web analytics

මහත අය චුට්ටක් කෙට්ටු වෙමුද?


මහත කියන්නේ අපිට හරිම කරදරකාරි දෙයක්.එහේම නේද?හදිස්සියක් උනොත් හයියෙන් දුවන්නවත් බෑ.ඒ වගේම ලොකුම හිසරදය තමයි අනිත් අයගේ උපහාසයට ලක්වෙන එක.මහත අයට අත්දැකිම් ඇති නේද ? ඒ ගැන.?. ඔයාලටම තේරෙනවා නේද දැන් , මහත කියන්නේ ඇඟට වගේම හිතටත් හරිම වදයක් කියලා.ඒ නිසා අපි මේ ලිපිය කියවලා බලමු කෙට්ටු වෙන්න,නිරෝගීව ඉන්න අපි මොනවාද අනුගමනය කරන්න ඕන දේවල් කියලා . 🙂

01.දිනපතා ව්‍යායාම කරන්න.

? ඔයාට කෙට්ටු වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ව්‍යායාම කරන්න ඕන.නැතුව කම්මැලි කමට නොකර හිටියොත් නම් කෙට්ටු වෙන එක ඔයාට හීනයක් විතරයි.වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ දිනපතා උදේ වරුවේ ව්‍යායාම කිරිම හොඳයි කියලා.ඊට හේතුව තමයි එක්තරා පර්යේෂණයක් කරලා තියෙනවා හැමදාම උදේ වරුවේ විනාඩි 45ක් හැල්මේ දුවන කාන්තාවන් 45 දෙනෙක් යොදාගෙන .එකෙන් ඔවුන් නිගමනයකට ඇවිත් තියෙනවා උදෑසන ව්‍යායාම කරන බොහෝ දෙනා දවසම පුරාම සක්‍රීය බවත් ,වැඩිපුර කෑම පස්සේ එලවන්නේ නැති බවත්.ඒ වගේම උදෑසන ව්‍යායාම කිරිමේ තවත් වාසියක් තමයි මානසික සහනය.ඒ වගේම ඔවුන්  කියනවා ධනාත්මක ආකල්ප වර්ධනය වෙන්න හොඳම විසඳුමක් තමයි මේ ව්‍යායාම කියලා . ඒ නිසා කෙට්ටු වෙන්න කැමති හැමෝම හැමදාම හෝ නැතිනම් සතියට තමන්‍ට පුළුවන් දවස් තෝරාගෙන උදෑසන විනාඩි 45ක් පමණ ව්‍යායාම වල නිරත වෙන්න.

netdoctor.cdnds.net

02.නිතර බර කිරන්න.

? සමහරු ඉන්නවා තමුන්ගේ බර කියද කියලවත් දන්නේ නැති.එහේම කරන්න එපා.උසේ හැටියට බර හදා ගන්න ඒක තමුන්ගේ වගකිමක්.ඒ නිසා කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක් නම් ව්‍යායාම සහ ආහාර පාලනය කරන්න පටන් ගත්ත දවසේ ඉදන් බර කිරන්න පුරුදු වෙන්න.ඒ නිසා වඩාත් හොඳයි තමුන්ටම කියලා බර කිරන තරාදියක් තියා ගන්න එක.ඔයාලා දන්නවද? දිනපතා හෝ නිතර බර කිරිම බර අඩුවෙන්න හේතුවක් බව වෛද්‍යවරුන් හොයාගෙන තියෙනවා .ඒවගේම නිතර බර කිරන්නේ නැති අයට වඩා නිතර බර කිරන අයගේ බර තුන් ගුණයකින් අඩු වෙනවලු.ඒ නිසා තමුන්ගේ බර වෙනම ලියලා තියාගන්න .නැත්නම් ඒ වෙනුවෙන් හදපු ඇප්ස් විශාල ප්‍රමාණයක් ප්ලේ ස්ටෝ එකේ තියෙනවා .ඒවා පාවිච්චි කරන්න .මේ විදියට  බර කිරන්න හොඳම වේලාව තමයි දිනපතා උදේ වරුවේ බාත්‍ රූම් එහේම ගිහින් ඇවිත් .නිවැරදි මිනුමක් ලබා ගැනිමටනම් තුනි ඇඳුමකින් සැරසි බර කිරාගන්න එක තමයි හොඳම දේ.

evidencenetwork.ca

03.හොඳින් ජලය පානය කරන්න .

? ඔයා උදෑසන ආහාර ගැනිමට පෙර හැමදාම  වතුර විදුරු දෙකක් බොන්න පුරුදු වෙන්න.එහෙම බිව්වාම උදෑසන ආහාරයෙන් ලබාගන්නා කැලරි ප්‍රමාණය අඩුකර ගන්න පුළුවන් .ඒ වගේම රාත්‍රීය පුරාම ජලය නොලැබිමෙන් විජලනය වු ඔයාගේ ඇඟ සජලනය වෙනවා.තව දේයක් තමයි මෙලෙස වතුර බොන්න පුරුදු  වුන බොහෝ දෙනෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය(BMI) අඩු අගයක් ගන්නවා වගේම ඔවුන්ගේ කාලයත් සමඟ බර වැඩිවිමේශිඝ්‍රතාවය අඩු වෙනවා .

tangcangiamcan.com

04.ඔබේ දිවා ආහාරය ඔබම පිළියෙළ කර ගන්න.

? ඔයාගේ දවල් කෑම එක ඔයාම පිළියෙළ කරගන්න එක තමයි හොඳම ක්‍රමය.ඊට හේතුව තමයි දවල් කෑම එක පිටින් ගන්න එක ලේසි වැඩක් උනාට එකෙන් ඔයාගේ ශරිරයට අමතර කැලරි 200ක් විතර එකතුවෙනවා.දන්නවා නේහ් ඉතිං කඩේ කෑමවල වැඩිපුර තියෙන්නේ තෙල්,පැණිරස වැඩි දේවල් කියලා .ටිකක් මහත වැඩි කෙනෙක් නම් පිරිසි කෝප්පයක ප්‍රමාණයක බතුයි,දියකිරෙන් සදා ගත් එළවළු සමඟ දිවා ආහාරය ගන්න.ඒ වගේම තම්බාගත් එළවළු,බිත්තර ,මස්,කුකුල් මස් නියමිත ප්‍රමාණයෙන් ගන්න.තැම්බු කඩල,මුං ඇට වගේ දේවලුත් හොඳයි

rawvana.com

කෙට්ටු වෙන එක හිතන තරම් අමාරු නෑ ඔයා මේ විදියට සරලව හැමදේම කරන්න පටන් ගත්තොත්.ව්‍යායාම කරන්න ව්‍යායාම උපකරණ අවශ්‍යම නෑ.ඒ සඳහා ඕනෑ තරම් ව්‍යායාම ක්‍රම තියෙනවා.ඒ නිසා ඔයා මහත නම් හෙට ඉදන්ම වැඩේ පටන් ගන්න.කට පොඩ්ඩක් පරිස්සමි කරගත්තා නම් හැමදාම ලස්සනට ඉන්න පුළුවන් ඔයාට  . ?

Cover Image:  liveinternet.ru


Like it? Share with your friends!

40 SHARES
40 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
1
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
4
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

මහත අය චුට්ටක් කෙට්ටු වෙමුද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes