නිරෝගී වෙන්න ගෙදරදීම හදාගන්න පුලුවන් juice වර්ග 11ක්


මේ දිනවල අපට අත්විදීමට සිදුව ඇත්තේ ගත දහඩියෙන් පිරී යන උණුසුම් කාලගුණ තත්වයකටය. වෙහෙසුනු ගතට බීම වීදුරුවක් කෙතරම් සුවයක් ගෙනදේද. ඒ බීම වීදුරුව ස්වභාවික පළතුරකින් සැකසූවක් නම් ඒ සිසිලස ආශ්වාදය කෙතරම්ද.

ගුණදායක දේශීය පළතුරු හෝ එළවලු යොදාගෙන සකසා ගන්නා බීම වර්ග තුළින් රෝග වලින් තොර සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඔබට උදා කරයි. සිරුරට අහිතකර කෘතිම බීම වර්ග පානයෙන් වැලකී අපේ රටේ ගහකොළවල වැවෙන මල්, කොළ, ගෙඩිවලින් සැකසූ පාන වර්ග වලින් ඔබගේ මුදල් ඉතිරියත්, ශරීරයේ ප්‍රතිශක්තිය හා රෝග සුව කර ගැනීම හා පෝෂණ වර්ග හා විටමින් වර්ග රාශියක් ලබාගැනීමටත් හැකිවේවි.

මේ ඔබට පහසුවෙන් සොයාගත හැකි පළතුරු, එළවලු වලින් සකසා ගත හැකි බීම වර්ග කිහිපයකි.

01. බෙලි බීම

Image: english.a2ztips.in

ඉදුණු බෙලිවල ඇට ඉවත් කර එයට සීනි අවශ්‍ය නම් එළකිරි එක්කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ලුණු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි
සිරුරේ දැවිල්ල, පිපාසය නැති කරයි.
ග්‍රහනි, අන්ත්‍ර රෝගවලට හිතකරයි.

02. සියඹලා බීම

Image: tamarindpaste.org

හොදින් ඉදුණු සියඹලා සෝදා ඇට ඉවත් කර හොදින් පොඩිකර අවශ්‍ය පමණ වතුර දමා පෙරාගෙන ලුණු, සීනි හා කුරුදු කුඩු ස්වල්පයක් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාරවල යකඩ හොදින් සිරුරට අවශෝෂණය කරයි.
ආහාර රුචිය වඩවයි.
පිපාසය දාහය නැති කරයි.

03. වෙරළු බීම

හොදට ඉදුණු වෙරළු හොදින් පොඩිකර ඇට ඉවත් කර වතුර දමා පෙරා දෙහි, ලුණු, සීනි එක්කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි.
දියවැඩියා රෝගීන්ට සීනි නොමැතිව බීම සුදුසුය.
අක්මා, අමාශ රෝගවලට හිතකරයි.

04. කෝමාරිකා බීම

Image: gardeningctr.com

කෝමාරිකා පිත්තක් ගෙන කොලපැහැති පිට පොත්ත හොදින් ඉවත් කර ජෙලි වැනි කොටස හොදින් සෝදා කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – අම්ල පිත්ත (ගෑස්ට්‍රයිටීස්) වලට ඉතා ගුණය
ශරීර දාහය පිපාසය නැති කරයි
උණට, මුත්‍රා නොයාමට, අත්මා රෝගවලට හිතකරය.

05. අමු අඹ බීම

Image: delhigreens.com

අමු අඹවල පොතු ඉවත් කර කැබලිවලට කපා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර පෙරා අවශ්‍ය පමණ වතුර දමා සීනි, ලුණු, ගම්මිරිස් කුඩු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර රුචිය ඇති කරයි
සිරුරේ දැවිල්ල නැති කරයි
දියවැඩියා රෝගීන්ට සීනි නැතිව බීම හොදයි.

06. කාමරංගා බීම

Image: blueosa.com

හොදින් පැසුණු කාමරංගා ගෙඩිගෙන දාර ඉවත් කර කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන සීනි, ලුණු, දෙහි ඇඹුල් මිශ්‍ර කර ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – උණට සිරුරේ දැවිල්ලට හිතකරයි
පිපාසයට අග්‍ර ඖෂධයකි
කෑම අරුචියට, බඩගින්න අඩුකමට හිතකරයි.

07. අනෝදා බීම

Image: nihariscookbook.com

හොදින් ඉදුණු අනෝදා ගෙඩියේ පොතු හා ඇට ඉවත් කර බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට ජලය දමා සීනි, ලුණු, දෙහි ඇඹුල් දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – මල බද්ධය නැති කරයි
සිරුරේ දැවිල්ල, පිපාසය අඩු කරයි.
අධි රුධිර පීඩන හා හෘද රෝගීන්ට හිතකරයි.

08. පේර බීම

Image: cookingdetective.com

පේර මදය බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා ගෙන දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ආහාර අරුචිය නැති කරයි.
රක්තවාතයට හිතකරයි
හෘද රෝගවලටද හිතකරය

09. වදමල් බීම

Image: lata-raja.blogspot.com

රතු පොකුරු වදමල්වලට උණුවතුර දමා ගත්විට එම මල් සුදු පැහැවන විට ඉවත් කර එම ජලය නිවාගෙන හෝ රස්නයෙන් පානය කළ හැක. මෙම ජලය නිවා ශීතකරණයේ තබා අවශ්‍ය විටෙක සීනි, ලුණු දමා අවශ්‍ය පමණට දෙහි යුෂද දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – රත්පිත් හා අම්ල පිත්ත රෝග (ගෑස්ට්‍රයිටීස්) වලට හිතකරයි.
ළදරුවන්ගේ රතරෝග, බිබිලි හා සමේ රෝගවලට ගුණදායකය.

10. කොමඩු බීම

කොමඩු වල පොතු ඉවත් කර ඇට ඇතිව හෝ නැතිව හොදින් බ්ලෙන්ඩ් කර අවශ්‍ය පමණට වතුර දමා පෙරා සීනි, ලුණු, දෙහි යුෂ දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

Image: dearfruitsmile.com

ගුණ – වකුගඩු රෝගීන්ට ඉතාමත් ගුණ බීමකි
ශරීර දාහය, පිපාසය නැති කරයි.
මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිරිසිදු කිරීම හා මුත්‍රා ගල් ඇති රෝගවලට හිතකරයි.

11. ඉදුණු වරකා බීම

Image: isha.sadhguru.org

වරකා මදුළු ඇට ඉවත් කර කැබලි කපා වතුර දමා හොදින් බ්ලෙන්ඩ් කර ක්‍රීම් එකක්වූ විට අවශ්‍ය පමණට වතුර දමා සීනි, ලුණු හා අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු දමා ශීතකර හෝ අයිස් කැට දමා බීමට ගන්න.

ගුණ – ශරීර ශක්තිය ඇති කරවයි
සිරුරේ දැවිල්ල, පිපාසය නැති කරයි.

මේ දවස් වල ඔබ කැමතිම පානය මොකද්ද? එහෙම නැත්නම් අලුත්ම රෙසිපි එකක් තියනවද? පහලින් කමෙන්ට් කරන්න.

මූලාශ්‍ර: වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වකුගඩු රෝග සහ අනෙකුත් රෝග නිවාරණ අංශයේ අත් පත්‍රිකාවක් ඇසුරෙනි.

Cover Image: http://dailydelights.sheknows.com


Like it? Share with your friends!

882 SHARES
882 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
1
Lol
OMG OMG
2
OMG
Thanks Thanks
8
Thanks
Cry Cry
1
Cry
Like Like
16
Like
Confused Confused
1
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

නිරෝගී වෙන්න ගෙදරදීම හදාගන්න පුලුවන් juice වර්ග 11ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes