ලොව හොඳම සංචාරක ඡායාරූප ශිල්පින් දස දෙනා අතරට එක්වූ අපේ ප්‍රියන්ත බණ්ඩාර

Sri Lankan Photographer Priyantha Bandara named among top 10 best travel photographers by Top Teny Magazine

හැමෝම කැමතියි නේද ලෝකයේ විවිධාකාර වූ සුන්දර දසුන්, කලාත්මක දසුන් දකින්න. තුන්වෙනි ඇසින් ලෝකය දකින සංචාරක ඡායාරූප ශිල්පීන් නිසා තමයි මේ වගේ සුන්දර දසුන් දකින්න අවස්ථාව ලැබිල තියෙන්නෙ. සංචාරක ඡායාරූපකරණය කියන්නෙ සුන්දර භූමි දර්ශන කැමරාවට හසුකරගැනීම පමණක්ම නෙමෙයි. විවිධ සංස්කෘතිකාංග, සම්ප්‍රදායන්, සාමාජීය වශයෙන් වැදගත් සිදුවීම්, ගෘහනිර්මාණ, පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් වගේම විවිධ ජන කොටස් හා ඔවුන්ගේ ජීවන රටාවන් වැනි පුළුල් පරාසයක් ආවරණය කිරීම සංචාරක ඡායාරූපකරණය තුළින් සිදුවෙනව. ජෛව විවිධත්වය උපරිමයෙන්ම තියෙන, දීර්ඝ ඉතිහාසයකට සහ විශාල සංස්කෘතියකට උරුමකම් කියන, විවිධාකාරයේ භූ විෂමතා ලක්ෂණ සහ දේශගුණික තත්ත්වයන් පවතින, බහු වාර්ගික රටක් වන ශ්‍රී ලංකාව සංචාරක ඡායාරූපකරණයට හොඳ තෝතැන්නක්.

© priyanthabandara.com
© priyanthabandara.com

නමුත් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප අපි දකින තරමටම අපේ රටේ ඡායාරූප ලෝකය පුරාම යනවද? සාපේක්ෂව එය ප්‍රමාණාත්වකව අවම මට්ටමක පැවතියත් අපේ රටෙත් ඉතාම දක්ෂ ඡායාරූප ශිල්පීන් සිටිනව. අපි මේ කියන්න හදන්නෙ අපේ රටේ ලස්සන ලෝකෙටම පෙන්නන එවැනි දක්ෂ ඡායාරූප ශිල්පියෙක් ගැනයි. ඔහු නමින් ප්‍රියන්ත බණ්ඩාර.

මේ ලිපිය ලියන්න නිමිත්ත වෙන්නෙත් ප්‍රියන්ත ලබපු ජයග්‍රහණයක්. Top Teny සඟරාව මඟින් පළකරන ලද ලෝකයේ හොඳම සංචාරක ඡායාරූප ශිල්පීන් දස දෙනා අතරට ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත බණ්ඩාරත් ඇතුලත්වී තිබෙනව. ලාංකිකයින් හැටියට ආඩම්බර වෙන්න පුලුවන් අවස්ථාවක්.

www.topteny.com/10-best-travel-photographers-worldwide/

ඇත්තටම කවුද මේ ප්‍රියන්ත බණ්ඩාර?

priyantha-bandara

භූමි දර්ශන හා ගෘහනිර්මාණ ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඔහු විශේෂඥයෙක්. තවත් විශේෂිත කාරණයක් තමයි ඔහු මූලික වශයෙන් ස්වයං අධ්‍යයනය තුළින් සිය හැකියාව ඔපමට්ටම් කරගත්තු අයෙක්. වසර දහයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඡායාරූපකරණයේ නිරතවන ප්‍රියන්ත බණ්ඩාර ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල පලපුරුදු ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම ඡායාරූපකරණයේ නව මානයන් අධ්‍යයනය කිරීමටත් අත්හදා බැලීමටත් ඔහු දක්වන උනන්දුව පැසසිය යුතුයි. විශේෂයෙන් නව තාක්ෂණික ක්‍රමවේදයන්, උපකරණ භාවිතා කරමින් නිරන්තරයෙන් ලෝකය සමඟ යාවත්කාලීනවීමට ඔහු දක්වන කැමත්ත නවක ඡායාරූප ශිල්පීන්ට පවා ආදර්ශයක්. අපි කියනවට වැඩිය හොඳයි මේ දක්ෂ ඡායාරූප ශිල්පියව ඔහුගේ ඡායාරූප තුළින්ම හඳුනගන්න එක.

පහළින් පලකරන්නෙ ප්‍රියන්න බණ්ඩාරගෙ ඡායාරූප එකතුවෙන් කිහිපයක්.

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

 

© priyanthabandara.com
© priyanthabandara.com

ප්‍රියන්න බණ්ඩාරගෙ වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ඔබට ලබාගැනීමට හැකි අතර ඔබගේ ඡායාරූප අවශ්‍යතාවයන් සඳහා ඔහුව සම්බන්ධ කරගැනීමටත් හැකියාව තිබෙනව.
www.priyanthabandara.com

Instagram

Facebook Page

Leave your vote

0 points

Total votes: 0

Upvotes: 0

Upvotes percentage: 0.000000%

Downvotes: 0

Downvotes percentage: 0.000000%

Refresh us with your thoughts..