දුකට, සැපට වගේම හදිස්සියට අපට උදව් වෙන ත්‍රීරෝද රථය


ත්‍රීවීල් එකක් කිව්වහම නොදන්න කෙනෙක් නැහැනෙ මේ ලංකාවෙ. පොඩි එකෙක් පවා දන්නවා නොවැ. මං හිතන්නෙ ත්‍රීවීල් හදන රටේ වත් නැතුව ඇති මෙච්චර ත්‍රීවීල්. ඉතිං මේ ජනප්‍රිය වාහනේ ගැන මොනවා හරි ලියන්න හිතුනෙ ඒකයි. ගොඩක් ඈයොන්ට මේක එච්චරම වැදගත් නොවන මාතෘකාවක් වෙයි සමහරවිට. වදින ඈයො විතරක් කියෙවුවට කමක් නැහැ ඉතිං.

ත්‍රීවීල් එකක නොගිය කෙනෙක් හොයන එක මැරිච්ච නැති කෙනෙක් ගෙ ගෙදරින් අබ හොයනවට වඩා අමාරු වෙයි මං හිතන්නෙ. දැං මේක කොච්චර නැගලා ගිහිල්ලද කිව්වොත් පවුලේ වාහනේ වෙලා තියෙන්නෙත් මේකලු ය කියන්නෙ. ලංකාවට මෙවුවා ගෙන්නන තරම ගැන කිවුවොත් පුද්ගලික බස් හිමියොත් බංකොලොත් වෙන්න පටන් අරන් ලු.

Image: traintours.lk

ඇයි බොලවු දැං අපේ ඈයො ශරීර කෘතය ඉටු කරන්න පවා යන්නෙ මෙවුවයෙලු. ඉතිං ඒක වෙන්ටෑ පහුගිය දවස් වල බස් සංගම් මහත්තයත් මාද්දිය සාකච්ඡාවක් එහෙම තියලා කිව්වෙ මෙවුවා ගෙන්නන එක සීමා කොරන්ටය කියලා.

කොහොමින් කොහොම හරි අපේ නිර්ධන පංතියෙ ගොඩක් ඈයොන්ගෙ රැකියාව වෙන්නෙ ඔය ත්‍රීවීල් කට්ටක් හයර් පාරක් ගහල කීයක් හරි ගතමනාව හොයාගන්න එක නොවැ.

Image: thesrilankatravelblog.com

ඇමෙරිකාව වගේ ඔය යුරෝපා රටවල් වල එහෙම ඔය ටැක්සි කියලා කාර් බාර් තිබුණ ට මොකෝ අපේ ගමේ ගොඩේ හදිස්සියකට පිහිට වෙන්නෙ තුන් රෝදයක් තමයි ඉතිං.

එක්දහස් නවසිය බර ගණන් වල ආපු මේ වාහනේ අපි ඉතිං දන්න දවසෙ හිටන් ම තියෙන භාණ්ඩයක් නොවැ.

ඉස්සෙල්ල ම ආපු මෙව්වයෙ දෙසිය ගණං වල අංක තියෙන එවුවලු හොදටම නැගලා ගියා කියන්නෙ. අදටත් එළකිරි වගේ තියෙනවනි 205-206 වගෙ එවුවා. ඉංගිරීසි නම්බර් ආවට මොකෝ මෙවුවයෙ පැවැත්ම හොදයි කියල තමයි එවුවයෙ අයිතිකාර ඈයෝ කියන්නෙ.

දැන් එන එවුවයෙ බොඩිය එහෙම ගන්න දෙයක් නැතිලු. යන්තං වැදුණහම බඩු ලු. දැන් නං ලයිට් දෙකේ එවුවත් එනවා නොවැ. එවුවා නං මොඩිෆයි කොරන්න මරු භාණ්ඩෙ. මොඩිෆයි කොරනවා කිව්වට මොකෝ ලීසිං වාරිකේ ගෙවලා ඉවර වුණාට පස්සෙ සොච්චමයි නොවැ අතේ ඉතුරු වෙන්නෙ.

Image: lankabike.com

ඒත් අපේ තරුණ ඈයොන්ට නං වාහනේ කොලිටි කරේ නැත්තං නිකං උණ වගේ ලු. එක එක කාලෙට මෙවුවටත් එනවනි එක එක මේනියාවල්. සුදු යකඩ බාර් පොලු ද, කාර් සෙට් ද, බීට් ගැහිල්ල ද, ස්ටිකර් පාරවල් ද, රෝද පිට පැන්නිල්ල ද, කී නොකී කොච්චර දේවල් ද. හරියට නිකං තොරණ ගැහිල්ල වගේ නොවැ.

මේ ලගදි මගෙ ඇහැ ගැටුණ නොවැ බොලව් වායු සමීකරණය කොරපු එකකුත්. හැබැයි ඉතිං කියන්ට ඕනැ කාරණේ නං මෙවුවා කොච්චර සුඛෝපබෝගී වුණත් ගාණ වැඩි වෙන්නෙ නං නැහැ ඕං. කොහොම වුණත් ආර්ථික ලාබෙ නං තියෙන්නෙ ඩක ඩක ගාන එවුවයෙන් ලු.

Image: largeminority.travel

දැං අපේ කොල්ලන්ට මේක නැතුව එළියට යන්නත් බෑලු. සෙට් වෙන්ට ඕනිමලු. බෝතලේ ට නං වරදින් නැහැ කියන්නෙ. හයර් එකට හරි එකක් ගන්නවලු. සංගීත සාජ්ජයක් හෙම බලන්ට යන්න වෙන එකක් නැහැ නොවැ මේක ඇරෙන්ට. දන්සල් වදින්න යන්න ද, තොරණ බලන්ට යන්න ද, ඒ වගේ ද පොඩි පොඩි සීන් වලටත් මේක පට්ට නොවැ සෙට් එකේ කාට හරි සද්දයක් දැම්මොත් බහින්නෙ මෙවුවයෙන්.

කෙල්ලෙක් සෙට් වුණහමත් නොයෙකුත් පල ප්‍රයෝජං තියෙනවලු. තවත් සමහරු පොඩියට බිස්නස් පාරකුත් දානවලු. හවහට ඉදිආප්ප. ලොතරැයි, පත්තර, ඩිලිවරි පාරක් හෙම.

Image: bbc.co.uk

මේක ඒ තරමට ජීවිතේ ට සමීප වෙලා.

හැබැයි ඉතිං ඔය අතරේ හයර් කට්ටත් වද්ද ගන්ට එපායැ. මෙවුවා ගත්ත වගෙ නෙමෙයි ඉතිං පොට් එකට දාගන්න ගියහම පොඩ්ඩක් කට්ටක් කන්න වෙනව කියන්නෙ.

ගමේ හන්දියට නං අවුලක් නෑලු. ඒත් ටවුන් එකේ පාක් එකට නං අදුරන මෑන් කෙනෙක් නැතුව අමාරුයි ලු. දැන් නං හයර් වදින්නෙ ෆෝන් එකෙන් ම නොවැ.

Image: commons.wikimedia.org

කොහොම වුණත් ගොඩක් ත්‍රීවීල් මල්ලිලා හිත හොද ඈයෝ. ඕනි රෑක හදිස්සියකට එනවා නොවැ.

ඒ වගේද මහ පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මනුස්සයෙක් වැටිලා හිටියොත් කාර් බාර් වලින් යන නෝනා මහත්තුරුන් ගෙන් කීයෙන් කී දෙනා ද අර මනුස්සයා දිහා ඇහැක් ඇරලා බලන්නෙ.

ඒ වෙලාවට පිහිට ඉතිං ත්‍රීවීල් කොල්ලෙක් ගෙන් තමයි. සල්ලි සල්ලි කියලා බලන්නැතුව. ඒක වෙන්ටැ දැං සින්දු දෙක තුනකුත් ත්‍රීවීල් ගැන ලියවෙලා ගැයෙන්නෙ.

එක එක ප්‍රදේශ වල ත්‍රීවීල්, වීල්, ආටා කියලා ඔය මොන නමින් හැදින්වුණත් ඒ කියන්නෙ ත්‍රීරෝද රථයට ම තමා. ඉතිං එහෙනං ත්‍රීරෝද රථය ගැන හිතට ආපු ඒව ඔය විදිහට තමා ගැලපුවෙ…… එහෙනං ඕං අපි ගියා..බ්ර්ර්ර්ර්..ර්ර්රූ…..ම්.

Cover Image: www.styleinsrilanka.com

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
2
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

දුකට, සැපට වගේම හදිස්සියට අපට උදව් වෙන ත්‍රීරෝද රථය

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes