web analytics

මියෙන්නට පෙර මොහොතක්, සිතනු මැන ජිවිතයේ අගය තව සැරයක්


❤️ මිනිස් ආත්මයක් ලබා ගැනිම කණ කැස්බෑවා විය සිදුරකින් අහස බැලිම හා සමාන ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලයි අපේ ජනවහරේ හැදින්වෙන්නේ. එවැනි අදහසක් සමාජගත වෙලා තියෙන්නට ඇත්තේ, මිනිස් ආත්මයේ තියෙන වැදගත්කම ජනතාවට පෙන්වා දිමටය. පෙරුම් පුරලා ලබාගත් ජිවිතය තියෙන්නේ විඳින්නට මිස විඳවන්නට නොවෙයි.

❤️ නමුත් කාටත් පොදු , එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක්‌ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. සමහරු නොයෙක්‌ දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගන්නවා. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක්‌ ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක්‌ වන්නේ කොහොමද? මේ ගැන කතා කිරීම කාලීනව සිදුවිය යුතු දෙයකි.

❤️ මොන දේ උනත් අපි හැමෝම අපේ ජිවිතයට එක දශමයක් හරි ආදරේ කරනවා. මොකද , මැරෙන්න යන මනුස්සයා වුනත් පිදුරු ගහේ  එල්ලිලා හරි ජිවිතය රැකගන්න පොඩි හරි උත්සාහයක් දරනවා. එවැනි මතයන් පසෙකින් තබා, වර්ථමානයේ මේ වන සිදුවිම් දිහා බැලුවහම ඒ ගැන අලුතින් යමක් සිතිය යුතු කාලයක් තමයි එළැඹිලා තියෙන්නේ .

❤️ සියදිවි නසා ගන්න අයට සමාජ ජාලයේ කොතරම් බැන්නත් , ඔයාලා දන්නවා ඇති හිතට එකගව අපි හැමෝටම ජිවිතයේ එකපාරක් හරි සියදිවි නසාගන්න හිතිලා තියෙනවා කියලා. මිනිසුන් සියදිවි නසා ගන්නේ ඇයි? ජීවිතයේ එකම වරක් හෝ ජීවිතය එපා වී කලකිරීමක් සිතී ජීවිතය නසා ගන්නට ඇත්නම් යන්න නොසිතුණු අයෙක් මේ සමාජයේ ඇතැයි පැවසීම මුසාවකි. සත්‍ය එය වේ.

❤️ ගොඩක් දෙනෙක් සියදිවි නසා ගන්නට පොදු වුනු හේතු කාරණා කිහිපයක් තියෙනවා . ඒ තමයි

01. විශාදය

02.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විම

03.ආදර සම්බන්දතා පළුදු විම්

04.සමාජ හුදෙකලාව

05.ලබැඳියන්ගෙන් වෙන්විමේ දුක

06.අපේක්ෂා භංගත්වය

07.මානසික අවපීඩනය

වැනි කාරණා බොහෝ විට අප රටේ සිය දිවි නසා ගැන්මට හේතුවන සාධක අතර වෙනවා.

❤️ ඊළගට කථා කළ යුත්තේ, මෙලෙස සියදිවිනසා ගැනිම් වැඩිවෙන්නේ ඇයි කියලයි. මුලින්ම කරන්න තියෙන්නේ පවුල තුළින්ම මේ මානසික අවපීඩනය හදුනා ගැනිමයි. ඔබ තුළින්ම ඔබව හදුනා ගන්නට උත්සහයක් දරන්න . ඔබ අවට සිටින අය ගැන පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න . කෙනෙකුගේ හැසිරීම වෙනස්‌ වෙලා නම්, රෑට නින්ද යන්නේ නැතිනම් සතුට අඩු වෙලා නම්, තරහ යාම වැඩි නම් මේ ගැන කල්පනාවෙන් ඉන්න.

❤️ ඔබට හෝ ඔබ අවට සිටින කෙනෙකුට මෙවැනි රෝග ලක්ෂණයන් තියෙනවා නම් පොඩ්ඩක් ඒ ගැන උනන්දු වෙලා මනෝ වෛද්‍යවරයෙක් මුණගැසි ප්‍රතිකාර ගන්න. මොකද නැත්නම් මේ දේවල් හංගන් හිටියොත් ඔයාට වෙන්නේ ජිවිතයෙන් වන්දි ගෙවන්නයි.

❤️ මත්පැන් වලට ඇබ්බැහි වීමත් එවැනි දෙයකි. මත්පැන් නැතිවම බැරි තත්ත්වයට පත් වි සිටී නම් ඔහු ප්‍රතිකාර සඳහා ගෙන යන්න.  ඔවුන්ද සාමාන්‍ය පුද්ගලයෝ විදියට සලකන්න.  කෙනකු සිය දිවි නසා ගැනීම ගැන කියනවා නම්, උත්සහ කරනවා නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් සුදුසුකම් ලත් මනෝ වෛද්‍ය විශේෂඥවරයෙකුට යොමු කළ යුතුයි. ඔහු හෝ ඇය ප්‍රතිකාර සඳහා යොමු වන්නේ නැතිනම් පවුලේ කෙනෙකු ගොස්‌ වෛද්‍යවරයා හමු වී ඔහු හෝ ඇය ගැන කතා කරන්න.

❤️ එහේම ,කියන්නම කෙනෙක් නැත්නම් ඒ සඳහා හොඳම පිළියමක් දැන් තියෙනවා . සත් ගුණවත් මිනිසුන් කිහිපදෙනෙකුගේ එකතුවකින් සැදුනු “සුමිත්‍රයෝ” සේවාව හා එක්වෙන්න දැන් ඔබටත් පුළුවන් . කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් නම් ඔයාට තියෙන්නේ , හොඳම විසඳුම තමයි මේ සේවාව .

❤️ ජීවිතේ අනේක විද ප්‍රශ්න ගැටළු ගැන කාරුණික හදවත් ඇති මිතුරන් සමග කතාකරන්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා . එය ඔබට මහත් සහනයක් ලැබෙනවා . අන් අයටත් ඔබේ ප්‍රශ්නය මහත් ආදර්ශයක් වනවා.


Like it? Share with your friends!

8 SHARES
8 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මියෙන්නට පෙර මොහොතක්, සිතනු මැන ජිවිතයේ අගය තව සැරයක්

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes