web analytics

අඩු මිලකින් DSLR කැමරාවක හිමිකරුවෙක් වෙමු ද ?


OLYMPUS DIGITAL CAMERA

දැන් අළුත්ම ට්‍රේන්ඩ් එකක් තමයි  DSLR කැමරා කියන්නේ  .ඒ නිසා, වර්තමාන තරුණ පරම්පරාව අතර කැපි පෙනෙන විනෝදාංශයක්  වෙලා තියෙනවා ෆෝටෝග්‍රැපි.

දැන් කාලේ ෆොටෝ එකක් ගන්නවා කියන්නේ ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. හැමෝටම ස්මාර්ට් ෆෝන් තියෙන නිසා තමන්ට ඕන වේලාවට , ඕන විදියට ෆොටෝ එකක් ගන්න පුළුවන් . නමුත් ගුණාත්මක, තත්ත්වයෙන් ඉහළ ඡායාරූපයක් ගන්න ජංගම දුරකථන වලට බැහැ.  ඒ සඳහා වෘත්තීමය මට්ටමේ තියෙන DSLR  වර්ගයේ කැමරාවක් අවශ්‍ය වෙනවා.

සාමාන්‍යයෙන් ආධුනික මට්ටමේ අළුත්ම DSLR කැමරාවක් රු.50,000 සිට ඉහලට  ගන්න පුළුවන්. මධ්‍යම මට්ටමේ  DSLR කැමරාවක් රු.99,000 සිට ඉහළටත් වෘත්තීමය මට්ටමේ කැමරාවක් රු. 165,000 සිට ඉහළටත් ඔබට  මිලට ගන්න පුළුවන්

ඒ නිසා , අපි මේ ලිපියෙන් කියවලා බලමු , ෆෝටෝග්‍රැපි වලට ආස කරන , විනෝදාංශයක් විදියට කරන්න කැමති  ඔයාට , ගැළපෙන DSLR කැමරාව මොකක්ද කියලා .

01.Nikon D3300

මේ කැමරාව නිෂ්පාදනය කරලා තියෙන්නේ 2014 වසරේදි යි. කැමරාවේ මෙගා පික්සල් 24.2ක  CMOS Sensor එකකුත් , අඟල් 3ක ප්‍රමාණයේ තිරයකුත් අඩංගු වෙනවා. ඒ වගේම , ISO පරාසය 100-12,800ත් අතර වෙනස් කරන්න පුළුවන් . මෙහි තියෙන විශේෂත්වය තමයි , එක වරක් බැටරිය චාර්ජ් කිරීමෙන් ඡායාරූප 700කට ආසන්න ප්‍රමාණයක් ගැනීමේ හැකියාව . ඒ වගේම ,කැමරාව ග්‍රෑම් 460ක බරකින්  යුක්ත වෙනවා. දැනට වෙළඳපොලේ මෙම කැමරාව 18-55mm ලෙන්ස් එක සමග රු. 59,500 සිට ඉහළට අළුතින්ම මිලට ගැනීමට හැකියාව තියෙනවා.  භාවිතා කල කැමරාවක් රු. 50,000 සිට ඉහළට සොයා ගැනීමට පුළුවන්.

www.kmcameratasks.com

02.Canon EOS 1200D

මේ කැමරාව නිර්මාණය කරලා තියෙන්නෙත් 2014 වසරේදීම යි. මෙගා පික්සල් 18ක CMOS Sensor එකක් මෙහි අන්තර්ගත වෙලා තියෙනවා . Full HD 1080p වීඩියෝ කිරීමේ හැකියාව සහ කැමරා ෆ්ලෑෂරය අඩංගු මෙම මාදිලිය එක් වරක් චාර්ජ් කිරීමෙන් ඡායාරූප 500කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්න හැකියාව තියෙනවා . කැමරාවේ බර  480g ක් වෙනවා. සාමාන්‍යයෙන් 18-55mm ලෙන්ස් එක සමග රු. 55,000 සිට ඉහළට මේ කැමරාව මිලදී ගැනීමට පුළුවන්.

rukminim1.blog

03.Nikon D3200

Nikon D3300 ට කලින් ආව කැමරාව තමයි මේ.  කැමරාවේ බර  505g ක් පමණ වෙනවා.  තප්පරයට රූප රාමු 04 ක් පමණ ගතහැකි අතරම මෙහි ISO පරාසය 6400 ට සිමා වෙලා තියෙනවා . මෙම කැමරාවක් අළුතින්ම මිලදී ගැනීමට රු.54,500 පමණ (ලෙන්ස් එක සමග) වැය වන අතර භාවිතා කල කැමරාවක් රු.45,000කට ආසන්න මිලකට ගන්න පුළුවන් .

www.bhphotovideo.com

04.Canon EOS 700D

2013 වර්ෂයේ මුල් භාගයේ හඳුන්වා දුන් මෙම කැමරා මාදිලිය ඉහත සඳහන් කල කැමරා මාදිලීන්ට වඩා මදක් පහසුකම් වලින් වැඩි එකක්වනවා.  මෙගා පික්සල් 18ක් අඩංගු Hybrid CMOS Sensor එකක් සහ වැඩි දියුණු කල ප්‍රොසෙසරයකින් සමන්විත මෙම කැමරාවේ ඔටෝ ෆෝකස් කිරීමේ පහසුකම වඩාත් දියුණු කර තිබීම විශේෂත්වයක්.  මෙය රු.71,000 සිට ඉහළට ලෙන්ස් එකක් සමග ඔබට මිලදී ගන්න පුළුවන්.


Like it? Share with your friends!

77 SHARES
77 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අඩු මිලකින් DSLR කැමරාවක හිමිකරුවෙක් වෙමු ද ?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes