මානව සංහතියට පිළිකාවක් වූ “පිළිකාව”


පිළිකාව කියන නම ඇහුනත් ගැස්සිලා යන ගතියක් එනව නේද? ඒ තමයි මේ ලෙඩේ තියෙන භයානකකම. ඒක කොයිතරම් දරුණුද කියනවනම් ලෝකය පුරා බහුලවම දක්‌නට ලැබෙන බෝ නොවන රෝගය තමයි පිළිකාව. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් පිළිකාව දෙවැනි වන්නේ හෘද රෝගවලට විතරයි. ලංකාවෙනම් හතරවෙනි තැන. අද වෙනකොට පිළිකා වර්ග ඉතා විශාල සංඛ්‍යාවක් හඳුනගෙන තියෙන නමුත් බොහොමයක් පිළිකා අතිශය දුර්ලභයි. ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි සංඛ්‍යාව 200කට අධිකයි. පිළිකාව කියන මාරය ශරීරයේ ඕනෑම තැනකින් මතුවෙන්න පුලුවන්. මේ හේතුවෙන් දිනකට මියයන රෝගීන් සංඛ්‍යාව 20,000 කට අධිකයි. 2012 වසරෙ වාර්තා අනුව මරණ මිලියන 8.2ක් වාර්තා වෙලා තියෙනව. මෙම සංඛ්‍යා දත්තවලට අනුව පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව AIDS, ක්ෂයරෝගය හා මැලේරියාව යන රෝග තුන හේතුවෙන් මියයන සංඛ්‍යාවේ එකතුවටත් වඩා වැඩියි.

පිළිකාවට බෙහෙත් නැද්ද?

Image: CBS News

හැබැයි මොනතරම් භයානකවුනත්, මාරාන්තිකවුනත් පිළිකාවටත් වැට බඳින්න බැරිකමක් නැහැ. වෛද්‍ය පර්යේෂණ අනුව නවතම තත්ත්වය තමයි පිළිකාවලින් 1/3 ක් කල් තියා හඳුනගන්න පුලුවන්. තව 1/3 ක් සුව කරන්න පුලුවන්. සුව කරන්න බැරි තත්ත්වයක තියෙන්නෙ ඉතිරි 1/3 විතරයි. ඒ අනුව පෙනෙන දේ තමයි පිළිකාව කලින් හඳුනා ගැනීමෙන් සම්පූර්ණ සුවය ලබා ගන්න පුලුවන් කියන දේ.

පිළිකාවක් යනු?

Image: Wikipedia

ඇත්තටම පිළිකාවක් කියල කියන්නෙ මොකක්ද? අපේ ශරීරයේ සෛලයක් අසාමාන්‍ය ලෙස වර්ධනය වී පාලනය කළ නොහැකි අන්දමින් පැතිරෙනවනම් ඒකට පිළිකාවක් කියල කියනව. මෙතෙන්දි සිදුවෙන්නෙ මෙම සෛල ගොනුව එය වටා තියෙන නිරෝගී සෛල වටා පැතිරෙමින් ඒවා විනාශ කිරීමයි. අන්න ඒකයි කියන්නෙ මුල් අවස්ථාවෙදි පාලනය නොකළොත් මාරාන්තිකයි කියල.

පිළිකාවක් හැදෙන්නෙ කොහොමද?

Image: indicasat.org.pa

විකෘතීන් නිසා සෛලයන්හි ජාන වලට සිදුවන හානි නිසා ඒවා පිළිකාකාරක සෛල බවට පත්වෙනව. මෙවැනි සෛල පිළිකාකාරකයන්ට නිරාවරණය වීමෙන් සෛලයන්හි ඇති ජාන වලට හානි සිදුවීමේ හැකියාව ඉහළ යනව. මේ විදිහට දිගින් දිගටම සිදුවීමෙන් පිළිකාමය තත්වයට සෛල පත්වෙනව. ඔන්න ඕකයි සරළවම කතාව.

මොනවද මේ පිළිකාකාරක?

පිළිකාකාරක කිව්ව ගමන් හුඟක් අයගෙ ඔලුවට එන්නෙ ආහාර පාන. නමුත් ආහාර පාන කියන්නෙ එක කොටසක් විතරයි. ඊට අමතරව අහිතකර සෞඛ්‍ය පුරුදු, ජීවන රටාව, ජානමය හේතූන් වගේ බොහෝ දේවල් බලපාන්න පුලුවන්.

මොනවද පිළිකාකාරක ආහාර?

Image: LittleThings.com

වර්තමානය වෙද්දි බහුල වශයෙන්ම මෙම රෝගී තත්ත්වය ඇතිවෙන්න බලපාන හේතුවක් තමයි අපේ ආහාර රටාව. බොහොමයක් අය අද කෘත්‍රිම රසකාරක, වර්ණක, කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය යෙදූ ආහාර භාවිතයට හුරුවෙලා. ඒ වගේම තමයි ජානමය වශයෙන් වෙනස් කරන ලද ආහාර. සීඝ්‍රයෙන් වර්ධනය වන ක්ෂණික ආහාර සංස්කෘතියත් මේ තත්ත්වයට වග කියන්න ඕනෙ. වෙළඳපොලේ ඇති සීනි, සෝඩා, රසායනික ද්‍රව්‍ය අඩංගු කෘතිම බීම වර්ග, මයික්‍රොවේව් ආහාර, සොසේජස් හා බේකන් වැනි ආහාර, පිරිපහදු තෙල් අඩංගු ආහාර මඟින් පිළිකා ඇතිවීමේ අවධානමක් ඇති කරල තියෙනව. ඒ වගේම තමයි මාංශ වර්ග අනවශ්‍ය ලෙස අධිකව ආහාරයට ගැනීමත් එතරම් හොඳ දෙයක් නෙමෙයි. විශේෂයෙන් රතු මස් වර්ග.

Image: Inhabitat.com

මේ සේරම පැත්තකින් තිබ්බත් අපිට මුහුණදෙන්න වෙන්න බරපතලම ගැටලුවක් තමයි කෘෂි රසායනික භාවිතය. අපි ගන්න එළවළු පලතුරු විශාල ප්‍රමාණයක් කෘෂි රසායනික, කෘමිනාශකවලට නිරාවරණය වූ ඒව. ඉතින් පිළිකා රෝගීන් වර්ධනයවීම අහන්නත් දෙයක්ද?

ආහාරවලින් විතරද පිළිකා හැදෙන්නෙ?

Image:.huffingtonpost.com

නැහැ. අධික මත්පැන් පානය, දුම් පානය, බුලත්විට කෑම, විකිරණ වලට නිරාවරණය වීම, තද හිරු එළියට නිරාවරණය වීම, නිදන්ගත රෝග, තරබාරු බව, ශාරීරික ව්‍යායාම අවමවීම, විවිධ ඖෂධ වර්ග හා ප්‍රතිකාර ක්‍රම දීර්ඝකාලීන භාවිතය, රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම, අනාරක්ෂිත සෞඛ්‍යයට අහිතකර රැකියාවල නිරතවීම වැනි කරුණු විශාල ප්‍රමාණයක් මේ සඳහා බලපානව. නමුත් මේ අතුරින් බොහොමයක් ඔබට පාලනය කරගත හැකි තත්ත්වයන්.

බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග.

අපි මුලින් සඳහන් කළ අන්දමට පිළිකා වර්ග කොපමණ තිබුනත් බොහොමයක් ඒව ඉතාමත් කලාතුරකින් හැදෙන ඒව. නමුත් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙන පිළිකා කිහිපයක් තියෙනව.
තරුණ වයසෙ ඉන්න අයට පිළිකා ඇති වන්නේ කලාතුරකින්. නමුත් වැඩිහිටියන්ට වඩා තරුණ පෙළ අතර බහුල පිළිකා එහෙමත් නැතුව නෙමෙයි.

එකක් තමයි වෘෂණ කෝෂ පිළිකාව.

වෘෂණ කෝෂ පිළිකා වැළඳෙන්නේ වයස අවුරුදු 15ත් 35ත් අතර වයසේ පිරිමින්ටයි. මුල් අවස්‌ථාවේ ම හඳුනාගතහොත් ප්‍රතිකාර මගින් 100% සුව කළ හැකියි. තරුණ වයසේ පසුවෙන අය මේ රෝගය ගැන දැන සිටීම ඉතා වැදගත්.

තවත් බහුලව දක්‌නට ලැබෙන පිළිකා වර්ගයක් තමයි පියයුරු පිළිකාව.

Image:breastcancersurgeon.org.uk

කාන්තාවන් අතර බහුල පිළිකා වර්ගය වන පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම තුළින් සුන්දරත්වය හා ජීවිතය රැකගැනීමට සියලු කාන්තාවන්ට හැකියාවක්‌ පවතී.

තරුණ අයට සහ දරුවන්ට බහුලව ඇති වන පිළිකාවක්‌ තමයි ලියුකීමියාව.

Image: MedGurus.ORG

සුදු රුධිරාණු සෛල අසාමාන්‍ය තත්ත්වයකට පත් වී ඇටමිදුළුවලට හා රුධිර සංසරණයට ඇතුළු වී සාමාන්‍ය ක්‍රියාකාරකම් අවුල් කිරීමයි මෙහි දී සිදු වන්නේ. තරුණ පිරිස් අතර බහුල ලියුකීමියා වර්ග දෙකක්‌ තියෙතව. හැබැයි මේ දෙවර්ගය ම සෛල බද්ධ කිරීම, ඇටමිදුළු බද්ධ කිරීම හෝ විකිරණ ප්‍රතිකාර මඟින් සුව කරන්න පුලුවන්.

ලංකාවෙ අතිශය බහුල පිළිකා විශේෂයක් තමයි මුඛ පිළිකා කියන්නෙ.

මුඛ පිළිකාවට වැඩිපුරම ගොදුරු වන්නේ පිරිමි පාර්ශවය. නුසුදුසු ආහාර පුරුදු, ඇතැම් චර්යා රටා, බුලත්විට සැපීම, පුවක්‌ සැපීම, දුම්පානය කිරීම හා මත් පැන් භාවිතය මුබ පිළිකාවලට බෙහෙවින් හේතු වෙනව.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාවට දෙවැනි තැන ලැබුණත්, පූර්ව පිළිකා අවධියේදී හඳුනාගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිවේ. කාන්තා, පුරුෂ දෙපාර්ශවයම ගත්තම වැඩි පිරිසක් මරණයට පත්වෙන්නෙ වනුයේ පෙනහලු පිළිකාව හේතුවෙන්. මේ පිළිකාවලට අමතරව ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා, ගලනාල පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, චර්ම පිළිකා වැනි පිළිකා වර්ගත් බහුලව දකින්න පුලුවන්.

පිළිකාවට වැට බඳින්නෙ කොහොමද?

Image: Drench Fitness

ඇත්තටම පිළිකාව කියන්නෙ හොඳ කරන්න බැරි අසනීපයක් නෙමෙයි. හොඳම උදාහරණ තමයි සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං, පාපැදි ශූර ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් වැන්නන්. පිළිකාවෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබපු හා පිළිකාව එක්ක සටන් කර කර ජීවත්වෙන මිනිසුන් මිලියන 30කට ආසන්න සංඛ්‍යාවක් ලොව පුරා සිටිනව.
නමුත් හොඳම දේ තමයි පිළිකාවක් හැදෙන්න කලින් හැදෙන්න තියෙන අවස්ථාවන් මරල දාන එක. ඒ වැඩේ තියෙන්නෙ ඔබ අතේ. කොහොමද කරන්නෙ? හරිම සරලයි.

  1. කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර, රසකාරක හා කෘෂි රසායන ආදිය යෙදූ ආහාර ගැනීම හැකි තාක් අවම කරන්න.
  2. අළුත් එළවළු, පළතුරු ආහාරයට ගන්න. තමන්ගෙම ගෙවත්තෙ හැකි පමණ ප්‍රමාණයක් වගා කරගන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
  3. කෙඳි සහිත ආහාර, ධාන්‍ය වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගන්න.
  4. දුම් පානය, බුලත් විට කෑම නවත්තලම දාන්න.
  5. මත්පැන් පානය පාලනය කරගන්න.
  6. තමන්ගෙ මනස නිදහස්ව සැහැල්ලුවෙන් තියාගන්න. අනවශ්‍ය ප්‍රශ්න ඔලුව උඩ තියාගෙන ආතතිය වැඩි කරගන්න එපා.
  7. තද හිරු එළියට සම නිරාවරණය වෙන එක හැකිතාක් වලක්වගන්න.
  8. ප්‍රමාණවත් තරම් ව්‍යායාම වල නිරත වෙන්න.
  9. තමන් අවට පරිසරය පිරිසිදුව තියාගන්න.
  10. සොබාදහම ආරක්ෂා කරගන්න හැමවිටම උත්සහ කරන්න.

මේ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුලුවන්?

පිළිකාව ගැන, මේ ලෙඩේ තියෙන බරපතලකම ගැන මේ තරම් විස්තරයක් ලිව්වෙ මෙන්න මේ කාරණාවට එන්න ඕනෙ නිසයි. රටක් හැටියට ගත්තොත් පිළිකාව මර්ධනයට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබාදෙන්න විවිධ වැඩසටහන් අතීතයේ ඉඳලම ක්‍රියාත්මකවෙලා තියෙනව. ආයතන මට්ටමින් වගේම පුද්ගලිකවත්. නමුත් අවශ්‍යතාවයන් දවසින් දවස වැඩිවෙනව. මේ නිසා මෙවැනි ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක විය යුතුයි.

අපි මේ කියන්න හදන්නෙ එවැනි වැඩසටහනක් ගැන පොඩි හැඳින්වීමක්.

මොකක්ද මේ Clash of Sri Lanka?

ඔයාල අතරෙ ඉන්නව නේද Clash of clans ගේම් එක play කරන අය? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයෙ පරිගණක විද්‍යා සංගමය මගින් තමයි මේ වැඩසටහන සංවිධානය කරල තියෙන්නෙ.

බැලූ බැල්මට කෙනෙක්ට හිතෙයි ගේම් ගැහිල්ලෙයි පිළිකා මර්ධන වැඩසටහනකයි තියෙන සම්බන්ධය මොකක්ද කියල.

ඒක වෙන්නෙ මෙහෙමයි.

මුලින්ම විශ්ව විද්‍යාලය ඇතුලෙ ඉන්න  මේ ක්‍රීඩාවේ යෙදෙන අය තනිව හා කණ්ඩායම් වශයෙන් මේ event එකට ලියාපදිංචි වෙනව. ඒ සඳහා යම්කිසි මුදලක් අයකරනව.  මේ එකතු කරන  මුදල් සියල්ල පිළිකා මර්ධන වැඩසටහන් වලට, සමාජය දැනුවත් කිරීමට සහ පිළිකා රෝගීන් වෙනුවෙන් යෙදවීම තමයි මම වැඩසටහනේ මූලික අරමුණ. Clash of Clans ක්‍රීඩාව මේ සඳහා විශේෂයෙන්ම තෝරාගන තිබෙන්නෙ ලංකාවෙ ඔන්ලයින් ගේම්ස් ක්‍රීඩා කරන පිරිස අතරෙන් ඉතා වැඩි පිරිසක් මේ ක්‍රීඩාවේ යෙදන නිසාවෙන්. Dialog Gaming, ACL Cables, T-shirts.lk, Readme.lk, Refresh.lk වගේ ආයතන කීපයක් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා තියනව. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා සංගමය මේ  වැඩේ කරන්න පිළිකා මර්ධන වැඩසටහන් සඳහා අවශ්‍ය ආධාර හොයන්න. ක්‍රමය වෙනස් උනාට අරමුණ ඉතාම යහපත්. විශේෂයෙන්ම තරුණ පිරිස් මේ වගේ වැඩවලට දායක කරගන්න මේක හොඳ ක්‍රමවේදයක්. මේ තරඟාවලිය අදියර කිහිපයකින් පැවැත්වීමට සැලසුම්කරල තියෙනව.

Image: cocland.com

Clash of Sri Lanka Event එකේ අවසන් තරඟය මාර්තු මාසෙ 3 වෙනිද තමයි පවත්වන්නෙ. ඒ වගේම ලංකාවෙම ඉන්න එකතු කරගෙන මේ වැඩේ ඉතා ඉහලින් ආයමත් කරන්න අදහස් කරගෙන ඉන්නෙ අගෝස්තු මාසයේදි.

Clash of Sri Lanka Facebook Page

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු අපි ඉදිරියේදී දිගටම ඔබ වෙත දැනුම්දෙනව. ඒ නිසා ගේම් ගහන්න උණ තියෙන කොල්ලො කෙල්ලො වගේම සමාජ සත්කාර උණ තියෙන හැමෝමත් අපිත් එක්ක රැඳිල ඉන්න. ඒ වගේම මේ ගැන ඔබට තියෙන අදහස් බෙදාගන්නත් අමතක කරන්න එපා.

Cover Image: pubmiddleware.mims.com


Like it? Share with your friends!

171 SHARES
171 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
2
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
2
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මානව සංහතියට පිළිකාවක් වූ “පිළිකාව”

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes