web analytics

නොසිතු තේරුමක් ඇති ලක්ෂ්මන් හීල්ම්ගේ “රිදි පාට කළ පාතුඩු” ගීතයෙහි සැබෑ අරුත.


රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා

සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා

යකඩ පය මගේ නුඹ ළඟ හඬා  වැළපෙනා

 

විඳින වේදනා මදි මට නගයි චෝදනා

උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා

පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා

බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා

 

නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති

ජාති ජාති වත් තරහක් මගේ නම් නැති

එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති

සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!

 

මේ සිංදුව දහස් වාරයක් අහලා ඇති. ඒත් කිසිම දවසක හිතුවේ නෑ,  මේ සිංදුවට තියෙන්නේ මේ වගේ තේරුමක් කියලා . ? කියවලා බලන්න . ඔබේ දෑසට කඳුළක් එනවා සත්තයි.

කොට්ටාව හන්දියෙන් අව්ස්සාවේල්ල බස් රථයට නැග්ග තරුණිය හෙමින් හෙමින් ඉස්සරහට ගියේ එදා  බස් එකේ සෙනග වැඩි හින්දයි. රථය වේගයෙන් ඉදිරියට ඇදෙනවා. හෝමාගම මංසංධියේදි සෙනග සුළු ප්‍රමාණයක් බැස යද්දි තවත් පිරිසක් රථයට ගොඩවුනා.ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනා.

සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත් අතර  බස් රථය නැවතත් ධාවනය වුනා.ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවු අතර, නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට වුනා. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලා.!! තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ.

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු වුනා. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි වුනා. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා  වැටෙන්නට වුනා. ඔහු තම හඩ අවදි කලා.

ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි.  යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආයේ, පාරක් මට සමාවෙන්න” 

තරුණයා කදුළු පිරි දෑසින් කියාගෙන කියාගෙන ගියේ වේදනාවෙනි . එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියා  . ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට වුනා . අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.


Like it? Share with your friends!

74 SHARES
74 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

නොසිතු තේරුමක් ඇති ලක්ෂ්මන් හීල්ම්ගේ “රිදි පාට කළ පාතුඩු” ගීතයෙහි සැබෑ අරුත.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes