අවාරේ සිරිපා යන්න…


මේ කියන්න යන්නෙ ටිකක් රිස්කි ගමනක් ගැන..හැබැයි ජීවිතේට අමතක නොවෙන අත්දැකීමක් ගන්න වගේම ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් රසවින්දින්නටත් පුලුවන්…

මේ ලබන්නෙ සිරිපා අවාරේ නිසා අවාරේ සිරිපා කාරුණාව් ගැන පොඩි පොඩි දේවල් ටිකක් කියන්න හිතුවා..මං කෙල්ලෙක් වෙලත් හා හා පුරා කියලා කිරිකෝඩු සිරිපා කරුණා කරේ අවාරේ…!!! ඒ අත්දැකීමෙන් තමයි මේ ලියන්නේ…

ඉතින් ආයුබොවන්ඩ සිරිපා කරුණා කරන්න පාරවල් තුනක් තියෙන බව ඔබ දන්නවා ඇති නොවැ..මේ පාරවල් තුනෙන් මං අහලා තියෙන විදියට ලස්සනම පාර තමයි කුරුවිට පාර..

මං අවාරේ සිරිපා කරුණා කරෙත් මේ පාරෙන්…හැටන් පාරෙන් නගිනවා වගේ නෙවෙයි මේ පාරේ දිගටම ගල් පඩි නැහැ..

තියෙන්නෙ අඩි පාර විතරයි සමහර තැන් වල..

 

123RF

ඒ වගේම සාමාන්‍යයෙන් පැය 12ක් 14ක් විතර යනවා පද්මෙ ලඟටම යන්න…හැට්න් පාරෙන් කරුණා කරනවට වඩා ටිකක් දුර වැඩියි..

භයානක බවත් වැඩියි..

නමුත් සමන් දෙවියන්ගෙ කරුණාවෙන් කට වරද්ද ගන්නෙ නැතුව නගින්නයි තියෙන්නෙ…

ඔයාල යන්නෙ පාරෙ බස් එකේ නම් කුරුවිට නගරෙන් බැහැල එරත්න බස් එකේ නගින්න..එරත්න බස් එක ඉවර වෙන තැනින් බැස්සහම එතන ඉඳලා පයින් තමයි යන්න තියෙන්නෙ..

විශේෂයෙන් කියන්න ඕනෙ අවාරෙට සිරිපා මලුවට විතරයි විදුලි ආලෝකය තියෙන්නේ..

ඒ වගේම අවාරෙට කඩත් නැහැ මග දිගටම..මුලින්ම පාර පටන් ගන්න තැන පුංචි තේ කඩයක් තියෙනවා..එච්චරයි..

ඉතින් කෑම බීම අනිවාර්යයෙන් අරන් යන්න වෙනවා..තව..වාරෙට වඩා අවාරෙට මලුවෙ ගොඩක් සීතලයි..

මග දිගටම වැස්සත් තියෙනවා..

Image: theoutbound.com

ඒ නිසා වැස්සෙන් ආරක්ෂා වෙන්න වැහි කබා වගේම ජර්සි දෙකක් විතරත් ගෙනියන්න වෙනවා…

යන මග දිගට අවාරෙ නිසා වහල දාපු කඩ හමු වෙනවා..ක්ෂණික නූඩ්ල්ස් වගේ හදාගන්න පුලුවන් මේ වගෙ තැනකදි පුංචි ගිනිමැලයක් ගහලා..ඒ නිසා ගිනිපෙට්ටි, විදුලි පන්දම්, ඉටි පන්දම් ගෙනිච්චොත් ලේසි වෙයි..

Image: bowenappetit.com

මේක ටිකක් රිස්කි ගමනක් කියලා මං ඔයාලට මුලදි ම කිව්වනේ..කණ්ඩායමක් විදියට යන එක තමයි හොඳම..මොකද නපුරු සතාගෙ (වලහා කියලා තමයි කියන්නෙ..නමුත් කොටියත් ඉන්නව කියලා අහල තියෙනවා ) හඬ සමහර වෙලාවට ඇහෙනවා..කණ්ඩායමක්  යද්දී බයක් නැහැ..

