web analytics

සත්කාරා – අපේම මිනිසුන් වෙනුවෙන් “සිහිනයට ඉඩක්”


අද රටේ ලෝකෙ වෙන දේවල් දිහා බැලුවම පේන්න තියෙන දෙයක් තමයි බහුතරයක් මිනිස්සු ඉන්නෙ නහයෙන් අඬාගත්ත ගමන්. ලෝකෙ තියෙන සේරම ප්‍රශ්න තියෙන්නෙ එයාලගෙ ඔළුව උඩ කියල තමයි හිතන්නෙ. ඒත් ඇත්තටම තත්ත්වය ඕකද? නැහැ. ඔබටත් මටත් වඩා බොහෝ දේ අහිමිවුනු මිනිසුන් මේ ලෝකෙ ඕනතරම් ඉන්නව. ඒත් ඒ හැමෝම ප්‍රශ්න කියල ජීවිතයෙන් පලා ගිය අය නෙමෙයි. දවස ගානෙම ඔවුනුත් අපි වගේම ජීවිත ගමන ගෙනියනව.

Image: www.fotocommunity.de
Image: www.fotocommunity.de

ඒත් අවාසනාවකට තවත් පිරිසකට එහෙම තනිව සටන් කරන්න හැකියාවක් නැහැ. ඔවුන් විශේෂ අව්‍ශ්‍යතා තියෙන පිරිසක්. හැබැයි ඒ කවුරුවත් අහසින් පාත්වුනු මිනිසුන් නෙමෙයි. ඔබ, මම වගේම ඇට, මස්, ලේ වලින් හැදුනු සුන්දර මිනිසුන්. මේ සමාජ පද්ධතියේම කොටසක්. යහපත් ජීවීත ගතකිරීමට අයිතියක් ඇති පිරිසක්. නිකමට මේ අය දිහා හැරිල බලන්න. ඇත්තටම ඔබට මොනවද අහිමිවෙලා තියෙන්නෙ කියල ඔබේ හදවතට කතා කරල අහල බලන්න.

කවුරු කොහොම කිව්වත් මේ විශේෂ අවශ්‍යතා තියෙන සහෝදර, සහෝදරියො, දරුපැටව් දැක්කම අනුකම්පාවක් ඇති වෙන එක ස්වභාවිකයි. මොකද අපිත් හදවත් තියෙන මිනිස්සු. ඒත් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය අනුකම්පාව නෙමෙයි ආදරය. ඔවුනුත් මේ සමාජයේම කොටසක් විදිහට සලකන එක. ඔවුන්ගෙ ජීවිත ලස්සන කරගන්න අත්වැලක් වෙන එක. හයියක් වෙන එක.

අන්න ඒ වගේ ලස්සන වැඩක්, වටින වැඩක් කරන්න උත්සහ ගන්න සුන්දර මිනිසුන්, සහෘදයින් පිරිසක් ගැන කියන්න තමයි අපි මේ හදන්නෙ. යහපත් දෙයක් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන්ට කිසියම් හෝ දායකත්වයක් ලබා දීම යුතුකමක් බව Refresh.lk හි අපි නිරන්තරයෙන් විශ්වාස කරන දෙයක්. මේ කට්ටිය තමයි “සත්කාරා” සමාජ සත්කාරක පදනම.

sihinayata-idak-1

කවුද මේ “සත්කාරා” පිරිස. හරි අපි සරලව මෙහෙම කියමු.

පාසල් ජීවිතයෙදි වගේම විශ්ව විද්‍යාල ජීවිතයෙදි අපිට කොයිතරම් නම් යාළු මිත්‍රයො හම්බෙනවද. ඒත් එක ජාතියෙ කුරුල්ලො වහන්නෙ එක අත්තෙ කියනවනෙ. අන්න ඒ විදිහට පින් අතේ වැඩ කරන්න කැමති කෙල්ලො කොල්ලො පිරිසක් එකට සෙට් වෙනව. ඒත් ඉතින් විශ්ව විද්‍යාල ජීවිතයෙන් පස්සෙ ඔය හැම සෙට් එකක්ම විසිරිලා යන එක ස්වභාවික දෙයක්නෙ. තමන්ගෙ ටාගට්වලට දුවද්දි, කාර්යබහුල වෙද්දි කට්ටියම එක දවසක එකට අල්ලගන්න එකත් ලෝක අමාරු වැඩක්. ඒත් හිත් ඇතුලෙන් තවමත් අර පින් අතේ වැඩ කරන උණ හොඳවෙලා නෑ. ඉතින් ඒ අසනීපෙ ආපහු වැඩිකරගන්න මේ කෙල්ලො කොල්ලො සෙට් එක පදනමක් පිහිටුවනව. ඉතාම යහපත් අරමුණකින්. මේ පිරිස තමයි “සත්කාරා”.

හැම කෙනෙක්ගෙම හිත ඇතුලෙ මනුස්සකම කියන දේ තවමත් ඉතුරුවෙලා තියෙනව. “සත්කාරා” පදනමේ මූලික අරමුණ අන්න ඒ මනුස්සකම මතුපිටට ගේන එක. “සත්කාරා” පදනම කියන්නෙ මොකක්ද කියල සමාජගත කරල මේ කරන යහපත් වැඩ තවදුරටත් ව්‍යාප්ත කරන්න තමයි ඔවුන්ගෙ උත්සාහය.

ඒ ගමනෙ එක් පියවරක් විදිහට තමයි “සිහිනයට ඉඩක්” ප්‍රසංගය බිහිවෙන්නෙ.

ඒ විශේෂ අවශ්‍යතා තියෙන අපේම මිනිසුන් වෙනුවෙන්. ඔවුන්ගේ අවශ්‍යතාවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම වෙනුවෙන්. එහි එක් අදියරක් 2017 ජනවාරි මස 07 වන දින ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අඹන්පිටිය විශේෂ අවශ්‍යතා ඇති සහෝදර සහෝදරියන් වෙනුවෙන්. මේ සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නෙ කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවෙදි සවස 6.30 සිට.

sathkaaraa-event

ඉතින් යහපත් අරමුණක් වෙනුවෙන් “සත්කාරා” පදනම සිදුකරන මේ සත්කාර්ය සාර්ථක කරගන්න ඔබේ දායකත්වයත් ඔවුන්ට අවශ්‍යයි. පින් අතේ වැඩ කරන්න තියෙන උණ සමහරවිට ඔබටත් ඇති. ඒත් කාර්යබහුල ජීවන රටාව නිසා අවස්ථා බොහොමයක් මගහැරෙන්න ඇති. ඒ මගහැරුනු අවස්ථා වෙනුවෙන් යමක් කරන්න වෙලාව ඇවිත්.

මිනිසත්කමට යළි ජීවය ලබාදෙන්න වෙලාව ඇවිත්. ඔබ වැනිම මිනිසුන්ගේ ජීවිතවලට ශක්තියක් වෙන්න වෙලාව ඇවිත්.

ඉතින් ඔබත් ඇවිත් “සත්කාරා” සමඟ අත්වැල් බැඳගන්න.

මේ සම්බන්ධනයෙන් ඔබට වචනයකින් හෝ කලහැකි පුංචිම පුංචි උදව්වක්, උපකාරයක් තිබේනම් පහලින් කමෙන්ට් කරන්න.

 

Cover Image Credit: Ahan Inna Music Video | Media.lk


Like it? Share with your friends!

2.6k SHARES
2.6k SHARES
What's Your Reaction?
Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

සත්කාරා – අපේම මිනිසුන් වෙනුවෙන් “සිහිනයට ඉඩක්”

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Poll
Story
Video
Image