web analytics

නාසයක් නැති අයට විතරක් කන්න පුළුවන් චීස්.


චීස් කියන්නේ ලොකු පොඩි හැමෝම හරිම කැමැත්තෙන් කන කෑමක්.උකු ගතියෙන් පොහොසත් චීස්‌ රස විඳින්න බොහෝ දෙනෙකු කැමතියි. චීස්‌ සොයා ගැනීම සහ නිෂ්පාදනය කවදා කෙසේ වූයේදැයි නිශ්චිතව කිව නොහැකි වුණත් සෑහෙන ඉතිහාසයක්‌ ඇති බව නම් පෙනෙනවා. වසර 4000 කට වැඩි අතීතයක්‌ ඇති ඊජිප්තු සොහොන් ගෙවල් බිතු සිතුවම් වල චීස්‌ සහ චීස්‌ සෑදීම සම්බන්ධ සාක්‌ෂි හමුවෙනවා.

සමහර විට චීස්‌ වමාරා කන සතෙකුගේ උදරයකින් සාදා ගත් මල්ලක කිරි දමා තිබෙන විට හෝ කල්තබා ගැනීම සඳහා මුදවූ කිරි ලුණු දැමීමේදී අහම්බෙන් සොයා ගත් දෙයක්‌ වෙන්නට ඇතැයි සැලකෙනවා. රෝම අධිරාජ්‍යය පැවති කාලයේ චීස්‌ සෑදීම යුරෝපය සහ මැදපෙරදිග පුරා ඉතා අගනා කාර්‍යක්ව පැවතියා. ජුලියස්‌ සීසර්ගේ කාලය වන විට සිය ගණන් චීස්‌ වර්ග රෝම අධිරාජ්‍යයේ සහ ඉන් ඔබ්බට වෙළඳාම් කෙරුණා. චීස්‌ ඉතිහාසයේ මුල් කාලයේ එය ලොව පුරා පැතිරුණ දෙයක්‌ නොවේ. යුරෝපයේ සහ මැද පෙරදිග චීස්‌ වැජඹෙද්දී යුරෝපීය සංක්‍රමණිකයින් විසින් පසුකලෙකදී හඳුන්වාදෙන තුරු චීස්‌ සහ චීස්‌ සෑදීම පිළිබඳව උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව දැන සිටියේ නැහැ.

යුරෝපීය ව්‍යාප්තිය සහ පසුකාලයේ ඇමෙරිකානු බලපෑම නිසා චීස්‌ ආසියාවට පැමිණියා. ඒත් තවමත් ඇතැම් ආසියානු රටවල චීස්‌ එතරම් භාවිතයක්‌ නැහැ. සමහර සංස්‌කෘති වල අදහස්‌ චීස්‌ රස විඳීමට හරස්‌ වෙනවා. තවත් අයට කිරිවල ඇති සීනි දිරවීමේ අපහසුතාවන් තිබෙනවා. මිදුණු අමුතු ගන්ධයක්‌ ඇති මේ කිරි ආහාරය හැමෝම ප්‍රිය කරන්නෙත් නැහැ. සමහර චීස්‌ වල රස බලන්නට නම් චීස්‌ ප්‍රිය කරන අයට වුණත් සෑහෙන ධෛර්යයක්‌ අවශ්‍යමයි.අනිවාර්යයෙන්ම මේවා කද්දි තමන්ට නාසයක් නැති වුනා නම් හොඳයි කියලා හිතෙයි.

◀️ඉහඳ පණුවන් දඟලන චීස්‌

සාඩිනියාවේ විශේෂිත චීස්‌ වර්ගයක්‌ වන කසු මාර්සු එවැනි විශේෂ ධෛර්යයක්‌ අත්‍යාවශ්‍ය චීස්‌ වර්ගයක්‌. පිළුණු චීස්‌ යන තේරුම ඇති කසු මාර්සු සැලකෙන්නෙත් ලෝකයේ අනතුරුදායක චීස්‌ වර්ගයක්‌ ලෙසටයි. පිළුණු වූ චීස්‌ කන්නේ කවුදැයි ඔබට සිතේවි. ඒත් කසු මාර්සු වලට ලොකු ඉල්ලුමක්‌ තියෙනවා. විශේෂයෙන්ම දහස්‌ ගණනින් ඉහඳ පණුවන් එහි දඟලන විට එම චීස් හොඳම තත්වයේ ඇති ලෙසට සැලකෙනවා. කසු මාර්සු නරක්‌ වූ ලෙසට ගණන් ගැනෙන්නේ ඉහඳ පණුවන් මැරුණ විටදියි. එවිට පරිභෝජනයට නුසුදුසු තරමට එහි විස වැඩි වෙනවා.

කසු මාර්සු නිෂ්පාදනයේදී ආරම්භය පෙකොරීනෝ සාර්දෝ වගෙයි. පෙකොරීනෝ සාර්දෝ කියන්නේ කරදියේ පොඟවා, දුම් ගසා, බිම්ගෙවල් වල තැන්පත් කර පැසවා ගන්නා චීස්‌ වර්ගයක්‌. චීස්‌ කසු මාර්සු බවට පත් කර ගැනීමට ආවරණයකින් තොරව එළිමහනේ තබනවා. එවිට මැස්‌සන්ට ඒවා තුළ බිත්තර දැමීමේ හැකියාව ලැබෙනවා. ඒ බිත්තර බිඳී පිටතට පැමිණෙන සුදු විනිවිද පෙනෙන ඉහඳ පණුවන් චීස්‌ ආහාරයට ගන්නවා. උන් උපදවන එන්සයිම පැසීම ඉහළ දමනවා. ඒ වගේම කසු මාර්සු තුළ මේද නරක්‌වීම සිදුකරනවා. පෙකොරීනෝ සාර්දෝ චීස්‌ පොත්තේ කැපීමක්‌ කර එතුළට ඉහඳ පණුවන් ඇතුල් කිරීමෙනුත් කසු මාර්සු නිෂ්පාදනය කෙරෙනවා.

◀️ගුල්ලන් ගැසූ චීස්‌

ජර්මානු චීස්‌ විශේෂයක්‌ වන මිල්බන්කේසේ වල ඇති විශේෂත්වය නම් ඒවා ආහාරයට ගන්නේ එහි පොත්තේ එල්ලී සිටින ගුල්ලනුත් සමඟ වීමයි. චීස්‌ ප්‍රණීත ආහාරයක්‌ බවට පත් කරන්නේ ඒ ගුල්ලන් විසිනි. ගුල්ලන් පහ කරන එන්සයිම චීස්‌ මේරීමට උපකාර වෙනවා.

මිල්බන්කේසේ නිෂ්පාදනයේදී කූවක්‌ ලෙසින් හඳුන්වන උකු නොමේරු චීස්‌ ගෙන ලුණු සහ මහදුරු සමඟින් කුඩා බෝල හෝ රෝල සාදා වේලනවා. ඉන්පසු ඒවා අඩුම තරමින් මාස 3 ක්‌වත් පරණ ගුල්ලන් ගැසූ රයි පිටි ඇති ලී පෙට්‌ටි වල අසුරනවා. පිටි නිසා ගුල්ලන් සම්පූර්ණ චීස්‌ බෝලයම නොකා පොත්ත පමණක්‌ කොටා කනවා. මාසයකට පසුව මිල්බන්කේසේ පොත්ත කහ පාට වන අතර මාස 3 කට පසුව රතු පැහැති දුඹුරු පාටකට හැරෙනවා. සමහර මිල්බන්කේසේ නිෂ්පාදකයින් පොත්ත කලු පාට වනතෙක්‌ වසරක්‌ පමණ චීස්‌ මේරීමට තබනවා. මිල්බන්කේසේ රස බලන විට ගෙනදෙන්නේ තිත්ත රසකි. පරණ වීමත් සමඟ තිත්ත රස වැඩිවෙනවා. ඒවා ආහාරයට ගැනීමෙන් රෝග නාශක ගුණයක්‌ ලැබෙන බව කියවෙනවා. මිල්බන්කේසේ ආහාරයට ගන්නා අය නිවසේ දූවිලි වලට අසාත්මික වන්නේ නෑ.

◀️දුඟඳම චීස්‌

ලිම්බර්ග චීස්‌ ලොව දුඟඳම චීස්‌ ලෙසට නමක්‌ දිනූ වර්ගයකි. එහි ගඳ නරක්‌ වූ පාද සහ පුස්‌ බැඳුණු බූට්‌ සපත්තු වලින් වහනය වන ගඳ වැනි තත්වයකි. චීස්‌ කුට්‌ටියේ දුඟඳ හමන්නේ කහ සහ රතුපැහැති දුඹුරු අතර පැහැයක්‌ ඇති පොත්තෙනි. මේ මෘදු පොත්ත පහසුවෙන් ඉවත් කර ගත හැකිය. ලිම්බර්ග ගඳින් ඉහළ වන තරමටම රසින්ද ඉහළය. චීස්‌ කුට්‌ටිය ඇතුළත පවතින්නේ කහ පැහැති ගෑමට හැකි ස්‌වභාවයක මෘදු යොදයකි. ලා ඇඹුල් රසයක්‌ ඇතිව දිව පිනවන ලිම්බර්ග එක්‌ වරක්‌ හෝ රස බැලීම ජීවිත කාලයටම වටිනා අත්දැකීමක්‌ බවයි රස බලන්නන් පවසන්නේ.

බොහෝ දෙනෙකු ලිම්බර්ග හඳුන්වන්නේ දුඟඳම ජර්මන් චීස්‌ ලෙසයි. ඒ තරමටම ජර්මානුවන් ලිම්බර්ග තමන්ගේ කරගෙන සිටී. ඇත්තටම ලිම්බර්ග චීස්‌ බෙල්ජියමේ ට්‍රැපිස්‌ට්‌ පූජකයින්ගේ නිර්මාණයකි. ලිම්බර්ග නම ගෙන ඇත්තෙත් අතීතයේ ඒවා වෙළඳාම් කළ බෙල්ජියමේ නගරයේ නමිනි. 20 වන ශතවර්ෂයේ අග වන විට වැඩියෙන්ම ලිම්බර්ග නිෂ්පාදනය කළේ ජර්මනිය සහ එක්‌සත් ජනපදයයි. අද බෙල්ජියම් ජාතිකයනුත් මේ චීස්‌ හඳුන්වන්නේ ලිම්බර්ග ජර්මානු චීස්‌ ලෙසිනි.

ලිම්බර්ග සෑදීමට එළදෙනුන්ගේ කිරි මුහුන් සහ විශේෂ රෝපණයන් සමඟ උණු කර නිශ්චලව තබනවා. කැදලි සහ කිරිමෝරු ලෙසට උණු කළ කිරි වෙන් කළ පසුව කැදලි කපා සම්ප්‍රදායක ඍජුකෝණාස්‍රාකාර අච්චු වලට පුරවා හැඩ කපා ගන්නවා. ඉන්පසු චීස්‌ මෝරන්නට තබනවා. චීස්‌ මාස 3 ක්‌ පරණ වූ විට පැසවීමට යොදා ගත් බැක්‌ටීරියා නිසා දුඟද හමනවා. අපේ සිරුර ගඳ ගැස්‌සවීමට විශේෂයෙන්ම දෙපා වල දුඟඳට වගකියන්නෙත් ඒ බැක්‌ටීරියාවමයි. මැලේරියා බෝ කරන මදුරුවන් අපේ පාද වල ගඳට ආකර්ෂණය වන තරම හා සමානව ලිම්බර්ග චීස්‌ වලටත් ආකර්ෂණය වන බව 2006 දි අධ්‍යයනයකින් සොයා ගෙන තිබෙනවා.

ලිම්බර්ග ආහාරයට ගැනීමේ වඩාත් සම්ප්‍රදායික ක්‍රමය සැන්ඩ්විච් එකක්‌ ලෙස ගැනීමයි. එය සකසන්නේ ලිම්බර්ග චීස්‌ සහ විශාල ලූනු පෙත්තක්‌ රයි පාන් පෙති දෙකකට මැදි කිරීමෙනි. ලිම්බර්ග සැන්ඩ්විච් සමඟ සාමාන්‍යයෙන් සැර කලු කෝපි කෝප්පයක්‌ හෝ ලාගර් බියර් එකක්‌ පිළිගැන්වෙනවා.


Like it? Share with your friends!

27 SHARES
27 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

නාසයක් නැති අයට විතරක් කන්න පුළුවන් චීස්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes