මුහුණුපොතේ දම් පරවියා එක්ක ආපු ලංකාවෙ ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක


මුහුණුපොතේ අලුත්ම trend එක තමයි ට්‍රෑශ් ඩව්  (Trash Dove) කියන්නෙ. එක රැයින් ජනප්‍රිය උන දම් පාට ශරීරයක් තියන ට්‍රෑෂ් ඩව් හොලිවුඩ් නළු නිලියන් තරමටම දැන් ජනප්‍රියයි. මෙයාව නොදන්න කෙනෙක් නැති තරම්.

කව්ද මේ Trash Dove ?

සමහරු කිව්වෙ මෙයා කුකුලෙක් කියල, නැහැ මෙයා පරවියෙක්.

කොහෙන් ආපු කෙනෙක්ද මේ?

Syd Weiler ෆ්ලොරීඩාවල ඉන්න ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක්. ඇය තමයි මුහුණුපොතට Trash Doves ස්ටිකර් පැක් එක එකතු කරන්නෙ.

මේකට මුලින්ම කාගෙන්වත් ලොකු අවධානයක් ලැබුනෙ නැහැ. තායිලන්තයේ එක්තරා ෆේස්බුක් පේජ් එකක් තමයි මුලින්ම මේ වැඩේට අත ගහන්නෙ. එයාල හදනව පොඩි වීඩියෝ ක්ලිප් එකක් මේ ට්‍රෑශ් ඩව් තවත් කාර්ටූන් පූසෙක් එක්ක එකට නටන විදිහෙ එකක්. මේක ලොකු හිට් එකක් උනා.

මිලියන 4කට අධික පිරිසක් මේ වීඩියෝ එක නරඹනව.

ඊට පස්සෙ ඉතින් හතු පිපෙනව වගේ ඉන්ටර්නෙට් මීම්ස් හැදුන.

Image: comicvine.gamespot.com
Image: knowyourmeme.com

ලංකාවෙ පේජ් ඇඩ්මින්ල, මුහුණුපොතේ අපේ කට්ටියත් වැඩේ අතඇරියෙ නැහැ.

ලංකාවෙන් Trash Down කියල ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකකුත් හැදෙනව මේ එක්කම.

මේ ගේම් එක රිලීස් කරන්නෙ Prodigi Interactive එකෙන්. අලුත් දේවල් කරන්න ඇම්ම තියන SLIIT එකෙන් බිහිවෙච්ච තරුණ කොල්ලො සෙට් එකක් 2014 දි පටන් ගත්ත කම්පැනි එකක් තමයි මේක.

අපිත් game එක download කරල බැලුව මොනවගේ එකක්ද කියල. මේ තියෙන්නෙ Link එක.

Trash Down – Trash dove Game by Prodigi Interactive

මේක සරල ගේම් එකක්, ගොඩාක්ම අමාරු නැහැ. ගහන්න ගත්තම addict වෙන ජාතියෙ එකක්. ඔයාට හම්බෙනව ඊතල විස්සක්.  ඒකෙන් මේ දම් පරවිය ඉලක්ක කරල වැඩ පෙන්නන්න තමයි තියෙන්නෙ. විවිධ අවස්ථාවලදි බෝනස් ඊතල හම්බවෙනව. ඔයා සාර්ථක වෙන හැම වෙලාවකම ලකුණු ලැබෙනව.

2015 වසරෙදි කොමර්ෂල් බැංකුවෙන් පවත්වන ලැබූ mobile games development තරඟයෙන් 3 වන ස්ථානය දිනා ගත්තෙත් යසිත් සහ රවිඳු අතුලු Prodigi Interactive ටීම් එක. මේ වෙනකොට මේ කොල්ලො සෙට් එක මොබයිල් ඇප්ස් සහ ගේම්ස් කීපයක්ම රිලීස් කරල තියනව.

2017 අවුරුද්දෙ  අලුත් සේවාදායකයන් පිරිසක් එක්ක ගොඩාක් දේවල් කරන්න තමයි Prodigi Interactive ටීම් එකේ බලාපොරොත්තුව.

මේ වගේ උත්සාහවන්ත ලංකාවෙ අපේ තරුණ තරුණියන්ට වචනෙකින් හරි උදව් කරන එක අපි හැමෝගෙම වගකීමක්.

 ඒ වගේම මේ ගේම් එක play කරල feedback එකක් දෙන්න කියල අපි ඔයාලගෙන් ඉල්ලනව.

Cover Image: konbini.com


Like it? Share with your friends!

2k SHARES
2k SHARES

What's Your Reaction?

Cute Cute
3
Cute
Lol Lol
4
Lol
OMG OMG
14
OMG
Thanks Thanks
8
Thanks
Cry Cry
4
Cry
Like Like
15
Like
Confused Confused
4
Confused
Dislike Dislike
5
Dislike
Damn Damn
6
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මුහුණුපොතේ දම් පරවියා එක්ක ආපු ලංකාවෙ ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes