web analytics

ශරීර ප්‍රමාණය වෙනස් කර සිදුකළ හොඳම රඟපෑම් 10ක්


රඟපානව කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඒකටත් සමහර වෙලාවට සෑහෙන ලොකු සයිස් එකේ කැපකිරීම් කරන්නත් වෙනව. හැකියාව විතරක්ම තිබිල මදි. සමහර චරිත රඟපාන්න ශරීර ප්‍රමාණය, ශරීර හැඩය පවා වෙනස් කරගන්න වෙනව. වර්තමානයේ තියෙන තාක්ෂණික ක්‍රමවේද, දෘශ්‍ය ප්‍රයෝග, වේශ නිරූපණ ක්‍රමවේද යොදාගෙන මේ දේවල් පහසුවෙන්ම කරන්න පුලුවන් බව ඇත්ත. නමුත් සමහර අවස්ථාවලදි හැමදේම තාක්ෂණික ප්‍රයෝගවලින්ම ගොඩදාන්න බැහැ. රංගන ශිල්පියා විසින්ම ඒ දේවල් කළයුතුයි. මේ ආකාරයට කැපකිරීම් කරල රංගනයේ යෙදුනු ශිල්පීන් සම්මාන පවා හිමිකරගෙන තියෙනව. හැබැයි සම්මාන හිමිවෙලා තියෙන්නෙ නම් ඔවුන් ඉදිරිපත් කළ රංගන හැකියාවට මිස ඇඟටනම් නෙමෙයි. මොකද ඇඟ වෙනස් කළ පමණින්ම රඟපාන්න බෑනෙ. අපි මේ කියන්න හදන්නෙ අන්න ඒ වගේ හොඳ රඟපෑම් දහයක් ගැනයි.

හැබැයි මෙතෙන්දි අපි සලකා බැලුවෙ ශරීරයේ පැහැදිලි වෙනසක් තියෙන අය විතරයි.

10. රසල් ක්‍රෝ – The Insider (1999)

මුලින්ම කියන්න ඕනෙ මයිකල් මෑන් අධ්‍යක්ෂණය කළ The Insider පට්ට ෆිල්ම් එකක්. ඔස්කා සම්මාන හතකට නිර්දේශවුණු ෆිල්ම් එකක්. ජෙෆ්රි විගන්ඩ් ගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් රසල් ක්‍රෝ හොඳම නළුවාට හිමි ඔස්කා සම්මානයටත් නිර්දේශ වෙනව. ඇත්තටම මේ වෙද්දි රසල් ක්‍රෝ රඟපාල තිබුනු චිත්‍රපට දිහා බලද්දි ඔහුට තිබුනෙ හැඩිදැඩි පෙනුමක්. විශේෂයෙන්ම LA Confidential වගේ චිත්‍රපටයක හිටපු රසල් ක්‍රෝ නෙමෙයි Insider එකේදි දකින්න ලැබෙන්නෙ.

09. ක්‍රිස්ටියන් බේල් – Rescue Dawn (2006)

ශරීර ප්‍රමාණය වෙනස් කිරීම සම්බන්ධයෙන් කප් ගහපු චරිතයක් තමයි ක්‍රිස්ටියන් බේල්. ඔහුගෙ තවත් එවැනි හොඳ චරිත නිරූපණයක් තිබුනු චිත්‍රපටයක් තමයි වර්නර් හෙර්සොග් ගේ Rescue Dawn. මේ ෆිල්ම් එකේ ඩීටර් ඩෙන්ග්ලර් කියන ඇමෙරිකානු ගුවන් භටයා ගේ චරිතයට පන දුන්නෙ ක්‍රිස්ටියන් බේල්. වියට්නාම් යුද්ධයේදී යුධ සිරකරුවෙක් වෙන මෙම සෙබලා විඳින්න තියෙන සේරම දුක් විඳල පලායාම තමයි මේකෙ කතාව. මේ චරිතය වෙනුවෙන් බේල් නොකා නොබී ඉඳලම කෙට්ටු වෙනව. හැබැයි ඉතින් මේ කෙට්ටු මනුස්සයම තමයි බැට් මෑන් උනෙත්.

08. ටොම් හෑන්ක්ස් – Cast Away (2000)

ටොම් හෑන්ක්ස් කියන්නෙත් මේ වගේ වැඩවලට හොඳ ඉතිහාසයක් තියෙන රංගන ශිල්පියෙක්. රොබට් සෙමෙකිස් අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකේ තියෙන්නෙ ගුවන්යානා අනතුරකට මුහුණ දී ජීවිතය ගලවගත්ත මනුස්සයෙක් දූපතක ගෙවූ දුෂ්කර දිවිය පිළිබඳ කතාවක්. චක් නෝලන්ඩ් කියන මේ චරිතය රඟපෑම වෙනුවෙන් ටොම් හෑන්ක්ස් ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වෙනව. ඇඟ විතරක් නෙමෙයි කොණ්ඩය, රැවුල පවා වෙනස් කරගෙන කරපු චරිතයක්.

07. ජාරෙඩ් ලෙටෝ – Dallas Buyers Club (2013)

2007දි තිරගත වුනු Chapter 27 චිත්‍රපටය වෙනුවෙන් ජාරෙඩ් ලෙටෝ කාල කාල මහත්වෙනව. නමුත් Dallas Buyers Club එකේ HIV ආසාදිත ට්‍රාන්ස්ජෙන්ඩර් චරිතය වෙනුවෙන් ඔහු කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ වගේම තමයි රඟපෑමත් ඉස්තරම්. ඒ වෙනුවෙන් හොඳම සහාය නළුවට හිමි ඔස්කාර් සම්මානය ලබාගන්නත් ඔහු සමත්වෙනව. ජෝන් මාක් වැලී අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය තුළ දිවෙන්නෙ රොන් වුඩ්රූෆ් ගෙ කතාව.

06. චාර්ලීස් තෙරන් – Monster (2003)

නළුවො විතරක් නෙමෙයි මේ ලිස්ට් එකේ ඉන්නෙ. මෙන්න නිළියෙකුත් ඉන්නව. නිකම්ම නිළියක් නෙමෙයි මෙම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය පවා හිමිකරගත් අයෙක්. ඒ වගේම ඇය ඒ සමඟම වාර්තාවක් තැබුව ඔස්කාර් සම්මානයක් ලබාගත් අප්‍රිකානු මහද්වීපයට අයත් පළමු නිළිය වශයෙන්. පැටී ජෙන්කින්ස් අධ්‍යක්ෂණය කළ මේ ෆිල්ම් එකේ අයිලීන් වර්නෝස් නමැති මිනීමරුවෙක් බවට පත්වුනු ගණිකාවගේ චරිතය වෙනුවෙන් තමයි ඇය මෙසේ තම ශරීරයේ පෙනුම වෙනස් කරගත්තෙ.

05. ක්‍රිස්ටියන් බේල් – The Machinist (2004)

කළිනුත් කිව්ව වගේ ක්‍රිස්ටියන් බේල් කියන්නෙ මේ වැඩේට හොඳ පුරුදුකාරයෙක්. The Machinist ෆිල්ම් එකේ ඔහු කරපු චරිතය තමයි ඒ අතරින් වැඩියෙන්ම කැපිල පෙනුනෙ. දැක්ක ගමන් පේනවනෙ මේ මනුස්සය තමන්ගෙ ශරීර කූඩුවට කරල තියෙන දේ. බ්‍රෑඩ් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයෙ ට්‍රෙවර් රෙස්නික් කියන ඉන්සොම්නියා රෝගයෙන් පීඩා විඳින මැෂින් ඔපරේටර්ගෙ චරිතය සඳහා තමයි බේල් මෙසේ ශරීරය වෙනස් කරගන්නෙ.

04. මැතිව් මැක්කොනහේ – Dallas Buyers Club

හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීමට සමත්වනු තවත් චරිත නිරෑපණයක්. ජාරෙඩ් ලෙටෝ මේ චිත්‍රපටය වෙනුවෙන් තමන්ගෙ ඇඟ ඇට සැකිල්ලක් කරගනිද්දි මැතිව් මැක්කොනහේත් නිකන් හිටියෙ නෑ. Dallas Buyers Club එකේ කතාව ගොඩනැගෙන්නෙ රොන් වුඩ්රූෆ් කියන HIV ආසාදිත පුද්ගලයා ගේ චරිතය වටා. මේ චරිතය කොතරම් සාර්ථකව මැතිව් මැක්කොනහේ නිරූපණය කළාද කියන එකට ඔස්කාර් සම්මානයක් හිමිවීමම ප්‍රමාණවත්.

03. වින්සන්ට් ඩො’නොෆ්‍රියෝ – Full Metal Jacket (1987)

මේ කවුද මේ? ඇත්තටම මේ චරිතය ගැන වැඩි කතාබහක් වෙලා නැත්තෙ මේ රංගන ශිල්පියා ගැන වැඩි දෙනෙක් නොදන්න නිසයි. හැබැයි හුඟක් අය ස්ටැන්ලි කියුබ්‍රික්ගෙ Full Metal Jacket ගැනනම් අහල ඇති. වියට්නාම් යුද්ධයෙ සැබෑ ස්වරූපය ගැන කියවුණු හොඳම ෆිල්ම් කිහිපයෙන් එකක්. චරිතයක් වෙනුවෙන් තමන්ගෙ ශරීරයේ බර වැඩියෙන්ම වැඩි කරගත්ත අවස්ථාව හැටියට මෙය සැලකෙනව. ඒ වගේම ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් ඉටුකළා.

02. ටොම් හෑන්ක්ස් – Philadelphia (1993)

Cast Away ෆිල්ම් එකේ ටොම් හෑන්ක්ස් ගෙ රඟපෑම ගැන කියද්දි සඳහන් කරපු විදියටම ඔහුට මේ සම්බන්ධයෙන් හොඳ ඉතිහාසයක් තියෙනව. අන්න ඒ ඉතිහාස කතාව තමයි මේ තියෙන්නෙ. Philadelphia. මේ චිත්‍රපටයෙ ඔහු රඟපාන්නෙ HIV ආසාදිතයෙක්ගෙ චරිතයක්. ඒ වගේම ඔහුගෙ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවටත් මේ චිත්‍රපටය පත් වෙනව. ජොනතන් ඩෙමේ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ඇන්ඩෘ බෙකට් ලෙස කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් ටොම් හෑන්ක්ස් ඔස්කාර් සම්මානය පවා හිමිකරගැනීමට සමත් වෙනව.

01. රොබට් ඩි නීරෝ – Raging Bull (1980)

ලෝක සිනමා ඉතිහාසය තුළ අති විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් අතින් නිර්මාණය වූ අති විශිෂ්ට සිනමා නිර්මාණයක, අති විශිෂ්ට රංගනයක නිරත වූ, අති විශිෂ්ට රංගන ශිල්පියෙක් ගැන තමයි මේ කියන්න හදන්නෙ. ඒ Raging Bull හි ජේක් ලැමෝටා නම් බොක්සිං ක්‍රීඩකයාගේ චරිතය නිරූපණය කළ රොබට් ඩි නීරෝ. ඇත්තටම මේ චරිත නිරූපණය මෙතරම් විශිෂ්ට වෙන්නෙ ඇඟ වෙනස් කරගෙන කරපු හින්ද නෙමෙයි. මේ ෆිල්ම් එක වෙනුවෙන් බොක්සිං ක්‍රීඩකයෙක් ලෙසත් පසුව එම චරිතයේම පසුකාලීන අවස්ථා වෙනුවෙනුත් දෙවතාවක් තම ශරීරයේ බර, හැඩය වෙනස් කරගන්න ඩි නීරෝ හට සිද්ධවෙනවා. මෙම විශිෂ්ට රංගනය උදෙසා හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානයත් ඔහු ලබාගන්න සමත්වෙනව.

මේ චරිත නිරූපණයන්ට අමතරව මේ ආකාරයට ශරීරය වෙනස් කරගත් අවස්ථා ගණනාවක් තියෙනව. ඒ වගේම මෙහි සඳහන් කරපු චරිත වගේම ඒ චරිත පෙනී සිටි සිනමා නිර්මාණත් ඉතාම උසස් තත්ත්වයේ නිර්මාණ. ඒ නිසා මේ ටික හොයාගෙන බැලුවට පාඩු නෑ.


Like it? Share with your friends!

1.7k SHARES
1.7k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ශරීර ප්‍රමාණය වෙනස් කර සිදුකළ හොඳම රඟපෑම් 10ක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Personality quiz
Trivia quiz
Poll
Story
List
Video
Audio
Image