web analytics

ලේ තැවරුණු බිළිඳු දෑත්


පොඩි ළමයි මිනි මරනවා කිව්වාම හිතා ගන්නවත්  බෑ නේද?   මුදු මෙළෙක් හිත් තියෙන  පුංචි ළමයින්ගේ හිත් මේ තරම් දරුණු වෙන්න පුළුවන් ද?.  ඒත් , මේ ලිපිය කියෙව්වට පස්සේ ඔයා තේරුම් ගනියි එහේම ළමයිනුත් මේ ලොකේ ඉදලා තියෙනවා කියලා.

ඒ නිසාම දරුවන් අතරත් මිනීමරුවන් සිටින්නට ඉඩ තිබෙන බව තහවුරු වෙන ළමා මිනීමරුවන් අතරින් කිහිප දෙනෙක් ගැන තොරතුරු මේ ලිපියෙන් කියවමු.

01.ජෝෆ්ඩන් බ්‍රවුන්

එංගලන්තයේ ජිවත් වුන ජෝෆ්ඩන් බ්‍රවුන් ජිවත් වුනේ තාත්තායි, තාත්තාගේ පෙම්වතියයි එක්ක. 1988 දි උපත් ලද ජෝෆ්ඩන්ට තිබුන ලොකුම මානසික ගැටළුව තමයි තාත්තාගේ පෙම්වතිය බිහිකරන දරුවාට තමන්ගේ කාමරය දෙන්න වෙයි කියන බය.

ජෝෆ්ඩන් , පියාගේ පෙම්වතිය වූ කෙන්සි ඝාතනය කරන විට ඇය අටමස්‌ ගැබිනියක්‌.  ද්විත්ව මිනිමැරුමක වරදකරු වුණ ජෝර්ඩන් බන්ධනාගාරගත කිරීමෙන් පසුව 2016 වසරේ නිදහස ලබාගෙන තියෙනවා .

02.මෙරි ෆ්ලෝරා බෙල්

1957 වසරේදි උපත ලැබු මෙරි ෆ්ලෝරාගේ, අම්මා ගණිකාවක්. එංගලන්තයේ නිව්කාසල් වල ජිවත් වුන මෙරිට මවගේ සේවාදායකයන්ගේ දරුණු  ලිංගික අතවර වලට මුහුණ දෙන්නට සිද්ද  වෙනවා.

මේ හේතුවෙන් මෙරි යම් මානසික පීඩනයකින් ජිවත් වුන බව බොහෝ දෙනා පවසා තියෙනවා   . යාන්තම් වයස එකොළහක්‌ ලබද්දීම ඇය  ද්විත්ව මිනිස්‌ ඝාතනයක චෝදනාකාරියක් වෙනවා . ඇය  1968 වසරේ මැයි 25 වැනි දින මාර්ටින් බ්‍රවුන් ගෙල සිර කොට මරා දැමූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු හතරක්.

1968 වසරේ ජූලි 31 වැනි දින තුන්හැවිරිදි බ්‍රයන් හෝච් ගෙල සිර කොට මරා දමා එයින් පසුව බ්ලේඩ් තලයක ආධාරයෙන් ඔහුගේ උදරයේ A අකුර සටහන් කරලා තියෙනවා . 1968 වසරේදි මෙම චෝදනාවන්ට වරදකාරිය ලෙසින් බන්ධනාගාරගත වූ ඇය 1980 වසරේ නිදහස ලබා තවමත් වෙනත් නාමයකින් එංගලන්තයේ ජීවත්වෙන බැව් වාර්තා වෙනවා.

03.බිහාරයේ අමර්දිප්

මේ වෙද්දි ලෝකයේ ලාබාලතම මිනිමරුවා විදියට වාර්තා වෙලා තියෙන්නේ බිහාරයේ මුසහරි ගමේ ජිවත් වුන අමර්දිප් .

මෙහි මුල්ම වරදකරුවන් වන්නේ අමර්දීප්ගේ දෙමව්පියන්. විකෘති මානසිකත්වයකින් හෙබි  නිසාදෝ මෙම කුඩා දරුවා විසින් මාස අටක්‌ වයසැති ඔහුගේ සහෝදරිය ඝාතනය කරනවා.

එයින් අනතුරුව මාස නවයක්‌ වූ ඥාති සහෝදරයා ඝාතනය කළත් දෙමව්පියන් ඒ සියලු ඝාතනයන් රහසක්‌ සේ තබා ගෙන තියෙනවා . මේ අතර දිනක්‌ ඔහු කුඩා දැරියක්‌ නිදා සිටි තැනින් රහසේම ගෙන ගොස්‌ කුඹුරක තබා ගලකින් ගසා මරා දමලා , අසළ පිහිටි කැළෑවක මිහිදන් කරලා. එහෙත් මිනීමරුවන්ට හැමදාම නිදැල්ලේ ඉන්න බැරි නිසා , ගම්වාසින් එක්‌ව අමර්දීප් අල්ලාගෙන පොලිස්‌ අත්අඩංගුවට පත් කරලා තියෙනවා.

04.ග්‍රැහැම් යං

1947 වසරේදි උපත ලද ග්‍රැහැම් යං කියන්නේ, පොඩි කාලේ ඉදන්ම රසායන විද්‍යාවේ  විවිධ අත්හදාබැලීම් කරපු ළමයෙක්. පියා විසින් තෑගි කළ රසායන විද්‍යා උපකරණ කට්ටලය ඔහුගේ මේ වැඩේට බෙහෙවින් උපකාර වෙලා තියෙනවා .

ඔහුගේ අත්හදාබැලීම්  වෙනුවෙන් අවශ්‍ය විෂ වර්ග  මිලට ගෙන ඇත්තේ තමා වැඩිමහල් පුද්ගලයෙක්‌ බව වෙළෙඳසැල් හිමියන්ට පවසල යි. මුලින්ම ඔහු තමා නිපදවන ලද විෂ යොදා ගෙන නිවසේ ඔවුන් සමඟ වාසය කළ සුළුමව ඝාතනය කරලා තියෙනවා .

එහිදී යොදා ගත් විෂ හඳුනාගත් නිසා පසුව වරදකරු බවට පත්ව බන්ධනාගාර ගත කළත් එහිදීත් සයනයිඩ් යොදා ගෙන සිරකරුවකු ඝාතනය කරනවා.

කෙසේ හෝ වසර ගණනක දඬුවමෙන් පසුව ග්‍රැහැම් යං නිදහස ලබන විට 23 හැවිරිදි තරුණයෙක්. රැකියාවක නිරතව සිටියදීත් කෝපි කෝප්පයට වස මිශ්‍ර කොට තම මිතුරන් දෙදෙනකු ඝාතනය කළ අතර කිහිප දෙනෙක්‌ම විටින් විට රෝගාතුර බවට පත්ව යාන්තමින් දිවි ගලවා ගෙන තියෙනවා

ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසාදෝ ඔහුට මේ පුරුද්දෙන් මිදෙන්නට අසීරු වුණු අතර නැවතත් මෙම චෝදනාවන්ට වරදකරුව බන්ධනාගාර ගතවන ග්‍රැහැම් යං වයස අවුරුදු 42 දි බන්ධනාගාරයේදීම අවසන් හුස්‌ම හෙලනවා.


Like it? Share with your friends!

10 SHARES
10 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ලේ තැවරුණු බිළිඳු දෑත්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes