිය ලැබී ඇත්තේ කාටද යන වග පමණයි. නමුත් ඇතැම් අවස්ථා වලදී මෙම හිමිකරුවන් දීර්ඝ කාලයක් භුක්ති නොදීම මත වෙනත් පාර්ශවයක් දේපළ භුක්ති විඳින අවස්ථා දැක ගන්න පුළුවන්. මෙයත් ගැටලුකාරී තත්වයක්. ලේඛන පරීක්ෂා කර බලා ඉඩම මිලට ගත්තත් එය නිශ්ඵල විය හැකියි.

image: hecripplegate.com

මෙහිදී ඔබ ඒ අවට වාසය කරන්නන්ගේ විමසීම් කරමින් හෝ වෙනත් ආකරයන් යොදා ගනිමින් ඒ ගැන සොයා බැලිය යුතුමයි. මොකද ලේඛනවල නිසි හිමිකාරත්වයක් විකිණුම්කරුට තිබුණත් ඔහුගේ භුක්තියට පටහැනිව වෙනත් පුද්ගලයෙක් වසර 10ක් හෝ ඊට අධික කාලයක් අදාළ දේපළ භුක්ති විඳ ඇත්නම් එසේ ප‍්‍රතිවිරුද්ධ භුක්තිය පවත්වාගෙන යන්නාට භුක්තිය මත කාලාවරෝධයෙන් අදාළ දේපළේ හිමිකාරත්වය ලැබිමේ හැකියාව තියෙනවා. මේ වගේ අවස්ථාවක අසරණ වන්නේ ගැනුම්කරු. මොකද සල්ලිත් ඉඩමත් දෙකම නැති වීමේ අවධානමක් තියෙන නිසා.

පළාත් පාලන ආයතනයත් වැදගත් ද?

මීට අමතරව මිලට ගැනීමට අපේක්ෂිත ඉඩම පළාත් පාලන ආයතනයක් මගින් පාලනය වෙනවා නම් එම ආයතනයෙන් ද ඉඩම ගැන සොයා බැලීම අවශ්‍යයි. ඇතැම් අවස්ථ වල වරිපනම් හෝ සංවර්ධන බදු නොගෙවීම මත ඉඩම් පවරා ගන්නා අවස්ථා තබෙනවා. ඒ නිසා කළ යුතු හොදම දේ තමයි අදාළ පළාත් පාලන ආයතනයට ගොස් ඒ ගැන සොයා බලා නොපවරා ගැනීමේ සහතිකයක් (Non-Vesting Certificate) ලබා ගැනීම.

ඔබේ ඉඩම තියෙන්නෙ මහා මාර්ගයට යාබදව නම් මේ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මොකද ඇතැම් අවස්ථාවල දී මාර්ග සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීම් සිදු වෙනවා. මේ වගේ ඉඩමක් මිලට ගත්තොත් හ්ක ඔබේ අරමුණට බාධාවක් වෙන්න පුළුවන්. ඒ ගැනත් පළාත් පාළන ආයතනය මගින් දැන ගන්න පුළුවන්.

Image: sakhavostokneftegaz.ru

ඒ වගේම ඉඩමක ගොඩනැගිලි ඉදිකිරීමේ සීමාත් පවතිනවා. මේ ගැනත් ඔබට පළාත් පාලන ආයතනයෙන් දැන ගත හැකියි.

ඔබ ඉඩම ගන්නේ පදිංචි වීමට නම් ඒ බව දන්වා පළාත් පාලන ආයතනය මගින් අනුකූලතා සහතිකයක් (Certificate of Conformity) ගත යුතුයි. එම සහතිකය රහිතව පදිංචි වීමට හැකියාවක් නැහැ.

ඒ වගේම පළාත් පාලන ආයතනයට වරිපනම් ගෙවූ ආකාරය අනුව වරිපනම් ලේඛනයේ හිමිකරුවාගේ නම සටහන් වී අතියෙනවා. වරිපනම් ගෙවිය යුත්තේ ඒ නමින්. ඒ ගැන සහතික කරමින් ඔබට හිමිකාරත්වයේ සහතිකයක් (Certificate of Ownership) ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ දේපළ ඔබ මිලට ගන්නවා නම් පළාත් පාලන ආයතනට දැනුම් දී හිමිකරුගේ නාමයට ඔබේ නම ඇතුළත් කර ගත හැකියි.

නාගරික සංවර්ධන අධිකාරිය

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ද අදාළ දේපළේ හිමිකාරීත්වය පරීක්ෂා කර ගැනීමට ඔබට පුළුවන්.

ආයෝජන මණ්ඩලය

ඒ වගේම ඇතැම් ප‍්‍රදේශ පදිංචිය සඳහා භාවිතා කිරීමෙන් ඉවත් තර ආයෝජන කලාප ලෙස භාවිතා කරනවා. ඔබ එවැනි කලාපයක ඉඩමක් මිලට ගන්නේ පදිංචියට නම් ඒක සාර්ථක වෙන්නෙ නැහැ. ඒකයි මුලින්ම ඔබ ඉඩම මිලට ගැනීමේ අරමුණ තීරණය කරන්න කීවේ. මේ බව ආයෝජන මණ්ඩලයෙන් පරීක්ෂා කර සහතිකයක් ලබා ගැනීම කළ යුතු වෙනවා.

මේ කාරණා ඔබට ඉතාමත් වැදගත්. මොකද අපි ඉඩමක් මිලට ගන්නේ තාවකාලිකව නොවන නිසා සහ ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය කරන නිසා. ඔබ වැය කරන මුදල අපතේ නොයන්නට නම් ඉඩමක් මිලට ගැනීමේ දී අනිවාර්යයෙන් මේ කරුණු සැලකිල්ලට ගත යුතුමයි.

ලිපිය: නීතිඥ වාසනා හේවගේ


Like it? Share with your friends!

119 SHARES
119 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
2
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඉඩමක් මිලට ගන්න හිතන ඔබ අනිවාර්යයෙන් දැනගත යුතු කාරණා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes