සීගිරි චිත්‍ර බේරාදුන් සුදු මහත්තයා


වර්ෂ 1832 එක්තරා දවසක යටත් විජිත ලංකාවෙ සේවය කරපු බ්‍රිතාන්‍ය හමුදා නිළධාරියෙක් රාජකාරි කටයුත්තක් සඳහා පොළොන්නරුවෙ ඉඳල දඹුල්ල දක්වා ගමන් කරනව. ඔහු නමින් මේජර් ෆෝබස්. මේ ගමනෙදි ඔහු දකිනව තැනිතලාවෙන් ඉස්මතුවුනු අමුතු පෙනුමක් තියෙන ගල් පර්වතයක්. ඔහු මේ පර්වතය ගැන තමන්ගෙ වාර්තාවට විස්තරයක් ඇතුලත් කරනව. මේ පර්වතය තමයි ලෝකයේ අටවෙනි පුදුමය හෙවත් සීගිරිය. මේජර් ෆෝබස්ගෙ මේ වාර්තාව තුළින් තමයි බටහිර ජාතීන් මුල්වරට සීගිරිය ගැන දැනගන්නෙ. ඊට පස්සෙ 1851 දි H. C. P. බෙල් මහත්තය සීගිරිය තරණය කරනව. 1970 දි රීස් ඩේවිස් විසින් රාජකීය ආසියාතික සංගමයෙ සඟරාවකට සීගිරිය ගැන ඉතා වැදගත් වාර්තාවක් සපයනව. අන්න එතනින් පස්සෙ තමයි සීගිරියෙ පුරාවිද්‍යා කටයුතු ආරම්භ වෙන්නෙ. පුරාවිද්‍යා මහැදුරු සෙනරත් පරණවිතාන මහත්තය මේ සීගිරියෙ චිත්‍ර සංරක්ෂණය කරල අනගාත පරපුර වෙනුවෙන් රැකගන්න විශාල වෙහෙසක් ගත්ත. නමුත් අපේම මිනිස්සු මේ වටිනා නිර්මාණ විනාශ කරන්න උත්සාහ කරන්නෙ ඉතාම කුරිරු විදිහට.

විනාශ කරන ලද සීගිරි බිතු සිතුවම්..

Img: www.archaeology.gov.lk

1967 ඔක්තෝබර් මස 14 වැනිදා රාත්‍රියේ එක්තරා පිරිසක් විසින් ඒ වෙද්දි ආරක්ෂාවෙලා තිබුනු සිතුවම් 19න් 17ක් විනාශ කරනව. ඒ කොළ පැහැති තීන්ත වර්ගයක් ආලේප කිරීමෙන් සහ කිසියම් උල් ආයුධයකින් ඇන සූරා දැමීමෙන්. මේ සිදුවීම වෙනකොට පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ලෙස කටයුතු කළේ ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර. මේ සිද්ධිය දැනගෙන මහැදුරු සෙනරත් පරණවිතාන මහත්තය කඳුළු සැලුව කියල අපි අහල තියෙනව. ඒ වගේම මේ සිද්ධිය නිසා චාල්ස්‌ ගොඩකුඹුර මහත්තය තමන්ගෙ ධූරයෙන් ඉල්ලා අස්වෙනව. මේ සිතුවම් නැවත යථා තත්ත්වයට ගේන්න පෙරමුණ ගන්නෙ ආචාර්ය රාජා ද සිල්වා මහතා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන 1967-68 වාර්ෂික පාලන වාර්තාවෙ මේ පිළිබඳව විස්තර ඇතුලත් කරල තියෙනව ඒ මහතා විසින්ම.

කොහොම නමුත් වෙලා තියෙන හානිය දැවැන්තයි. මේ නිසාම සීගීරි සිතුවම් බේරගන්න විදේශීය විශේෂඥ සහය ලබාගන්න සිදුවෙනව. මෙන්න මේ අවස්ථාවෙ තමයි අපේ කතා නායකය කරළියට එන්නෙ. සුද්දො කියන්නෙ ඉංග්‍රීසි ජාතිකයො උනාට අපිටනම් සාමන්‍යයෙන් සුදු හම තියෙන හැම විදේශිකයෙක්ම සුද්දෙක්. අපේ කතා නායක සුදු මහත්තය ඉතාලි ජාතිකයෙක්. ඔහු නමින් ලුසියානෝ මරාන්සි.

ලුසියානෝ මරාන්සි සහ ආචාර්ය රාජා ද සිල්වා මහත්වරුන් මහතා සීගිරි සිතුවම් පිළිසකර කරමින්

 

Img: Img: archaeology.gov.lk

 

Img: www.archaeology.gov.lk

ඔහු සති දෙකක කාලයක් සඳහා ලංකාවට එන්නෙ රෝමයේ පිහිටි සංස්‌කෘතික වස්‌තූන් හැදෑරීමේ සහ සංරක්‌ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්‌ථානයේ මැදිහත්වීමෙන්. සිතුවම් සංරක්ෂණය සම්බන්ධයෙන් ඔහු එවකට ලෝකයේ සිටි ප්‍රමුඛ පෙළේ විශේෂඥයෙක්. මෙම සංරක්ෂණ කටයුතු සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ ස්‌මිත් සෝනියන් කෞතුකාගාරයේ සහයෝගයත් ඔහුට ලැබෙනව. මේ දේවල්වලින්ම පේන නේද අපේ මිනිස්සුන්ට අගය නැති දේවල් ලෝකයට කොච්චර වටිනවද කියල. 1967 ඔක්‌තෝබර් මස 22 වෙනිද ලංකාවට එන ලුසියානෝ මරාන්සි සති දෙකක කාලයක් සංරක්ෂණ කටයුතුවල නිරත වෙනව. නැවතත් සිය රටට ගිය මේ සුදු මහත්තය 1968 මාර්තු 04 වෙනිද ආපහු ලංකාවට ඇවිත් සියලුම සංරක්ෂණ කටයුතු අවසන් කරනව. 1967-68 වාර්ෂික පාලන වාර්තාවෙ පුරාවිද්‍යා පාලන වාර්තාවෙ මේ සංරක්ෂණ ක්‍රමවේදය පිළිබඳව දීර්ඝ විස්තරයක් සඳහන් වෙනව. වැඩේ කොච්චර සාර්ථකද කියනවනම් අද අපි නරඹන්නෙ හානි කරපු සිතුවම්ද කියල කීයටවත් හිතන්න පුලුවන්ද? අන්න ඒ හින්දම රටක් හැටියට අපි මේ සුද මහත්තයට ණයගැතියි.

Img: Wikipedia

ඊට පස්සෙ මේ සුදු මහත්තය තමන්ගෙ රටට ගිහින් අප්‍රකට ජීවිතයක් ගත කළා. මීට අවුරුදු හතරකට කලින් ඔහු මිය යනව. ඒත් ඒ ගැන අපේ රටේ හැම කුණුගොඩක්ම අවුස්සන මාධ්‍ය දැනගෙන හිටියෙ නැහැ. ඊට පස්සෙවත් මේ මහත්තය ගැන ලියවුනේ ඉතාම අඩුවෙන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සිරිසමන් විඡේතුංග මහත්මය දිවයින පත්තරේට ලියපු ලිපියක ලුසියානෝ මරාන්සි සුදු මහත්තය මාධ්‍යවේදියෙක්ගෙන් අහපු ප්‍රශ්නයක් සටහන් කරල තිබුන මේ විදිහට.

“වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ආරක්‍ෂා කරගෙන ආ මේ ඉතාම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයකට අයත් වූ සංවේදී මිනිසුන් ජීවත් වූ ඔබේ රටේ මිනිසුන් ඇයි මෙවැනි මහ පොළව නුහුලන අපරාධයක්‌ කළේ?”

මේ ප්‍රශ්නය ඇතුලෙ සුදු මහත්තය ගැනත් අපේ සම”හරක්” ගැනත් බොහෝ දේ කියවෙනව.


Like it? Share with your friends!

3.4k SHARES
3.4k SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
0
Lol
OMG OMG
4
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
6
Cry
Like Like
10
Like
Confused Confused
2
Confused
Dislike Dislike
2
Dislike
Damn Damn
3
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සීගිරි චිත්‍ර බේරාදුන් සුදු මහත්තයා

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes