ඔබත් තාවකාලිකව ඔසප් නතර කිරීමට ඛෙහෙත් බොනවාද?


කාන්තාවක් තම ඡිවිතයේ ලබන සුන්දරම, උතුම්ම පදවිය මවු පදවියයි.මෙම නිසා ඇයගේ පෝෂණය හා නීරෝගී බව පිළිබඳව ඇය නිතරම සැලකිලිමත්ම සිටිය යුතුයි.

මෙයට වසර 30-35 කට පෙර 87:1 ලෙස තිබු කාන්තාවන්ගේ වඳභාවය අද වන විට 18:1 දක්වා පහළ බැස ඇති බවක් පෙනෙන්නට තිඛෙනවා. මෙය අනාගත පරපුර අවධානමකට පත්ව ඇතිබවට හොඳම සාධකයක් වේ.

මෙයට බලපා ඇති සාධක වන්නේ විවිධ වැරදි ආහාර රටා,  මානසික ආතතිය මෙන්ම ලෙඩ රෝගයි. අතීතයේදී සෑම පවුලකටම අඩුම වශයෙන් දරුවන් අට දෙනෙක් හෝ නව දෙනෙක් සිටියහ. අද වන විට එක දරුවෙක් හදාගන්නත් මවුවරු විවිධ සායන හා රෝහල්, කරා ගොස් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් උපදෙස්  ලබා ගනියි.

විවිධ  නිශ්පාදන ආයතනවල වෙළද දැන්වීම් නිසාම මිථ්‍යාවන්ට හසුවන අවස්ථා බොහෝමයි

වෙළද පොළේ තිඛෙන ඇතැම් සත්ත්ව ආහාරවල පිරිපුන් බව වැඩි කිරීමට විවිධ හෝමෝන වර්ග භාවිතා කරයි.බොයිලර් කුකුල් මස්,මේ අතරින් ප්‍රධානයි. විවිධ වෙළද නාම යටතේ අප මිලදී ගන්නා මෙම මාසංවල ඇත්තේ පිට ඔපය පමණි. මෙහි කිසිදූ පෝෂණයක් අඩංගු නොවේ. මෙම සත්ත්වයන් මස් සඳහාම නිපදවන නිසා අධිකව හෝමෝන වර්ග විදීමෙන් වර්ධනය කිරිම මෙයට හේතුවෙයි.

මෙම කුකුළු පැටවුන් දින 35-40 වැනි කාලයකදී ඉක්මනින් වර්ධනය කර ගැනිම සඳහා හෝමෝන වර්ග භාවිතා කරයි.

Image: thetruthaboutag.wordpress.com

ඔවුන්ගෙන් නැවැත කුකුළු පරම් පරාවක් බලාපොරොන්තු නොවන නිසා මස් සඳහාම භාවිතයට ගනියි. මෙහි කිසිදූ ගුණත්මක භාවයක් නොමැත. මොවුන් මේ ආකාරයට වර්ධනය කරන්නේ ද ඔවුන්ගේ හෝමෝන ශක්තිය සියයට බින්දූව (0 සියයට) බවට පත්කරමිනි.

මෙවැනි දේ ආහාරයට ගැනීමෙන් සිදූවෙන්නේ කුමක්ද?

විශේෂයෙන් ම වැඩිවියට පත්වු හා නොවු දැරියන්ගේ හෝමෝනවල ඡීව ගුණයටද අහිතකර බලපෑම් ඇති කරවයි.කුඩා වියෙහිදිම වැඩිවියට පත් වීම මෙන්ම දරුපල අඩුවීමද මේ නිසා අත්වු අයහපත් පූතිළුලය.

Image: .theglobeandmail.com

සොසේඡස් වර්ග හා මස්, මාළු, බිත්තර අධිකව ආහාරයට ගැනීම නුසූදූසූ වන්නේ මේ නිසාය.

අතීතයේ දී නම් මෙවැනි ආහාර වර්ග ලබාගන්නේ- විශේෂ උත්සව අවස්ථාවකදී පමණී. නමුත් දැන් දැන් දිනපතාම හැම නිවසකම වාගේ මෙවැනි දේවලට දරුවන් මෙන්ම වැඩිහිටියන්ද පුරුදූව සිටීම කණගාටුවට කරුණක් වේ.

කෙසේ වෙතත්,අනාගත පරපූර රෝගී හා වඳභාවයට පත්කිරිමට හේතුන්වන මෙවැනි ආහාර වර්ග ඇත්කර තැබීමට මවක් විශේෂයෙන්ම වගබලා ගතයුතුය.

ඔසප් චක්‍රයට බාධා

ඇතැම් තරුණියන් හා කාන්තාවන් තමන්ගේ පහසුව හා අවශ්‍යතාවය පමණක් සිතමින් ඔවුන් ලබා ගන්නා ඖෂධ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑමට පූළුවන. ඇතැම් මව්වරු මෙන්ම දියණියන්ද තමන්ගේ විභාගය, ක්‍රීඩා උත්සව හා නර්තන තරඟ, විශේෂ උත්සව අවස්ථා වලට සහභාගි වන විට ඔසප් චක්‍රය කල්දැමීමට විවිධ ඖෂධ ගන්නා අවසථාවන් ඇත.

මෙයින් සිදූවන්නේ මාසිකව ක්‍රමිකව සිදූවන ඔසප් ක්‍රියාවලිය විකෘති කිරීමයි. මෙම ඖෂධවල බලපෑමෙන් ඇතැම් විට හෝමෝන ශක්තිමත් භාවය  හීන වීමටද හැකිය. පසුකාලීනව කාන්තාවන්ගේ දරු ඵල හීන වීමටද බලපාන්නේ ද මෙවැනි හේතුන්මය. දරුඵල අහිමිවීමෙන් පවුල් ඡීවිත දෙදරායෑමටත් මේ හේතුන් බලපා ඇත.

මෙම නිසා ක්ෂණික පහසුව ගැන හිතමින් ඔබේ ශරීරයේ ස්වභාවික ක්‍රියාවලියට බාධාවන කිසිදූ  ඖෂධයක් ගැනීමෙන් වළකින්න. එසේ වුවහොත් එහි අනිටු ඵල අත් විඳින්නට  සිදූවන්නේ ඔබටමය.

ව්‍යායාමයට නිසි උපදෙස් ලබා ගන්න

ඇඟ හැඩකරගන්න, බර අඩු කරගන්න කියමින් ව්‍යායාමට උනන්දූ වෙන බොහෝ දෙනෙක් ඉක්මන් ක්‍රමවලට යාම සුදූසු නොවේ.

එකවර විශාල බර ප්‍රමාණයක් අඩුවීමත් ශරීරයට එතරම්ම සුවදායක නොවේ. මෙය සිදූකළ යුත්තේ ක්‍රමානුකූලවය.

ඔබ හිතුමතේ කායවර්ධන මධ්‍යස්ථාන (Gym ) වලට ගොස් ව්‍යායාම් වල නිරත වන්නේ නම් මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුය. ඇතැම් අය ඇස්ථීවල පවතින දූර්වතා නිසා හෝ ශරීරයේ අධික බර අඩු කර ගැනීමට මෙන්ම සිරුරේ අංග හැඩකර ගැනීමටත් මෙවන් ස්ථානවලට යොමු වේ.

Image: .blisstree.com

 මේ ආකාරයට ඔබේ අවශ්‍යතා විවිධ වන නිසා ඒ සඳහා වු විශේෂ ව්‍යායාම් ක්‍රම මේවන විට පවතියි.

නමුත් ඔබට මේ පිළිබඳ නිසි දැණුමක් නොමැති බව නිසාම ඔබ වැරදි ආකාරයේ ව්‍යායාම්වල යෙදිමට පුලූවන. එම නිසා නිසි ව්‍යායාම උපදේශක වරයෙකුගේ උපදෙස් මත මෙම ව්‍යායාම සිදූ කිරීම වඩාත් වැදගත්. වැරදි ඉරියව්වලින් ව්‍යායාම් කිරීම තුළින් ශරීරයට හානි සිදූවීමට ඉඩ ඇත.

පෝෂණ අතිරේක ලබා ගත යුතුමද?

මේ වන විට වෙළඳපොළේ විවිධ වෙළඳ නාම යටතේ එන පෝෂණ අතිරේක රැසක් අපට දැකගත හැකිය.

ශරීරයේ බර අඩු කිරීමට හා සම පැහැපත් වීමට යයි කියමින් මෙම ඖෂධ මිලදී ගන්නේ නම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය.

Image: http://www.macleans.ca | Tom Merton/Getty Images

ඔබට මෙවැනි විටමින් මිනරල් හා තේ වර්ග පානය කිරීමෙන් ශරීරය සිහින් වී ශක්තිමත් බවක් දැනුණද පසුකාලීනව දරුඵල අහිමි වීමට පවා මෙය හේතුවිය හැකිය.

මේ හේතුන් නිසා හැම විටම බර අඩු කරගැනිමට හා සිහින් සිරුරක් ඇති කර ගැනීමට උත්සාහ ගත යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් මතම ක්‍රියා කරමිනි.

එක්සත් රාඡධානියේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විඡයරත්න.

 සටහන- අනුරාධා දිලිනි ඉලංකෝන්.


Like it? Share with your friends!

315 SHARES
315 SHARES

What's Your Reaction?

Cute Cute
2
Cute
Lol Lol
1
Lol
OMG OMG
4
OMG
Thanks Thanks
13
Thanks
Cry Cry
3
Cry
Like Like
11
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
1
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

ඔබත් තාවකාලිකව ඔසප් නතර කිරීමට ඛෙහෙත් බොනවාද?

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes