web analytics

බයිසිකලයෙන් වැඩට යන බිලියනපතිනිය.


ඇය  බ්‍රිතාන්‍යයේ ජිවත්වෙන ඩෙමි මේරි පාර්කින්ස්.  මේරි කියන්නේ,  ඉහළ සමාජ සම්බන්ධතා ඇතිව ජිවත් වන  ධනවත් කාන්තාවක් . තවත් විදියකින් ඇය හඳුන්වා දෙනවා නම් , ඇය තමයි   බ්‍රිතාන්‍යයේ පළවෙනි බිලියනපතිනිය. මේරි කියන්නේ ස්වෝත්සාහයෙන් දියුණු වුන උත්සාහවන්ත ගැහැණු කෙනෙක් .

මේරි ජාත්‍යන්තර වශයෙන් ලෝ ප්‍රකට ස්‌පෙක්‌සේවර් (  Specsavers) ඇස්‌ කණ්‌ණාඩි අලෙවි කිරීමේ ව්‍යාපාර ජාලයක හිමිකාරියක්‌. ඇය මේ කියන ව්‍යාපාරය  ආරම්භ කළේ ඇගේ තනි උත්සාහයෙන් සහ කැපවිමෙන් .

දැනට ඇගේ වත්කම පවුම් බිලියන 1.6 ක්‌. එය එංගලන්තයේ මහ රැජනගේ වත්කමටත් වඩා ඉහළ අගයක්‌ ගන්නවා. ඩෙම් මේරි දැනට පසුවන්නේ 73 වැනි වියේ.  74 ව වියේ පසුවන ඇගේ සැමියා ඩොයුන්ග්.

මේ තරම් ධනස්‌කන්ධයක්‌ ඇය තමා සතුකර ගත්තේ කෙසේදැයි ඔබ පුදුම වෙන්න ඇති නේද?  එය ඉබේ පහළ වූවක්‌ වුවත් ලොතරැයි දිනුමකින් ලත් වරප්‍රසාදයක්‌ නම් නෙවේ. ඇත්තෙන්ම කියනවා නම් ඒ ධනය ඇයට උරුම වූයේ තරුණ වියේ සිටම තම සැමියා සමඟ එක්‌ව ගන්නා ලද නොපසුබට උත්සාහයකින් ගොඩනඟා ගන්නා ලද ව්‍යාපාරය නිසයි.

ඉතා සුළු මුදලක්‌ යොදවා එය මුලින්ම පටන්ගෙන තිබෙන්නේ ඇගේ නිවසේ පිංපෝ මේසය ප්‍රදර්ශන ලෑල්ලක්‌ ලෙස භාවිත කරමින්. එය ආරම්භ කර ඇත්තේ 1980 වසරේදී යි. දැනට එය ලන්ඩනයේ පමණක්‌ නොව ස්‌පාඤ්ඤය, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය  ඇතුළු රටවල් 10ක්‌ තුළ ව්‍යාප්තව පවතිනවා. ප්‍රදර්ශනාගාර 1800 කට වැඩි ප්‍රමාණයක්‌ ඇය දැනට ලොව පුරාම විවෘත කර තියෙනවා .

මේරි  ලන්ඩනයේ පමණක්‌ මිලියන 12ක විවිධ රටා හා වර්ණ සහිත කණ්‌ණාඩි රාමු වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.  එමෙන්ම ඩිජිටල් ශ්‍රවණ උපකරණ ද ඇගේ ව්‍යාපාරයට එක්‌ කිරීමට  සමත් වෙලා තියෙනවා .

ඇය කොතරම් ධනවත්දැයි කිවහොත් ඇය සතුව විශාල නැවක්‌, ගුවන් යානා, හෙලිකොප්ටරයක්‌ හා මෝටර් රථ වැනි වාහන තිබෙනවා. මෙවැනි සුඛෝපභෝගී වාහන කන්දරාවක්‌ ඇය සතුව තිබුණද මේරි වැඩට යන්නේ තමා සතු බයිසිකලයෙන්.

වාහන පැදවීමට වඩා ඇය ප්‍රිය කරන්නේ තමාගේ බයිකලයෙන් ගමන් බිමන් යැමටයි. එමෙන්ම පොත් කියවීමටත් ගීත ගායනයටත් ඇය ප්‍රිය කරනවා.

වයස අවුරුදු 12 ට අඩු දරුවන් තිදෙනෙකු සමග සාර්ථක ව්‍යාපාරයක්‌ ගෙන යන යාම කෙතරම් අගනේද ?.

මේ දරුවන් තේරුම් බේරුම් ඇති වයසට පත් වූ විට, ඔවුන් මවගේ ව්‍යාපාරයට සහයෝය දී වැඩ කළා. ළමයි ළදරු වියේ සිටම ජීවත් වූයේ ඇයත් ඇගේ  කණ්‌ණාඩිත් අතරයි.

“ඔවුන්ගේ සහයෝගය මට මහත් සැනසිල්ලක්‌ බව කියන්නට ඕනෑ. සමහර විට ඔවුන් මට නැඹුරු වූයේ තම මව ඉතා මහන්සියෙන් වැඩකරනු ඔවුන් නිතර දැක පුරුදු නිසා වෙන්නටත් පුථවන්.  මම මහන්සියෙන් වැඩ කරන හැටි ඔවුනට කුඩා කාලයේ සිටම දකින්නට ලැබුණා. ඔවුන්ට මා ගැන දුකක්‌ ඇති වුණාද දන්නෙත් නැහැ. ඔවුන් ස්‌වකැමැත්තෙන්මයි මට උදව් කිරිමට  තීරණය කළේ. ” මේරි තමන්ගේ දරුවන් ගැන ප්‍රකාශ කරන්නේ එලෙසයි.

මේරි පාර්කින් බිලියනපතිනියක්‌. එහෙත් කිසිදාක ඇය මුල අමතක නොකළ කාන්තාවක්‌. ඒ වගේම චාම් නිරහංකාර ගැහැනියක්‌. සාමාන්‍ය ගැහැනියක ලෙස පෙනුණත් ඇගේ සිත ඉවසීමෙන්, ධෛර්යයෙන් හා කැපවීමෙන් මහ මෙරක්‌ මෙන් පිරී ගිය එකක්‌.


Like it? Share with your friends!

39 SHARES
39 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

බයිසිකලයෙන් වැඩට යන බිලියනපතිනිය.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes