web analytics

කුණු කන්දක් මල් වත්තක් වෙයි


🌹කුණු කන්දක් කොහොමද , මල් වත්තක් වෙන්නේ. දැක්කා නේහ් , අපේ රටේ තිබුනු කුණු කන්දට වුන දේ. ඉතිං කොහොමද ඒ වගේ ගඳ ගහන කුණු ගොඩක් මල් වත්තක් වෙන්නේ. ඒත් අපිට එහේම උනාට, සැබෑවටම ඒ දේ කරපු රටක් ඉන්නවා. අද ලිපිය ලියන්න හිතුවේ ඒ අපුරු රට ගැනයි.

🌹පසුගියදා මීතොටමුල්ල නාය ගිහින් අහිංසක ජීවිත 33ක් පමණ බිලිවුනා වගේම දහස් ගාණකට උන් හිටි තැන් නැතිවුනා. ඒත් , පුදුමය කියන්නේ, මේ වෙද්දිවත් ලංකාවේ කුණු ප්‍රශ්නය විසඳා ගන්න අපේ රටේ දේශපාලනඥයන්ට නොහැකි විමයි. කොළඹ කසළවලටද තවමත් විසඳුමක්‌ නැත.

🌹කොළඹ, මීතොටමුල්ල කුණු කන්ද මගින් ඇතිවූ පාරිසරික අර්බුදයට සමාන අර්බුදයක්‌ ඊශ්‍රාලයේ ටෙල් අවිව් (TEl AViV) නගරයේ පිහිටි හයිරියා (Hiriya) කුණු කන්ද මගින්ද ඇතිවිය. නමුත් ඊශ්‍රාලයේ දේශපාලනඥයන් ලංකාවේ දේශපාලනඥයන් මෙන් කුණු වලින් දේශපාලනය කරන්නට ගියේ නැත. ඒ නිසා ඊශ්‍රාලයට පිළිලයක්‌ වීමට ගිය කුණු කන්ද මැද පෙරදිග කලාපයේ නවීනතම තෙත්බිම් උද්‍යානය බවට පත් කිරීමට ඔවුන්ට හැකිවිය.

🌹 අපි හැමෝම දන්නවා ඊශ්‍රායලය කියන්නේ, ස්ව උත්සාහයෙන් දියුණුවේ හිනි පෙත්තටම ගියපු රටක් බව . විද්‍යාව , තාක්ෂණය , අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රයන් වලින් කෙට් කාලයක් තුළදි ඔවුන් අත්පත් කරගත්තේ ඇදැහිය නොහැකි දියුණුවකි.

🌹හයිරියා කුණු කන්ද (Hiriya Garbage Dump) ලෙසින් හැඳින්වූ මෙම කුණු කන්දේ ඉතිහාසය 1952 වර්ෂය තෙක්‌ දිවයනවා. 1998 වසර වන විට මෙම කුණු කන්දේ දිග සැතපුම් භාගයක්‌ සහ උස මීටර් 80 ක්‌ පමණ වි ඇත. ඒ වනවිට හයිරියා කුණු කන්දට දිනකට බැහැර කළ කසළ ප්‍රමාණය ටොන් තුන් දහසකි. කුණු කන්ද මගින් ටෙල් අවිව් නගරයේ භූගත ජල පද්ධතිය පමණක්‌ නොව වායු ගෝලයද බරපතළ ලෙස දූෂණයකට ලක්‌විය.

🌹කුණු කන්දේ කසළ ආහාරයට ගැනීමට පැමිණි පක්‌ෂීන් නිසා ටෙල් අවිව් නගරයේ පිහිටි බෙන් ගුරියන් (Ben Gurion) ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩ බැස්‌ස වීමටද බාධා ඇති විය. කසළ කන්දේ තත්ත්වය බරපතළ බව තේරුම් ගත් ඊශ්‍රායල රජය වහාම 1998 වසරේදී හයිරියා කුණු කන්දට කසළ දැමීම නතර කර කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය ආරම්භ කළා.

🌹2001 වසරේ ආරම්භ කරන ලද මම කසළ ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘතිය මගින් 2014 වන විට හයිරියා කුණු කන්ද මැදපෙරදිග පිහිටි නවීනතම තෙත් බිම් උද්‍යානය බවට පත් කිරීමට ඊශ්‍රාල රජයට හැකිවිය. අද එම තෙත් බිම් උද්‍යානය හඳුන්වන්නේ ඒරියල් ෂරොන් උද්‍යානය (Ariel Sharon Park) නමිනි. ඒරියල් ශැරොන් යනු ඊශ්‍රාලයේ හිටපු කීර්තිමත් අගමැතිවරයෙකි.

🌹 මීට වසර 19 කට පෙර කුණු වලින් පිරී ගිය, දුඟද හමන හයිරියා කුණු කන්ද අද මල්වලින් පිරී ගිය උද්‍යානයකි. නිල මැස්‌සන් වෙනුවට එහි අද සිටින්නේ සමනලුන් සහ මී මැස්‌සන්ය. අක්‌කර 2000 ක්‌ පුරා පැතිර ගොස්‌ ඇති ඒරියල් ෂරොන් උද්‍යානයේ අක්‌කර 150 ක විශාලත්වයකින් යුත් කැළි කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයක්‌ද ඉදිකර ඇත.

🌹ඊශ්‍රාලයේ නගර 18 ක කුණු අදටත් ගෙන එන්නේ මෙම ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථානයටය. දිනකට නිවාසවලින් එකතු කරන කසළ ටොන් 3000 ක්‌ පමණද, කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන කසළ ටොන් 2000 ක්‌ පමණද මෙහිදී ප්‍රතිචක්‍රීයකරණ කරනු ලබයි. ඊට අමතරව කුණු කන්දේ කැණීම් කර ඉදි කරන ලද ළිං 80 ක්‌ මගින් ජීව වායුව නිපදවීමේ ව්‍යාපෘතියක්‌ද ක්‍රියාත්මක වෙයි.

🌹එරියල් ෂරොන් උද්‍යානය නැරඹීමට දිනපතා සංචාරකයන් විශාල පිරිසක්‌ පැමිණෙන අතර එම සංචාරකයන් සඳහා ඇවිදීමේ මං තීරු, පාපැදි මංතීරු, ජල පොකුණු, වගාබිම්, ආසන 50,000 කින් සමන්විත රංග භූමියක්‌ද ඉදි කර ඇත.

🌹2011 වසරේදී හයිරියා කුණු කන්ද ගැන. ‘The Hiriya Project: A Mountain change’ නමින් කෙටි චිත්‍රපටයක්‌ද නිපද වූ අතර එම චිත්‍රපටයට එක්‌සත් ජාතීන්ගේ දේශගුණ වෙනස්‌වීම් පිළිබඳ සම්මුතිය (UNFCCC) මගින් පැවැත්වූ පිවිතුරු නගර සංවර්ධනය තරගාවලියේදී පළමු තැන හිමි විය.

🌹 මෙවැනි රටවල් ආදර්ශයට අරන් අපේ රටත් එවැනි ප්‍රතිචක්‍රිකරණ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා නම් ලංකාව මීට වඩා දියුණු තත්ත්වයකට ගන්න එක ඒ තරම් අමාරු දේයක් වෙන්නේ නැහැ. රටේ වගකිය යුතු පුද්ගලයන් මේ සඳහා මුලිකත්වය ගන්නවා නම් දැනටමත් කුණු ප්‍රශ්නය විසඳි හමාරය.

◀️ අන්තර්ජාල මුලාශ්‍ර ඇසුරෙනි ▶️


Like it? Share with your friends!

12 SHARES
12 SHARES

What's Your Reaction?

Cute Cute
1
Cute
Lol Lol
1
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
1
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

කුණු කන්දක් මල් වත්තක් වෙයි

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes