ළමයින්ට හුරතලේට ඇතිකරන්න හොඳම සුනඛයන් 4 දෙනා.


ලොකු අය වගේම , පොඩි ළමයිනුත් හරිම ආසාවෙන් ඉන්නේ , හුරතලේට බලු පැටියෙක් හදා ගන්න. බලු පැටියෙක් එක්ක සෙල්ලම් කරන්න , දුවන්න ,පනින්න තියෙනවා නම් ඉතිං පොඩි ළමයින්ට වෙන මුකුත් ඕන නැති තරම්.

කොයිතරම් සෙල්ලම් බඩු තිබ්බත් ඒවා පැත්තකට දාලා බලු පැටියත් එක්කම තමයි ඔට්ටු වෙන්න හදන්නේ . ඒ නිසා , මේ ලිපියෙන් බලමු , තමන්ගේ ළමයට අරන් දෙන්න හොඳම සුනඛයන් වර්ග මොනවාද කියලා .

Rastakelly.blogspot

01. කොලී ( collie)    

ඔයා ලැසි චිත්‍රපටය බලලා තියෙනවා නම් මේ කොලීව නොදන්නවා වෙන්න බෑ. මෘදු, අහිංසක, කඩිසර සහ ජව සම්පන්න පරිපුර්ණ සම්මිශ‍්‍රණයක් වන කොලී කුඩා ළමුන් සඳහා හොඳ සහයකයෙක්. කොලීට වර්ණවත් දුඹුරු පැහැයක් සහ මුළුමණින්ම සුදු පැහැයෙන් යුත් නිදහස්ව එල්ලා වැටෙන කොණ්ඩයකුත් තියෙනවා .

කොලී ඥාණානවන්තයි වගේම හරි පහසුවෙන් පුහුණු කරන්නත් පුළුවන්. ඒ වගේම මෙයා ස්වාමියාගෙන් ගොඩක් ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, තමයි මෙයාව පොඩි ළමයින්ගේ හුරතලා විදියට හොඳට ගැළපෙන්නේ. ලස්සන කොණ්ඩයකුත් තියෙන නිසා කොලීව ලස්සනට තියාගන්නත් පුළුවන් .

 

pinimg.com

02. ශිෂ්ට් සු  (Shih Tzu)

මෙයාව දැක්ක ගමන් පොඩි ළමයි නෙමෙයි ,ලොකු අය වුනත් හරිම ආදරයෙන් වඩා ගනිවි. දැක්කාම පුදුමාකාර හුරතල් පෙනුමක් තමයි මේ බලු පැටියට තියෙන්නේ . ශිෂ්ට් සු කියන්නේ ප්‍රමාණයෙන් කුඩා සුනඛ විශේෂයක් වුනාට වේගවත් බවෙනුත් සිහිබුද්ධියෙනුත් ඉදිරියෙන්ම ඉන්න බලු පැටියෙක්. මෙයාගේ තියෙන කඩිසරකම නිසාම ළමයින්ට නම් හොඳටම ගැළපෙනවා.

 

03. මිනිචර් ශ්නෝසර් (Miniature Schanauzer)

ඔයා හොයන්නේ ප්‍රමාණයෙන් කුඩා ,ඒ වගේම කඩිසරකමත් හොඳට තියෙන බලු පැටියෙක් නම් මෙයා තමයි හොඳම කෙනා. මොකද මිනිචර් ස්නෝ සර් කියන්නේ ,  මිත‍්‍රශිලිත්වය සහ ස්භාවයෙන්ම ආරක්ෂිත බලු පැටියෙක්.

ඔවුනගේ ප‍්‍රමාණය සහ ප‍්‍රකෘතිමත් ස්භාවය හේතුවෙන් කුඩා මිනිචර් ස්නො ‘සර් ඉතා හුරුබුහුටි වන අතරම , කුඩා මහල් නිවාස සඳහාත් විශාල නිවාස සඳහාත් හොඳින් ගැළපෙනවා .මොවුන් අවම ප‍්‍රමාණයකින් තමයි ලෝම හලන්නේ.

www.petguide.com

04.බීගල් (Beagle)

ක්‍රියාශිලි ළමයින් ඉන්න ගෙදරකට හොඳටම ගැළපෙන්නේ බීගල් තමයි. මෙයාලා හැඩිදැඩි නිසා ඕනෑම වේලාවක සෙල්ලම් කරන්න සුදානම්.

බීගල්ස්ලාගේ කලබල ගතියක් නැති නිසා අනෙකුත් සතුන් සමඟ ඉක්මණටම මිත්‍ර වෙනවා. මෙයාලට දිනපතා ලොම් පිරීම සිදු කරන්න වෙනවා. බීගල් කෙනෙක් ගෙදර ඉන්නවා නම් එයාව හැඩට තියාගන්න වෙනවා ඉතිං.


Like it? Share with your friends!

21 SHARES
21 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ළමයින්ට හුරතලේට ඇතිකරන්න හොඳම සුනඛයන් 4 දෙනා.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes