එක හොරෙක්වත් නැති ගමක්.


මේක නම් ටිකක් පුදුමයි නේද? එක හොරෙක්වත් නැති ගමක්. ?  අපේ ගම් වල නම් දවසකට, සතියකට නැත්නම් අඩුම ගානේ මාසේකටවත් එක හොරකමක් වෙනවා නේද?. ඒත් මේ ගමේ නම් එහේම නෑ. දවසකට තියා අවුරුද්දකටවත් හොරකමක් නම් වෙන්නේ නෑ . පුදුමේ කියන්නේ, ගෙවල් වලට නෙමෙයි ගමේ බැංකු වලටත් එකම එක දොරක්වත් දාලා නෑ. ඉතිං,  කියවලම බලන්නකෝ මේ අපුරු ගම ගැන.

මේ අරුම පුදුම ගම තියෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ. Shani Singnapur තමයි ගමේ ගම. මේ පුදුමාකාර ගමේ එක හොරෙක්වත් නෑ. ඒ නිසා ගම්මානයේ ගෙවල් වලට කිසිම දවසක දොරවල් ,අගුල් දාන්නේ නෑ .

මේකට හේතුව මොකක්ද කියලා හොයලා බලද්දි තමයි දැන ගත්තේ මේ ගමේ පුරාණ හින්දු දේවස්ථානයක් තියෙන බව . පුරාණ හින්දු විශ්වාස වලට අනුව එම දෙවොලේ ශානි නම්  දෙවියෙක් වැඩ සිටිනවාලු. කවුරුන් හෝ සොරකමක් සිදුකල හොත් ශානි දෙවියන් විසින් දැඩි දඩුවම් ලබා දෙන බව ගම්වාසින්ගේ විශ්වාසයයි. කවුරුන් හෝ සොරකමක් කලහොත්, එම සොරා මිනිත්තු ගණනක් තුල මියයෑම හෝ මානසික රෝගියකු වන බවත් ඔවුන් විස්වාස කරනවා.

දෙවියන් කෙරෙහි තියෙන විස්වාසය නිසාම කිසිවෙකු තම නිවෙස් වලට දොරවල් පවා සවිකර නැ. උළුවහු තිබ්බට දොරවල් නැ. ගෙවල් විතරක් නෙවෙයි තැපැල් කන්තොරු, කඩ සාප්පු වලටත් දොරවල් නෑ

Shani Shingnapur පොලිස් ස්ථානය අනෙත් පොලිස් ස්ථාන වලින් වෙනස් වෙනවා. මෙහි සොරකම් පැමිණිලි නැති තැනක්. පොලිස් ස්ථානාධිපතිම කියන විදිහට දශක ගණනාවකට පසුව මෙහි 2010 වසරේදි  සොරකමක් වාර්තා වෙලා තියනවා.

නමුත්  ගම් වාසින් කවුරුත්ම තවමත් තමන්ගේ වටිනා දේවල්  අගුලු දාන්නේ නෑතිලු. දවස් ගණනාවක් මේ ගම්මානයේ කඩ සාප්පු හිමිකරුවන් නැතිව විවෘතව තිබුනත් කිසිම දෙයක් නැති වෙලා නැ කියලායි පොලිසිය කියන්නේ.

UCO නම් ඉන්දියානු බැංකුවත් දෙවියන් කෙරෙහි විස්වාසය තියලා, දෙර අගුලු නැති බැංකු ශාඛාවක් ගම්මානයේ විවෘත කරලා. අගුලු නැති බැංකුවක්!!! පුදුමයි නේද?නමුත් බැංකුවක් කොහොමද දොරවල් නැතුව තියන්නේ?. නිති රෙගුලාසි අනුවත් බැංකුවකට උපරිම ආරක්ෂාවක් දිය යුතුයි. ඒ නිසාම බැංකු ශාඛාව විසින් පසුව දොරවල් සවිකලත්, ඒවාත් නිතරම ඇරලා තියන්නේ. නමුත් ආරක්ෂිත ලිපිලේඛන අගුලු දානවාලු.

මහාරාෂ්ඨ වැනි අපරාධ අධිකව සිදුවන ප්‍රාන්තයක  මෙවැනි ගම්මානයක් තිබිමත් පුදුමයි. ඒ වගේම ආගමික විශ්වාසයක් නිසා හෝ මේ විදියට මුළු ගමේම ස්වයං විනයක් ඇති වෙලා තියෙන එක කොයිතරම් නම්  වටිනවාද ?


Like it? Share with your friends!

7 SHARES
7 SHARES

What's Your Reaction?

Cute Cute
0
Cute
Lol Lol
0
Lol
OMG OMG
0
OMG
Thanks Thanks
0
Thanks
Cry Cry
0
Cry
Like Like
0
Like
Confused Confused
0
Confused
Dislike Dislike
0
Dislike
Damn Damn
0
Damn

මොකද හිතන්නෙ? පහලින් කමෙන්ට් කරන්න..

එක හොරෙක්වත් නැති ගමක්.

log in

Become a part of our community!

Don't have an account?
sign up

reset password

Back to
log in

sign up

Join Refresh Community

Back to
log in

Hey there!

or

Sign in

Forgot password?

Don't have an account? Register

Close
of

Processing files…

Choose A Format
Story
Power by

Download Free AZ | Free Wordpress Themes