සාමාන්‍යයෙන් උදේ 9 ට විතර ගමන පටන් ගන්න එක තමයි හොඳම..එතකොට අවට ලස්සන බලා ගෙනම කරුණා කරන්න පුලුවන්.. අවාරෙට විතරක් හැදෙන සිරිපා අඩවියටම අවේනික ලස්සන මල් වර්ග වගේම අවේනික සතුන් බලාගන්න පුලුවන්.. මතක අතුව කැමරාවක් අරන් යන්න..ඔබට ලස්සන ෆොටොස් ටිකක් ගන්න පුලුවන් වෙයි නිසැකවම…

තවත් විශේෂ කාරණයක් කියන්නම්..

මේ පාරෙන් මැදක් විතර යද්දි හමු වෙනවා ටිකක් එලිමහන් ප්‍රදේශයක්..

මෙතනින් පොඩ්ඩක් ඇතුලට ගිහාම ලස්සන දිය අල්ලක් තියෙනවා..වේල්ලක් එක්ක..එතන දවල්ට කෑම කන්න නියම තැන..ඒ වගේම වටපිටාවත් පුදුම ලස්සනයි..

Image: allsWalls.com

මේ කාලෙට ගොඩක් කූඩැල්ලන් ඉන්න නිසා එයාල ගෙන් ආරක්ෂා වෙන්න සිද්ධාලේප, දෙහි එහෙම අරන් යන්න..ක්ෂණික  ආහාර නම් කොච්චර ගෙනිච්චත් කමක් නෑ..

හැබැයි මේ කාලෙට දිය කඩිති වලින් පිරිසිදු වතුර ගන්න පුලුවන් නිසා වැඩිය වතුර අරන් යන්න ඕනෙ නැහැ..

සීත ගඟුලෙත් වතුර ගොඩක් සීතයි වගේම වාරෙට වඩා ගොඩක් පිරිසිදු යි..

ඉතින් සීත ගඟුලෙන් නා කියා ගෙන ආයෙම ගමන පටන් ගමු ආයුබොවන්ඩ …මග දිගට ලස්සන කහ පාට මල් පිපිලා තියෙනවා තනින් තැන.. ඒ විතරක් නෙවෙයි සිරිපා වන්දින්න යන සමනල්ලු පේලිත් දැක ගන්න පුලුවන් අතර මගදි..

Image: Dilshan Chathuranga | Picture.lk

මේ අවාරේ දි මලුවට යන්න පුලුවන් උනත් පද්මෙ වහලා තියෙන්නෙ..ඒ නිසා පද්මෙ වඳින්න නම් බැරි වෙනවා..නමුත් ඔයා ලකී නම් ඉර සේවය බලා ගන්න පුලුවන් මේ කාලෙට කරදරයක් නැතුව..

Image: dumid86.3100 | Picture.lk

වැසි දවසක නම් එච්චර ලස්සනට පේන්නෙ නැහැ..කොහොම උනත් මේ කාලෙටත් විදේශිකයෝ ගොඩක් මලුවේ දැකගන්න පුලුවන්..එයාල නම් එන්නෙ හැටන් පාරෙන්…

දැන් ඉතින් ඉර සේවෙත් බලාගෙන කාරිය හැටන් පාරෙන් බහින්නයි තියෙන්නේ ආයුබොවන්ඩ..

පුලුවන්නම් මලුවට කරුණා කරන ගමන් මග දිගට වැටිල තියෙන  ප්ලාස්ටික් බෝතල්, සිලි මලු ටිකත් පුලුවන් තරමක් අහුලාගෙනම එන්න පුලුවන් නම් මේ ලස්සන තවත් පරම්පරා ගණනක් විඳීවි නේද?

ඉතින් මේක බලලා අවාරෙ සිරිපා කරුණා  කරොත් මටත් කියන්නකො..සමන් දෙවියන්ට  පඬුරක් බැඳලම ගමන පටන් ගන්න..

සමන් දෙවි පිහිටයි…!!!

What's Your Reaction?

Cute Cute
4
Cute
Lol Lol
1
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
8
Thanks
Cry Cry
0
Cry
Like Like
6
Like
Confused Confused
0
Confused
Dislike Dislike
1
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

අවාරේ සිරිපා යන්න…

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes