web analytics

ඕලන්දයේ පුංචි වැනීසිය.


Giethoorn Village

අපි යමුද ? ලස්සනම ලස්සන  ගමකට. කොළම කොළ පාට , ගස් වැල් වලින් පිරුණු  ගමකට. හැබැයි යි , යන්නේ බස් එකෙන්වත් ,කොච්චියෙන්වත් , කාර් එකෙන්වත් , නෙමෙයි.  මොකද , එහේ යන්න, එන්න පාරවල් එකක්වත්  නැති නිසා.

එහෙනම් ඉතිං , පියාඹලා ද අපි යන්නේ ?.  නෑ ,අපි බෝට්ටුවෙන් යමු. ඔයා විශ්වාස කරනවා ද?  ඒ වගේ ලස්සන ගමක් මේ ලෝකයේ තියෙනවා කියලා . ඔව් , තියෙනවා . හැබැයි ලංකාවේ නම් නෙමෙයි . නෙදර්ලන්තයේ තමයි තියෙන්නේ . අපි මේ ලිපියෙන් කියවලා බලමු නෙදර්ලන්තයේ  Giethoorn  කියන ලස්සන ගම ගැන.

 

Giethoorn කියන්නේ , ඕලන්ද සංස්කෘතියට අයත් පැරණි ගම්මානයක්. ක්‍රෝන්ක්‍රිට් වනාන්තරයෙන් මිදිලා සැහැල්ලු දිවිපෙවෙතක් ගෙවන මිනිස්සු ටිකක් තමයි මේ ගමේ ජිවත් වෙන්නේ .හතර වටින්ම ඇළවල් වලින් වටවෙලා තියෙන ගමේ, සුන්දරත්වය කියලා නිම කරන්න බැරි තරම්.

2800 ක පමණ ජනගහනයක් ඉන්න ගමේ , වටපිටාව නම් නිස්කලංක බවෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා.

මේ ගම්මානය ඕලන්දයේ,  ඕවර් ඇයිසල් (Overijssel ) කියන ප්‍රාන්තයටයත්, ස්ටේන්වැයිකර් (Steenwijkerland) කියන පලාත් සභාවටත් අයත් වෙනවා. අනිත් නගරවල තියෙන සැප පහසුකම් මේ නගරයෙත් තියෙනවා . නමුත් ,වයි-ෆයි , ගෑස් වැනි දේවල් නම් , පාවිච්චිය ගොඩක්ම අඩුයි.

මේ ගම්මානයේ , කෘතිම බීම වෙනුවට තියෙන්නේ ස්වභාවිකව සකස් කරන ලද බීම වර්ගයි. මැක්ඩොනල්ඩ් , KFC වගේ කෑම ,බීම නම් මේ ගම්මානයෙන් හොයාගන්න වෙන්නේ නෑ ඔයාට. ඒ වෙනුවට , ඔවුන්ගේ නිවෙස් වල සකස් කරන ආහාර භුක්ති විදින්න පුළුවන් .

නාගරිකරණය සහ තාක්ෂණයෙන් අපිට අහිම් වෙලා ගියපු ආදරය , කරුණාව , හිතේ සතුට වගේ ගුණාංග නම් මේ ගමේ ඉන්න වැසියන්ගෙන් තුරන් වෙලා නෑ. මොකද  ඔවුන් ,සරල ජිවිතයකට හුරුවෙලා ඉන්න නිසා.

කෙතරම් සංචාරකයින් පිරිසක් ආවත් , මීට අවුරුදු ගානකට කලින් පැවති විදියටම ලස්සනට ,පිරිසිදුව මේ ගම්මානය තියෙනවා. ඉස්සර කාලේ වගේ ,පැන්සල් කනේ ගහන් බෝට්ටු පදවන මිනිස්සු වගේම තාමත් කාබන් කොළ තියෙන බිල් පොත් තමයි ඔවුන් පරිහරණය කරන්නේ. මහාමාර්ග නැති නිසා මාර්ග සංඥා පවා ගහලා තියෙන්නේ ඇළ මාර්ග වලට යාබදවයි.

මේ ගමේ තියෙන විශේෂත්වය තමයි , රාත්‍රී කෑමවේල  , අසල්වාසීන් කවුරුත් එකතුව භුක්ති විදිම.  සමහර දවසට නගරාධිපතිතුමාත් ඔවුන්  එක්ක එකතු වෙනවලු.  ඔයාට දැන් හිතා ගන්න පුළුවන් නේද? මේ ගම්මානයේ මිනිස්සු කොයිතරම් සරලව ,සමගිව ජිවත් වෙනවාද කියලා . ඇත්තටම නාගරිකරණය ,තාක්ෂණය වගේ දේවල් වලින් සංකිර්ණ වෙනවට වඩා , මේ වගේ සුන්දර ජිවිතයක් කොයිතරම් නම් වටිනවාද ?


Like it? Share with your friends!

20 SHARES
20 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
1
Thanks
Cry Cry
0
Cry
Like Like
1
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඕලන්දයේ පුංචි වැනීසිය.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes