සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු – 01


සත්ත්ව ලෝකය…. පුංචි කුහුඹුවන් වැනි කුඩාවුන්ගේ පටන් නිල් තල්මසා වැනි දැවැන්තයින් තෙක් විහිදුනු සත්ත්ව ලෝකය අප කවුරුත් දැඩි සේ ඇලුම් කරන්නක්. එසේම බොහෝ අසිරිමත් පුරුදු වලින් පිරී තිබෙන්නක්. ඉතින් මේ ලිපි පෙළ සකස් වෙන්නේ විවිධ විවිධ සත්ත්ව විශේෂයන්ටම ආවේණික වූ මෙවන් විශේෂිත චර්යාවන් පිළිබඳවයි.

01. මී මැස්සා (Honey Bee)

Image: fllt.org

මී පැණි… ඇහුවත් කටට කෙල උනනවා නේද? ඉතින් අපි කවුරුත් ආසා කරන මී පැණි හදන්න මී මැස්සන් ගන්නා වෙහෙස අපූරුයි. මී වදයක් කියන්නේ ඇත්තටම ශ්‍රම බලකායක්. එහි එක් එක් කාර්යයන් සඳහා විශේෂිතවූ මී මැස්සන් කාණ්ඩයක් සිටිනවා. මේ අයගෙන් එක් කොටසක් වන ක්ෂේත්‍ර මැස්සන් (Field bees) තමයි මලින් මලට ගිහින් මල් පැණි එකතු කරගෙන එන්නේ. මේ ගෙන එන පැණි, මී පැණි බවට හරවන වගකීම පැවරෙන්නේ වැඩකාර මැස්සන්ට (Worker bees). ඉතින් ඔවුන්ගේ කාර්යභාරය තමයි මේ මල් පැණි, මී පැණි බවට පත් වෙනකම්, එහෙම නැත්නම් මල් පැණි වල තිබෙන ජලයෙන් යම් ප්‍රමාණයක් ඉවත් වෙනකම් ඒවා ගිලිමින් නැවත වැමෑරීම. ඔන්න ඔහොමයි අපි කවුරුත් ආසා මී පැණි ලැබෙන්නේ.

02. “ඔයා නෙමෙයි මමයි තාත්තා” – අම්මෙක් නොවී තාත්තෙක් වීමට වලිකන පැතලි පණුවෝ (Flat Worms)

 

Image: myinterestingfacts.com

මවක් වෙන එකද පියෙක් වෙන එකද වඩා පහසු? මේ ගැන කරදර වෙන සත්ත්ව කොට්ඨාශයක් ගැන තමයි මේ කියන්න යන්නේ. පැතලි පණුවා කියන්නේ බහු ලිංගික සත්ත්වයෙක්. ඒ කියන්නේ එකම සත්ත්වයා තුල ස්ත්‍රී සහ පුරුෂ ලිංගයන් දෙකම පිහිටනවා. සාමාන්‍යයෙන්  මෙම එක් පණුවෙකුගේ ස්ත්‍රි සහ පුරුෂ ලිංගයන් කිහිපයක් පවතිනවා. මෙම සතුන් දෙදෙනෙකු ලිංගිකව එක් වීමේදී දෙදෙනාම පුරුෂයා වීමට දැඩි ලෙස සටන් කරන අතර, සම සීරී තුවාල වනතුරු පවතින මෙම සටන නිම වන්නේ ජයග්‍රාහකයා  පුරුෂයා බවට පත් වීමෙන්.

03. “කෑම කල්තබා ගන්න අපිත් දන්නවා” – අත්තම්මාගේ උපක්‍රම දන්නා වළලන කුරුමිණියා (Burying Beetle)

Image: ecoarkansas.com

අපි පුංචි කාලේ අත්තම්මා විවිධ විවිධ කෑම ජාති කල්තබා ගන්න යොදන අනේකවිධ උපක්‍රම දැක තිබෙනවා නේද? මේ කුරුමිණියා කරන්නේත් මේ වගේම වැඩක්. මේ කුරුමිණියාට මැරුණු සතෙකුගේ සිරුරක් හමුවුනාම මුලින්ම කරන්නේ එම සිරුර පුරාම තම කෙළ තවරන එක. මේ කෙළ බැක්ටීරියානාශක සහ දිලීරනාශක ගුණයෙන් සමන්විතයි. ඉන් පසු සිරුරට වඩා මදක් විශාල වලක් සාරා ගන්නා මෙම කුරුමිණියා එහි දාර සිරුරෙන් ගලවාගන්නා පිහාටු, කෙඳි, ලෝම ආදියෙන් ආවරණය කරනවා. සකස් කරගත් සිරුර වැළලීමෙන් අනතුරුව ඒ හා බැඳී පවතින ලෙස හාරන තවත් වලක් තුල තමයි බිජු ලෑම සිදු කරන්නේ. මෙමගින් මෙම බිත්තර පුපුරා එලියට එන කුරුමිණි ලාවන්ට පහසුවෙන් යාබද වලට ඇතුලුවී මෙම සිරුර ආහාරයට ගැනීමෙන් පෝෂණය ලබාගැනීමට හැකි වනවා. අපූරුයි නේද?

04. කෙබාබ් කන උතුරු ශාරිකාවා (Nothern Shrike)

Image: news.asiantown.net

කූරක ගැසූ ආහාරයක් (කෙබාබ්) ඔබ ජීවිතයේ එක වරක් හෝ රස විඳ ඇති. කැනඩාවේ දකුණු දෙසට සහ ඇමරිකාවේ උතුරු දෙසට පිහිටා ඇති ප්‍රදේශයේ ජීවත්වන මෙම කුරුල්ලා ආහාර ගැනීමේදී භාවිතා කරන උපක්‍රමයත් මේ වගෙයි. තම ගොදුර ඩැහැ ගන්නා මෙම කුරුල්ලා මුලින්ම කරන්නේ එය ගසක කටුවක්, උලක් වැනි ස්ථානයක රැඳවීමයි. මේ සඳහා වැටවල නෙරාගිය උල්, කම්බි, වයර් වැනි දේ පවා භාවිතා කරන බවයි පැවසෙන්නේ. මෙමගින් කුරුල්ලාට තම ගොදුර පහසුවෙන් ආහාරයට ගන්නට හැකි වනවා මෙන්ම ඉතිරිය නැවත භාවිතා කරනතෙක් තබා ගැනීමද පහසු වනවා. විද්‍යාඥයින් පවසන ආකාරයට විෂෙන්  යුතු ගොදුරු ආහාරයට ගැනීම සඳහාද මෙම කුරුල්ලා මෙම උපක්‍රමය භාවිතා කරනවා. මෙහිදී සිදු කරන්නේ ගොදුර මෙසේ රඳවා විෂ වියළී ඉවත් වන තුරු කිහිප දවසක් තබා ආහාරයට ගැනීමයි.

05. වසුරු කුරුමිණියා / ගොම කුරුමිණියා (Dung Beetle)

Image: sciencenews.org

වසුරු කුරුමිණියා / ගොම කුරුමිණියා – වසුරු එහෙම නැත්නම් අශූචි කියන නම ඇහුවත් අපිට නම් අප්‍රසන්නයි නේද? හැබැයි මෙයා නම් ඉපදෙන්නේ, ජීවත් වෙන්නේ, දරුවන් හදන්නේ ඔක්කොම වසුරු වල. ආහාරයට ගන්නෙත් වසුරු. මොවුන් වඩාත් ප්‍රිය කරන්නේ ශාඛ ආහාරයට ගන්නා සතුන්ගේ වසුරු වලට. ඒ වගේම අලින් වැනි සතුන් සපා ඉවත ලන ආහාර හප මතත් ඔවුන් ජීවත් වෙනවා. ඒ වගේම මේ කුරුමිණියා තමන්ටත් විශාල වසුරු බෝල / ගොම බෝල තම ගාත්‍රා වලට හිර කර ගනිමින් හිසෙන් තල්ලු කරගෙන විශාල දුරක් ගෙන යන අයුරු දැක ගන්නට පුලුවන්.

මේ වසුරු කුරුමිණියන් චර්යා රටාව අනුව තුන් ආකාරයක් ගන්නවා

1. බෝල ගෙන යන්නෝ (Rollers) – තම වසුරු බෝලය වසුරු පිඩෙන් ඉවතට ගෙනයන මොවුන් එය වළලා තබන්නේ පසු කලක බිත්තර දමන අදහසින්.
2. උමං හාරන්නෝ (Tunnel makers) – මොවුන් වසුරු පිඩ යට හාර ගන්නා උමංවල වසුරු කොටස් තැන්පත් කරන්නේත් පසු කලක බිත්තර දමන අදහසින්.
3. වසුරුවලම ජීවත් වන්නෝ (Dwellers) – මොවුන් ජීවත්වන්නේ වසුරු පිඩ තුලටම වෙලයි.

05. යෝධ කබල්ලෑවාගේ ඇඹරුම් යන්ත්‍රය (Giant Anteater)

Image: nhptv.org

අපි කවුරුත් සිතාගෙන ඉන්නේ කබල්ලෑවා උගේ දිගු බටයක් වැනි හොම්බ භාවිතයෙන් කූඹින් වැනි පුංචි කෘමින් උරා ගන්නා බව නේද? ඒත් ඇත්තටම මේ බටය වැනි උපාංගය සෑදී ඇත්තේ කබල්ලෑවාගේ හනු වලින්. මෙමගින් අපි හිතන ආකාරයට කෘමින් උරා බොන්න කබලෑවාට හැකියාවක් නැහැ. කබල්ලෑවා තම දිවෙන් තමයි කෘමින් අල්ලා ගන්නේ. අඩි 2 පමණ දුරකට දිගු කල හැකි මෙම දිවෙහි පවතින ඇලෙනසුලු කෙළ මගින් දිවට අලවාගන්නා කෘමින් කබල්ලෑවා ආහාරයට ගන්නේ වරකට දහස් ගණනින්. කබල්ලෑවාගේ මුව තුල පවතින ඝනවීම් මේ කෘමින් අඹරන යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනවා. ඇතැම්විට මෙම ඇඹරුම් කාර්යය වඩා කාර්යක්ෂම කිරීම සහ ආමාශය දක්වාම පවත්වාගෙන යාම සඳහා කබල්ලෑවන් ගල් කැට ගිලිනු දක්නට ලැබෙනවා.

(අන්තර්ජාලය ඇසුරෙනි)

මූලාශ්‍ර:
http://www.care2.com
http://www.livescience.com
Cover Image: abcnews.go.com


Like it? Share with your friends!

194 SHARES
194 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
1
Lol
OMG OMG
4
OMG
Thanks Thanks
4
Thanks
Cry Cry
1
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු – 01

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes