වයස 27දී මිය ගිය සංගීතඥයින් ගේ අරුම පුදුම කතාව හෙවත් 27 Club

The 27 Club

මේ කියන්න හදන්නෙ ටිකක් හොල්මන් වෙන කතාවක්. අහල තියෙනවද 27 Club එක ගැන? සමහරුනම් අහල ඇති. හැබැයි අහපු නැති අයත් ඇති. මොකක්ද මේ 27 Club එක?

මේකෙ ඉන්නෙ වයස අවුරුදු 27දි මිය ගිය පිරිසක්.

අයියෝ අවුරුදු 27දි මිය ගිය අය කොච්චරනම් ඉන්නවද? ඔව් ඉන්නව.

ඒත් මේ කට්ටියගෙ විශේෂත්වයක් තියෙනව. 27 Club එකේ ඉන්න සේරම සංගීතඥයො. සමහරු ලෝක පූජිත චරිත.

27_forever_club_by_sbw1983-d38ai6z_1

මෙතන ඉන්නෙ පොඩි පිරිසක් එහෙම නෙමෙයි. පනහකට අධික ජනප්‍රිය සංගීතවේදීන් පිරිසක් 27 Club එකේ සාමාජිකයන්. ඒ වගේම මේ බොහෝ දෙනෙක් මියගිහින් තියෙන්නෙත් ගුප්ත විදියට.

ඇතැම් අය ඝාතනයට ලක් වෙද්දි තව පිරිසක් සියදිවි හානිකරගෙන. තවත් කට්ටියක් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතය නිසා මිය ගිය අය. රිය අනතුරු, ගුවන් අනතුරු, හඳුනා නොගත් රෝග නිසා මිය ගිය අයත් ඉන්නව. අනිත් කාරණය මේ බොහෝ දෙනෙක් රොක් සංගීතය හා සම්බන්ධ වූ චරිත.

27-club

ඇත්තටම වයස 27, සංගීතය සහ මරණය අතර සම්බන්ධයක් තියෙනවද? ඇයි මෙහෙම වෙන්නෙ වගේ ප්‍රශ්නවලටනම් හරිහමන් පිළිතුරක් දෙන්න කාටවත් හැකිවෙලා නෑ. නමුත් මේ සිදුවීම් සම්බන්ධයෙන් විවිධාකාරයේ මත, මිත්‍යාවන් නම් සෑහෙන ප්‍රමාණයක් ගොඩනැගිල තියෙනව. ඒ වගේම 27 Club එක තේමා කරගත් සිනමාපට, නවකතා, නාට්‍ය පවා නිර්මාණය වෙන්නෙ මේ සිදූවීම්වල තියෙන ගුප්ත අභිරහස් ස්වරූපය නිසාමයි.

කවුද මේ සංගීතඥයින්?

ඇලෙක්සැන්ඩ්‍රේ ලෙවි (1864 — 1892)

alexandre-levy_1

27 Club එකේ දැනට හඳුනාගෙන තියෙන මුල්ම සාමාජිකය තමයි මේ.

රොබර්ට් ජොන්සන් (1911 – 1938)

robert_johnson_1

ගායකයෙක්, ගීත රචකයෙක් වගේම සංගීතඥයෙක්. රෝලින්ග් ස්ටෝන් සඟරාව ප්‍රකාශයට පත්කළ ලොව හොඳම ගිටාර් වාදකයින් අතර පස්වන තැන හිමිවන්නෙ රොබර්ට් ජොන්සන්ට.

ජෙසී බෙල්වින් (1932 – 1960)

Jesse Belvin

ඒ යුගයේ සිටි ප්‍රකට R&B ගායකයෙක්. 1959 දි රිය අනතුරකින් මිය යනව.

ඩිකී ප්‍රයිඩ් (1941 — 1969)

dickie pride

ජනප්‍රිය පොප් ගායකයෙක්. නිදි පෙති වැඩිපුර ගැනීමෙන් තමයි මිය යන්නෙ.

බ්‍රයන් ජෝන්ස් (1942 – 1969)

Photo By O’NEILL / REX FEATURES BRIAN JONES VARIOUS – 1964 ROLLING STONES

27 Club එකේ ඉන්න දැවන්තයින් අතරින් කෙනෙක්. රෝලින්ග් ස්ටෝන්ස් සංගීත කණ්ඩායම නියම නිර්මාතෘවරය තමයි මේ. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක්. ඔහුගෙ මරණය සිද්දවෙන්නෙ දියේ ගිලීමෙන්.

ඇලෙක්සැන්ඩ්‍රා (1942 – 1969)

alexandra stimme der sehnsucht

27 Club එකේ වාර්තාවන මුල්ම කාන්තාව. ජර්මානු ජාතික ගායිකාවක්. ඇයගෙ නියම නම ඩොරිස් ට්‍රීට්ස්. ඇය මිය යන්නෙත් මාර්ග අනතුරකින්.

ඇලන් විල්සන් (1943 – 1970)

alan_wilson

සුප්‍රකට ඇමෙරිකානු ගායකයෙක්. අධික මත්ද්‍රව්‍ය ශරීර ගතවීමෙන් තමයි මරණය සිද්දවෙන්නෙ. සියදිවි නසාගැනීමක් බවට සැක කරන මරණයක්.

ජිමී හෙන්ඩ්‍රික්ස් (1942 – 1970)

jimi hendrix

මේ ඇවිල්ල රොක් සංගීතයේ පුරාවෘත්තයක්. සංගීත ලෝකයේ දැවන්ත නාමයක්. ඔහුව එක්වතාවක හඳුන්වනු ලැබුවෙ රොක් සංගීත ලෝකයේ බිහිවූ විශිෂ්ටතම වාදකයා ලෙසටයි. ඒ ඔහුගේ අමරණීය ගිටාර් වාදනය නිසා.

ජැනිස් ජොප්ලින් (1943 – 1970)

janis joplin

රොක් සංගීත ලෝකයට විශාල බලපෑමක් කළ ගායිකාවක් ලෙස පිළිගනු ලබන චරිතයක්. ඒ වගේම සුපිරි තරුවක්. අධික හෙරොයින් ශරීරගතවීමකින් තමයි ඇය මිය ගියෙත්.

ජිම් මොරිසන් (1943 – 1971)

jim morrison

රොක් සංගීත ලෝකයේ තවත් ලෙජන්ඩ් එකක් කිව්වොත් නිවැරදියි. ජිම් මොරිසන් කියන්නෙ රොක් අයිකන් එකක්. ගායකයෙක්, ගී රචකයෙක් වගේම සම්ප්‍රදායන් බිඳදැමූ චරිතයක්. මත්ද්‍රව්‍ය භාවිතය නිසා අහිමි වූ තවත් අපූරු ජීවිතයක්.

ජෝන් මිෂෙල් බස්කියා (1960 – 1988)

 jean michel basquiat

මොහු සංගීතඥයෙක් වගේම චිත්‍ර ශිල්පියෙක්. අධික හෙරොයින් ශරීරගතවීමෙන් මිය ගිය චරිතයක්.

මියා සැපාටා (1965 – 1993)

Mia Zapata

පන්ක් රොක් ශෛලියේ ජනප්‍රිය ගායිකාවක්. 1993 දී තම සංගීත කණ්ඩායමේ පටිගත කිරීමක් අතර තුර ඇයව ඝාතනයට ලක්වෙනව.

කර්ට් කෝබේන් (1967 – 1994)

kurt cobain

තවත් රොක් ලෙජන්ඩ් එකක්. පරම්පරාවක් වසඟයට ගත් ගායකයෙක්. Nirvana රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකය වගේම ගිටාර් වාදකයෙක්. ඒ වගේම තමයි මේ 27 Club කියන සංකල්පය මුලින්ම කරළියට එන්නෙ කර්ට් කෝබේන් ගෙ මරණයත් සමඟවීම තවත් විශේෂත්වයක්. වෙඩි තබාගැනීමෙන් තමයි ඔහුගෙ මරණය සිදුවෙන්නෙ.

ඒමී වයින්හවුස් (1983 – 2011)

amy winehouse

27 Club එකට මෑත ඉතිහාසයේදී එක්වුණු ජනප්‍රිය ගායිකාවක් තමයි ඒමී වයින්හවුස්. ඇය මිය යන්නෙ ඇල්කොහොල් විෂවීමකින්.

මේ කට්ටිය ඇර සංගීත ලෝකයට සම්බන්ධ තව විශාල ප්‍රමාණයක් මේ ලැයිස්තුවට ඇතුලත්. ඒ සියල්ලම වයස අවුරුදු 27 දි මිය ගිය අය. නමුත් අපි මෙහිදි සඳහන් කළේ වඩාත් ප්‍රකට කිහිප දෙනෙකු ගැන පමණයි. මේ සියල්ල අහම්බයෙන් සිදූ වූ දේවල්ද? නැතිනම් 27 සහ සංගීතය අතර කිසියම් මරණීය සබඳතාවයක් පවතියිද?

අනාගතයේදීත් 27 Club එකට තවත් සාමාජිකයන් එකතුවෙයිද? උභතෝකෝටික ගැටලු රැසක් නිර්මාණය කළ මේ 27 Club එකනම් ඇත්තටම පුදුම හිතෙන කතාවක්ම තමයි.

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..